ගිං ගඟ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

හැදින්විම[සංස්කරණය]

මිනිසාද ඇතුළත්ව ඔහු ජිවත් වන වටපිටාව අයත් සියළුම අංශ "පරිසරය" යනුවෙන් සරලව දැක්විය හැකිය. පරිසරහ තුළ ජිවී අජිවී සංඝටක පවත්නා අතර එමගින් සියලුම ජිවීහු පෝෂණය ලබා ගනිති. පරිසරය භූගෝල විද්‍යාත්මකව හදාරන විට ප්‍රධාන කොටස් 2 කට බෙදා දැක්වේ. එනම් භෞතික පරිසරය හා මානව පරිසරය යනුවෙනි. භෞතික පරිසරය යන්නෙන් මිනිසාගේ හා ඔහුගේ ක්‍රියාකාරකම් හැරුණු කොට ස්වාභාවික නිර්මිත සියල්ලම දැක්වෙන අතර මානව පරිසරය යන්නෙන් මිනිසා සහ ඔහුගේ ක්‍රියාකාරකම්වල ප්‍රතිඵල දැක්වේ.

Ppera.jpg


ගංඟා පද්ධතියක ව්‍යුහාත්මක ලක්ෂණ (එනම් ගංඟාවේ පළල,ගැඹුර,හැඩය, ජල ධාරිතාවය,ජලයේ ප්‍රවේගය,ජලයේ ගුණාත්මකභාවය ආදිය) කාලීන හා අවකාශීය වශයෙන් වෙනස්ව්ම් වලට ලක්වේ.ලෝකයේ සශ්‍රික මානව ශිෂ්ඨාචාරයන් සියල්ලම බිහිවී තිබෙන්නේ ගංඟාවන් පාදක කර ගනිමිනි.නිදසුන් ලෙස යුප්‍රටීස් - ටයිග්‍රීස්,හොවැන්හෝ, ඉන්දුනිම්න ශිෂ්ඨාචාර දැක්විය හැකිය.ඹවුන් එතරම් සංවර්ධනයවී තිබුනේ ගංඟා ජලය නිසා වුවද එවායේ ජනසංඛ්‍යාව ක්‍රමයෙන් වර්ධනය විම සමඟ සංකිර්ණ අවශ්‍යතා ඉටුකර ගැනිම උදෙසා නව තාක්‍ෂණය කරා යොමු විය. ඒ අනුව මිනිසා විසින් පරිසරය සීග්‍රයෙන් ප්‍රයෝජනයට ගනු ලැබිය.


ගිංගඟ රත්නපුර දිස්ත්‍රික්කයේ සිංහරාජයේ මීටර් 1400 උසැති බුළුතොට ශිඛරයෙන් ආරම්භ වී මාතර දිස්ත්‍රික්කය හරහා ගලාගොස් ගාල්ල දිස්ත්‍රික්කයේ ගිංතොට ප්‍රදේශයෙන් මුහුදට ගලා යයි. මෙහිදී ගාල්ල දිස්ත්‍රික්කයට ගිංගඟේ පහළ පෝෂක ප්‍රදේශය සම්පුර්ණයෙන් සහ මධ්‍යයම පෝෂක ප්‍රදේශයෙන් කොටසක් අයත් වේ. ගංඟාවකට නිෂ්චිත ආරම්භයක්, නිෂ්චිත ගංඟා මාර්ගයක් සහ නිෂ්චිත ගමනාන්තයක් තිබෙන බව හදූනාගත හැකිය. භෞතික භූගෝල විද්‍යාවේ වැදගත් අංගයක් නිසාම ගංඟා පද්ධති පිළිබඳ විවිධ අධ්‍යයනයන් කලින් කලට සිදූ කර තිබේ.මේ පිළිබඳ අධ්‍යයන භූ රූපවිද්‍යාව ,ජල විද්‍යාව, ඉංජිනේරු කටයුතු,සැළසුමි ශිල්පය ආදි අංශ රැසකට වැදගත් වේ. එබැවින් ඒ ඒ අංශ මගින් ගංඟා පද්ධති අධ්‍යයනයට ලක් කොට තිබේ.


භෞතික භූගෝල විද්‍යාත්මකව බලන විට මහාචාර්ය ඩබ්ලිව්.එම්.ඩේවිස්ගේ අධ්‍යයනය වැදගත් කොට සැලකිය හැකිය. ඔහු සාමාන්‍ය ඛාදන චක්‍ර සංකල්පය ඉදිරිපත් කළ අතර, එහි අදහස වුයේ කිසියම් භූරුපයක් යනු එහි ව්‍යුහය,ක්‍රියාවලිය හා අවස්ථාව යන සාධක තුනෙහි ප්‍රතිඵලයකි යන්නයි.ඒ අනුව ගංඟා පද්ධතියක ක්‍රියාකාරිත්වය යෞවන, පරිනත,වෘද්ධ, යන අවස්ථා තුන යටතේ සිදූවන බවත්,ගංඟාවක භාරය පරිවහනය වන ආකාරයත්, ඒ අනුව එක් අවස්ථාවේ දී භූ රුප නිර්මාණය වන බවත් ඔහු ප්‍රකාශ කලේය.

ශ්‍රී ලංකාවේ ජලවහනය[සංස්කරණය]

ශ්‍රී ලංකාව සතුව වර්ග කි.මී.59,217 ක භූමි ප්‍රමාණයක් පුරාව්‍යාප්ත වී තිබෙන ගංඟා දෝණි 103 ක් ඇත.මෙයින් වඩාත් කැපි පෙනෙන ජල ද්‍රෝණි වර්ග කිලෝමීටර් 100 කට අඩු ප්‍රමාණයක ව්‍යාප්ත වී ඇති අතර එවා ක්‍රියාත්මක වන්නේ,වර්ෂා කාලයන්හිදීය. කදුකරයේ තෙත් ප්‍රදේශ වලින් ආරම්භවී ඇති ගංඟාවන් වසර පුරාම ක්‍රියාක්මක මට්ටමේ පවතින අතර වියලි කලාපීය ගංඟාවන් වර්ෂයේ එක් කාලයකට පමණක් ක්‍රියාකාරී විම හදුනාගත හැකිය.ශ්‍රී ලංකාවේ ජලාධාර ලක්ෂණ තිරණය කරන්නා වු භූ විද්‍යාත්මක පිහිටිම් ප්‍රධාන කොටස් 4කට බෙදා දැක්වේ.

  • මුළු භූමී ප්‍රමාණයෙන් 90%ක ප්‍රදේශයක ව්‍යාප්ත වී තිබෙන ස්පටිකමය ඝන පාෂාණ, මෙම ප්‍රග් ක්‍රෙම්බ්‍රිය පාෂාණවල ප්‍රාථමික සිදුරු ස්වාභවය අවම වන නමුදු, ඒවායේ සන්ධි,ගැළුම් සහ කුස්තුර තුල භූගත ජලය වැඩිවශයෙන් රැදි පවති.
  • උතුරේ සිට වයඹ දිශානුගතව පවත්නා මයෝසීන හුණුගල් ස්ථරයද අයත් වන සෙසු පුදේශ බහුතරයක ව්‍යාප්ත වී තිබෙන තැන්පතු
  • ගංඟා සහ වෙරළාසන්න ප්‍රදේශ වල ව්‍යාප්ත වී තිබෙන මතු පිට දියළු මේවා මැටි,වැලි,බෙරළු වලින් සමන්විත වෙයි.

Scan0011a.jpg


දැඩි පාෂාණ ප්‍රදේශයන්හි මතුපිට ව්‍යාප්ත වී තිබෙන දිරාගිය කොටස් වර්ෂාපතනයෙන් භූගත ජලය එක් රැස් විමේ වේගය එක් භූ විද්‍යාත්මක ව්‍යුහයකින් තවෙකට වෙනස් වේ. වියලි කලාපයේදී මෙම ප්‍රමාණය 10-30% අතර වේ. ශ්‍රී ලංකාවේ සාමාන්‍ය වර්ෂාපතනය මිලිමීටර් 2000ක් වන අතර මෙමගින් මිරිදිය ඝන මීටර් මිලියන 131,230 ක් මධ්‍ය වශයෙන් සැපයේ. වාර්ෂිකව මධ්‍ය වශයෙන් ගංඟා මගින් බැසයන ජල ප්‍රමාණය ඝන මීටර් මිලියන 40,680 (වර්ෂාවෙන් 31%)ක් පමණ වන බව ගනන් බලා තිබේ.

ගිංගඟ ද්‍රෝණි ප්‍රදේශයේ භෞතික සහ සංස්කෘතික පසුබිම[සංස්කරණය]

පිහිටිම[සංස්කරණය]

  • ශ්‍රී ලංකාවේපමනක් නොව ලෝක මට්ටමෙන් ස්වභාවික වනාන්තරයක් වු සිංහරාජය, ගිංගංඟාවේ මුලාරම්භයයි. එහි නිරිත දිග සිමාව වන්නේද ගිංගංඟාවයි.
  • ගිංගඟ පෝෂක ප්‍රදේශය එහි නිරපේක්‍ෂ පිහිටිම අනුව උ.අක්ෂාංශ 6003'05''සිට 6023'00'' සහ නැගෙනහිර දේශාංශ 800 07' 05'' සිට0 38'07'' අතර ප්‍රදේශයේ පිහිටා තිබේ.
  • සාපෙක්‍ෂ පිහිටිම පිළිබදව සලකා බලන විට ගිං ගඟේ ආරම්භය සලකා බලන විට ගිං ගඟේ ආරම්භය දකුණු පළාතේද හඳුනාගත හැකිය.ඒ අනුව රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයන්හි මෙය ව්‍යාප්ත වී තිබේ. එහි අවසානය සටහන් කරන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ ගිංතොට ප්‍රදේශයෙනි.

ගංඟාශ්‍රිත ප්‍රදේශයේ දේශගුණය[සංස්කරණය]

  • ගංඟාශ්‍රිත ප්‍රදේශයේ ක්‍ෂු‍්‍ඳ්‍රවශයෙන් දේශගුණික තත්වයේ ඇතිවන වෙනස් වීම් අවම වන බැවින් ගාල්ල දිස්ත්‍රික්කයේ දේශගුණය මෙහිදි සලකා බැලේ.
  • මෙම ප්‍රදේශය ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශගුණික කලාප වර්ග කිරීම් අනුවතෙත් කලාපයට අයත් වේ. ඒ අනුව ප්‍රධාන වශයෙන් මැයි-ජුනි මාසවල නිරිතදිග මෝසම් මගින් ඉහළ වර්ෂාපතනයක් ද ලබා දෙන අතර අන්තර් මෝසම් කාලයන්හිදි සංවහන සහ වාසුළි සුළං මගින්ද සැලකිය යුතු ප්‍රමාණයක වර්ෂාපතනයක් ලබා දෙයි.පසුගිය වසර 10ක වාර්ෂික වර්ෂාපතනයේ සාමාන්‍යයන් පහත වගුවේ දැක්වේ.

1.1 වගුව

වර්ෂාපතනය, උෂ්නත්වය හා ආර්ද්‍රතාවය යන විචල්‍යයන්හි සාමාන්‍ය ව්‍යාප්තිය

වර්ෂය වර්ෂාපතන සාමාන්‍ය (mm) මධ්‍යවාර්ෂික උෂ්ණත්වය (c0) සාමාන්‍ය ආර්ද්‍රතාවය (%)
1992 324.4 27.03 79.08
1993 324.6 27.05 81.41
1994 325.8 27.15 80.67
1995 322.0 26.83 81.34
1996 165.8 27.02 80.40
1997 330.2 27.51 76.83
1998 335.2 27.92 78.58
1999 247.0 27.40 80.50
2000 209.0 27.80 82.23
2001 147.7 28.15 80.52
2002 128.7 23.15 67.52
2003 325.2 27.15 82.52
2004 262.2 28.91 83.25
2005 254.2 28.52 81.25
2006 248.2 28.02 80.12

මේ අනුව ගංඟා ද්‍රෝණි ප්‍රදේශයේ සාමාන්‍ය වර්ෂාපතනය පිළිබදව අවබෝධයක් ගත හැකිය.ගංඟා ද්‍රෝණි ප්‍රදේශයේ සාමාන්‍ය උෂ්ණත්වය ද 270c ක් ඉක්මවා යන්නේ කලාතුරකිනි.ප්‍රදේශයේ දෛනික උෂ්ණත්ව අන්තරයද පහළ අගයක් ගන්නා අතර මැයි මාසය උපරිම උෂ්ණත්වය ද ජනවාරි මාසය අවම උෂ්ණත්වයක්ද වාර්තා කරයි. ආර්ද්‍රතාවය ද 80% මට්ටමේ පවති.

ගිංගඟ ප්‍රදේශයේ භූ විද්‍යාත්මක තත්වය[සංස්කරණය]

මෙම ප්‍රදේශයේ ප්‍රාග්කේම්බ්‍රීය යුගයට අයත් විවිධ පාෂාණවලින් යුක්ත වේ. විශේෂයෙන්ම විජයාණු ශ්‍රේණියට අයත් චානෝකයිට් සහ ග්‍රැනයිට් නයිස් පාෂාණයන්ගෙන් සමන්විත වෙයි.ශ්‍රී ලංකාවේ භූ විද්‍යාත්මක සිතියම් අධ්‍යයනය කිරිමෙන් ගංඟාශ්‍රිතව තිබෙන පාෂාණ වර්ග හදුනාගත හැකිය.

ගංඟාශ්‍රිත ප්‍රදේශයේ පාෂාණ තත්වය[සංස්කරණය]

ප්‍රදේශයේ බහුලව දක්නට ලැබෙන්නේ රතු කහ පොඩ්සෝලික් පස සහ ලැටරයිට් පස වේ.නමුත් ගංඟා ද්‍රෝණිය හා ඒ ආශ්‍රිත ප්‍රදේශයේ දියළු මිශ්‍රිත පසක් දක්නට ලැබේ.

ගිංගඟ ප්‍රදේශයේ පාංශු තත්වය[සංස්කරණය]

සංකේතය පාංශු වර්ග
A1 අර්ධ හැල්පස සිට දිය‍ළු මිශ්‍ර පස
A2 මිශ්‍ර දිය‍ළු පස සහිත හියුමික්ග්ලේ දියළු පස හා ලවණ හැල් පස
A3 දිය‍ළු මිශ්‍ර පස
A4 ලවණ ලැටසයිට් සහිත රතු කහ පොඩ්සෝලික් පස
B1 වැලි සහිත රෙලසෝල් පස
B2 තද ලැටරයිට් සහිත රතු කහ පොඩ්සෝලික් පස හා ක්වෝට්ස් සහිත රතු කහ පොඩ්සෝලික් පස
C1 වර්ණක සහිත රතු කහ පොඩ්සෝලික් පස
C2 වර්ණක සහිත රතු කහ පොඩ්සෝලික් පස
C3 හියුමික්ග්ලේ දියළු පස සහිත හැල් පස

ගංඟාශ්‍රිත ප්‍රදේශයේ වෘක්‍ෂලතා[සංස්කරණය]

මෙම ප්‍රදේශ පවත්නා ශාක පහත ආකාරයට සටහනකින් දැක්විය හැකිය.

ගංඟාශ්‍රිත ප්‍රදේශයේ වෘක්‍ෂලතා.JPG

නමුත් එළ ගවයන් සහ මී ගවයන්ගේ උලා කෑම නිසා මේවා වඳ වි යමීන් පවති.වගුරු ප්‍රදේශ වැඩි වශයෙන්ම ගංඟාවේ මෝය කටට ආසන්න ප්‍රදේශයේ ඇත.ගිං ගඟ ද්‍රෝණියේ 90% පමන දක්නට ලැබෙන්නේ මිනිසා විසින් වගා කෙරුණු ශාක වර්ගයන්ය. ඒ අනුව යැපුම් බෝග යටතේ වී වගාව ව්‍යාප්ත වී තිබේ.

ගිං ගඟ ප්‍රදේශයේ ජල තත්වය[සංස්කරණය]

ගිංගඟ ද්‍රෝණියේ ප්‍රධාන ගංඟාව සහ අතු ගංඟා 86 කින් සමන්විත වෙයි. ගංඟා ද්‍රෝණි ප්‍රදේශයේ ජලවහනය සලකා බලන විට ඉතාමත් හොඳ මට්ටමක පවතියැයි කිව නොහැක.ගිංගඟ ජල පාලන ව්‍යාපෘතියේ වේලි සහ පොම්පාගාර නිසා එක් ප්‍රදේශයක (අනාරක්‍ෂිත ප්‍රදේශයේ)ජලය රඳා පැවතිමත්,අනෙක් ප්‍රදේශයේ (අරක්‍ෂිත කලාපය) ජලය සිඳි යාමත් දක්නට ලැබේ.ගිංගඟ ජල පාලන ව්‍යාපාතිය ක්‍රියාත්මක විමත් සමඟ එම ප්‍රදේශයේ භූ ගත ජල මට්ටම පහත වැටුණු අතර දැන් වැලි කැනීමෙන් ගඟ ගැඹුරු විම භූගත ජල මට්ටම පහත වැටිමට හේතු වී තිබේ.එමෙන්ම ජලයේ ගුණාත්මකභාවය පිළිබඳව විවිධ ගැටළු මතු වී තිබේ. ව්‍යාපෘතිය සහ වැලි කැනීම ආදිය නිසා ගඟ ගැඹුරු විමේන් ළිං ජලයේ වර්ණය වෙනස්විම (බෙර පැහැවිම, මළකඩ වැනි ස්වාභවය)සිදුවී තිබේ. එමෙන්ම කරදිය ගලා එම, සතුන් නැවිම ආදි හේතු මත තවදුරටත් ගංඟා ජලයේ සහ ළිංවල ජලයේ ගුණාත්මකභාවය පිලිබඳව ගැටළු මතු වී තිබේ.

ගිංගඟ ද්‍රෝණිය ආශ්‍රිත ප්‍රදේශයේ භූමි පරිභෝගය[සංස්කරණය]

ගංඟා ද්‍රෝණිය ආශ්‍රිතව 95%ක් පමණ ව්‍යාප්ත වී පැවතියේ වී වගාවයි. (1970) නමුත් අද වන විට විවිධ හේතුන් මත මෙම කුඹුරු වලින් 98% ක්ම වගා නොකරන තත්වයකට පත්ව තිබේ.ඒ වෙනුවට තේ,රබර්,පොල්, යන වැවිලි බෝග බහුලව ව්‍යාප්තවිමක් දැකිය හැකිය. කළවිටි ප්‍රදේශ වලත් කුඹුරු ‍‍ගොඩකළ බිම් වලත් තේ වගාව ව්‍යාප්ත වී පවති.මේ ප්‍රදේශයේ විශේෂ ලක්‍ෂණය වන්නේ මේ සියළු වගා බිම් අක්කර 1/4 කට වඩා අඩු කුඩා බිම් ට්ටිවිමයි.මීට අමතරව කටුපොල්,කුරුඳු, කොරටු වගාවන්ද, ගෙවතුද විශාල වශයෙන් ගංඟාව දෙපස ව්‍යාප්ත වී තිබේ.එමෙන්ම ලඳු කැළෑ සහ තෘණ බිම් ද ව්‍යාප්ත විමක් හඳුනාගත හැකිය. Pladdy.jpg



මේ අඩවිත් බලන්න.[සංස්කරණය]

ශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගා

"https://si.wikipedia.org/w/index.php?title=ගිං_ගඟ&oldid=392640" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි