වළගම්බා රජ

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
වළගම්බා රජ
ශ්‍රී ලංකාවේ රජ
රාජ්‍ය සමයක්‍රි.පු. 103 ,ක්‍රි.පු. 89 සිට ක්‍රි.පු. 77
පූර්වප්‍රාප්තිකයාමහාරඨ්ඨක
අනුප්‍රාප්තිකයාමහකුලි මහතිස්ස
වල්ලභයාඅනුලාදේවිය
සෝමාදේවිය
සම්පූර්ණ නාමය
වඨ්ඨගාමිණි අභය

වළගම්බා හෙවත් වට්ඨ ගාමිණී අභය ( වළගම්බාහු ) ක්‍රි.පු. 103 සිට 77 දක්වා අනුරාධපුරය අග නගරය කර රාජ්‍ය කර වු ශ්‍රේෂ්ඨ සිංහල රජ කෙනෙකි. එතුමා රාජ්‍යයත්වයට පත් වි මාස 5 කට පසු කැරළි හා දකුණු ඉන්දිය ආක්‍රමණ හමුවේ පරාජයට පත් වි සිහසුන අහිමිවිය.[1] නමුත් වසර 14 කට පසු ආක්‍රමණිකයන් පරාජය කර නැවත සිහසුන ලබාගැනිමට එතුමාට හැකි විය. මාතලේ අළුවිහාරයේදි මුල්වරට ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරිම එතුමාගේ රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදුවු මහඟු ක්‍රියාවලියකි.(මේ සදහා ප්‍රාදේශීය පාලකයෙක් සහය වූ බව සදහන් වෙතත් වළගම්බා අනුග්‍රහය දැක්වූබවක් මහා වංශයේ නොදැක්වේ මෙය. විමසිය යුතු කරුනකි.බොහෝ දුරට වළගම්බාවන් සහය නොවූ බවට සාධක තිබේ.සහය වූවානම් ඒ සදහා මූලාශ්‍ර සැපයිම අවශ්‍ය වේ) ඒමෙන්ම විශාල වෙහෙර විහාර කරවිමටද එතුමා කටයුතු යොදන ලදි. ඒයින් අභයගිරි විහාරය හා rස්ථුපය රන්ගිරි දඹුළු රජමහා විහාරය ප්‍රධානියක් ගනි.සද්ධාතිස්ස රජු දුටුගැමුණු රජුගේ සහෝදරයා වේ. ඔහුට පුතුන් සිව් දෙනෙකු සිටියේය. එම පුතුන් පිළිවෙළින් ලජ්ජිතිස්ස, ථුලත්තන,ඛල්ලාඨනාග හා වට්ට ගාමිණී අභය (වළගම්බා) විය.සද්ධාතිස්ස රජු ක්‍රි.පූ.137 සිට 119 දක්වා වසර 18ක් රාජ්‍ය පාලනය කළේය. ඔහුගෙන් පසු ථුලත්තන රජු දින 40ක්, ලජ්ජිතිස්ස රජු වසර 10ක් බැගින් පාලනය කිරීමෙන් පසු ඛල්ලාඨනාග රජුට රජකම හිමිවිය.

වට්ට ගාමිණී අභය රජු " වළගම්බා " නමින් රජ වීම

ඛල්ලාඨනාග රජුගේන් පසුව රජකම හිමිවිය යුත්තේ වළගම්බා රජුට වුවද මහාරට්ඨ නැමැති සෙනෙවි කෙනෙකු විසින් ඛල්ලාඨනාග රජු මරා රාජ්‍ය පැහැර ගන්නා ලදි.

දින කිහිපයක් තුළ තම සොහොයුරා මැරූ පලිය ගත් වට්ට ගාමිණී අභය කුමරු මහාරට්ඨ සෙනෙවි මරා දමා වළගම් අභා හෙවත් වළගම්බා නමින් ක්‍රි.පූ. 103 දී පළමු වරට රජකමට පත් විය.

වළගම්බා රජුගේ අගමෙහෙසිය වූයේ සෝමා දේවියයි. පුතා මහානාග කුමාරයා වේ.


සිහසුනට පත් වීම[සංස්කරණය]

වළගම්බා රජු , සද්ධාතිස්ස රජුගේ හතර වෙනි පුතුයි. එතුමාගේ වැඩිමහල් සහෝදයන් වු ථුලත්තන , ලජ්ජිතිස්ස ( ලැමිණිතිස් ) , බල්ලාඨනාග යන රජවරුන් මෙතුමාට කලින් රාජ්‍යයත්වය දැරීය. බල්ලාඨනාග රජු මරා දමා මහාරක්කත නම් රජුගේ සෙනවියා සිහසුන පැහැරගෙන තිබුණි.වළගම්බා රජු සිහසුනට පත්වූයේ මහාරක්කත ඝාතනය කිරීමෙනි.

