සිංහල භාෂාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
සිංහල
සිංහල siṁhala
කතා කරන්නේ  ශ්‍රී ලංකාව
කතා කරන ජනගහනය මිලියන 20
භාෂා පවුල Indo-European
අක්ෂර ක්‍රමය සිංහල අබුගිඩා (බ්‍රාහ්මීය අක්ෂර අබුගිඩා වලින් පැවත එයි)
Official status
රාජ්‍ය භාෂාව වන රට  ශ්‍රී ලංකාව
පරිපාලනය කරනු ලබන්නේ පරිපාලනය කරනු නොලැබේ
භාෂා සංකේත
ISO 639-1 si
ISO 639-2 sin
ISO 639-3 sin
Linguasphere

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජාතිය වන සිංහල ජනයාගේ මව් බස සිංහල වෙයි. අද වන විට මිලියන 20 කට අධික සිංහල සහ මිලියන 3කට අධික සිංහල නොවන ජනගහනයක් සිංහල භාෂාව භාවිත කරති. සිංහල‍ ඉන්දු-යුරෝපීය භාෂාවල උප ගණයක් වන ඉන්දු-ආර්ය භාෂා ගණයට අයිති වන අතර මාල දිවයින භාවිත කරන දිවෙහි භාෂාව සිංහලයෙන් පැවත එන්නකි. සිංහල ශ්‍රී ලංකාවේ නිල භාෂාවයි .

ප්‍රාග් ඓතිහාසික යුගයේ පටන් පැවති හෙළබස ඈත අතීතයේ ඉන්දියානු භාෂා හා යටත් විජිත සමයේ බටහිර භාෂා සමග සම්මිශ්‍රණයෙන් වත්මන් සිංහල භාෂාව බිහිවී ඇත.

නිරුක්තිය[සංස්කරණය කරන්න]

ඉතිහාසය[සංස්කරණය කරන්න]

උපභාෂා[සංස්කරණය කරන්න]

කථාකරන සිංහල සහ ලියන සිංහල[සංස්කරණය කරන්න]

සිංහල භාෂාවේ කතාකරන බස (කථික බස) සහ ලියන බස (ලිඛිත බස) තරමක් වෙනස්ය.

කථික බස (කතා කරන බස) ලිඛිත බස (ලියන බස)
මම ගෙදර යනවා. මම ගෙදර යමි.
අපි පන්සල් යනවා. අපි පන්සල් යමු.


ස්වරශාස්ත්‍රය[සංස්කරණය කරන්න]

ලේඛන ක්‍රමය[සංස්කරණය කරන්න]

සිංහල අකුරු[සංස්කරණය කරන්න]

ක්‍රි.පූ. 500දී පමණ ශ්‍රී ලංකාවට හැඳින්වුණු පැරණි බ්‍රාහ්මීය අකුරු පැවත එන බව පුරාවිද්‍යාඥයෝ පවසන නමුත් හෙල හවුල ප්‍රධාන පිරිසක් එම මතය බැහැකරයි. සිංහල හෝඩියේ අකුරු 60ක් ඇති අතර ඉන් 4ක් මෑත කාලයේ දී ඇතුළත් වූ ඒවා වෙයි. සිංහල භාෂාවෙහි ස්වර විශාල ප්‍රමාණයක් ඇත.

සිංහල පිල්ලම්[සංස්කරණය කරන්න]

සිංහල හෝඩි[සංස්කරණය කරන්න]

සිංහල හෝඩි කීපයක් ඇත.

1. අමිශ්‍ර සිංහල හෝඩිය(අක්ෂර 30 කි) වෙනත් භාෂාවක අක්ෂර හා මිශ්‍ර නොවී පවතින ශුද්ධ සිංහල අක්ෂර මෙයට අයත් වේ.

2. මිශ්‍ර සිංහල හෝඩිය(අක්ෂර 54 කි) මිශ්‍ර සිංහල හෝඩිය වෙනත් භාෂාවල අක්ෂර සමග එක් වීමෙන් පැවත එයි.(පාලි හා සංස්කෘත භාෂා වලින් ඈඳුනු අක්ෂර)

3. නූතන සිංහල හෝඩිය වශයෙනි.(අක්ෂර 60 කි) ඉහත සඳහන් හෝඩි දෙකටම අයත් නොවූ මෑතකදී සිංහල භාෂාවට එක් වූ අකුරු අලලා ජාතික අධ්‍යාපන ආයතනය මැදිහත්ව මෙම හෝඩිය සකස් කර ඇත.

සිංහල අක්ෂර වින්‍යාසය[සංස්කරණය කරන්න]

සිංහල යුනිකේත[සංස්කරණය කරන්න]

යුනිකේත (Unicode) සම්මතයේ 4.0 සංස්කරණයෙහි සිට සිංහල බස ද ඇතුළත්ව ඇත Sinhala. එහි ප්‍රතිඵලයක් ලෙස, ඕනෑ ම අයෙකුට කියවිය හැකි පරිදි සිංහලයෙන් වෙබ් පිටුවක් පවත්වා ගැනීම හෝ යමක් පළ කිරීම තවදුරටත් සිහිනයක් නොවේ. මෘදුකාංග සිංහල නිසි ලෙස හැසිරවීමට සමත් වීමට කලක් ගතවනු ඇත. උදාහරණයක් ලෙස යංශය, රේඵය, රකාරංශය යනාදී අර්ධ ස්වර රූප නිරූපණයට අත්‍යවශ්‍ය ZWJ (zero width joiner) කේතය ඇතැම් මෘදුකාංග මඟින් නොතකා හැරීම දැක්විය හැක.මෙම zwj කේතය මෘදුකාංග තුළට ඇතුළත් කළ යුතු කාලය එළඹ ඇත.

සිංහල ඉලක්කම්[සංස්කරණය කරන්න]

නවතම අධ්‍යයනයන් තුළින් සිංහලයට ආවේණික වූ ඉලක්කම් සොයාගෙන ඇත. ඈත අතීතයේ සිට ම මෙම ඉලක්කම් භාවිත කොට ඇත. මහනුවර යුගය තෙක්ම මෙම ඉලක්කම් භාවිත කොට ඇති බවට සාක්ෂි ලැබේ. පසුකාලීනව පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි බලපෑමෙන් හින්දු-අරාබි ඉලක්කම් හදුන්වා දීමත් සමග සිංහල ඉලක්කම් අභාවයට ගොස් ඇත. සිංහල යුනිකොඩ් තුලට සිංහල ඉලක්කම් ඇතුළු කිරීමෙ යොජනාවක් ඇත.

ව්‍යාකරණ[සංස්කරණය කරන්න]

සිංහල භාෂාවේ උක්තාඛ්‍යාත පද සම්බන්ධය පහත සඳහන් අයුරු බෙදේ.

  1. වචන භේදය (ඒක වචන, බහු වචන)
  2. පුරුෂ භේදය (උත්තම පුරුෂ, මධ්‍යම පුරුෂ, ප්‍රථම පුරුෂ)
  3. කාල භේදය (අතීත, අනතීත)
  4. ලිංග භේදය (ස්ත්‍රී, පුරුෂ, නපුංසක)
  5. කාරක භේදය (කර්තෘකාරක, කර්‍මකාරක වැකි)

එයට අමතරව සිංහල වාක්‍ය සැදීමේදී පහත සඳහන් විභක්ති රීති යොදා ගනු ලැබේ

  1. ප්‍රථමා විභක්තිය
  2. කර්ම විභක්තිය
  3. කර්තෘ විභක්තිය
  4. කරණ විභක්තිය
  5. සම්ප්‍රදාන විභක්තිය
  6. අවධි විභක්තිය
  7. සම්බන්ධ විභක්තිය
  8. ආධාර විභක්තිය
  9. ආලපන විභක්තිය

වාග්මාලාව[සංස්කරණය කරන්න]

සිංහල පද[සංස්කරණය කරන්න]

සිංහල පද වර්ග 6කට බෙදේ

පද සන්ධි[සංස්කරණය කරන්න]

වචන දෙකක් එකට බද්ධ වීම හෙවත් සන්ධි වීම මගින්, උච්චාරණයේ පහසුව පිණිස මෙලෙස අලුත් පද සැදීම සන්ධි කිරීම නම් වේ. සිංහලයේ පද අතර සන්ධි වීම සිදුවන ක්‍රම දහයකි.

  1. ස්වර සන්ධිය
  2. පූර්වස්වර (පූර්ව ස්වර) ලෝප සන්ධිය
  3. පරස්වර (පර ස්වර) ලෝප සන්ධිය
  4. ස්වරාදේශ (ස්වර ආදේශ ) සන්ධිය
  5. ගාත්‍රාක්‍ෂර (ගාත්‍රා අක්‍ෂර) ලෝප සන්ධිය
  6. ගාත්‍රාදේශ (ගාත්‍ර ආදේශ) සන්ධිය
  7. පූර්වරූප (පූර්ව රූප) සන්ධිය
  8. පරරූප (පර රූප) සන්ධිය
  9. ද්විත්වරූප (ද්විත්ව රූප ) සන්ධිය
  10. ආගම සන්ධිය

උදා .

  • වම් + අතින් = වමතින්
  • ගුරු + උතුමා = ගුරුතුමා
  • ග්‍රාම + උදය = ග්‍රාමෝදය

උපසර්ග[සංස්කරණය කරන්න]

නාම පද මුලින් පමණක දී එහි අරුත වෙනස් (අඩු, වැඩි, විරුද්ධ ) කිරීමක් උපසර්ග පද වලින් කෙරේ.

  • ප - බල, සිඳු
  • උප - පගුරු, පවාර
  • නි - නිදුක් , නිහඬ

සමාස[සංස්කරණය කරන්න]

පද කීපයක් විවිධාකාරයට එක වී දෙන අරුත දියහැකි ලෙස තනි වචනයක් ගැලපීම හෙවත් සාධනය සමාස නම් වේ. සමාස වර්ග 5කි

  1. දකාරාර්ථ සමාසය (උදා. පොත් ද පත් ද - පොත්පත්)
  2. විශේෂණ සමාසය (උදා. සුදු පාට මල් - සුදුමල් )
  3. විභක්ති සමාසය (උදා. ගත් කරනුයේ - ගත්කරු)
  4. අන්‍යාර්ථ සමාසය (උදා. නෙත් තුනක් ඇත්තේ - තිනෙත් (ඊශ්වර දෙවි ))
  5. අව්‍යය සමාසය (උදා. ඉතා මිහිරි වන්නේ - ඉමිහිරි)

සිංහල යෙදුම්[සංස්කරණය කරන්න]

ප්‍රස්ථාව පිරුළු[සංස්කරණය කරන්න]

සිංහල භාෂාවේ විශේෂ ප්‍රයෝගයක් වශයෙන් ප්‍රස්ථා පිරුළු සැලකිය හැකියි. ප්‍රස්ථාව පිරුළ වශයෙන් ද මෙය ව්‍යවහාර වන අතර සමාජයේ යම් කරුණක් වඩාත් සාර්ථකව සන්නිවේදනය කිරීමට හැකි භාෂා ක්‍රමයක් වශයෙන් ද ප්‍රස්ථා පිරුළු සැලකිය හැකිය. සිංහල භාෂාවේ ප්‍රස්ථා පිරුළු රැසක් ව්‍යවහාර වන අතර ඇතම් පිරුළු හා බැදුණු ජනප්‍රිය, රසවත් ජන ප්‍රවාද ද පවතී.

  • උරුලෑව බළලෙකු කරන්නට බැරි වීම - ඇතැම් වැඩ කල නොහැකි වීම
  • කිරි ගහට ඇනීම - හරියටම හරි
  • කිඹුල් කඳුළු හෙලීම - බොරුවට අඬනවා
  • කබරයාට තලනවා - නිෂ්පල දඬුවමක් දීම
  • බළලා ලව්වා කොස් ඇට බානවා - අනිත් අය ලවා තමාගෙ වැඩ කරවා ගනීම.
  • අතීසාරයට අමුඩ ගහනවා වගේ - නිෂ්ඵල ක්‍රියාවක්
  • මුහුද හත් ගව්වක් තියල අමුඩ ගහනවා වගේ - යම් වැඩකදී අනවශ්‍ය ලෙස පූර්ව සූදානම
  • පරංගියා කෝට්ටේ ගියා වාගෙයි - කෙටි මගක් තිබියදී දිගු මගකින් යාම (සරල ක්‍රියාවක් මහා පරිමාණයෙන් කරන්නට යෑම)
  • වක්කඩේ හකුරු හැංගුවා වාගේ - නිෂ්ඵල දෙයක් කිරීම (අවසානයේ දී ප්‍රථිපලයක් නොලැබෙන)

ඉඟි වැකි හෙවත් රූඨි[සංස්කරණය කරන්න]

  • අනූ නමයෙන් බේරුනා - යන්තමින් බේරුනා
  • පොතේ ගුරා - මූලිකයා, "පණ්ඩිතයා"
  • සායම ගියා - ගෞරවය නැතිවීම

උපමා - රූපක[සංස්කරණය කරන්න]

මේ යෙදුම් වල මුතු, නරියෙකු උපමා - රූපක වේ .

  • ඇගේ දත් මුතු වැනිය
  • ඔහු නරියෙකු මෙන් කපටිය

සිංහල සාහිත්‍යය[සංස්කරණය කරන්න]

සිංහල සාහිත්‍යය සැලකීමේ දී පැරණි සිංහල සාහිත්‍යය බෞද්ධ සාහිත්‍යයයෙන් විශාල ආභාසයක් ලබා ඇත. මේවා ඉන්දියානු කෘතිවලට සමානතාවක් දක්වයි (ඉන්දියානු සන්දේශ කාව්‍ය). කාලිදාස සහ එවැනි ඉන්දියානු කිවියන්ගේ ආභාෂය සිංහල සාහිත්‍යයේ ඇති බවට කුකවි වැඩ විවාදයන් සාක්ෂි දරයි. දකුණු ඉන්දීය දෙමළ ජාතිකයින්ගේ ආක්‍රමණ නිසා බොහෝ දෙමළ වචන සිංහල භාෂාවට ඇතුළු වූ අතර පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි ආක්‍රමණ නිසා සිංහල භාෂාවට එම භාෂාවන්ගේ වචන ද ඇතුළු වී ඇත. සිංහල භාෂාව ලිවීමට සිංහල අකුරු යොදාගනී.

සිංහල භාෂාවට දුරස්ම අනු-භාෂාව කතා කරන්නේ රොඩී කුළයෙහි පුද්ගලයින් ය. වැද්දන් කතා කරන භාෂාව සිංහලට සමානතාවක් දැක්වූවත්, එහි වෙනත් භාෂාවල නැති වචන විශාල ප්‍රමාණයක් ඇත.

ක්‍රි.ව. 20 වන ‍ශත වර්ෂයේ මුල් වකවානුවේ කුමාරතුංග මුනිදාස පඬිඳු ඇරඹි හෙළ බස ව්‍යාපෘතිය නීසා ද, දිනමිණ වැනි පුවත් පත් නිසා ද සිංහල භාෂාවට නව ජීවයක් ලැබුණි. (මාර්ටින් වික්‍රමසිංහ දිනමිණ පුවත් පතෙහි සිටි ප්‍රසිද්ධ කතුවරයෙකි)

ආශ්‍රිත ලිපි[සංස්කරණය කරන්න]

යොමුව[සංස්කරණය කරන්න]

සටහන්[සංස්කරණය කරන්න]

තව දුර කියවීමට[සංස්කරණය කරන්න]

බැහැර පිටු[සංස්කරණය කරන්න]

  • දිසානායක, ජේ. බී. (2010). සිංහල භාෂාවේ නව මුහුනුවර පි. 55
  • දිසානායක, ජේ. බී. (2010). සිංහල භාෂාවේ නව මුහුනුවර පි. 55
  • දිසානායක, ජේ. බී. (2010). සිංහල භාෂාවේ නව මුහුනුවර පි. 57
"https://si.wikipedia.org/w/index.php?title=සිංහල_භාෂාව&oldid=400560" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි