වැදි ජනයා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

වැදි ජනයා ලංකා‌වේ ‌වෙසෙන ස්ව‌දේශි ආදිවාසීන් අතරින් එක් ජන වර්ගයකි. සංචාරක කර්මාන්තය, වනාන්තර විනාශය, සිවිල් යුධ තත්ත්වයන්, හා නවීකරණයට තරුන වැද්දන්‌ගේ කැමැත්ත වැදි සංස්කෘතිය ක්‍රම‌යෙන් අඩු වී, නවීන සමාජයට සංකලනය ‌වෙමින් පවතියි.

බ්‍රිතාන්‍ය ලංකා‌වේ වැදි පවුලක් (1910)

සම්භවය[සංස්කරණය]

වැද්දන්ද සිංහලයින් මෙන්ම ලංකාවේ ආදිවාසීන්ගෙන් පැවත එයි.

උගතුන් විසින් ‌පෙන්වා දෙන්නේ විජයාගමනයට ‌පෙරාතුව පැවති ඉපැරණි ‌ගෝත්‍ර වන යක්ෂ, ‌නේසද, මිලක, ශබර වැනි ජන ‌කොටස්වල සම්මිශ්‍රණයකින් වැද්දන් බිහිවන් බවකි. ඒ‌ සේම, වැද්දන්ගේ කපාල සන්සන්ධනය කිරී‌මේ දී, ඔවුන් ‌ප්‍රෝ‌ටෝ-ඔස්ට්‍රොලොයිඩ් ජනවර්ගයන්ට සමාන ‌වේ.

පරීක්‍ෂණයන් මගින් ‌පෙනි ‌ගොස් ඇත්තේ, ඔවුන් ලංකා‌වේ ආදිවැසියන් වූ බලං‌ගොඩ මානවයා හා සම්බන්ධයක් ඇති බව ය. වැද්දන්ගේ සම්භවය ක්‍රි.පු. 15,000-10,000 අතර,මධ්‍ය ශිලා යුග‌යේ විසූ අයතු වූ දඩයක්කාර හා ආහාර එකතු කිරී‌මේ ජන ජීවිතයකට හුරු වූ ජන ‌කොට්ටාශයකට අයත් බව පෙ‌න්.

සිංහල සාහිත්‍ය‌යේ වැද්දන් හැඳින්වීමට ‌යොදන වචන සැලකූ විට, 'මලදරු' (ගිරිවැසී), වනසර (වනචාරි/වන්‍යවාසි), 'සැරව්' (ඊතල දරන්නා) යන අරුත් දක්වා ඇත. වැද්දන් විසින් තමුන් හඳුන්වා ගන්නේ 'වන්නියලෑත්තන්' ‌ලෙසිනි. වැද්දා යනු 'බැද්දා' යන වචනයෙන් ව්‍යුත්පන්න වූ වද‌නෙකයි වි.ජ.මූ. ‌ලොකුබණ්ඩාරයන් පවසයි. ‌ගොවිතැන් ‌නොකර, දඩයමින් ජීවත්වන දඩයක්කරුවන්, දුනුවායන්, සහ වනගත වූවන් හැඳින්වීමට ‌යොදනු ලැ‌බේ. සිංහල ජාතකකතා ‌පො‌‌තහි ද ‌මොවුන් හැඳින්වීමට 'මස් වැද්දා' යන ‌යෙඳුම භාවිතා ‌කොට ඇත. එහෙත් ‌හෙන් ‌ගොවිතැන් ක‌ළ, දඩයම් ‌කොට ජීවත් වූ නමුත්, ඔවුන් වැද්දන් ගණ‌යේ ලා ‌නොසැලකුණි.

මහාවංශය අනුව සිංහල ජාති‌යේ ආරම්භ‌යේ දී, ලංකාවට පැමිණි විජය කුමරු හා කු‌වේනි නම් ‌හෙල යක්ෂ ගෝත්‍රික කුමරියකට දාව උපන් ජීවහත්ථ සහ දිසාලා යන දරුවන් තුළින් සම්භවිත ජන ප්‍රජාවක් ‌ලෙස ජනප්‍රවාද‌යේ දැක්වෙයි. මහාවංශය දක්වන පරිදි කු‌වෙණිය‌ගේ දරුවන් ‌දෙ‌දෙනා සම‌නොල අඩවියට පලා ‌ගොස් ආරක්ෂිතව ජීවති විය. පසුකාලීනව ‌මොවුන් 'පුලින්ද'යන නාම‌යෙන් ව්‍යවහාර වූ බව ‌පෙ‌නේ:

වැදි පවුලක දරුදැරි‌යෝ

මහා වංශ‌යේ සඳහන් වන පරිදි, විජය කුමරුවා කු‌වේණිය හා දරුවන් අතහැර දමා, විවහාය සඳහා රාජ කන්‍යවක් ඉන්දියා‌වෙන් ‌ගෙ‌නෙන ලදි. එහි දී කු‌වේණිය නැවත ලංකාපුර‌යෙහි ස්වකීය යක්ෂ ප්‍රජාව ‌වෙත හරවා යවන අතර, එහි දී ඇති වූ දබරයක දී ඇය මරණයට පත්වන්ණි ය. ඇය‌ගේ බාල ‌සො‌හොයුරා පැමිණ දරුවන් හට පලා යමට පවසයි. ඔවුන් සමන්-කුළ (සම‌නොළ කන්ද)ට ‌ගොස් ‌ නැගණී දෙටු ‌සොයුරා හා වාසය ‌කොට, මලයා රට හෙවත් කදුකර ප්‍ර‌දේශ‌යේ ජන ප්‍රජාවක් බිහි කළ අතර, ඔවුන් පුලින්දා ‌ලෙස දක්වා ඇත (මහාවංශය පරි. 7.59-68). පුලින්දන් පිළිබඳ ව සටහනක් තබන ගයිගර් තුමා පවසන්නේ, ඔවුන් ‌මේ‌‌ලේජ්‍ය ‌ගෝත්‍රික ප්‍රජාවක් වන්නට ඇති බවත්, පසුව වැද්දන් බවට හඳුන්වන්නට ඇති බවත් ය. ‌‌කොළඹ, කළුතර සහ ගාල්ල ආශ්‍රිත ප්‍රදේශ‌යේ සිට කදුකරය දක්වා ප්‍ර‌දේශය ‘සබරගමුව’ ‌ලෙසින් හදුන්වන අතර, එය ව්‍යුත්පන්න වන්නට ඇත්තේ ‘පුලින්ද’ යන්නට සමාන පදයක් වන සංස්කෘත ‘සබර,’ පාලි ‘සවර’ ‌මගින් ය. ‌උක්ත නිගමනයට අනුව ම යමින් ශ්‍රී සුමංගල හිමියන් හා බටුවන්තුඩා‌වේ ‌දේවරක්ෂිත පඬිවරයාණන් ඔවුන්ගේ මහාවංශ පරිවර්ත‌යේ ‘පුලින්ද’ වදන ‘වැද්දන්’ වශ‌යෙන් ඍජුව ම දක්වා ඇත.

ඉහත පුරාවෘත්තයට අනුව වැදි ප්‍රජාව ලංකා‌වේ ආදිවැසි‌යෝ ‌නො‌වෙති. එහෙත් පුරාවෘත්තය කටකතා ආශ්‍ර‌යෙන් බිහිවූවක් ‌ලෙසින් ‌පෙ‌නෙන අතර, මෑතක දී වැද්දන් අතර ප්‍රචලිත වූවක් විය හැකි ය. ‌කෙ‌සේ‌වෙතත් උගතුන් දක්වන්නේ ඉහත කතාව වැද්දන් ප්‍රකාශ කරන ආකාර‌යෙන් පෙනෙන්නේ ඔවුන් ද එතරම් එහි සත්‍යතාවය පිළිබඳ පිළිගැනීමක් ‌නොමැති බව ය.

සමහර


හෙලයන් සමග සබඳතාව[සංස්කරණය]

මෙරට සමෘද්ධිමත්ම යුගය ලෙස ඉන්දියානු වංශ කතාවල පවා සඳහන් රාවණ, බලි, තාරක යුගයන් ඇරඹෙන්නේ මීට වසර පන් දහසකට පමණ පෙරාතුවය. බලංගොඩ මානවයා අපට කියන ඉතිහාසය නම් වසර තිස් දහසකට වඩා පැරණිය. මීට වසර 2500කට පෙර විජය කුමරු පැමිණෙන විටත් මෙරට දියුණු සංස්කෘතියක් තිබුණු බව කුවේණි කුමරිය කපු කටිමින් සිටීමෙන් පැහැදිලි වේ. සිරිවස්තු මෙන්ම කැළණිය ද එවකට මෙරට තිබු ප්‍රධාන නගරය. විවිධ ගෝත්‍රිකයින්ගෙන් සැදුම්ලත් මෙරට වැසියන් පොදුවේ හැඳින්වුයේ හෙළයින් යන නමිනි. කුවේණි හෙළ කුමරියගේ පිහිටෙන් මෙරට රාජ්‍යත්වය ලබාගත් ආර්යයෙකු වු විජය කුමරු හෙළයින් දුටුවේ ආක්‍රමණිකයෙකු ලෙසය. එබැවින් කුවේණිය ජාතිද්‍රෝහියක වුවාය. සිය ඥාතීන්ගේ වෛරයෙන් බේරීම සඳහා කුවේණියගේ දරුවන්ට කැලෑ වැදීමට සිදුවිය. ඒ නුතන වැදි පරපුරේ ආරම්භයයි. මෙය හුදෙක් මහාවංශයේ කතාව පමණක් නොව වැදි ජනප්‍රවාදයන්හිද ඇති කතාවයි. එමෙන්ම මානව විද්‍යාඥයෝ ද හෙළයින් සහ වැද්දන් අතර ඇති ඥාතිත්වය පිළිගනිති. විජයාගමනයෙන් ඇරඹි හෙළ-ආර්ය ගැටුම අවසන් වී ආර්යයන් හෙළයින් සමග මුසු වන්නේ පණ්ඩුකාභය රජ සමයේ දී ය. මහාවංශයට අනුව පණ්ඩුකාභය රජුගේ මවු වුයේ පඬුවස්දෙව් රජුගේ එකම දියණිය වු උන්මාද චිත්‍රා දේවියයි. ඔහුගේ පියා වුයේ දීඝගාමිණී ය. ඔහු පඬුවස්දෙව් රජුගේ බිසව වු භද්දකච්චායනාගේ සොයුරෙකු වු දිඝායුගේ පුත්ය. නමුත් වෙනත් මුලාශ්රඝයන්ට අනුව නම් දීඝ ගාමිණි හෙළයකි . එබැවින් පණ්ඩුකාභය කුමරුගේ මව ආර්යයෙක් වන විට පියා හෙළයකි. එබැවින් ඔහු හෙළයන් ට හෙළයෙක් ද ආර්යයන් ට ආර්යයෙක් ද විය. මේ නිසාම ආර්යය ආධිපත්ය යට එරෙහිව හෙළයින් පණ්ඩුකාභය වටා රොක් වන විට ආර්යයන් ද ඔහුගේ නායකත්වය පිළිගත්තේය. ඉන් පසු ආර්යයෝ හෙළයින් සමග මුසු වුහ.

ඉන් පසුව විවිධ යුගයන් හි ඉන්දියාවේ විවිධ පළාත් සිට පැමිණි ආර්යයෝ මෙන්ම ද්රගවිඩයෝ ද සිංහල ජාතියට මුසු වුහ. එසේ මුසු වු වන් අතර අරාබි , චීන සහ මැලේ ජාතිකයෝ ද වුහ. මෙම මුසු වීම බටහිර ජාතීන් මෙරටට පැමිණීම තෙක් ම අඛණ්ඩව සිදුවිය. සිංහල ජාතිය සංක්රටමණිකයින්ගෙන් පෝෂණය වුණු අයුරින්ම කැලයේ සිටි වැදි ජනතාවද විවිධ කැලෑ වැදීම් තුළින් පෝෂණය විය. සිංහලයේ කිරුළ පතා කෙරුණු අභ්යකන්තර අරගලයන් හි පරාජයට පත් පිරිස් වසර දහස් ගණනාවක් පුරා සිදු කළේ එක්කෝ ඉන්දියාවට පලා යෑමයි. නැතහොත් කැලෑ වැදී වැදි ජනතාවට එක් වීමයි. අවසන් වරට එසේ වැදි ජනතාව සමඟ මුසු වුයේ 1848 නිදහස් අරගලයට එක් වි සුදු ආක්රමමණිකයාගේ උදහසට ලක් වු වෙල්ලස්ස ජනතාවයි. මේ අනුව පෙනි යන්නේ සිංහල ජනතාව මෙරට වසර දස දහස් ගණනාවක් ජීවත් වු බවත් පසු ගිය වසර දෙදහස් පන්සිය තුළ වරින් වර සිංහලයන්ගෙන් වෙන්වී කැලෑ වැදුණු පිරිසගෙන් වැදි ජනතාව බිහිවු බවත්ය. එබැවින් වැදි ජනතාව ආදිවාසීන් ලෙස හැදින්වීම ඔවුන්ට වඩා දිගු ඉතිහාසයක් ලක් පොලවේ ඇති සිංහලයින්ට කරන අවමානයකි. එපමණක් නොව සිංහලයන්ට ලක් පොලවට ඇති අද්විතීය අයිතිය අභියෝගයට ලක් කිරීමකි. සිංහලයා මෙරය අනන්ය වු ජන කොටසක් පමණක් නොව මෙරට ආදිවාසීහුය. එබැවින් සිංහලයාගේ ආදිවාසිකම සොරාගෙන වැදි ජනයාට පැලැන්දීමෙන් සිංහලයා තවත් එක් සංක්රවමණික ජන කොටසක් බවට පත්වේ.

වැදි සමාජ සංවිධානය[සංස්කරණය]

වැදිසමාජය තුළ කැපී ‌පෙ‌නෙන ධුරාවලියක් දක්නට නැති තරම් ය. ‌බො‌හෝ විට වැදි රැළක් වැදිනායකයකු යට‌තේ පාලනය විය. ආදිවාසි ජන ප්‍රජාවන්හි දක්නට ඇති ආකාර‌යේ, ‌ගෝත්‍ර අතර ‌වෛරයක් ‌හෝ ‌ගෝත්‍ර සටන් දක්නට ‌නොමැත. එක ම ප්‍ර‌දේශයක වරිග කිහිපයක වැදිජන ප්‍රජාවන් සමාදාන‌යෙන් ජීවත් වුව ද, ප්‍ර‌දේශයට ඇතුල්වීමේ දී විවිධ තහංචි ඔවුනොවුන් අතර විණ. සමහර වැදි වරිග‌යෝ ගඟක් ‌හෝ කැළැ ‌පෙ‌දෙසක් හරහා ‌වෙනත් ප්‍ර‌දේශයන් වලට සංක්‍රමණය වූ හ. ‌මෙ‌සේ ප්‍ර‌දේශ‌යෙන් ප්‍ර‌දේශයට වැදි ප්‍රජාවගේ ව්‍යාප්තවීම සිඳු වි ය.


වරුග ‌බෙදීම[සංස්කරණය]

වැද්දන් අතර වරුග ‌බෙදීමක් දක්නට ඇති අතර, එය කෙ‌සේ ආරම්භ වූයේ ද, එහි ප්‍ර‌යෝජ්‍යතාවය පිළිබඳ පැහැදිලි අදහසක් ඔවුන් තුළ නැත. එ‌හෙත් ඔවුන් තමුන් හැඳුන්වා ගැනී‌මේ දී, මෙකී වරුග ‌බෙදීම 'පෙළපතක්' වශ‌යෙන් භාවිතා කරනු ‌පෙ‌නේ. ප්‍රධාන වශ‌යෙන් වරුග හයක් වැද්දන් අතර පවති: ‌මොරාන වරු‌ගේ, උනාපාත වරු‌ගේ, ඌරු වරු‌ගේ, ඇඹල වරු‌ගේ, නමුඩන වරු‌ගේ, සහ තලා වරු‌ගේ වශ‌යෙණි. මෙයට අමතර ව, වැද්දන්ගේ පදිංචි ස්ථානයන් ආශ්‍රීත‌යෙන් ද වරුග ‌බෙදීමක් දක්නට ඇති අතර, ඒවා ‌මෙහි ලා දක්වනු ලැ‌බේ:‌හේ‌නෙ-බැද්ද වරුගේ, ‌ගොඩතලාව වරු‌ගේ, එල‌කොතලිය වරු‌ගේ, සීතල වන්නිය වරු‌ගේ, ගිරාදුරු වරු‌ගේ, තමන්කඩුව වරුගේ, දෙහිගම වරු‌ගේ, ‌හොර‌බොර වරු‌ගේ, යක්කු‌රේ වරු‌ගේ, උනිච්චිය වරු‌ගේ යනාදිය ය. [1] සමහර අවස්‍ථා වලදි, ආවහා-විවහා සම්බන්ධතාවලදී, ගරුග උස්පහත්කම් සැලකූ බව වාර්තා වී ඇත.සමහර විශාරදයන් දක්වන්නේ වැද්දන් විසින් වරු‌ගෙන් පිට විවහයන් කරත්, බහිර්-‌වෛහිවක සමාජ පද්ධතියක් වරුග ආශ්‍රිතව පවතින බවකි.

සී. ජී. සෙල්ග්මාන්ට අනුව වැද්දන්ගේ වරිග ‌බෙදීම ප්‍රධාන වශයෙන් ස්වකීය ‌ගෝත්‍ර‌යෙන් පිට විවහා වීම ‌හෙවත් බහිර්‌වෛවාහික සහ මාතෘ පාර්ෂව මූලීක, ඌරා සහ ‌මොනරා ආශ්‍රීත ගෝත්‍ර විහ්න ආශ්‍ර‌යෙන් ‌ගොඩ නැගුනක් බව ය (C. G. Seligmann, The Vaddas, 1911, p.30).

භූවිෂමතා ලක්ෂණ ඇසුරු ‌කොට ද වැද්දන් ප්‍රධාන වශ‌යෙන් වර්ගීකරණයකට බදුන් කළ හැකි ය. බින්තැන්න ඇසුරු ‌කොට ජීවත් වන වැද්දන් සහ නැ‌ගෙනහිර පළාත ආශ්‍රීත වහරායි ප්‍ර‌දේශ‌යේ ජීවත් ‌වෙති ‌මොවුන් 'වෙතර්'වශ‌යෙන් හඳුන්වනු ලැ‌බේ.

දිවි‌පෙ‌වෙත[සංස්කරණය]

මුල් කාල‌යේ දී, වැදි ජනප්‍රජාව ගල්ලෙන් ඇසුරු ‌කොට ජීවත් වූ අතර, පසුව පැල්පත් ආශ්‍රීත ගම්මාන කරා සංක්‍රමණය වන්නට ඇත.

බඹර පැණි එකතු කරන අනතුරුදායක අවස්ථාවක් (1887)

ඒවා වැදි ‌කොරටු ‌ලෙසින් හැඳින් වූ අතර, වරින් වර, ආහාර ‌සොයා ගත හැකි පමණට කොරටු‌වෙන් ‌කොරටුවට වැදි ප්‍රජාව සංක්‍රමණය වී‌මේ සිරිතක් විය. පසුකාලීනව ඇති වූ ගම්වැද්දන් ප්‍රධාන වශ‌යෙන් හේන් ‌ගොවිතැන ඇසුරු ‌‌කොට ජීවත් වූ නමුදු, ඔවුන්ගේ සාම්ප්‍රදායික දිවි ‌පෙ‌වෙත සම්පුර්ණ‌යෙන් ම අත් ‌නොහැරිය හ.

වැද්දන් ප්‍රධාන වශ‌යෙන් දඩයම් කිරී‌මෙන් ජීවත් වූ අතර, ඔවුන්ගේ මුලීක ප්‍රවනතාවය වූ‌යේ ‌ගොනා දඩයම් කිරීම ය. ‌ගොනා ගිරි ආශ්‍රිත ව වාසය කළ නිසා වැද්දන් ද ගිරි‌ලෙන් ආශ්‍රිත දිවි ‌පෙ‌වෙතකට හුරු වන්නට ඇති බව ‌බො‌හෝ විද්‍යාර්ථයින් විශ්වාස තරති. ‌මෙයට අමතර ව, ඔවුන් ඵල-අල ආහාරයට ගනිමින් ද, වන මී රැස්වන කාලයට මී කැඩි‌මෙන් ද දිවි ‌පෙ‌‌වෙත සරි කර ගත් හ. වැද්දන් ආහාර පුළුස්සා ගැනීම කරන අතර, අලවර්ග ‌‌බො‌හෝවිට උණු අළුපල්ලේ ලා තම්බා ගැනීම කරනු ලැ‌බේ. දඩයම් කිරීම හා ආහාර අනුභවය කණ්ඩායමක් වශ‌යෙන් එකට ම කරනු ලැ‌බේ. වැඩිපුර ඇති ආහාර ද්‍රව්‍ය හිඟ කාලයන් සඳහා කල් තබා ගැනීමට මස් වර්ග වියලීම (හෙවත් කරවල කිරීම), එල්ලා දුම්ගැස්ස වීම ‌හෝ මීපැනිවල බහා තැබීම වැනි ක්‍රියාවන් කළ හ.

රෑ‌‌හේ නායකයා

වැදි‌ගෝත්‍රය සංවිධානය වන්නේ 'නායකයෙකු' වටා ය. එ‌හෙයින් විවිධ වූ වැදිජනප්‍රජාවන් සඳහා නායක‌යෝ සිටිය හ. එ‌හෙත් පසුකාලින වශ‌යෙන් වැදි ජනතාව‌ගේ ප්‍රාමාණාත්මක අඩුවීම නිසා සහ ආණ්ඩුව විසින් ඔවුන් වසන ප්‍ර‌දේශ පාලනය නායකයන්ගේ පැවැත්ම ක්‍රමයෙන් නැති ව ගි‌යේ ය. වැදි ප්‍රජා‌වේ කැපී ‌පෙ‌නෙන නායක‌යෙක් ‌‌ලෙස මෑත යුග‌යේ සිටි‌යේ දඹා‌නේ මහාවන්නියලැත්‌‌තෝ ‌හෙවත් තිසාහාමිලැත්‌තෝ ය.

පිටස්තරයන් හමූ වූ ‌මො‌හොතක්...(1887)

පවුල් දිවිය[සංස්කරණය]

වැදි ජනයා අතර ඥාතීත්වය සහ ඔවුන්ට ආමන්ත්‍රණය සිංහල ජන ප්‍රජාව ‌මෙන් ‌‌වෙයි. අප්පිලැත්‌තෝ (පියා), අම්මිලැත්‌තෝ (මව), ආදි වශ‌යෙන් 'ලැත්‌තෝ' යන පාඨය ඥාතිතවයට පසුව ‌යෙදී‌මෙන් ඔවුහු ආමන්ත්‍රණය තනා ගනිති. බිරිද(කුඩ්‌පෙත්ත)ට ‌බො‌හෝ විට, 'නංගිලැත්‌තෝ' යන ‌යෙඳුම ‌යොදනු‌යේ, වැදිජනප්‍රජා‌වේ දක්නට ඇති බෑණා සහ නැනා (ඇවැස්ස හුරා-නෑනා) විවාහයන් නිසා‌වෙන් ය. සිංහල සමාජ‌යේ ‌මෙන් ම, විවාහ සහ ලිංගික සම්බන්ධතා සම්බන්ධ‌යෙන් විවිධ වූ තහංචි පැන වී තිබිණි. නිදසුනක් ‌ලෙස, මාමා සහ නෑනැ අතර, බෑණා සහ නැන්දා අතර ‌මෙන් ම, මවු-පිය පාර්ෂව‌යේ ස‌හෝදරයන් ‌හෝ වියපත් ස‌හෝදර ස‌හෝදරියන් අතරත් විවාහයන් තහනම් විණ. එ‌හෙත් මරණයක දී, මළ ස‌හෝදරිය ‌හෝ ස‌හෝදරයා ‌වෙනු‌වෙන් සැමියා ‌හෝ බිරිය එකී පවු‌ලේ තව ස‌හෝදරියක් ‌හෝ ස‌හොදරයෙක් විවාහ කර ගැනීම සිඳු විම නිසා, නැවතත් දරුවන් හට ආරක්ෂාවක් ලැබිණ.

පවුල් සම්බන්ධතා

අඹු-සැමි දිවිය අගය කළ වැදි ජනයා අතර, සිංහල ජන ප්‍රජා‌වේ දක්නට ලැ‌බෙන බහුභාර්යා ‌සේවනය ‌හෝ බහු පුරුෂ ‌සේවනය තබා, පරදාර ‌සේවනය වත් දක්නට ‌නොමැත. විවාහ‌යේ දී, වැදි ජනයා ස්වකීය භාර්යාවන්ට මනා ‌සේ ඇළුම් කළ අතර, එකි‌නෙකාට විශ්වාසවන්ත ‌ලෙස ද ජීවත් විය. එ‌හෙයින් වි‌දේශිය මිශනාරිවරුන් විසින් ‌කෙවල විවහා කුමය ලංකාවට හඳුන්වා දීමට පෙර සිට ම, වැද්දන් අතර ‌කේවල විවාහ ක්‍රමය තිබූ බව ‌පෙ‌නේ. වැදි ප්‍රජාව අත‌රේ ගැහැණිය හට මනා ආරක්ෂාවක් ලැබුණු අතර, ඇය පවු‌ලේ පළමු ‌කොට, ආහාර‌යෙන් ‌කොටස භුක්ති වින්ද හ. ‌මෙයින් ‌පෙ‌නෙන්නේ කාන්තාව වැදි ප්‍රජාව අත‌‌රේ ‌ගෞවරවයට පාත්‍ර වූ බවකි.

විවාහ චාරිත්‍රයන්

වැදි දරු‌වෝ කල් ‌නොයවා ස්වකීය නෑන-හුරා විවාහයන්ට ඇතුළු ‌වෙති. ඔවුන් අතර ස‌හෝදර ස‌හොදරි ව්‍යවාහයන් ‌හෝ විවාහයට ‌පෙර ලිංගිත සම්බන්ධතාවන් සිදු ‌නො‌වේ. විවාහ චාරිත්‍රයන් ‌බො‌හෝ ‌සේ ලුහුඩු ය; සරල ය. තරුණ වැදි ‌කොළු‌වෙකු හිතගිය තරුණි‌ය‌ගේ ‌පියාගේ ගෙට පැණි මුලක් හා මස් රැ‌ගෙන ‌ගොස් ‌යොජනාව පියාට පවසන අතර, පියා විසින් ඇයට නියඳ පට්ටාවලින් ඇඹරූ රෑනක් ‌ගෙන ඔහු‌ගේ ඉණ වටා බඳිනු ලැ‌බේ. එතැන් සිට ‌‌දෙ‌දෙනා අඹු-සැමි‌යෝ ‌වෙති. ඒ රෑණ දිරා ගිය කල්හි, අලුත් නියඳ රෑණක් අඹරා බැඳී‌මේ කාර්යය භාර්ය්‍යාව සතු ‌වෙයි.

සාමාන්‍ය‌යෙන් මාමලැත්‌තෝ විසින් බඹර වද ඇති තැනක් පවරා දීමත්, දඩ බල්ලන් සහ දුනු ඊතල දීමත් කරන ලදි. සමහර අවස්ථාවලදි මනමාලයා විසින් මනමාලියට ‌රෙදිපිලි දීම පසුකාලින ව ඇති වූ සිරිකත් බව ‌පෙනේ. විවාහ‌යෙන් පසුව බෑනා මාමා‌ගේ රෑණට එකතුවී, දඩයමට සහයවීම සිඳු ‌වෙයි. එබැවින් වැදි ජනයා අත‌රේ පිරිමි දරුවන්ට වඩා ගැහැණු දරැවන් ‌කෙ‌රෙහි ඇල්මක් ඇත.

දරුදැරි‌යෝ

විවාහ‌යෙන් පසු, දරු ගැබක් පහළ වූ පසු, වැදි ජනයා අතර ආරක්ෂාවන් සඳහා විවිධ අභිචාර විධී භාවිතා කරයි. පුරාණ‌යෙදී 'පට්ටා යකා' පූජාවක් කරමින් ගැබ් ආරක්ෂා කළ බව ප්‍රකට ය. ප්‍රසූතිය ගල්‌ලෙනක ‌හෝ පැ‌ලේදී සිඳු විණ. ප්‍රසූති‌යෙන් පසු ව විවිධ මස්-මාශ වර්ග අනුභවය නුසුදුසුයයි පිළි ගැනීමක් විණ. එ‌සේ ම කිරී එරීම සඳහා ම ‌යොග්‍යයයි පිළිගත් අලවර්ග ආහාරයට දීම කරන ලදි.

දරුවා හට මසක් තුළ නමක් දුන් අතර, යකුන්‌ගේ ‌දොස් වලින් ආරක්ෂා කර ගැනීමට දරුවා ‌බො‌හෝ විට හඳුන්වනු ලැබු‌වේ විවිධ වූ හුරතල් නම් වලිනි. ඔවුන්‌ගේ නියම නමින් හඳුවන්නට පටන් ගන්‌නේ දරුවා වැඩුණු පසු ය. දරුවන් ‌ගේ වයස අවුරුදු හත පමණ වනතුරැත් ඔවුන් නිර්වස්ත්‍රව සිටිති. වයස අවුරුදු දහය-දො‌ළොහ පමණ වය‌සේ දී දරුවන් විසින් ගල්දුනු භාවිත‌යෙන් කුරුල්ලන් සහ කුඩා සතුන් දඩයම් කරති.

දරුවන් වැඩිවියට පැමි‌ණෙත් ම විවිධ දඩයම් කරන ශිල්පයත්, බඹර කැඩී‌මේ ආකාරයත් ඔවුනට කියා ‌දෙනු ලැබේ. ‌මෙ‌සේ වැඩුණු පිරිමි දරුවන් දඩයම් සහ බඹර කැඩී‌මේ දී හවුල් කර ගන්‌නේ එකී කුසලතා වර්ධනය කිරීමට ය.

වැදි දැරිවිය මල්වර වූ විට, ඇය නුග ගසක් ‌වෙතට ‌‌ගොස් ගල් කැටවලින් එයට ගැසීමත්, එය කන වැකුණු මව වතුර කළයක් ‌ගෙන ‌ගොස් ඇය නහවා, හිසිට පසුපසින් එය බිමට වැටී බිඳී සියලු ‌දොස් දුරු කිරීම හැර ‌වෙනත් වි‌ශේෂිත ‌කොටහළු සිරිත් නැත. පසුකාලින වශ‌යෙන් සිංහල මල්වර සිරිත් වැද්දන් අතර ප්‍රචලිත වීම නිසා, මල්වර දැරිය කිළි පැලක වැඩිමහළු කාන්තාවක් හා තැබීම හා ඒ ආශ්‍රිත අභිචාර විධි කිරීම දැන් අපට අසන්නට දක්නිනට ඇත.

මරණය වැද්දන් ‌කෙ‌රෙහි භිය උපදවන අවස්ථාවකි. එවැන් විට ඔවුහු ගල්‌ලෙන් අතැර යති. එ‌සේ කරනු‌යේ, මළ පුද්ගලයන් ඔවුන් හඹා එනු ඇතයි බි‌යෙනි. වැද්දන් විශ්වාස කරන පරිදි, මරණ‌යෙන් පසු ස්වකිය ඥාතියා නෑ ය‌කෙකු කිරීමට, දින කිහිපයක් මළ පුද්ගලයා ‌වෙනු‌වෙන් පුද පූජා පවත්වති.

බාහිර සම්බන්ධතා

‌රොබට් ‌‌‌නොක්ස් පවසන පරිදි, ඔවුන් මුව දඩය‌මෙහි සහ දුම් ගැස්සවීම් කිරීම් තුළින් වියලා ගැනීම කරනු ලැ‌බේ. සිංහල මිනිස්සු දඩමස් ලබා ගැනීමට වැද්දන් ‌වෙත පැමිණිය හ. රජු‌ගේ කෑම ‌මේසයට සඩමස් සැපයීම කාර්‌යේ ද නිරිත විය. ඒවාට අමතර ව, රජු හට ඇත්දළ සැපයීම ද, මී පැණි සහ මී ඉටි සැපයීම ද කරන ලදි. රජු ද ඔවුන්ට ප්‍රත්‍යුපකාර වශ‌යෙන් වැද්දන් හට ‌රෙදිපිළි සහ ඊතල ආදිය දුන්‌නේ ය. ‌රොබට් ‌නොක්ස්‌ගේ වාර්තාවට අනුව වැද්‌දෝ වරක් රජුට එ‌රෙහිව පැමිණි යුද්ධවලදී සටන් කළ හ. එ‌සේම, ඔවුහු ඔවුන්ට අයිති ප්‍ර‌දේශ ආරක්ෂා කරමින් රජුට ද වක්‍රාකාර ව ආරක්ෂාව සපයන ලදී.

වැදි බස[සංස්කරණය]

වැදිභාෂාව ආශ්‍ර‌යෙන් කළ පර්‌යේෂණයන් ඇසුරින් විලියම් ගයිගර් වියතාණන් දක්වන්‌නේ, වැදි ප්‍රජාව දකුණු ඉන්දියා‌වේ ‌පෞරාණික ‌ගෝත්‍රයන්ට නෑ සබදතාවක් දක්වන ඇති බවත් ය. ආරියන් සංක්‍රමණයන්ට ‌පෙර පටන් ඔවුහු ශ්‍රී ලංකා‌වේ විසූ ආදිවාසින් වූ අතර, අනාර්ය භාෂාවක් කතා කළ බවකි (Indian Historical Quartely, XI. pp. 515-516).

වැද්දන් විසින් වනාතර‌යේ දඩයමට යන අතර භාවිතා කළ රහස් බසක් වශ‌යෙන් ඔවුන්‌ගේ භාෂාව වර්ධනය වන්නට ඇත. අදදු දඩයක්කරුවන් අතර ‌මෙවැනි ‘කැළැ බසක්’ භාවිතා කරන්‌නේ යක්ෂ ‌හෝ දේව බලපැම්වලින් ස්වකීය දඩයම ආරක්ෂා කරගැනීමට ය. මූලීක වශ‌යෙන් ආදිවැසියන් ‌ලෙස වර්ධනය වූ වැද්දන්‌ගේ අනාර්ය බස ක්‍රම‌යෙන් ආර්යන්ගේ පැමිණිම හා සිංහල භාෂාව හා සම්මිශ්‍රණය වි‌මෙන් දැන් භාවිතා කරන ආකෘතියට පරිවර්තනය වන්නට ඇත. ඒ ‌‌සේම, විවිධ අවශ්‍යතාවන්‌ගේ වර්ධනය සමග නව වචන තනා ගැනීම‌ට ‌හෝ ණයට ගැන්නට සිදු විය. ‌මෙ‌සේ විවිධ වූ බලපෑම් නිසාත්, පාසල් අධ්‍යපනය ව්‍යප්ත වීම නිසාත් ක්‍රම‌යෙන් පුරාණ වැදිබස අභාවයට යමින් පවති.

ආගමික ලැදියාවන්[සංස්කරණය]

වැදි ප්‍රජාව ප්‍රධාන වශ‌යෙන් ‌ලෝක‌යේ අ‌නෙකුත් ආදිවාසි ජන ප්‍රජාවන් ‌සේ, ප්‍රාණ වාදිහු ‌වෙති. වැද්දන්ගේ ඇදහිලි රටාව මළ ඥාති වන්දනාවකි (Obesekera, 'G. Sinhal religion.' In M. Eliade ed. The encylopedia of religion, Vol 13. New York: Macmillan, 1987.).

විශ්වාස[සංස්කරණය]

වෑද්දන්‌ගේ විශ්වාසයන් සංකිර්ණ ය. ප්‍රධාන වශ‌යෙන් නෑ යකුන් ඇදහිම, විවිධ ‌වෙනත් යක්කු සහ ‌දෙවිවරුන් ඇදහම හා ‌බෞද්ධ පුදපූජාවන් ‌මේවාට ඇතුලත් ‌වෙති. ‌‌බොහෝවිට යාදිනි සහ කිරි‌කොරහ වැනි අබිචාරයන් මගින් සශ්‍රීකත්වය උ‌දෙසා කටයුතු කරයි. ප්‍රධාන වහ‌යෙන් වැද්දන්‌ගේ විශ්වාසයන් සං‌‌කේන්ද්‍රනය වී ඇත්‌තේ මූලික වශ‌යෙන් ජිවත චක්‍රය හා බැදුණු කරුණු ශාත්ශාත් කර ගැනීමට ය.

අභිචාරවිධි[සංස්කරණය]

ජිවිත චක්‍රය අළලා බැඳුණු අභිචාර විධි පහත දක්වනු ලැ‌බේ:

ප්‍රධාන යක්කු ‌හෝ නෑයක්කු
අභිචාර විධි අදාළ වැදි ඇදහිලි අරමුණ
කිරි‌කොරහ කන්‌දේයකා/බිළිඳියකා/නෑයක්කු දඩයම්, මීපැණි සහ අස්වනු සඳහා
ඊත‌ලේ නැටුම ඊතලේයකා/කන්‌දේයකා ආරක්ෂාව සඳහා
මස්යහන කන්‌දේයකා දඩයම්, පැණි, සහ පු‌ජොපහාර වශ‌යෙන්
යක්කු ‌හෝ ‌දෙවිවරු
හැත්‌මේ නැටුම ඇ‌ලේ/ග‌ලේ යක්කු දරුවන් ලබා ගැනීමට/සශ්‍රිකත්වය
පට්ට යකා පූජාව පට්ට යකා ගැබ්බර ස්ත්‍රීන්‌ගේ ආරක්ෂාව, ‌රෝග නිවාරණය
කිරිඅම්මා පූජා කිරිඅම්මාවරු දරුවන්ට ආරක්ෂාව
ඊත‌ලේ නැටුම කන්‌දේ යකා ආරක්ෂාව
දො‌ළේ යක් පූජාව දො‌ළේයකා රෝග නිවාරණය
දම්මඩුව මරලූ යක්කු ලෙඩ නිවාරණය
රහුයක් පූජාව රහුයකා පැණි අස්වනු, ‌රෝග නිවාරණය
වනගතයක් පූජාව වනගත යකා දඩයම් හා දඩයම් ආරක්ෂාව
රුවල පූජාව මිල්ලා‌නේයකා දඩයම්, මීපැණි, ආරක්ෂාව, ‌රොග නිවාරණය
අවනපූජාව වැදි යක්කු/ඉදි‌ගොල්‌ලේයකා දඩයම් දීමට පූ‌‌ජෝපහාර
‌කොළම මඩුව අලුත් යකා/‌දෙවි ධාන්‍ය, දඩයම් හා සශ්‍රීකත්වය
අවසං‌යෝගික බාහිර යක්-දේව විශ්වාස
දම්මඩුව මරලු යක්කු අස්වනු, නියඟ හා ‌දේව‌ලෙඩ නිවාරණය
‌පේන බැලීම කිරිඅම්මා (පත්තිනි)/අඹරා‌පොති හදිහූනියම්, ආරක්ෂාව
රීරි,කළු, ‌කොට,පුළුටු, ඔඩි යක්කු හා කාලි අම්මා පූජා භයංකරයක්කු හදිහුනියම්, එකී යකුන්‌ගේ ආරක්ෂාව
මින්‌නෙරිය දෙවිපූජා මින්‌නේරිය ‌දෙවි සශ්‍රීකත්වය හා ආරක්ෂාව
කතරගම දෙවිපූජා කතරගම ‌දෙවි සශ්‍රීත්වය හා ආරක්ෂාව
ගල්ලිරි බණ්ඩාර ‌දෙවිපූජා‌ ගල්ලිරි බණ්ඩාර ‌දෙවි සශ්‍රීකත්වය හා ආරක්ෂාව
‌‌අවසං‌යෝගික බෞද්ධ/හින්දු පුදපූජාවන්
මිහිදන් කිරීම ‌බෞද්ධ ආකාරයට මළගියවුන්ට පිං පැමිණවීම
දානදීම ‌බෞද්ධ දානමාන ආකාරයට මළගියඥාතීන්ට පිං පැමිණවීම
මහියංගන ‌පෙරහැට එක්වීම ‌බෞද්ධ අභිචාර කරදර විපත්දුරු කිරීම
කතරගම්යෑම හා ‌පෙරහැරට එක්වීම හින්දු අභිචාර ආශිර්වාදපතා

වැදි ජනයාගේ සාහිත්‍යය[සංස්කරණය]

මුඛ පරම්පරාගතව පැවත එන ගී, කවි, මන්තර, හා ජනකතා වැනි ජනශ්‍රැතින්ගෙන් සමන්විත වු වැදි ජනයා ව්‍යවහාර කරන භාෂාව පදනම් කොට ගෙන නිර්මාණය වු සාහිත්‍යය වැදි ජනයාගේ සාහිත්‍යය ලෙස හැඳින්වේ.

ජානවිද්‍යාත්මක අධ්‍යනයන්[සංස්කරණය]

ජාන විද්‍යාත්මක පර්‌යේෂණයන් තුළින් තහවුරු වී ඇත්‌තේ උතුරු ඉන්දියානු ආර්ය සංක්‍රමණයට ‌පෙර විසු ප්‍රග්-ආර්ය ජනතාව හා සම්බන්ධතාවක් ඇති බව ය[තහවුරු​ කරන්න]. කලාන්තරයක් තිස්‌සේ සිංහල හා දෙමළ ජනතාව අත‌රේ වාසය කළ වැද්දන් එකී ජනසමාජයන්ට ක්‍රම‌යෙන් සම්මිශ්‍රණය විය. වෑද්දන්‌ගේ රුධිර වර්ග පරික්ෂා‌වේදී ‌සොයා ලනු ලැබු‌වේ ‌බො‌හෝ ආදිවාසි ජනවර්ගවල දක්නට ඇති O රුධිර කාණ්ඩය බහුතරයට ඇති බවකි. එ‌සේ ම ස්වල්ප ජන ‌කොට්ඨාශයක A රුධිර ගණය දක්නට තිබූ අතර, ඔවුන් අතර‌වෙනත් රුධිර කාණ්ඩයන් දක්නට නැත (The Blood Groups and Haemoglobins of the Veddahs of Ceylon R. L. Wickremasinghe, Elizabeth W. Ikin, A. E. Mourant, H. Lehmann Journal of the Royal Anthropological Institute of Great Britain and Ireland, Vol. 93, No. 1 (Jan. - Jun., 1963) , pp. 117-125).

අද සිංහලයන් අතර ප්‍රචලිත ව ඇති පවුල් කිහිපයක් ස්වකීය සම්භවය වැදිජන ප්‍රජාව ආශ්‍රය ‌‌කොට සිදුවිණයි ආඩම්බර‌යේ සඳහන් කරති[තහවුරු​ කරන්න].

  1. http://www.divaina.com/2010/06/30/badada02.html

වැඩිදුරට කියවීම සඳහා[සංස්කරණය]

  • මීගස්කුඹුර, පී.බී., සිරිලක වැදිජන පුරාණය.‌ කොට්‌ටේ:පිනිදිය ප්‍රකාශක‌යෝ, 1995.
  • ද සිල්වා, එම්. ඩබ්. සුගතපාල, දඹා‌නේ වැදි බස ‌කොළඹ: සරසවි ප්‍රකාශ‌යෝ, 1964.


ඉංග්‍රිසි මූලාශ්‍ර[සංස්කරණය]

  • Seligmann, C.G. The Vaddahs of Ceylon. Cambribge Archaeological and Ethnological Series, Macmillan & Co., 1906.

Virchow, R, L, C

  The Veddas of Ceylon and Their Relation to the Neighboring 

Tribes/ Rudolph Ludwig Carl Virchow. - Montana: Kessinger, 2008.

  156 p
  ISBN 1437344402

අඩවි‌යෙන් බැහැර පිටු[සංස්කරණය]

A great deal of information on Veddas can be found at Vedda.org

"http://si.wikipedia.org/w/index.php?title=වැදි_ජනයා&oldid=284193" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි