Jump to content

ශ්‍රී ලංකාවේ පළාත්

විකිපීඩියා වෙතින්
(Provinces of Sri Lanka වෙතින් යළි-යොමු කරන ලදි)
පළාත
Province
மாகாணம்
වර්ගයපළමු පරිපාලන කොට්ඨාසය
පිහිටීමශ්‍රී ලංකාව
නිර්මිතය1 ඔක්තෝබර් 1833
ගණන9 (1 ජනවාරි 2007 වන විට)
ජනග‍හනය1,061,315–5,851,130
විශාලත්වය3,684–10,472 ව.කි.මී.
පරිපාලනයපළාත් සභාව
අනු පරිපාලන කොට්ඨාසදිස්ත්‍රික්ක

ශ්‍රී ලංකාවේ පළාත් නවයක් ඇත. 19 වන සියවසෙහි සිට මෙම පළාත් පැවතුණද 1987 දී ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා 1987 දී 13 වන ව්‍යවස්ථා සංශෝධනය වෙතින් පළාත් සභා පිහිටුවන තුරු වන තෙක් නීති ක්‍රියාත්මක කිරීමෙහි දේශපාලනමය හා පරිපාලනමය බලතල ඒවා සතුව නොපැවැතිණ.

ඉතිහාසය

[සංස්කරණය]

අනුරාධපුර රාජධානිය

[සංස්කරණය]
මායා රට, පිහිටි රට සහ රුහුණු රට

අනුරාධපුර රාජධානිය සමයේ පාලන මධ්‍යස්ථානය වුයේ රජරට ප්‍රදේශයයි. එහෙත් එකල මුළු ශ්‍රී ලංකාවම පාලන ඒකක 4කට වෙන් කර තිබිණි. ඒවා දක්ශඛිණ දේශය, පශ්චිම, උත්තර සහ පාශින දේශය ලෙසද හැදින්විය.

බ්‍රිතාන්‍ය ලංකාව

[සංස්කරණය]

1815 දී ශ්‍රී ලංකාවේ පාලන බලය බ්‍රිතාන්‍ය සතු වීමෙන් පසුව, ඔවුන් විසින් ජන වර්ගය පදනම් කරගෙන උඩරට සිංහල, පහතරට සිංහල සහ දෙමළ

ලෙස පාලන එකක 3කට බෙදා වෙන් කරන ලදී. පසුව 1829 දී,පත් කෙරුණු කෝල්බෘක් – කැමරන් කොමිසම මගින් යටත් විජිත පාලන ව්‍යුහය වෙනස් කරන ලදි.[1] කොමිසම නිර්දේශ කලේ පෙර පැවති ජන වර්ගය පදනම් කරගත් පාලනය වෙනුවට දිවයින පළාත් 5කට බෙදා වෙන් කර පාලනය කල යුතු බවයි.[1] 1833 ඔක්තෝබර් 1, දා වෙන් කල පළාත් 5 මෙසේය:[2][3][4][5]

  • මධ්‍යම පළාත – මධ්‍යම උඩරට පළාත්වලින් සමන්විත විය.
  • නැගෙනහිර පළාත – මඩකලපුව සහ ත්‍රිකුණාමලය යන මුහුදුබඩ දිස්ත්‍රික්කවලින් සහ බින්තැන්න සහ තමන්කඩුව යන උඩරට පළාත්වලින් සමන්විත විය.
  • උතුරු පළාත –යාපනය, වන්නිය, මන්නාරම ආදී මුහුදු බඩ ප්‍රදේශ සහ නුවර කලාවිය අයත්විය.
  • දකුණු පළාත – ගාල්ල, මාතර, හම්බන්තොට, තංගල්ල ආදී මුහුදු බඩ ප්‍රදේශ සහ ඌව වෙල්ලස්ස, සබරගමුව ප්‍රදේශ අයත්විය.
  • බස්නාහිර පළාත – කොළඹ, හලාවත, පුත්තලම, ආදී මුහුදු බඩ ප්‍රදේශ සහ තුන් කෝරළය, සතර කෝරළය, හත් කෝරළය සහ පහල බුලත්ගම ප්‍රදේශ අයත් විය.

ඊළඟ වසර පනහ තුළ, අතිරේක පළාත් හතරක් නිර්මාණය කරන ලද අතර, මුළු සංඛ්‍යාව නවය දක්වා ඉහළ ගියේය:[4][5][6]

  • වයඹ පළාත – 1845 දී බස්නාහිර පළාතේ උතුරු ප්‍රදේශවලින් (හලාවත, පුත්තලම සහ හත කෝරළ දිස්ත්‍රික්ක) නිර්මාණය කළේය.[7]
  • උතුරු මැද පළාත – 1873 දී උතුරු පළාතේ දකුණු ප්‍රදේශවලින් (නුවර කලාවිය දිස්ත්‍රික්කය) සහ නැගෙනහිර පළාතේ වයඹ ප්‍රදේශවලින් (තමන්කඩුව දිස්ත්‍රික්කය) නිර්මාණය කළේය.[8]
  • ඌව පළාත – 1886 දී මධ්‍යම පළාතේ, නැගෙනහිර පළාතේ (බින්තැන්න දිස්ත්‍රික්කයේ) සහ දකුණු පළාතේ (වෙල්ලස්ස දිස්ත්‍රික්කයේ) කොටස් වලින් නිර්මාණය කළේය.[8]
  • සබරගමුව පළාත – 1889 දී නිර්මාණය කළේය.[9]

ශ්‍රී ලංකාව

[සංස්කරණය]
තාවකාලික උතුරු නැගෙනහිර පළාත

1988 සැප්තැම්බර් වන තෙක් පළාත් ගණන ස්ථාවරව පැවතුනි, ඉන්දු-ලංකා ගිවිසුමට අනුව, ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන උතුරු සහ නැගෙනහිර පළාත් එක් පරිපාලන ඒකකයක් ලෙස තේරී පත් වූ එක් කවුන්සිලයක් මගින් පරිපාලනය කිරීමට හැකි වන පරිදි ප්‍රකාශන නිකුත් කරමින් උතුරු-නැගෙනහිර පළාත නිර්මාණය කළේය.[10] පළාත් දෙක අතර ස්ථිර ඒකාබද්ධ කිරීමක් සඳහා නැගෙනහිර පළාතේ [ජනමත විචාරණයක් පවත්වන තෙක් මෙම ප්‍රකාශන තාවකාලික පියවරක් ලෙස පමණක් අදහස් කරන ලදී. කෙසේ වෙතත්, ජනමත විචාරණය කිසි විටෙකත් නොපැවැත්වූ අතර අනුප්‍රාප්තික ශ්‍රී ලාංකික ජනාධිපතිවරු තාවකාලික ආයතනයේ ආයු කාලය දීර්ඝ කරමින් වාර්ෂිකව ප්‍රකාශන නිකුත් කළහ.[11]

මෙම ඒකාබද්ධ කිරීම මතභේදාත්මක වූ අතර විශේෂයෙන් සිංහල භාෂාව කතා කරන ජනතාව විසින් දැඩි ලෙස විරුද්ධ විය. 2006 ජූලි 14 වන දින, ඒකාබද්ධ කිරීමට එරෙහි දිගු ව්‍යාපාරයකින් පසුව, ජවිපෙ නැගෙනහිර සඳහා වෙනම පළාත් සභාවක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට වෙනම පෙත්සම් තුනක් ගොනු කළේය.[10] 2006 ඔක්තෝබර් 16 වන දින, ජනාධිපති ජයවර්ධන විසින් නිකුත් කරන ලද ප්‍රකාශන ශුන්‍ය සහ බලරහිත බවත් නීතිමය බලපෑමක් නොමැති බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.[10] 2007 ජනවාරි 1 වන දින උතුරු සහ නැගෙනහිර පළාත් උතුරු සහ නැගෙනහිර පළාත්වලට විධිමත් ලෙස බෙදා වෙන් කරන ලදී.

ශ්‍රී ලංකාවේ දැනට පළාත් නවයක් ඇති අතර, ඉන් හතක ආරම්භයේ සිටම පළාත් සභා තිබුණි.

1833 සිට පළාත් විකාශනය වීම
1833–1845
1833–1845 
1845–1873
1845–1873 
1873–1886
1873–1886 
1886–1889
1886–1889 
1889 – වර්තමානය
1889 – වර්තමානය 

පළාත්

[සංස්කරණය]

පවතින

[සංස්කරණය]

සියලුම ජනග‍හන දත්ත ආසන්නයේම පැවති 2012 ශ්‍රී ලංකා ජන සංගණනය අනුවය.

පළාත ප්‍රදේශ සිතියම පළාත්බද
අග නගරය
නිර්මිත
දිනය/වසර
භුමි ප්‍රමාණය
ව.කි.මී. වලින් (ව.සැත)[12]
ජලජ භූමි
ප්‍රමාණය
ව.කි.මී. වලින් (ව.සැත)[12]
මුළු භූමි
ප්‍රමාණය
ව.කි.මී. වලින් (ව.සැත)[12]
ජනගහනය
(2012)[13]
ජන ඝනත්වය
ව.කි.මී. වලින්
(ව.සැත)[a]
 මධ්‍යම මහනුවර 1 ඔක්තොම්බර් 1833 5,575 (2,153) 99 (38) 5,674 (2,191) 2,423,966 435 (1,127)
 නැගෙනහිර Area map of Eastern Province of Sri Lanka ත්‍රිකුණාමලය 1 ඔක්තොම්බර් 1833 9,361 (3,614) 635 (245) 9,996 (3,859) 1,555,510 166 (430)
 උතුරුමැද Area map of North Central Province of Sri Lanka අනුරාධපුරය 1873 9,741 (3,761) 731 (282) 10,472 (4,043) 1,266,663 130 (340)
 උතුරු පළාත Area map of Northern Province of Sri Lanka යාපනය 1 ඔක්තොම්බර් 1833 8,290 (3,200) 594 (229) 8,884 (3,430) 1,061,315 128 (330)
 වයඹ Area map of North Western Province of Sri Lanka කුරුණෑගල 1845 7,506 (2,898) 382 (147) 7,888 (3,046) 2,380,861 317 (820)
 සබරගමුව Area map of Sabaragamuwa, Sri Lanka රත්නපුරය 1889 4,921 (1,900) 47 (18) 4,968 (1,918) 1,928,655 392 (1,020)
 දකුණු පළාත Area map of Southern Province of Sri Lanka ගාල්ල 1 ඔක්තොම්බර් 1833 5,383 (2,078) 161 (62) 5,544 (2,141) 2,477,285 460 (1,200)
 ඌව Area map of Uva, Sri Lanka බදුල්ල 1886 8,335 (3,218) 165 (64) 8,500 (3,300) 1,266,463 152 (390)
 බස්නාහිර Area map of Western Province of Sri Lanka කොලඹ 1 ඔක්තොම්බර් 1833 3,593 (1,387) 91 (35) 3,684 (1,422) 5,851,130 1,628 (4,220)
මුළු 62,705 (24,211) 2,905 (1,122) 65,610 (25,330) 20,359,439 325 (840)

සටහන්

[සංස්කරණය]
  1. ^ මුළු භූමි ප්‍රමාණයට වඩා භූමි ප්‍රමාණය භාවිතා කරමින් ජන ඝනත්වය ගණනය කර ඇත.

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ a b "The Colebrooke-Cameron Reforms". Sri Lanka. Library of Congress. සම්ප්‍රවේශය 16 August 2009.
  2. ^ Mills, Lennox A. (1933). Ceylon Under British Rule 1795–1932. London: Oxford University Press/Humphrey S. Milford. p. 68. සම්ප්‍රවේශය 16 August 2009.
  3. ^ Mendis 1946, පිටු අංකය: 39.
  4. ^ a b Samarasinghe, L. M. (21 March 2003). "River basins as administrative divisions". Daily News (Sri Lanka).
  5. ^ a b "Sinhala Colonisation in the Hereditary Tamil Regions of the Island of Sri Lanka". UN Commission on Human Rights 56th Sessions: March/April 2000. Tamil Nation. සම්ප්‍රවේශය 16 August 2009.
  6. ^ Karalliyadda, S. B. (4 February 2009). "Independence Struggle for a Hundred and Thirty Three Years". Daily News (Sri Lanka). සම්ප්‍රවේශය 16 August 2009.
  7. ^ Mendis 1946, පිටු අංකය: 51.
  8. ^ a b Mendis 1946, පිටු අංකය: 84.
  9. ^ Mendis 1946, පිටු අංකය: 85.
  10. ^ a b c Selvanayagam, S. S. (17 October 2006). "North-East merger illegal: SC". The Daily Mirror (Sri Lanka). 3 April 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  11. ^ Sambandan, V. S. (14 November 2003). "Sri Lanka's North-East to remain united for another year". The Hindu. 25 February 2004 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  12. ^ a b c "Table 1.1: Area of Sri Lanka by province and district" (PDF). Statistical Abstract 2014. Department of Census and Statistics, Sri Lanka.
  13. ^ "Census of Population and Housing of Sri Lanka, 2012 – Table A1: Population by district, sex and sector" (PDF). Department of Census & Statistics, Sri Lanka.
"https://si.wikipedia.org/w/index.php?title=ශ්‍රී_ලංකාවේ_පළාත්&oldid=740576" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි