මදුරෛ නායක් රාජවංශය

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
මදුරෛ නායක් ‍රාජවංශය

1529–1736
මදුරෛ
ක්‍රි.ව. 1570 පමණ මදුරෛ නායක් ‍රාජධානියේ ව්‍යාප්තිය.
අගනුවරමදුරෛ
(1529–1616)

තිරුචිරපල්ලි
(1616–1634)
මදුරෛ
(1634–1695)
තිරුචිරපල්ලි
(1695–1716)

මදුරෛ
(1716–1736)
පොදු භාෂාවන්දෙමළ, තෙලිඟු
රජයආණ්ඩුකාරවරු, අනතුරුව රාජාණ්ඩුව
ඉතිහාසය 
• ස්ථාපිත කළේ
1529
• අහෝසි කළේ
1736
පූර්වප්‍රාප්තික රාජ්‍ය

අනුප්‍රාප්තික රාජ්‍ය

කැඩීගිය රාජ්‍ය

මදුරෛ නායක් රාජවංශයේ
රජවරු සහ රාජ්‍යාධිකාරී රැජිනියෝ
තමිල් නාඩුවේ ඉතිහාසය පිළිබඳ ලිපි මාලාවේ කොටසකි
තිරුමලෛ නායක් මාලිගය
මදුරෛ නායක් පාලකයින්
විශ්වනාථ නායක්1529–1563
කුමාර ක්‍රිෂ්ණප්පා නායක්1563–1573
හවුල් පාලකයින් සමූහය I1573–1595
හවුල් පාලකයින් සමූහය II1595–1602
මුත්තු ක්‍රිෂ්ණප්පා නායක්1602–1609
මුත්තු වීරප්පා නායක්1609–1623
තිරුමලෛ නායක්1623–1659
මුතු අලකාඩ්රි නායක්1659–1662
චොක්කනාථ නායක්1662–1682
රංගක්‍රිෂ්ණා මුතු වීරප්පා නායක්1682–1689
මංගම්මාල් රැජින1689–1704
විජය රංග චොක්කනාථ නායක්1704–1731
මීනාක්ෂි රැජින1731–1736
‡ රාජ්‍යාධීකාරී රැජිනියන්
අගනුවරවල්
මදුරෛ1529–1616
තිරුචිරපල්ලි1616–1634
මදුරෛ1634–1665
තිරුචිරපල්ලි1665–1736
ප්‍රධාන බලකොටු
මදුරෛ 72 අට්ටාල බලකොටුව
තිරුචිරපල්ලි ගල් බලකොටුව
ඩින්ඩිගුල් බලකොටුව
තිරුනෙල්වෙල්ලි බලකොටුව
වෙනත් යුධ බලකොටු
නාමක්කාල් බලකොටුව
සංකගිරි බලකොටුව
අතූර් බලකොටුව
මාලිගා
තිරුමලෛ නායක් මහල්, මදුරෛ
චොක්කනාථ නායක් මාලිගය හෙවත් දර්බාර් ශාලාව, තිරුචිරපල්ලි
රාණි මංගම්මාල් තමුක්කම් මාලිගය, මදුරෛ

මදුරෛ නායක්වරුන් ‍යනුවෙන් හැඳින්වෙන්නේ 1529 සිට 1736 පමණ දක්වා වර්තමාන ඉන්දියාවේ තමිල් නාඩු ප්‍රාන්තයේ වැඩි ප්‍රදේශයක පාලනය ගෙනගිය දෙමළකරණය වූ තෙලිඟු සම්භවයක් සහිත පාලකයන් පිරිසකි.[1][2] මොවුන්ගේ අගනගරය වූයේ මදුරෛ ය. නායක් රාජ්‍ය සමය තුළ කලාවන් දියුණු වූ අතර, සංස්කෘතික සහ පරිපාලනමය ප්‍රතිසංස්කරණ රැසක් ද ක්‍රියාත්මක විය. එසේම දිල්ලි සුල්තාන්වරුන් විසින් විනාශ කොට තිබූ දේවාල ගණනාවක් යළි ජීවමාන කරවූ මොවුහු අනන්‍ය ගෘහනිර්මාණ ශෛලියක් ද හඳුන්වා දුන්හ.