කැරළි හා ආක්‍රමණ[සංස්කරණය]

වළගම්බා රජු සිහසුනට පත්වන විට රටතුළ පැවතියේ ව්‍යාකූල දේශපාලන වතාවරණකි.රජුගේ පළමු රාජ්‍ය වර්ශය තුල රෝහණයේ නකුල ග්‍රාමයේ ථිය හෙවත් තිස්ස නම් බ්‍රහ්මණ වංශිකයකු සිහසුන පතා කැරැල්ලක් ඇතිකොට තිබේ.එම කාලයේදීම පංච ද්‍රවිඩ ආක්‍රමණය හෙවත් සප්ත ද්‍රවිඩ ආක්‍රමණය සිදුවිය.ද්‍රවිඩ ආක්‍රමණිකයන් හත් දෙනකුගේ නායකත්වයෙන් යුතු හත්දහසක සේනාවක් ලක්දිව ආක්‍රමණය කර තිබේ.මොවුන් වළගම්බා පරාජය කොට අනුරාධපුරයේ බලය අල්ලාගෙන තිබේ.

සත් ද්‍රවිඩ ආක්‍රමණය සහ තීය බ්‍රාහ්මණයාගේ කැරැල්ල

වළගම්බා රජු රාජ්‍යත්වයට පත්වී මාස 5ක පමණ කාලයක් ගතවූ පසු තිස්ස හෙවත් තීය නම් බ්‍රාහ්මණයෙකු විසින් රජුට එරෙහිව රුහුණු ප්‍රදේශයේ නකුල ග්‍රාමයේ කැරැල්ලක් ඇති කොට විශාල ව්‍යසනයක් සිදු කරන ලදි.

පැරණි ඉතිහාස ග්‍රන්ථවලට අනුව ඒ වන විටත් තීය බ්‍රාහ්මණයා විසින් වසර 16ක් ලංකාවේ රුහුණු ප්‍රදේශය පාලනයට නතු කරගෙන තිබුණි.

සත්ද්‍රවිඩ ආක්‍රමණය

තීය බ්‍රාහ්මණයාගේ කැරැල්ල අතරතුර ලංකාව ආක්‍රමණය කළ සත්ද්‍රවිඩයින්ගෙන් රජුට මහත් හිරිහැරයක් විය.රජු තීය බ්‍රාහ්මණයට සත් ද්‍රවිඩයින් පරාජය කළහොත් තම රාජ්‍යය ඔහුට දෙන බවට පවසා සිටියේය.රජුගේ සැලසුම වූයේ තීය බ්‍රාහ්මණයා මගින් සත් ද්‍රවිඩයින් පරාජය කොට ඉන්පසු තමා විසින් තීය බ්‍රාහ්මණයා මරා රජකම ගැනීමයි.( ඒ වන විට සත් ද්‍රවිඩයින් සහ ඔවුන්ගේ සත් දහසක හමුදාව පරාජය කිරීමට තරම් යුධ ශක්තියක් නොතිබූ බව රජුගේ මෙම උපායෙන් අපට පැහැදිලි වේ.) නමුත් රජුගේ උපාය අසාර්ථක වන්නේ සත් ද්‍රවිඩයින් විසින් තීය බ්‍රාහ්මණයා මරා තමාවද සිරගත කර රජකම අයිති කර ගැනීමට රජරට ප්‍රදේශයට පැමිණෙන බව රජුට දැනගැනීමට ලැබීමත් සමඟය.

වළගම්බා රජුගේ පසුබැසීම

මේ අනුව රජු ඇතුළු පිරිස අනුරාධපුරය අතහැර කන්ද උඩරටට පලා යද්දී පණ්ඩුකාභය රජු තැනවූ උතුරු දොරටුව අසල ආරාමයේ සිටි ජෛන ආගමික පූජකයකු වන ගිරි නම් නිඝණ්ඨයා රජු දැක "මහා කළු සිංහලයා පලා යනවා" යයි කෑ ගැසීය. එකෙනෙහිම රජු මෙසේ සිතුවේ ය. "මගේ රාජ්‍ය මට නැවත ලැබුණොත් මෙතැන විහාරයක් කරමි" අදිටන් කර ගත්තේ ය.

පස්සෙන් පන්නා ගෙන එන දෙමළ හමුදාවෙන් බේරීම පිණිස වළගම්බා රජු, එවකට ගැබ්බරව සිටි අනුලා බිසව, සෝමා දේවිය, මහානාග කුමරු, මහාචූලි මහාතිස්ස කුමරු හා රථය පදවන්නා යන සියළු පිරිස මලය දේශයට හෙවත් කන්ද උඩරටට පලා යන්නට විය.

රථයේ පිරිස වැඩි නිසා රථය සෙමෙන් ගමන් ගන්නට විය. මහාචූලි මහාතිස්ස කුමරු හා මහානාග කුමරු ආරක්ෂා කළ යුතුය. ගැබ්බරව සිටි අනුලා බිසව රථයෙන් බැස්සවිය නොහැක. සෝමා දේවිය බැස්සවීමට ද රජුට නොහැකිය. දෙමළ හමුදාව ලග ලගම එයි. රජු ව්‍යාකූලත්වයට පත් විය.

ඒ බව වටහා ගත් සෝමා දේවිය රථයෙන් බැසීමට ඉදිරිපත් විය. සෝමා දේවිය රථයෙන් බැස්සා ය. රථය වේගයෙන් ගමන් කරන්නට විය. සොළී හමුදාවේ සත් ද්‍රවිඩයින්ගෙන් එක් අයෙක් සෝමා දේවියද තවත් අයෙක් පාත්‍රා ධාතුවද රැගෙන යළි ඉන්දියාවට ගියෝ ය.

ඉන් පසු නැවත සත් ද්‍රවිඩ ආක්‍රමණිකයන්ගෙන් ඉතිරි වී සිටින පස් දෙනා වන වූ පූලහත්ථ, බාහිය, පනයමාර, පිලියමාර හා දාඨික වළගම්බා රජුගේ පළා යාමෙන් පසු හිස් වූ රජකම සඳහා එකිනෙකා මරා ගනිමින් පිළිවෙළින් වසර 14කුත් මාස 7ක් මෙරට පාලනය කළෝය.

නැවත සේනා සංවිධානය කිරීම[සංස්කරණය]

වළගම්බා රජු ඇතුළු පිරිස නිරුපද්‍රිතව වෙස්සගිරි විහාරය අසල ඇති වනයට ඇතුළු විය. [ වෙස්සගිරි පුදබිම තවම නියමාකාරයෙන් හදුනා ගෙන නොමැති අතර රැස්වෙහෙර පුදබිම එම ස්ථානය වන්නට පුළුවනැයි කියා අනුමාන කරයි. ] එහිදී කුපික්කල තිස්ස තෙරුන් වහන්සේ වළගම්බා රජුට හමුවූ අතර උන්වහන්සේ විසින් පිණ්ඩපාතයෙන් රජු ඇතුළු පිරිසට ආහාර ලබා දෙන ලදි. එතැනින් පලාගොස් සල්ගල අසල මාතුවේලංග නැමැති ස්ථානයේ තනසීව නම් ජන ප්‍රධානියකුගේ නිවසේ සැඟවී සිටියේ ය. කුපික්කල තිස්ස තෙරුන් වහන්සේ එතැනටද පැමිණ රජුට උපස්ථාන කළේය.

වළගම්බා රජුගේ අනුලා බිසවත් තනසීව නම් ජන ප්‍රධානියාගේ බිරිඳත් අතර දිනක් ගැටුමක් ඇතිවිය. අනුලා බිසව ඒ අවස්ථාවේදී තමා රජ බිසවක් බව අමතක නොකළා ය. මේ බැව් රජුට දැන ගැනීමට ලැබුණි. එම අවස්ථාවේදී එම ස්ථානයට රජු පැමිණි අතර එම සුළු ගැටුම දුරදිග යාමෙන් වළගම්බා රජුට 14 වසරක් සේවය කළ තනසීව නම් ජන ප්‍රධානියා රජු විසින් මරා දමන ලදි.

ඉන්පසු රජු ලෙන් විහාරවල සැඟවී සිටිමින් සේනා සංවිධානය කළේය. රජු ඉතාමත් උත්සාහයෙන් සේනා සංවිධානය කරන අතරතුරේ රජු සිටි ලෙනේ එක් කොනක මකුළුවකු දැළක් වියනු රජු දුටුවේ ය. මකුළුවා කීප වතාවක් ම අසාර්ථක විය. නමුත් අවසානයේ ඌ සාර්ථක විය. එම දර්ශනයෙන් ප්‍රබෝධමත් වූ රජු වඩාත් මැනවින් සේනා සංවිධානය කරන්නට විය.




බාහිර සබැදි[සංස්කරණය]

වළගම්බා රජ
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
මහාරට්ඨක
අනුරාධපුර රජ
ක්‍රි.පු. 103 ,ක්‍රි.පු. 89 සිට ක්‍රි.පු. 77
අනුප්‍රාප්තික වූයේ
මහකුලි මහතිස්ස
  1. රතනසාර හිමි, කවුඩාගම්මන, බැමිණිතියා මහාසාගතය, කොළඹ, ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, 2021.
"https://si.wikipedia.org/w/index.php?title=වළගම්බා_රජ&oldid=490824" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි