විලියම් ගොපල්ලව
විලියම් ගොපල්ලව | |
---|---|
![]() | |
ශ්‍රී ලංකාවේ 1 වෙනි ජනාධිපති | |
තනතුර දරමින් 1972 මැයි 22 – 1978 පෙබරවාරි 4 | |
අනුප්‍රාප්තිකයා | ජූනියස් රිචඩ් ජයවර්ධන |
4th Governor-General of Ceylon | |
තනතුර දරමින් 2 මාර්තු 1962 – 1972 මැයි 22 | |
පූර්වප්‍රාප්තිකයා | ශ්‍රීමත් ඔලිවර් ගුනතිලක |
අනුප්‍රාප්තිකයා | Post abolished |
5 වන නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් | |
තනතුර දරමින් 16 අගෝස්තු 1976 – 4 පෙබරවාරි 1978 | |
පූර්වප්‍රාප්තිකයා | Houari Boumédienne |
අනුප්‍රාප්තිකයා | ජූනියස් රිචඩ් ජයවර්ධන |
පුද්ගලික තොරතුරු | |
උපත | 17 සැප්තැම්බර් 1897 මාතලේ, බ්‍රිතාන්‍ය ලංකාව |
Died | 31 January 1981 කොළඹ, ශ්‍රී ලංකාව | (වයස 83)
කලත්‍රයා | සීලවතී රඹුක්වැල්ල |
දරුවන් | 5 |
උගත් ශාස්ත්‍රාලය | Dharmaraja College, Kandy St. Anthony’s College, Kandy |
විලියම් ගොපල්ලව ලංකාවේ අවසාන අග්‍රාණ්ඩුකාරයා වු අතර, ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක නොවන ජනාධිපති ද විය. ( නාමික විධායක ) 1972 දි ලංකාව ජනරජයක් වු බවට පත්විමෙන් පසු ජනාධිපති ධුරයට පත් වු ඔහු අපක්ෂපාති හා ගෞරවනීය රාජ්‍ය නායකයෙකු ලෙස ද ප්‍රසිද්ධියට පත්වි ඇත.
ක්‍රි.ව. 1926 දී මාතලේ නගර සභා ඡන්දයෙන් ජයගත් ගොපල්ලව වසර 13 ක කලයක් සහ දිගට එහි සේවය කළේය. ඔහු මාතලේ නගර සභාවේ සභාපති ලෙස වසර පහක් සේවය කළ අතර එවකට සිටි ළාබලම සභාපතිද විය. 1936 මාතලේ ඡන්දයේ අසාර්ථක වුවද 1939 ද මහනුවර නගර සභාව ඇති කිරිමෙන් පසු එහි ප්‍රථම නගර සභා කොමසාරිස් වරයා ලෙස විලියම් ගොපල්ලව පත් විය. දෙවෙනි ලෝක යුද්ධය පැවති කාලය පුරාම ඔහු එම පදවිය දැරිය. 1951 දී කොළඹ නගර සභා කොමසාරිස් ලෙස සේවයට පත්වු ගොපල්ලව 1957 දි එම පදවියෙන් ඉල්ලා අස්විය.
1958 ජුනි 18 දා එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක රජය, චිනය රජය සම" තාතාපති සබදතා ඇති කරගත් අවස්ථාවේ චීන තානාපති ලෙස පත් කර යැවිණි. 1961 සැප් 7 දින සිට යලි කැදවු ඔහු ඇමරිකාවේ තානාපති ලෙස පත් කෙරිණ. 1962 වන තෙක් ඔහු එම තනතුර සිටි අතර එම වසරේ නැවත කැදවුයේ ලංකාවේ අග්රාණ්ඩුකාර ධුරය පිරිනමිනි. මෙම අග්‍රාණ්ඩුකාර ධුරය 1972 වන තෙක් දැරූ අතර ඔහුගේ කාර්ය භාරය වුයේ එංගලන්තයේ රැජිණයේ නියෝජිතයා ලෙස ලංකාවේ රාජ්යරය වෙනුවෙන් පෙනි සිටිමයි.
ලංකාවේ දෙවන අග්‍රාණ්ඩුකාරවරයා ද වු ඔහු ප්‍රථම බෞද්ධ අග්‍රාණ්ඩුකරු ද විය. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් එම පත්විම් සිදු කෙරිණි. 1965 මහ මැතිවරණයෙන් වැඩි පාර්ලිමේන්තු ආසන සංඛ්යා වක් හිමිකරගත් එක්සත් ජාතික පක්ෂයට රජයක් පිහිටුවිමට ආරාධනා කිරිමේ ව්යතවස්ථකාදායක තිරණය ඉතා වැදගත් විය.තමා අග්රාජණ්ඩුකාර ධුරයට පත් කරනු ලැබුවේ ශ්රි ලංකාවේ නිදහස් පක්ෂය මගින් වුවද, ජනතා මතයට ගරු කරන ඔහු ව්යාවස්ථානුකූලව එක්සත් ජාතික පක්ෂයට බලය පැවරිමට ගත් තිරණය අතිශයින් වැදගත් වුයේ නායකත්වය පිළිබදව ඇතිවිය හැකි ව තිබු විශාල ප්‍රශ්නයක්ද මගහරවාලමිනි.
1972 දී ලංකාව ජනරජයක් බවට පත් වු විට එහි ප්‍රථම ජනාදිපති ධුරයට පත් වුයේ ගොපල්ලව මැතිතුමාය. 1978 පෙබරවාරි මාසයේදි ජේ.ආර්. ජයවර්ධන මහතා ප්‍රථම විධායක ජනාධිපති ධුරයට පත්කරවිමෙන් පසු ගොපල්ලව සිය තනතුරින් ඉල්ලා අස්විය.