යකඩ යුගය
Jump to navigation
Jump to search
සාමාන්‍යයෙන් ලෝකඩ යුගයට පසුව පැමිණෙන යුගය වන යකඩ යුගය ලක්ෂිත වනුයේ යකඩ ලෝහයේ ව්‍යාප්ත භාවිතය විසිනි.
යුගයෙහි මුල් කාල පරිච්ඡේදය නිරූපණය කරනුයේ, යකඩ හෝ වානේ යන ද්‍රව්‍යයන්ගේ පුළුල් භාවිතයයි . කෘෂිකාර්මික ප්‍රගණයන්, ආගමික විශ්වාස සහ කලාත්මක ශෛලීයයන් යන දේවල්හී වෙනස්වීම්ද අඩංගු සමාජයේ අනෙකුත් වෙනස්කම් හා සමගින් මෙවැනි ද්‍රව්‍යයක ප්‍රතිග්‍රහණය සමපාත වී ඇත. පුරාවිද්‍යාත්මක පදයක් වශයෙන්, යකඩ යුගය යන්නෙන් අදහස් වන්නේ, කිසියම් ජන කොටසක ශිෂ්ටාචාරයක් හෝ සංස්කෘතියක් හෝ විසින්, ඔවුන්ගේ කැපුම් ආයුධ සහ යුද්ධායුධ සඳහා ද්‍රව්‍යයක් ලෙසින් යකඩ භාවිතා කිරීම වෙයි.