මදුරෛ නායක්වරුන්ගේ සම්භවය ආන්ධ්‍ර ප්‍රදේශ් සහ තමිල් නාඩුවේ බලීජා හි යුධමය වෙළඳ ප්‍රජාවකින් ආරම්භ වන්නට ඇතැයි විශ්වාස කෙරේ.[2][3][4]

මෙම රාජවංශයට පාලකයින් 13 දෙනකු ඇතුළත් වූ අතර, ඉන් 9 දෙනකු රජවරුන් ද, දෙදෙනකු රැජිනියන් ද වූ අතර, දෙදෙනකු හවුල් පාලනයක් ගෙනගොස් තිබේ. මෙහි වඩාත්ම වැදගත් පාලකයන් වන්නේ තිරුමල නායක රජ සහ මංගම්මාල් රැජිනයි. මෙකල විදේශ වෙළඳාම ප්‍රධාන වශයෙන් ලන්දේසීන් සහ පෘතුගීසීන් විසින් මෙහෙයවූ අතර, බ්‍රිතාන්‍යයන් සහ ප්‍රංශවරුන් මේ වන විට එම ප්‍රදේශයට පැමිණ නොතිබිණි.

ඉතිහාසය[සංස්කරණය]

විශ්වනාථ නායක[සංස්කරණය]

විශ්වනාථගේ ප්‍රධාන අමාත්‍යවරයා වූ ආරියනාථ මුදලියාර් පාලයම් හෙවත් පොලිගාර් ක්‍රමය අනුව නායක් රාජධානිය පාලනය කිරීමට සහාය දැක්වී ය. මෙම ක්‍රමය අර්ධ-වැඩවසම් ක්‍රමයක් වූ අතට, එහි දී රට පාලයම් හෙවත් කුඩා පළාත් ගණනාවකට බෙදන ලදී; මෙම සෑම පාලයම් ඒකකයක් සඳහාම පාලයක්කාරර් නම් ප්‍රධානියකු පත්කෙරිණි. ආරියනාථ විසින් පාණ්ඩ්‍ය රාජධානිය පාලයම් 72කට වෙන් කළ අතර, එහි ප්‍රධානීන් වූ වියළි කලාපීය පොලිගාර් ප්‍රධානීන් 72 දෙනාව මෙහෙයවීම සිදුකරන ලදී.[5]

මහමදිකයන් විසින් විනාශ කරන ලද මීනාක්ෂි කෝවිල 1569දී යළි ඉදිකෙරිණි. දේවාල පිවිසුමෙහි පසෙකින් සහස්‍ර ස්තම්භ මණ්ඩපයේ අදටත් අසකු මත හිඳගත් ආරියනාථ මුදලියාර්ගේ ප්‍රතිමාව දක්නට ලැබේ. නූතන බැතිමතුන් විසින් එම ප්‍රතිමාවට මල් මාලා පළඳවනු දක්නට ලැබෙයි. 1600 තෙක් ජීවත් වූ ඔහු සිය මරණය තෙක්ම නායක් රාජවංශය කෙරෙහි සිය බලපෑම පැතිරවීමට සමත් විය.[6]සැකිල්ල:Full

කුමාර ක්‍රිෂ්ණප්පා නායක (1563–1573)[සංස්කරණය]

විශ්වනාථ නායක්ගෙන් පසුව ඔහුගේ පුත් ක්‍රිෂ්ණප්පා නායක් රාජ්‍යත්වයට පත්වූ අතර, ඔහු සිය පියාගේ කාර්‍යශූර අමාත්‍යවරයකු වූ ආරියනාථ සමඟ එක්ව මදුරෛ රාජධානිය පුළුල් කළ අතර, පුරාතන පාණ්ඩ්‍ය භූමිය ද සිය පාලනයට නතුකර ගැනීමට සමත් විය.[7]

තිරුමල නායක (1623–1659)[සංස්කරණය]

විෂ්ණු දෙවියන් ශිව වෙත සිය සොයුරිය භාර කරන අයුරු

රාමප්පෛයන් අම්මනෛ නම් ඓතිහාසික ලේඛනය අනුව,1639 සහ 1641 අතර කාලයේ දලවෝයි රාමප්පයන් නම් බ්‍රාහ්මණයා රාන්දෞලා ඛාන් සහ තෙවන ශ්‍රීරංගට එරෙහි යුද්ධයේ දී සිය ශූරත්වය පෙන්වා ඇත.[8][9]

වංගාරු තිරුමලෛගෙන් පැවත එන්නන්[සංස්කරණය]

මහනුවර නායක්වරු[සංස්කරණය]

වංගාරු තිරුමලෛගේ පවුලේ ඇතැම් සාමාජිකයින් විසින් ශ්‍රී ලංකාව තුළ නායක් රාජවංශයක් ආරම්භ කළ අතර, එය මහනුවර නායක්වරුන් ලෙස හැඳින්වේ. 1815 තෙක්ම ඔවුහු මහනුවර සිය අගනගරය කර ගනිමින් ශ්‍රී ලංකාව පාලනය කළහ. අතීතයේ සිටම මහනුවර රජවරු මදුරෛ වෙතින් බිසෝවරුන් ගෙන්වා ගැනීම සිදුකළහ. මේ නිසා පෘතුගීසීන් සමඟ සටනේ දී මහනුවර නායක්වරුනට මදුරෛ නායක්වරුන්ගේ යුධ සහාය හිමි විය. මේ අනුව, 17වන සහ 18වන සියවස් වන විට, මහනුවර රජවරුන් සහ නායක් කුමරියන් අතර විවාහය සම්ප්‍රදායයක්ව තිබිණි.[10]

නායක කාසි[සංස්කරණය]

ඇතැම් මුල්කාලීන මදුරෛ නායක කාසිවල රජුන්ගේ රුව ඇතුළත් විය. එසේම එම කාසි බොහෝමයක ගව රුව ද දක්නට ලැබේ. රාජවංශයේ අවසන් පාලකයන් කිහිපදෙනාගෙන් අයකු වන චොක්කනාථ නායක් වලසුන්, හස්තීන්, සහ සිංහ රූ ඇතුළත් කාසි නිකුත් කොට තිබේ. එසේම ඔහුගේ හනුමාන් සහ ගරුඩා නිරූපිත කාසියක් ද හමුව තිබේ. නායක කාසිවල වන අභිලේඛන දෙමළ, තෙලිඟු, කන්නඩ, සහ නාගරී අක්ෂරවලින් සටහන් කොට තිබේ.[11]

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Howes, Jennifer (1 January 1998). The Courts of Pre-colonial South India: Material Culture and Kingship. Psychology Press. පි. 28. ISBN 07-0071-585-1. 
  2. 2.0 2.1 Rao, Velcheru Narayana; Shulman, David; Subrahmanyam, Sanjay (1998). Symbols of substance : court and state in Nayaka period Tamil Nadu. Oxford University Press. පි. 10. "Originally part of the great Telugu migrations southward into the Tamil country in the 15th and 16th centuries, the Balija merchant- warriors reveal the rise of hitherto marginal, and only recently politicized.. These mobile, aggressive, land-hungry, Telugu-speaking warriors....helped to build the Nāyaka state-system and to impregnate it with their particular cultural vision; strong surviving traditions; supported by contemporary evidence, assert Balija origins and / or marital connections for the major Nāyaka dynasties in the Tamil country quite apart from the well-known Balija role in restructuring the revenue systems of Nāyaka Tanjavur and Madurai" 
  3. Religion in Vijayanagara Empire, by Konduri Sarojini Devi, p.100 mentions: "Granting that Acyuta conferred on Visvanatha the kingship of the Pandya Mandalam as Father Heras believes, it is possible that Visvanatha changed his faith to Vaishnavism to suit the exigencies. According to the Kaifiyat of the Karnata Kotikam Kings, "Acyutadeva Maharaya formally crowned Visvanatha Nayadu of the Garikepati family of the Balija caste as the King of Pandya country yielding a revenue of 2 and 1/2 crores of varahas..
  4. Irschick, Eugene F. Politics and Social Conflict in South India, p. 8: "The successors of the Vijayanagar empire, the Nayaks of Madura and Tanjore, were Balija Naidus."
  5. Bayly, Susan (2004). Saints, Goddesses and Kings: Muslims and Christians in South Indian Society, 1700–1900 (Reprinted සංස්.). Cambridge University Press. පි. 48. ISBN 978-0-52189-103-5. 
  6. History&Description of Sri Meenakshi Temple, by T. G. S. Balaram Iyer, T. R. Rajagopalan
  7. Gordon Johnson, John F. Richards, Christopher Alan Bayly (1987). https://books.google.com/books?id=aHcfv6zkJgQC. Cambridge University Press. ISBN 9780521563215. https://books.google.com/books?id=aHcfv6zkJgQC. 
  8. History of Tirumala Nayaka, by K.Rajaram, p.27-31
  9. History of Tamilnad, Volume 2, by N. Subrahmanian, p.282.
  10. Trawick, Margaret (2007). Enemy lines: childhood, warfare, and play in Batticaloa. University of California Press. පි. 40. ISBN 978-0-52093-887-8. https://books.google.com/books?id=5A8FQzSAlnwC&pg=PA40. 
  11. "The Hindu : Crafted coins". The Hindu. India. Retrieved 14 June 2008.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=මදුරෛ_නායක්_රාජවංශය&oldid=466370" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි