ලන්දේසි ලංකාව

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
සිලෝන්

ශෙයිලාන්
1640–1796
Flag of සිලෝන් හී ධජය
Flag
තත්ත්වයයටත් විජිතය
අගනුවරකොළඹ
පොදු භාෂාවන්ලන්දේසි
රජ 
ආණ්ඩුකාර 
• 1640
විල්ලෙම් ජාකොබ්ස් කොස්ටර් (පළමු)
• 1794-1796
ජේ.ජී. වොන් ඇන්ගල්බීක් (අවසන)
ඓතිහාසික යුගයඅධිරාජ්‍යවාදය
• ලන්දේසීන් විසින් කොළඹ ඈඳා ගැනීම
12 මැයි 1640
• බ්‍රිතාන්‍යයන් විසින් කොළඹ ඈඳා ගැනීම
16 පෙබරවාරි 1796
පූර්වප්‍රාප්ති වනුයේ
අනුප්‍රාප්ති වනුයේ
පෘතුගීසි ලංකාව
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය

1658-1796 කාලයේදී ලන්දේසීන් විසින් ග්‍රහණයට ලක්ව සිටි ලංකාව හෝ ශ්‍රී ලංකාව ට අයත් සරිය සහ ඔවුන්ගේ එම පාලනය හැඳින්වීමට මෙම පදය තුල්‍යාර්ථමය ලෙසින් භාවිතා වේ.

1600 ගණන් වලදී, ශ්‍රී ලංකාව, අඩ වශයෙන් පෘතුගීසි ආක්‍රමණකාරීන් විසින් පාලනය කල අතර, සිංහල රාජධානිය, එකිනෙක ඇණ කොටා ගනිමින් කල ගෙවූහ. පෘතුගීසිහු යුද්ධය දීනීමට අසමත් වූවද, ඔවුන්ගේ පාලනය, ඔවුන්ගේ ග්‍රහණය‍ට නතුව තිබූ සරිය තුල වූ ජනතාවට යම් පීඩාවක් ඇති කිරීමට හේතු කාරක විය. ස්පාඤ්ඤ පාලනයෙන් මිදෙනු වස්, නිදහස සඳහා යුද්ධය ක ලන්දේසීහු නිරතව සිටියහ. මෙම පසුබිම පැවැති කලෙක, සිංහල රජ (උඩරට රජු) විසින්, පෘතුගීසීන් පැරදවීමට සහාය වෙන මෙන් ලන්දේසීන්ගෙන් උපකාර පතන ලදි. අයිබේරියානුවන් ට එරෙහිව එකමුතු සටනක් දියත් කිරීමට එවක පැවැති අදිටන නිසාවෙන් ලංකාව පිලිබඳ ලන්දේසි අවධානය යොමු විය.

ලන්දේසින් විසින් ශ්‍රී ලංකාව පාවා දීමට අනතුරුව, ලන්දේසීන් විසින් ශ්‍රී ලංකාවේ කොටස් ආක්‍රමණය කරන ලදි. යුද්ධයේ වියදමට හිලවු වන පරිදි භූමියෙන් කොටසක් තම භාරයෙහි තබාගත් ඔවුහූ කෙමෙන් තම භූමිය ව්‍යාප්ත කිරීමෙහි යෙදුනහ. ලන්දේසීන්විසින් වෙරළබඩ පෙදෙසෙහි පාලනය නතු කර ගත් නමුත්, යටත්විජිතවාදී ඉංග්‍රීසි පාලකයන් පසුව ඔවුන්ගේ අනුප්‍රාප්තිකයන් වූහ. ලන්දේසින් හා ඉංග්‍රීසින් දළ වශයෙන් වසර 150 ක් පාලනය සිදු කලහ.

පෘතුගීසී පසුබිම[සංස්කරණය]

ආසියාව බටහිරින් මුස්ලිම් වරුන්ගෙන්ද නැගෙනහිරින් මොංගෝලියන් වරුන්ගෙන්ද එල්ල වූ ආක්‍රමණවලට මුහුණ දෙමින් සිටියේය. පෘතුගීසීන් එන්නට පළමු ලංකාවේ සිංහල රජවරු කප්පම් ගෙවමින් සිටියහ. පෘතුගීසි ආක්‍රමණයෙන් නිදහස් වීමට සහ ඔවුන් විසින් බලයෙන් අන්‍ය ආගම්වලට ජනතාව හරවා ගැනීම වැළැක්වීමේ අරමුණින් ශ්‍රී ලාංකිකයෝ ලන්දේසීන්ට පැමිණීමට ඇරයුම් කළහ. රාජසිංහ රජු සමග 1638 උඩරට වෙස්ටර් වෝල්ඩ් ගිවිසුම අත්සන් කිරීමෙන් ඔවුහු ජාතීන්ගේ නීතිය අනුගමනය කරමින් දෙපාර්ශවයේම පොදු සතුරා සමග සටනකට අවතීර්ණ වූහ. මෙ පරිදි ලන්දේසීහු රටේ ආරක්ෂකයන් බවට පත් වූහ.

ඉතා ඉක්මණින් දිවයිනේ ජනතාව ලන්දේසීන්ට කැමති වූහ. රාජසිංහ රජු ප්‍රංශයන් ලංකරගෙන ඔවුනට ත්‍රීකුණාමලය කොටුව පැවරුවේ ලන්දේසීන්ට එරෙහිව බලය තුලනය කිරීමටයි. ලන්දේසීහු ත්‍රීකුණාමලය ප්‍රංශවරුන්ගෙන් අල්ලා ගෙන දිවයිනේ සම්පූර්ණ මුහුදු බඩ ප්‍රදේශයේ පාලනය ඔවුන්ගේ අතට ගත්හ. ලන්දේසීන් සහ රාජසිංහ රජු එකිනෙකා රවටා පරාජය කිරීමේ සෙල්ලමක යෙදී සිටියහ. දෙපාර්ශවයම 1638 ගිවිසුම ක්‍රියාත්මක කළහ. ලන්දේසිහු දෙමළ පලාත් සියල්ලම පාලනය කල අතර බස්නාහිර පළාතේ කුරුඳු වතුවල වැඩ කිරීම සඳහා තන්ජෝර්වලින් දෙමළ වහලුන් ගෙන ආහ. ඔවුන්ගේ ඉන්දියාවේ අගනගරය වූයේ පුලිකට් නගරයයි. ඔවුන්ට අවශ්‍ය මිනිස් ශ්‍රමය සපයා ගන්නා ලද්දේ ඉන්දියානු ජනපද වලිනි.

සෙනරත් රජු ඔහුගේ රාජධානිය කොටස් කර තමාගේම පුතා වූ රාජසිංහට කඳුකරයට ඉහළ පෙදෙස් ප්‍රදේශ පහක්ද (වර්තමාන නුවර දිස්ත්‍රික්කය) රජු යන නාමයද ප්‍රධානය කළේය. දෝනකතිරිනාගේ අනිත් පුතුන් වූ කුමාරසිංහ හා විජයපාල දෙදෙනා පිළිවෙලින් ඌව සහ මාතලේ පළාත් ලබා ගත්හ. රාජසිංහ විසින් සෙනරත් මිය යාමට පළමුව කුමාරසිංහට වස දී මරා දමනු ලැබුවේය. සෙනරත් රජු 1635 දී මිය ගියේය. බාලම කුමරු දෙවැනි රාජසිංහ (1635-1687) රජු බවට පත් විය. 1634 ගිවිසුම ඉතා තදින් ක්‍රියාත්මක නොවුණි. නව රජය ඉතා ඉක්මණින් ලන්දේසීන් කැඳවූයේ කොට්ටියාර් නැතහොත් මඩකලපු කොටුවක් පවරා දෙන බව පොරොන්දු වෙමිනි. ඔවුන්ගේ නාවික වියදම් ගෙවන බවටද පොරොන්දු විය. ඒ වන විටත් ලංකාවේ කුරුඳු වෙළඳාම ගැන ඇස් ගසා ගෙන සිටි බතාවියාවේ නැගෙනහිර ඉන්දියා සමාගම් බලධාරීන් මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ගෝව නගර‍යේ ආරක්ෂාව සඳහා යමින් සිටි අද්මිරාල් ඇඩම් වෙසටර්වොල්ඩ් හට ආපසු එන ගමනේදී ලංකාව බලා යන ලෙසට උපදෙස් දුන්නේය. මේ අතරවාරයේදීම තවත් දූත පිරිසක් රාජසිංහ රජු හමුවීමට පිටත් කළ අතර ඔවුහු 1637 දී රජු හමුවට පැමිණියහ. සාකච්ඡා කිපයකින් පසු ඔවුහු සිංහලයන් තිදෙනෙකු සමග ගෝවාවලට පිටින් සිටි වෙස්ටර්වොල්ඩ් හා සම්බන්ධ වීමට ගියහ. එහිදී පෘතුග්‍රීසි හා ලන්දේසි නාවික හමුදා අතර සිදුවූ සටන් ඇසින් දුටුවහ. පෘතුග්‍රීසීහු 1638 ජනවාරි 4 දින පරාජයට පත් වූහ. මෙහිදී අද්මිරාල් තැන විසින් ඔහුට පළමුව උප අණදෙන නිලධාරී කොස්ටර්ට කුඩා හමුදාවක්ද කැටුව යන ලෙස උපදෙස් දුන් අතර ඒ පිරිස අප්‍රේල් 3 දින ත්‍රිකුණාමලයට ගොඩ බැස්සේය.

ලන්දේසි අභිභවනය[සංස්කරණය]

ලන්දේසීන් හා සිංහල පාලකයන්ගේ දෙපිටකාට්ටු උපක්‍රම[සංස්කරණය]

ලන්දේසි-පෘතුගීසි යුද්ධය[සංස්කරණය]

1580 සිට 1640දක්වා පෘතුගාලය (Portugal) පාලනය කලේ ස්පේන්හි හබ්ස්බ'ග් (Habsburg) අධිරාජ්‍යවරු විසිනි.

හබ්ස්බ'ග් (Habsburg) kings in the period of personal union of පෘතුගාලය (නිල්) සහ ස්පාංඥය (රතු) අයත් භූමියෙහිහි සිතියම - (1580-1640)

ලන්දේසීන් විසින් පෘතුගීසි බලකොටු අත්පත් කර ගනිති[සංස්කරණය]

1638 වර්ෂයේ ගිවිසුමෙන් පසු ප්රුතුග්රීසීන් මෙරටින් නෙරපා හැරීමට තවත් වසර 20ක් ගත විය.ඒ කාලයේ ප්රුතුග්රීසීන් සතුව තිබූ ත්රීකුණාමලය, මීගමුව, ගාල්ල,කළුතර,කොළඹ,මන්නාරම,යාපනය වගේ බලකොටු තමා සතු කර ගැනීමට ලන්දේසින් සමත් විය. ඒ උඩරට රජුගේ ද සහය ඇතිවය.

මහනුවරදී විශ්වාසය කඩ කිරීම[සංස්කරණය]

ලන්දේසීන් සහ පෘතුගීසීන්[සංස්කරණය]

පෘතුගීසි පාලනය හැම විටම සීමා වී තිබුණේ මුහුදු බඩ පළාත්වලට වූ අතර ඔවුන්ගේ ආගමට හරවා ගත් බොහෝ මිනිසුන් ධීවරයෝ වූහ. ඔවුන්ගේ බලයේ කොඳු නාරටිය වූයේ එම ජනතාවයි. ඉතිරි ලංකාව බෞද්ධ-හින්දු ආගම පිළිපැද්දහ.

තම පාලන ප්‍රදේශ පුළුල් කර ගැනීමට අවශ්‍යව සිටි පෘතුගීසින්ගෙන් පළිගැනීම සඳහා සිංහල රජු විසින් ලන්දේසීන් ප්‍රයෝජනයට ගන්නා ලදී. ලන්දේසීන්ගේ පැමිණීම පෘතුගීසීන්ට සතුරන් දෙදෙනෙකු සමග ගණු දෙණු කිරීමක් වූයේය. අවසානයේ ලන්දේසීන් සමග ගිවිසුමකට බැඳීමට පෘතුගීසීන්ට බල කෙ‍රිණි. එහි අර්ථය වූයේ විවෘත ආර්ථිකයට එළඹීමයි. අවසානයේ පෘතුගීසීහු ලංකාව අත හැරදා ගියහ.

පෘතුගාලය සමග යුද්ධ කිරීම ඔවුන්ගේ පාලකයා වූ ස්පාඤ්ඤයේ රජුට එරෙහිව කරන යුද්ධයක් විය. එක් වතාවකදී පෘතුගාලය ස්පාඤ්ඤයෙන් නිදහස ලබාගත් අවස්ථාවේදී නෙදර්ලන්තය විසින්පෘතුගාලය සමග සාමයක් ඇති කර ගත්තේය. ඉන් පසු ගෝවේදී අත්සන් කරන ලද ගිවිසුමක් මගින් ලංකාවේ අත්පත් කර ගත් ප්‍රදේශ සමගි ලීලාවෙන් බෙදූහ. සෙමෙන් සෙමෙන් ලන්දේසීහූ ලංකාවේ සහ ඉන්දුනීසියාවේ මුහුදු බඩ පෙදෙස් සහ පිටත පෙදෙස්වල පාලකයෝ බවට පත්වූ අතර පෘතුගීසීන්ට ඉතිරි වූයේ ලන්දේසීන් හා ඉංග්‍රීසීන් සමග සසඳන කළ කුඩා පෙදෙස් විය.

ලංකාවේ ලන්දේසි පාලනයේ පටලැවිලි[සංස්කරණය]

ලන්දේසීහු ඔවුන්ගේ ප්‍රදේශ පාලනය කිරීම හා පුළුල් කිරීම ඇරඹූහ. මෙකල වන විට, මහනුවර රජු යුද්ධ කටයුතු සඳහා උදවු ලබා ගැනීමට වෙනත් බලවත් පාර්ශවයක් සොයමින් සිටියේය. මේ සඳහා ඔවුන් ප්‍රවේශ වූයේ ප්‍රංශය වෙතටය. අවසානයේදී නැපෝලියානු යුද්ධ කාලයේදී රාජ්‍ය තාන්ත්‍රික අයුරින් ලන්දේසි පාපන ප්‍රදේශ අත්පත් කර ගත් ඉංග්‍රීසින් විසින් ලන්දේසීන් ප්‍රතිස්ථාපනය කෙරිනි.

ස්වදේශීන් පාලනය කිරීමේ ක්‍රමවේදයක් ලෙසින් ලන්දේසීන් විසින් මැලේ සොල්දාදුවන් සහ පොලිස් නිලධාරීන් කීප දෙනෙක් ලංකාවේ පදිංචි කරවූහ.

ලන්දේසින් ජනරජවාදීන් වූ අතර ලෙස ජනරජ හෙවත් සමූහාණ්ඩු පිළිබඳ අදහස් ලංකාවට රැගෙන ආහ. [1][2][unreliable source?]

ලන්දේසි ජනතාව අතර වඩාත් ජනප්‍රිය වූයේ ඔරෙන්ජ් හි කුමරුගේ පාලනයට වඩා බතාවියානු පාලනය විය. 1799 දී සිදු වූ බ්‍රිතාන්‍ය-රුසියන් ආක්‍රමණයේදී මෙය විද්‍යාමාන විය.

ප්‍රංශ ගැති රාජ්‍යයක් ලෙසට බතාවියන් සමූහාණ්ඩුව, බ්‍රිතාන්‍යයට එරෙහිව යුද්ධයේදී ප්‍රංශයේ මිත්‍ර පාක්ෂිකයෙකු විය. 1797 දී සිදු වූ කැම්පර්ඩවුන් සටනේදී ලන්දේසි නාවික බලඇණියක් පරාජයට පත් වීමත් සමගම බොහෝ ලන්දේසි යටත් විජිත අධිරාජ්‍යය ඔවුනට අහිමි වීමට මෙය හේතු පාදක විය. ලන්දේසීන්ගේ වෙළඳාම කඩා වැටීම ආර්ථික අර්බුද කීපයකට හේතු විය. ලන්දේසීන්ගේ ධනය පෙර තිබූ මට්ටමට ගෙන ආ හැකි වූයේ 19 සියවසේ දෙවැනි භාගය තරමේදීය.

දායාදය[සංස්කරණය]

ලංකාවෙහි ලන්දේසි විසිරිතයන්ගේ අනාගතය[සංස්කරණය]

මේවාද බලන්න[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

සැකිල්ල:ශ්‍රී ලංකා මාතෘකා සැකිල්ල:යටත්විජිත වාදී අධිරාජ්‍යයන් සැකිල්ල:ලන්දේසි යටත්විජිත

"https://si.wikipedia.org/w/index.php?title=ලන්දේසි_ලංකාව&oldid=459810" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි