ටොලමිගේ ලෝක සිතියම

විකිපීඩියා වෙතින්
ටොලමිගේ ජියොග්‍රාෆියා ( 150 පමණ) වෙතින් 15වන සියවසෙහිදී ප්‍රතිස්ථාපනය කෙරුණු, "තැප්‍රොබේන්" (ශ්‍රී ලංකාව, පමණට වඩා විශාල) සහ "අවුර්යා කර්සනීස්" (අග්නිදිග ආසියානු අර්ධද්වීපය) ට ඔබ්බෙන් දකුණටම වන්නට "සයිනේ" (චීනය) දක්වන ටොලමිගේ ලෝක සිතියම
ටොලමිගේ ලෝක සිතියමෙහි නැගෙනහිර සහ අග්නිදිග ආසියාව පිළිබඳ විස්තර දැක්වෙන අයුරු. වමෙහි ගංගා බොක්කද (බෙංගාල බොක්ක), මධ්‍යයෙහි අග්නිදිග ආසියානු අර්ධද්වීපයද, දකුණෙහි "සයිනේ" (චීනය) හා සමගින් දකුණු චීන මුහුද ද දැක්වෙයි.

ටොලමිගේ ලෝක සිතියම යනු ක්‍රිව දෙවන සියවස වන විට බටහිර සමාජයට ඥාත ලෝකයේ විස්තර දැක්වුනු සිතියමකි. ක්‍රිව 150 වන විට ලියැවුනු ටොලමිගේ ජියොග්‍රාෆියා නම් ග්‍රන්ථයෙහි එන විස්තර පදනම් කොට ගෙන මෙම සිතියම නිමවා තිබුණි. යථාභූත සිතියම් කිසිවිටෙක සොයා නොගත්තද, පැරණි ලෝකයේ විවිධ ප්‍රදේශ පිළිබඳ, බොහෝ විට ඛණ්ඩාංකද සහිතව, දහස් ගණනක් ආශ්‍රිත ජියොග්‍රාෆියා වෙත තිබූ අතර, එම නිසාවෙන්ම ක්‍රිව 1300 පමණ වන විට අත්පිටපත යළි සොයාගත්විට ටොලමිගේ ලෝක දැක්ම යළිතැනීමට සිතියම් විද්‍යාඥයින්ට අවකාශ සැලසිණි.

ටොලමිගේ හා ඔහුගේ සිතියම් වල ඉතාමත් වැදගත්ම දායකත්වය වන්නට ඇත්තේ අක්ෂාංශක හා දේශාංශක රේඛා භාවිතයද භෞමික ස්ථානයන් අවකාශ නිරික්ෂණයන් අනුසාරයෙන් දැක්වීමද ප්‍රථමයෙන් සිදු කිරීමය. 9වන සියවසෙහිදී ඔහුගේ ජියොග්‍රාෆියා ග්‍රන්ථය ග්‍රීක බසින් අරාබි බසටද ඉක්බිතිව 15 වන සියවස ආරම්භයේදී බටහිර යුරෝපයේදී ලතින් බසටද පරිවර්තනය වූ විට, ගෝලීය ඛණ්ඩාංක පද්ධතියක් පිළිබඳ අදහස විසින් මධ්‍යතන ඉස්ලාමීය සහ යුරෝපීය භූගෝල විද්‍යාත්මක චින්තනයේ විප්ලවකාරී වෙනසත් සිදු කොට එය විද්‍යාත්මක හා සංඛ්‍යාත්මක පදකමකට යොමු කලේය.

අන්තර්ගතය[සංස්කරණය]

සිතියම විසින් විශාල ආවෘත ප්‍රදේශ දෙකක් පැහැදිලි ලෙසින් දක්වන අතර ඉන් පළමුවැන්න මධ්‍යධරණිය වන අතර, දෙවැන්න වන්නේ නැගෙනහිරින් දකුණු චීන මුහුද (මැග්නස් සයිනස්) දක්වා විහිදෙන ඉන්දියානු සාගරය (ඉන්ඩිකම් පෙලාගුස්) වෙයි. ප්‍රධාන භූගෝලීය පරිස්ථානයන් වන්නේ යුරෝපය, මැද-පෙරදිග, ඉන්දියාව, ශ්‍රී ලංකාව (තැප්‍රොබේන්), මලයානු අර්ධද්වීපය (අවුර්යා කර්සනීස් හෝ "රන් අර්ධද්වීපය") සහ එයින් ඔබ්බට චීනය (සීනේ) වෙයි.[1]

ආශ්‍රිත[සංස්කරණය]

  1. ක්‍රොවර්, නෝමන් ජෝසප් විලියම් (1999). මැප්ස් & සිවිලිසේෂන්: කාටොග්‍රෆි ඉන් කල්ච ඇන්ඩ් සොසයිටි. චිකාගෝ විශ්වවිද්‍යාල මුද්‍රණාලය. ISBN 0226799735.
"https://si.wikipedia.org/w/index.php?title=ටොලමිගේ_ලෝක_සිතියම&oldid=435022" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි