සිරිමාවෝ බණ්ඩාරනායක

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
සිරිමාවෝ බණ්ඩාරනායක
Sirimavo Ratwatte Dias Bandaranayaka (1916-2000) (Hon.Sirimavo Bandaranaike with Hon.Lalith Athulathmudali Crop).jpg
ලංකා අග්‍රාමාත්‍ය
පදවිය දැරීම
1960 ජූලි 21 – 1965 මාර්තු 27
පූර්වප්‍රාප්තිකයාඩඩ්ලි සේනානායක
ලංකා අග්‍රාමාත්‍ය සහ පසුව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය
පදවිය දැරීම
1970 මැයි 29 – 1977 ජූලි 23
පූර්වප්‍රාප්තිකයාඩඩ්ලි සේනානායක
අනුප්‍රාප්තිකයාජේ.ආර්. ජයවර්ධන
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය
පදවිය දැරීම
1994 නොවැම්බර් 14 – 2000 අගොස්තු 10
පූර්වප්‍රාප්තිකයාචන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග
අනුප්‍රාප්තිකයාරත්නසිරි වික්‍රමනායක
පුද්ගලික තොරතුරු
උපත1916 අප්‍රේල් 17
බ්‍රිතාන්‍ය ලංකාව බ්‍රිතාන්‍ය ලංකාව
මරණය2000 ඹක්තෝබර් 10 (හෘදයාබාධයක්)
ශ්‍රී ලංකාව කඩවත, ශ්‍රී ලංකාව
දේශපාලන පක්ෂයශ්‍රී ලංකා නිදහස් පක්ෂය
කලත්‍රයා(යන්)එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක

ගරු සිරිමාවෝ රත්වත්ත ඩයස් බණ්ඩාරනායක (මැතිනිය ලෙස සාමාන්‍යයෙන් හඳුන්වයි) ( 1916 අප්‍රේල් 17 - 2000 ඔක්තෝම්බර් 10) නවීන ලෝකයේ ආණ්ඩුවක ප්‍රධානියාවූ ප්‍රථම කාන්තාවයි. ශ්‍රි ලංකාවේ තෙවරක් අග‍්‍රාමාත්‍ය පදවියට පත්වුවාය. ඒ 1960 - 1965, 1970 - 1977 සහ 1994 - 2000 යන කාල වකවානු වලදීය.

උඩරට රදල පවුුලක උපත ලද ඇය, කතෝලික, ඉංග්‍රීසි මාධ්‍ය පාසල් වලින් අද්‍යාපනය ලැබුවද, බුද්ධ ධර්මය අත් නොහැරියාය. ඉංග්‍රීසි මෙන්ම සිංහලද කතා කළාය. පාසලින් නික්ම යාමත් සමග ඇය විවිධ සමාජ වැඩසටහන් කිරීමෙන් අනතුරුව විවාහ වී පවුල් ජීවිතයට සම්බන්ධ විය. ඇගේ ස්වාමියා වූ එස්. ඩබ්ලිව් . ආර්. ඩී. බණ්ඩාරනායක මහතාට සහකාරියක් වූ ඈ, ඔහුගේ විශ්වාසය දිනාගත්තේ ඔහුගේ උපදේශකයක බවට පත් වීමෙනි. ගම් බද පළාත්වල ගහැණු ළමයින්ගේ හා කාන්තාවන්ගේ ජීවන තත්ත්ව දියුණු කිරීම ඇගේ සමාජ සේවයේ අරමුණ් විය. 1959දී ඇගේ ස්වාමිය ඝාතනය වීමත් සමගම ඈ දේශපාලනයට එක් විය. ස්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිනිය වූවාය. ඇයගේ නායකත්වය යටතේ, එම පක්ෂය 1960 ජූලි පාර්ලිමේන්තුවරණය ජයග්‍රහණය කළේය.

බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වූ සෙලෝනය සමාජවාදී ජනරජයක් කිරීමට ඈ උත්සහ කළාය. ඒ සදහා ඇය බැංකු, අධ්‍යාපන, කර්මාන්ත, මාධ්‍ය හා වෙළද ක්ෂේත්‍ර වල ආයතන රැසක් ජනසතු කළාය. පරිපාලන භාෂාව ඉංග්‍රීසියේ සිට සිංහලයට මාරු කළ ඈ ශ්‍රී ලාංකීය දෙමළ ජනතාවගේ උත්සුකයන් බල ගැන්වූවාය. කම්කරු දෙමළ ජනතාවද මෙලෙස කළකිරීමට පත්වුණි. එතුමියගේ මුල් අගමැති ධූර දෙකේදී, මෙරට ඉහළ බදු ප්‍රතිශතයක් හා උද්ධමනයක් පැවැතුණි. ආහාර ආනයනය මත රටේ ආහාර සුරක්ෂිතතාව යැපුණි. තවද, ඇයගේ සිංහල ජාතිකවාදී පිලිවෙත් නිසා සිංහල ජනතාව හා දෙමළ ජනතාව අතර ගැටලු ප්‍රබල විය. 1962දී ඈ රජයට එරෙහිව වූ කුමන්ත්‍රණයකට සා‍ර්ථකව මුහණ දුන්නාය. 1971දී අන්තවාදී තරුණ කුමන්ත්‍රණයක් මැඩපැවැත්වූවාය. 1972දී මෙතුමිය නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම අධීක්ෂණය කළාය, එමගින් මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක් බවට පත් කළේ බ්‍රිතාන්‍ය කිරීටය ඉවත් කිරීමෙනි. 1975දී ඈ කාන්තා හා ළමා කටයුතු නිර්මාණයට අගමැති ලෙස දායක වූවාය. එතුමියගේ පාලන කාලයේ ප්‍රධාන ලක්ෂණයක් වූයේ දේශීය වශයෙන් ප්‍රමාණවත් නොවන ලෙස ආර්ථික දියුණුවකි. මෙතුමිය අන්තර්ජාතික දේශපාලනයට වැදගත් සේවයක් ඉටු කළේ නොබැඳි රටවල් පිලේ නායකත්වය ගනිමිනි.

1977දී බලයෙන් ඉවත් වූ ඇගේ සිවිල් අයිතිවාසිකම් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂ රජය 1980දී යොමු වූවේය. ඇයට රාජ්‍ය සේවයේ යේදීමේ හැකියාවද වසර හතකට විසන්ධි කරන ලදි. ඇයගේ අනුප්‍රාප්තිකයන් මුලින්ම ආර්ථිකය දියුණු කළද, සමාජ ගැටලු වලට විසදුම් නොසැපයූ නිසා මෙරට දීර්ඝ සිවිල් යුද්ධයකට මුහණ පෑවේය. ඇය 1986 පක්ෂ නායකත්වය නැවත ලබාගැනීමත් සමගම මෙරටට ඉන්දියානු සාම සාධක හමුදාව ගෙන්වීමට එරෙහි වූවාය. එමගින් ශ්‍රී ලංකාවේ පරමධිපත්‍ය නැති වන බව ඈ විශ්වාස කළාය. 1989 දී ජනාධිපතිවරණයෙන් පරාජය ලත් ඈ, එකල් සිට 1994 දක්වා ව්‍යවස්ථාදායකයේ විපක්ෂ නායක ධූරය දැරුවාය. ඇගේ දියණිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග එම වර්ෂයේ ජනාධිපතිවරණය ජයග්‍රහණයත් සමගම, එතුමිය තෙවන වරට අග්‍රාමාත්‍ය ධූරයට පත්වුණි. ඇය එම ධූරයේ ඇය 2000දී විශ්‍රාම යන තුරු සේවය කළාය. විශ්‍රාම යෑමෙන් මාස දෙකකට පසු ඈ අභාවප්‍රාප්ත විය.


මුල් විය[සංස්කරණය]

බණ්ඩාරනායක තුමිය උපත ලද්දේ 1916 අප්‍රේල් 17 වන දින, රත්නපුර ඇල්ලවළ වලව්වේදීය. ඇයට නම් තබන ලද්දේ සිරිමා රත්වත්ත ලෙසය. ඇයගේ මව වූ රොසලින්ඩ් හිල්ඩා මහවලතැන්නේ කුමාරිහාමි ප්‍රකට ආයුර්වේද වෛද්‍යවරියක වූවාය, ඇගේ පියා, බාර්න්ස් රත්වත්ත දේශපාලනයේ යෙදුනේය. ඇගේ මාතෘ පාර්ශවයන් සීයා වූ මහවලතැන්නේ, බලංගොඩ රටේ මහත්මය ලෙස කටයුතු කළේය. ඇගේ පියාද පසුව එම ධූරයේ කටයුතු කළේය. මහනුවර රාජධානියේ රදල පවුලකට ඇගේ පියා අයත් විය. පිතෘ පාර්ශවයෙන් ඈ සර් ජයතිලක කුඩා රත්වත්තට නෑකම් දැරුවාය. ඔහු ශ්‍රී ලංකාවෙන් නයිට් පදවියක් දෑරූ ප්‍රථමයා විය. 1815 මහනුවර ගිවිසුමට අත්සැන් තැබූ මාතලේ දිසාවේද ඇයට නෑකම් දැරුවේය.

සිරිමා දරුවන් හයක් යුක්ත පවුලේ වැඩිමහලා විය. ඇයට සහෝදරයන් හතරක්, බාර්න්ස්, සීවලී, මැකී හා ක්ලිෆර්ඩ්, ද සහෝදරියක, පැට්‍රීසියා, සිටියහ. ඇගේ සහෝදරිය කල්නල් එඩ්වඩ් ජේම්ස් දිවිතොටවෙල විවාහ කළාය. මුලින්ම ඇගේ සියාගේ වලව්වේ පවුල වෙසූ අතර, පසුව, බලංගොඩ ඔවුන්ගේම වලව්වකට ගියහ. කුඩා කලක සිටිම, සිරිමාට ඇගේ සීයාගේ විශාල සාහිත්‍යය හා විද්‍යා පොත්පත් එකතුව හැදෑරුවාය. මුලින්ම බලංගොඩ පෙරපාසලක ඉගෙනුම ලත් ඈ පසුව, කෙටිකලට රත්නපුර ෆර්ගුසන් උසස් පාසලට යවා, ඉක්බිතිව කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ නේවාසික අධ්‍යාපනයට යොමු විය. කතෝලික පාසල් පද්ධතියක අධ්‍යාපනය ලැබුවද, ඇය ජීවිත කාලය පුරාවටම බුද්ධ ධර්මය වැළද සිටියාය. සිංහල හා ඉංග්‍රීසි භාශා දෙකම කතා කළාය.

19 වියේදී අධ්‍යාපනය නිමා කළ ඈ, සමාජ සේවයේ නියැලුණේ ගම් වලට ආහාර හා ඖෂධ බෙදා දීම, වෙද සායන සංවිධානය කිරීම හා කාන්තා ජිවන තත්ව ඉහළ නැංවීමට ග්‍රමීය කර්මාන්තීකරණය ඇති කිරීමට උදව් කළාය. සමාජ සේවා සංගමයේ භාණ්ඩාගාරික ලෙස ඈ 1940 තුරු සේවය කළාය. පෙම්වතුන් දෙදෙනෙකු - නෑදෑයෙකු හා සිලෝනයේ නායක පවුලේ පුතෙකු - ඈ ප්‍රතික්ෂේප කළාය. ඉක්බිතිව ඇගේ පවුලට කපුවරයෙකු සම්බන්ධ වී එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, ඔක්ස්ෆර්ඩහි අධ්‍යාපනය ලැබූ දේශපාලනයට සබැඳි එවකට සිලෝන් රාජ්‍ය සභාවේ ප්‍රාදේශීය පරිපාලන අමාත්‍ය සමග විවාහයක් යෝජනා කළේය. මුලින්ම, බණ්ඩාරනායක සුදුසු පවුලකට අයත් නොවන බව සිතූ ඇගේ දෙමාපියන් ඔහුගේ පවුලේ බ්‍රිතාන්‍ය සේවයට අකමැති වූහ. පසුව, ජ්‍යෝතිශ්ශාස්ත්‍රඥයින් කේන්දර ගැලපෙන බව පැවසූ විට, බණ්ඩාරනායක පවුල හා සබද වීමේ වාසි සලකා, ඇගේ දෙමාපියන් විවාහයට එකගතාවය පැවසුවාය. ඊට පෙර හමු වී තිබුණු යුවල විවාහයට එකග වූහ.

විවාහය[සංස්කරණය]

1940 දී ඇය සොලමන් බණ්ඩාරනායක සමඟ විවහාපත් විය.

දේශපාලන ජීවිතය[සංස්කරණය]

සොලමන් බණ්ඩාරණයකගේ අභාවයෙන් පසු ශ්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ නායකත්වයට පත් ඇය මරණයට පත්වනතුරුම එහි නායකත්වය හෙඹවුවාය.

1977 පක්‍ෂය ලැබු මැතිවරණ පරාජයත් සමඟම ඊට ටික කලකට පසු එනම් 1980 දී ඇයගේ ප්‍රජා අයිතියද අහෝසි කරනු ලැබීය.

ඇගේ පාලන සමයේදී ශ්‍රි ලාංකීය දේශපාලන ඉතිහාසයේ ඉතා තීරාණාත්මක සිදුවීම් රැසක් සිදුවිය. සියළු රාජ්‍ය ආයතනයන්හි ප්‍රධාන භාෂාව ලෙස සිංහල භාෂාව නම් කිරීමත් ඒ සමඟම පැන නැඟුණ දෙමළ සුළු ජන කොටසේ සාමාජීය අර්බුදය ඉන් එකකි. ලංකා සම සමාජ පක්‍ෂයන් සමඟ සන්ධානාගත වීම, චීනය සහ සෝවියටි රුසියාව අතර සම්බන්ධතා තර කිරීමද ඒ අතර ප්‍රධානය.

1971 ජවිපෙ කැරැල්ල මතුවුයේද මෙම අවධියේදීමය.

ඇගේ දෙවන ධුර කාලයේදී දෙවන එලිසබෙත් රැජින ලංකා රජ තනතුරෙන් පහකර රට ජනරජයක් බවට පත්කර රටේ ලංකා නාමය ශ්‍රි ලංකාව ලෙස වෙනස්කෙරිනි.

මෙයද බලන්න[සංස්කරණය]

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=සිරිමාවෝ_බණ්ඩාරනායක&oldid=461092" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි