පාහියන් ලෙන
![]() |
පාහියන් ලෙන යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ පාහියන්ගලහි ඇති විශාල ලෙනකි. ෆා හියන් නම් චීන ජාතික භික්ෂූන් වහන්සේගේ නමින් ලෙන නම්කර ඇත. මේ අසල විහාරස්ථානයක්ද වේ. මෙම ලෙන පශ්චාත් පෙලෙස්ටොසීන මානව ඇටසැකිලි වල ශේෂයන් 1960-1980 යන කාලයන් වලදී හමුවීම හේතුවෙන් වැදගත් වේ.මෙය දකුණු ආසියාවේ කටාරම් නොකෙටූ විශාලතම ස්වාභාවික ගල් ලෙනයි.මෙහි මිනිසුන් 3500කට එකවර සිටිය හැකිය.මෙහි විශාලත්වය දැක ගැනීමට ගුහාව ඇතුලටම ගොස් පිටත බැලිය යුතුය.මෙහි අවුරුදු 35000-60000 අතර කාලයේ ආදී මානවයා වාසය කර ඇත.ඔවුන් මුහුදු මාළු, ලුණු ,මෝර දත් පළඳනා භාවිතා කර තිබේ.මෙම ගල්ලෙන ගලක් වසර සියක්දහස් ගණනක් මුළුල්ලේ විඛාදනය වීමෙන් සෑදී ඇත.
ප්‍රාග් ඓතිහාසික මානව නෂ්ටාවශේෂ[සංස්කරණය]
මේ ලිපිත් බලන්න[සංස්කරණය]
මූලාශ්‍ර[සංස්කරණය]
- Kenneth A. R. Kennedy, "Fa Hien Cave", in Encyclopedia of Anthropology ed. H. James Birx (2006, SAGE Publications; ISBN 0-7619-3029-9)
- "Pre- and Protohistoric settlement in Sri Lanka" — S. U. Deraniyagala, Director-General of Archaeology, Sri Lanka
- Kenneth A. R. Kennedy and Siran U. Deraniyagala, Fossil remains of 28,000-year old hominids from Sri Lanka, Current Anthropology, Vol. 30, No. 3. (Jun., 1989), pp. 394–399.
- Kenneth A. R. Kennedy, T. Disotell, W. J. Roertgen, J. Chiment and J. Sherry, Biological anthropology of upper Pleistocene hominids from Sri Lanka: Batadomba Lena and Beli Lena caves, Ancient Ceylon 6: 165-265.
- Kenneth A. R. Kennedy, Siran U. Deraniyagala, W. J. Roertgen, J. Chiment and T. Disotell, Upper Pleistocene fossil hominids from Sri Lanka, American Journal of Physical Anthropology, 72: 441-461, 1987.