දෙවන ලෝක යුද්ධ සමයෙහි ලංකාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
දෙවන ලෝක යුධ සමයේ රාජකීය ගුවන් හමුදාවට (RAF) අයත් බ්‍රිස්ටල් බ්ලෙන්හයිම් බෝම්බ හෙලනයක් කොළඹ තුරඟ තරඟ පිටියෙන් ඉහළ නඟිමින්.

දෙවන ලෝක යුද්ධය බිඳී ඒමත් සමඟ එකල බ්‍රිතාන්‍ය කිරීටයට අයත් යටත් විජිතයක්වූ ලංකාවෙහි එවිට පැවති ශ්‍රීමත් දොන් බාරොන් ජයතිලකගේ රජය බ්‍රිතාන්‍ය රජු හා එතුමාගේ රජයට තම අඛණ්ඩ සහයෝගය පළ කළහ.

යුද්ධය සඳහා සූදානම[සංස්කරණය]

1796 සිට බ්‍රිතාන්‍යයන් විසින් දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ අත් කරගෙන සිටි නමුත් 1917න් පසු කොලනියෙහි නිත්‍ය බ්‍රිතාන්‍ය බළ ඇණි නොතිබුණි. සිලෝන් ආරක්ෂක බලකාය (Ceylon Defence Force) සහ සිලෝන් නාවික ස්වේච්ඡා සංචිතය (Ceylon Navy Volunteer Reserve) බලමුළු ගන්වා විසුරුවා තිබුණි. යුද්ධයට බොහෝ කලකට පෙරම රාජකීය නාවික හමුදාව (Royal Navyත්‍රිකුණාමලයේ නාවික පිහිටුවීම් පවත්වා ගෙන ගිය අතර රාජකීය හමුදාව (RAF) ත්‍රිකුණාමලයේ චීන බොක්කේ ගුවන් තොටුපළක් පිහිටුවා තිබුණි.

සිංගප්පූරුව වැටීමත් සමඟ රාජකීය හමුදාවේ පෙරදිග ඉන්දීය මධ්‍යස්ථානය කොළඹට ගෙනෙන ලද අතර එතැනින් ත්‍රිකුණාමලයට ගෙන යන ලදී. එයාර් වයිස් මාර්ෂල් ජෝන් ඩි'අල්බයැක් ගුවන් හමුදා අණ දෙන නිළධාරියා ලෙස හා අද්මිරාල් ශ්‍රීමත් ජේම්ස් සමර්විල් බ්‍රිතාන්‍ය පෙරදිග නාවුක බල ඇණියේ අණ දෙන නිළධාරියා ලෙසද පත් කරන ලැබූ අතර අද්මිරාල් ශ්‍රීමත් ජෙෆ්රි ලෙයිටන් සිලෝන්හි ප්‍රධාන අණ දෙන නිළධාරියා ලෙස පත් කරනු ලැබුණි.

ස්ථාවර ගොඩබිම ආරක්ෂණ, යුද්ධයට යන්තම් පෙර කොළඹ (සතරක්) හා ත්‍රිකුණාමලයේ (පහක්) සවි කරන ලද වෙරළබඩ කාලතුවක්කු ගණ වලින් සමන්විත විය. RAF මඟින් කොළඹට ආසන්න පිහිටි රත්මලාන සිවිල් ගුවන් තොට එහි මූලස්ථානය කඳාවල පිහිටුවනු ලදුව පාලනය කරන ලද අතර ගුවන් ආරක්ෂණය 1941 පටන් ව්‍යාප්ත කරනු ලැබ තිබුණි . තවත් ගුවන් කඳවුරක් ඉතා කඩිනමින් ගාල්ලට ආසන්න කොග්ගල ඉඳිකර රටපුරා තාවකාලික ගුවන් පථ කිහිපයක් ද ඉඳිකෙරුණ අතර ඉන් විශාලතම එක වූයේ කොළඹ තුරඟ තරඟ පිටියේ ගුවන් පථයයි. RAF බලඝන කිහිපයක් කොළඹට එවනු ලැබුණි. යුධ කාලය තුළ පොදු රාජ්‍ය මණ්ඩලීය බල ඇණි කිහිපයක් ද සිලෝන්හි පිහිටුවා තිබුණි.

සිලෝන් ස්වේච්ඡාකරුවන්[සංස්කරණය]

අනෙක් බ්‍රිතාන්‍ය යටත් විජිත වල මෙන් සිලෝන්හි අනිවාර්ය සේවය බල ගන්වා නොතිබුණු නමුත් සිලෝන් වැසියන් ස්වේච්ඡා සේවය සඳහා උනන්දු කරනු ලැබුණි. යුද්ධය පුරාවටම බොහෝ දෙනා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ අතර ඉන් වැඩි දෙනෙක් සංචිත බලකායක සිට පාබල සේනාංක 10ක් කාලතුවක්කු රෙජිමේන්තු 3ක් හා සහාය ඒකක වලින් යුත් බලමුළු ගැන්වූ බල ඒකකයක් දක්වා ව්‍යාප්ත කෙරුණු සිලෝන් ආරක්ෂක බලකායට එක් වූහ. කොකොස් දිවයින් කැරැල්ලෙන් පසුව රටින් පිටත යැවීම විශේෂතා කිහිපයක් හැරුණු කොට නවතා තිබුණු සිලෝන් බළ ඇණි පළමු වරට සිලෝන් වලින් පිටතට සංවිධානය කොට පිටත් කරන ලදී.

සිලෝන් වැසියන් දිගින් දිගටම බ්‍රිතාන්‍ය යුධ හමුදාව, RAF, හා රාජකීය නාවික හමුදාවට ස්වේච්ඡාවෙන් බැඳෙන ලදී. ඒවා සිලෝන් ආරක්ෂක හමුදාවේ බ්‍රිතාන්‍ය හමුදාවෙහි ඉදිරි පෙළ ඒකක වෙත මාරුවීම් ඉල්ලා තිබූ භටයන්ගෙන් ඌනපූරණය කරන ලදී. ඔවුහු බුරුමයේ හා පසුව මලයාවෙහි සේවය කළහ. සිලෝන් වැසියන් ඉතාලියේ රාජකීය ඉංජිනේරුවන් (Royal Engineers) හා මැද පෙරදිග හා උතුරු අප්‍රිකාවේ රාජකීය හමුදා සේවා බලකායේ සේවය කළහ. සිලෝන් හමුදා පොලීස් බලකායේ 1 වන භට කණ්ඩායම 1949 තෙක් මලයාවේ සේවය කළහ.[1]

යුධ සමයේ පොදුරාජ්‍ය මණ්ඩලීය බලකා සමඟ සේවය කල ඉන් සමරහරක් 1948 සිලෝනය නිදහස ලැබීමත් සමඟ ශ්‍රී ලංකා සන්නද්ධ බලකා (Sri Lankan Armed Forces) වල සේවයට බැඳුනහ. මේ අතර ජනරාල් D.S. ආටිගල, මේජර් ජනරාල් ඇන්ටන් මුතුකුමරු, මේජර් ජනරාල් බර්ට්‍රම් හෙයින්, මේජර් ජනරාල් රිචර්ඩ් උඩුගම, මේජර් ජනරාල් H.W.G. විජේකෝන්, රියර් අද්මිරාල් රන්ජන් කදිරගාමර් සහ එයාර් වයිස් මාර්ෂල් එඩ්වර්ඩ් අමරසේකර වේ.

සිලෝන් නාවික ස්වේච්ඡා සංචිතය[සංස්කරණය]

සිලෝන් නාවික ස්වේච්ඡා සංචිතය රාජකීය නාවික හමුදාව යටතට ගැනුණි. සැම්සන් හා ගෝලියාත් යන වරාය කොමිසම් ටග් යාත්‍රාවලින් පුහුණු ව ලබා පසුව එය විසින් පසුව ට්‍රෝලර් යාත්‍රා හා බෝම්බ ඉවත් කිරීමේ යාත්‍රා බවට හරවා තුවක්කු, සබ්මැරීන් හඳුනාගැනීමේ උපකරණ හා ප්‍රති-සබ්මැරීන් අවි සවි කරන ලද ඇන්ටාර්ටික් තල්මසුන් අල්ලන යාත්‍රා පාලනය හා හැසිරවීම සිදු කරන ලදී. ඒවා ඕවර්ඩේල් වයික් (සිලෝන් ආණ්ඩුව විසින් මිල දී ගැනුණු පළමු නෞකාව), ඔකාපි, සෙම්ලා, සැම්භුඅර්, හොක්සා, බෝල්ටා නම් එච්.එම්. (රාජකීය) නෞකා සහ බාර්නෙට් සහ සී405 යන එච්.එම්. ටග් යාත්‍රා විය. ඊට අමතරව එය විසින් මෝටර් ධීවර යාත්‍රා (MFV) කිහිපයක් හා විවිධ උපකාරක යාත්‍රා කිහිපයක් ද පාලනය කරන ලදී. ඒ සියල්ලම පාලනය කරන ලද්දේ CRNVR පිරිස් විසිනි. මෙම නෞකාවලින් බලාපොරොත්තු වූ කාර්යය බෝම්බ ඉවත් කිරීම සහ වරාය පිවිසුම් සුරැකීම වුවත් සිලෝන් මුහුදු කලාපයෙන් බැහැර මෙහෙයුම් සඳහා ද නිතර භාවිතා කරන ලදී. මෙම මෙහෙයුම් වල දී, නෞකා සතුරු ප්‍රහාර වලට ද ලක්වූ අතර වෙඩි තබා හෙලන ලද ජපන් ගුවන් යානා වලින් වැදගත් තොරතුරු රැගෙන ඒම, බුරුම පෙරමුණ ඇරඹීමෙන් පසු වරාය කටයුතු සඳහා FMV දෙකකින් ආකියාබ් වෙත යාත්‍රා කිරීම, ඉතාලියානු එරිත්‍රියා යටත් විජිත නෞකාවේ යටත්වීම පිළිගැනීම හා එයත්‍යාග නැවිකැළක් සමඟ වරාය වෙත කැඳවාගෙන යාම යන කාර්යයන් සිදු කරන ලදී.

කෝකෝස් දූපත්වල කැරැල්ල[සංස්කරණය]

HMS ප්‍රින්ස් ඔෆ්‍ වේල්ස් සටන් නෞකාව හා HMS රීපල්ස් සටන් කෲසරය ගිල්වීම සහ ඊට සමගාමී සිංගප්පූරුව වැටීමත් සමඟ බ්‍රිතාන්‍ය අනභිභවනීයභාවය පිළිබඳ මිත්‍යාව සදහටම බිඳී වැටුණි. මෙම පසුබිමත් ට්‍රොට්ස්කිවාදයෙන් පෙළඹ සිටි ලංකා සම සමාජ පක්ෂයේ පෙළඹවීමත් සමඟ කොකොස් දිවයින්හි හූස්බර්ග් දිවයිනේ සිලෝන් කාලතුවක්කු භට පිරිසේ (Ceylon Garrison Artillery) සොල්දාදුවන්, 1942 මැයි 8 වන දා රාත්‍රියේ කැරැලි ගසන ලද්දේ එම දූපත් ජපනුන්ට භාර දෙන අභිලාෂයෙනි. කැරැල්ල කෙසේ හෝ පැයක් ඇතුළත මැඩ පැවැත් වූ අතර කැරැලිකරුවන්ගෙන් තිදෙනෙකුට පසුව මරණ දණ්ඩනය ලබා දෙන ලදී — කැරලි ගැසීම වෙනුවෙන් දෙවන ලෝක යුද්ධ කාලය තුළ මරා දැමුණු පොදු රාජ්‍ය මණ්ඩලීය සොල්දාදුවන් ඔවුන් පමණක් විය.[2]

කැරැල්ලෙන් පසු, සැපයීම් හා ප්‍රවාහන ඒකක ගණනාවක් මැදපෙරදිග පසුපෙළ කලාපයේ යොදා ගත් නමුත් සිලෝන් ප්‍රහාරක යුධභටයන් යොදා ගැනීම බ්‍රිතාන්‍යයයන් විසින් අත්හිටවූහ. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ රබර් සම්පත් වලින් සියල්ලම පාහේ රඳවා තිබීමෙන් දිවයිනේ ඇති උපායමාර්ගික වැදගත්කම හේතුවෙන් සිලෝන්හි ආරක්ෂණ, 7 වන ඕස්ට්‍රේලියානු හමුදාංශය හා 1 වන (අප්‍රිකානු) හමුදාංශයේ කොටස් මඟින් ශක්තිමත් කරන ලදී. සලාකනය පනවන ලද අතර සිලෝන්වැසියන් අසතුටට පත් වීම වැළක්වා ගැනීමට ගත් පියවරක් ලෙස ඔවුන්ට තම ඉන්දියානු අසල්වැසියන්ට වඩා හොඳින් ආහාර ලබා දෙනු ලැබුණි.[තහවුරු කරන්න]

සිලෝන් වෙත ජපන් ප්‍රහාරය[සංස්කරණය]

1943 සිලෝන්හි බ්‍රිතාන්‍ය ගුවන් යානා නාශක ආරක්ෂණ

පාස්කු ඉරිදාවේ ගුවන් ප්‍රහාරය ලෙස හැඳින්වෙන්නේ ජපනුන් විසින් පාස්කු ඉරිදා දින (1942 අප්‍රේල් 5) කොළඹට කළ ගුවන් ප්‍රහාරයයි; ඉන් දින කිහිපයකට පසුව ත්‍රිකුණාමලය ද ප්‍රහාරයට ලක් විය. මෙම ප්‍රහාර වාණිජ අඩපණකිරීමක් හා ඉන්දියන් සාගරයේ බ්‍රිතාන්‍ය පෙරදිග නාවික බල ඇණියට බාධා කිරීමේ අරමුණින් සිදු කරන ලදී.[තහවුරු කරන්න]

කෲසර් දෙකක් හා ගුවන්යානා ප්‍රවාහක යාත්‍රාවක් ඇතුළු නැව් කිහිපයක්ම ගිලී යාම නිසා ගුවන් ප්‍රහාර වලින් සිදු වූ යුධමය හානිය අනල්ප වුවත්, නන්ජිං සංහාර හා ජපන් පාලනය පැවති රටවල පැවති කෲර ක්‍රියා ගැන දැන ගැනීමට ලැබීමත් සමඟ සිලෝන් වැසියන් කෙරහි වූ බලපෑම වඩා ප්‍රබල විය. ප්‍රහාරයෙන් පසු, සිවිල් වැසියෝ බියට පත්ව කලබලයෙන් කොළඹත් බෝට්ටුවලින් ඉන්දියාවට සිලෝනයත් හැර යාමට පටන් ගත්හ.[3]

විරෝධය හා යටත්විජිත විරෝධී ජාතීත්වය[සංස්කරණය]

බ්‍රිතාන්‍යයන්ට යම් විරෝධතාවක් තිබුණි. මෙය සම්පූර්ණයෙන්ම සිදු කරන ලද්දේ නිදහස් ව්‍යාපාරයට සහයෝගය දෙමින් යුධ විරෝධී ව්‍යාපාරය ගෙන ගිය ලංකා සම සමාජ පක්ෂයෙන් වන අතර ඔවුන් මිත්‍ර පාර්ශවය හෝ අක්ෂ බල සමඟ පක්ෂ නොවන බව පැහැදිලිව කියා පෑ අතර යුද්ධය ජාත්‍යන්තරවාදී එකක් ලෙස සලකනු ලැබුණි. සිලෝන් කොමියුනිස්ට් පක්ෂය ද යුද්ධය අධිරාජ්‍යවාදීන්ගේ යුද්ධයක් ලෙස දුටු අතර යුධ-විරෝධී ව්‍යාපාරයට සහාය දුන් නමුත් 1941 ජර්මනිය සෝවියට් සංගමයට පහර දීමත් සමඟ ඔවුන් බ්‍රිතාන්‍ය වෙනුවෙන් යුධ හිතවාදී ව්‍යාපාරයට එක් වූයේ එය ජනතාවගේ යුද්ධයක් බව කියමිනි.

ශ්‍රී ලංකාවේ යුද්ධයට යම් ප්‍රතිරෝධයක් වූ අතර විශේෂයෙන්ම ලංකා සමසමාජ පක්ෂය මඟින් උනන්දු කරන ලද කම්කරුවන් හා ජාතිකවාදීන් ඒ අතර බහුල වූ අතර ඉන් දෙවන පාර්ශවයෙන් බහුතරය ජර්මන් ජයග්‍රහණයක් බලාපොරොත්තු විය. නමුත් ජනගහනයෙන් වැඩි පිරිසක් ජපන් ජයග්‍රහණයකට බිය විය.

බෞද්ධයන් අතර, ජර්මන් සම්භවයක් සහිත බෞද්ධ භික්ෂූන් 'විදේශික සතුරන්' ලෙසින් අත්අඩංගුවට ගැනීමත් නමුත් ජර්මන් ජාතික ඉතාලියානු රෝමානු කතෝලික පූජකයන්ට එසේ නොකිරීමත් නිසා පිළිකුළක් තිබුණි. පාලක පක්ෂයේ තරුණ සාමාජිකයින් දෙදෙනෙක් වූ (පසුව ලංකාවේ ජනාධිපති ධූරයට පත්වූ) ජූනියස් රිචර්ඩ් ජයවර්ධන හා (පසුව 3 වන අගමැතිවරයා වූ) ඩඩ්ලි සේනානායක විසින් බ්‍රිතාන්‍යයයන් පළවා හැරීමට ජපනුන් සමඟ සාකච්ඡා පැවැත් වූහ. වඩාත් ජ්‍යෙෂ්ඨ (පසුව පළමු අගමැතිවරයා වූ) ඩී.එස්. සේනානායක විසින් නවත්වනු ලැබූ නිසා මෙම සාකච්ඡා වැඩිදුර නොගියේ ය.

නිදහස අරගල උද්ඝෝෂකයෝ බ්‍රිතාන්‍ය යුධ කාර්යයට ඇමතිවරුන්ගේ සහාය දීමට විරුද්ධ වූහ. දේශීය ඇමතිවරුන් විසින් ලාංකික බදු ගෙවන්නන්ගේ මුදල් බ්‍රිතාන්‍ය යුධ යාන්ත්‍රණයට දායාද කිරීමට යෝජනා ගෙනා අතර රාජ්‍ය මන්ත්‍රණ සභාවේ නිදහස්-හිතකාමී සාමාජිකයන් විසින් විරුද්ධෝය පාන ලදී. වැඩි බලපෑමක් නොවුණ ද, ඕස්ට්‍රේලියානු සහ බ්‍රිතාන්‍ය මෙන්ම ස්වදේශීය භට පිරිස් අතර ද ව්‍යාජ ප්‍රචාර සිදු කරනු ලැබුණි.

1939 නොවැම්බර් වලින් ආරම්භව 1940 මුල් බාගයේ බ්‍රිතාන්‍ය-හිමිකම් සහිත වගාවන් වල, මූලික වශයෙන් සංවිධාන අයිතිය දිනාගැනීම මුල් කරගත් අහඹු උද්ඝෝෂණ රැල්ලක් විය. නටේසා අයියර්ගේ සිලෝන් ඉන්දීය සංගමය හා සමස්ත-සිලෝන් වතු වැඩකරන්නන්ගේ එකතුව (පසුව ලංකා වතු වැඩකරන්නන්ගේ එකතුව (LEWU)) ලෙස සමසමාජකරුවන් විසින් මෙහෙයවන ලද ප්‍රධාන වගා වෘත්තීය සමිති දෙකක් විය.

සමසමාජිකයන් විසින් මෙහෙයවන ලද මූල් ඔය වතුයායේ උද්ඝෝෂණයත් සමඟ මධ්‍යම පළාත තුළ උද්ඝෝෂණ රැල්ල උච්චස්ථානයට පැමිණියේ ය. මූල් ඔයෙන් පසු, උද්ඝෝෂණ රැල්ල ඌව දෙසට පැතිරී ගිය අතර උද්ඝෝෂණ වඩාත් දිගු වීමත් සමඟ කම්කරුවන් සමසමාජිකයන්ගේ යුධකාමී නායකත්වය වඩා වඩාත් බලාපොරොත්තු විය. ට්‍රොට්ස්කිවාදී නායක එන්. එම්. පෙරේරා මැයි 12 දින බදුල්ලේ දී විශාල රැස්වීමක් ඇමතූ අතර එය තහනම් කරන ලද නමුත් ඊට එරෙහිව ක්‍රියා කිරීමට පොලීසිය බලරහිත විය. වේවැස්ස වතුයායේ දී කම්කරුවන් ඡන්දයෙන් තෝරාගත් සභාවක් පිහිටුවා ගත් අතර අධ්‍යක්ෂක එම කම්කරුවන්ගේ සභාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට එකඟ විය. නීතිය හා විනය ප්‍රතිස්ථාපනය කිරීමට ගිය සන්නද්ධ පොලිස් කණ්ඩායමක් කම්කරුවන් විසින් නිරායුධ කරන ලදී. අවසානයේ උද්ඝෝෂණ රැල්ල, රටේ අනෙක් කොටස්වලින් ඌව සතියකටත් වඩා කාලයකට වෙන්කර තිබූ ගංවතුර තත්ත්වයේ ද ආධාර ඇතිව, පොලිසිය විසින් භීෂණ රැල්ලකින් නැවත පහර දී නිමා කරන ලදී.

කෙසේ නමුත්, නිදහස් අරගලය බලසම්පන්න වැඩි වන බව යටත්විජිත අධිකාරීන්ට පෙනී යමින් තිබුණි. ඩන්කර්ක් සිද්ධියෙන් පසු, බ්‍රිතාන්‍ය යටත්විජිත අධිකාරීන් (දශක ගණනාවකට පසු නිකුත් කරන ලද රහස්‍ය ලිපිවලට අනුව) සංත්‍රාසයට පත්ව ප්‍රතිකියා කරන ලද අතර ල.ස.ස. පක්ෂයේ රාජ්‍ය මන්ත්‍රණ සභා සාමාජිකයන් වූ එන්. එම්. පෙරේරා හා ෆිලිප් ගුණවර්ධන ඇතුළු අනෙකුන් ජුනි 18 වැනි දා අත්අඩංගුවට ගනු ලැබුණි. සමසමාජවාදීන්ගේ මුද්‍රණාලය වටලා මුද්‍රා තැබුණි. පක්ෂ ක්‍රියාකාරීත්වය ප්‍රයෝගිකව කළ නොහැකි වන විධිනියාම ප්‍රසිද්ධ කරන ලදී.

බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයට මහජන විරෝධය දිගින් දිගටම වර්ධනය විය. ඉහළ පාන්තිකයන් අතර ප්‍රධාන සමාජශාලා විසින් අනුගමනය කළ වර්ණභේදය පිළිබඳ නොරිස්සුම් සහගත බවක් තිබුණි. සිවිල් ආරක්ෂක කොමිෂන්වරයා වූ ශ්‍රීමත් ඔලිවර් අර්නස්ට් ගුණතිලක, සිලෝන්ව බ්‍රිතාන්‍ය අණදෙන නිළධාරී අද්මිරාල් ලෙයිටන් විසින් තමාට 'කළු අවජාතකයෙකු' ලෙස කතා කළ බවට පැමිණිලි කළ අතර මෙය අඛණ්ඩ ජාතිවාදී සුදු-ආධිපාත්‍යය ප්‍රකාශ කිරීමක් විය

සිංගප්පූරුවේ සහ මැලේසියාවේ සිටි ශ්‍රී ලාංකිකයින් ගෙන් ඉන්දීය ජාතික හමුදාවේ 'ලංකා රෙජිමේන්තුව' සෘජුවම නෙතාජි සුභාස් චන්ද්‍ර බෝස් යටතේ සැදුම්ලන ලදී. නිදහස් අරගලය ඇරඹීම සඳහා ඔවුන් සබ්මැරීන මඟින් ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කිරීමට සැලැසුමක් සාදන ලද නමුත් මෙය නිෂ්ඵල විය.

ල.ස.ස. පක්ෂ නායකයන් ආරක්ෂකයෙකුගේ ආධාර ඇතිව පැන යාමට සමත් විය. ඔවුන්ගෙන් සමහරක් ඉන්දියාවට පැනගොස් එහි අරගලයට සහාය දුන්නේ යුද්ධයට පෙර තිබූ සබඳකම් විදහා පාමින් ඉන්දියාවේ හා ලංකාවේ නිදහස් අරගල එකිනෙකට බැඳී ඇති බව පවසමිනි. කෙසේ වෙතත්, ෆිලිප්ගේ සහෝදර රොබර්ට් ගුණවර්ධන විසින් මෙහෙයවන ලද සැළකිය යුතු පාර්ශවයක් රැඳී සිටියහ..

පින්තූර[සංස්කරණය]

ආශ්‍රයන්[සංස්කරණය]

සඳහන්[සංස්කරණය]

  1. Forgotten campaign, forgotten veterans
  2. Cocos Island Mutiny
  3. Ludowyck E.F.C., The Story of Ceylon, 1962, London, Faber & Faber

ප්‍රභව[සංස්කරණය]

  • අර්සෙකුලරත්න, එස්.එන්., Sinhalese immigrants in Malaysia & Singapore, 1860-1990: History through recollections, කේ.වී.ජී. ද සිල්වා සහ පුත්‍රයෝ, කොළඹ, 1991
  • ක්‍රස්, නොයෙල්, The Cocos Islands Mutiny, ෆ්‍රීමන්ටයිල් කලා කේන්ද්‍ර මුද්‍රණාලය, ෆ්‍රීමන්ටයිල්, බටහිර ඕස්ට්‍රේලියාව, 2001
  • මුතියා, වෙස්ලි හා වනසිංහ,Sydney, Britain, World War 2 and the Sama Samajists, තරුණ සමාජවාදී මුද්‍රණ, කොළඹ, 1996
  • Lankan was privy to WW II covert operation