ශ්‍රී ලංකාවේ භාෂා

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකාව ප්‍රධාන වශයෙන් සිංහල භාෂාව භාවිතා කරන රටකි. ශ්‍රී ලංකාව දිගු හා සංකීර්ණ ඉතිහාසයකට හිමිකම් කියන ජාතීන් ගණනාවක් ම ජීවත්වන රටක් නිසා භාෂා සහ උප භාෂා ගණනාවක් ඇත. අසල්වැසි ඉන්දියාව ඇතුළු පෘතුගාලය, නෙදර්ලන්තය, බ්‍රිතාන්‍ය සහ මැලේසියාව වැනි රටවල බලපෑම් ද ශ්‍රී ලංකා භාෂාව තුල දැකගත හැකි වෙයි.

භාවිතා වන භාෂා සහ උප භාෂා[සංස්කරණය]

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ වූ පුවරුවක දැක්වෙන සිංහල, දෙමල සහ ඉංග්‍රීසි බසින් වූ විස්තර

සිංහල භාෂාව[සංස්කරණය]

ප්‍රධාන වශයෙන් සිංහල ජනතාව, නැගෙනහිර නොවන මරක්කල ජනතාව, වැදි ජනතාව, මැලේ ජනතාව සහ චීන සම්භවයක් සහිත ජනතාව විසින් භාවිතා කරයි. සිංහල භාෂාව පුරාණ බ්‍රාහ්මීය ප්‍රභවයන්ගෙන් සම්භවය වූ භාෂාවක් වෙයි

  • දකුණේ සිංහල උප භාෂාව
  • උඩරට සිංහල උප භාෂාව
  • වැදි උප භාෂාව
  • රජරට උප භාෂාව

දෙමළ භාෂාව[සංස්කරණය]

ප්‍රධාන වශයෙන් දෙමළ සහ මරක්කල ජනතාව විසින් භාවිතා කරයි

  • යාපනේ දෙමළ උප භාෂාව
  • වතුකර දෙමළ උප භාෂාව
  • නැගෙනහිර මරක්කල උප භාෂාව

මැලේ භාෂාව[සංස්කරණය]

ප්‍රධාන වශයෙන් ඉන්දුනීසියානු සම්භවයක් සහිත ජනතාව විසින් භාවිතා කරයි

ඉංග්‍රීසි භාෂාව (බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි උප භාෂාව)[සංස්කරණය]

ශ්‍රී ලංකාව තුළ ඉංග්‍රීසි භාෂාව වර්තමානය වන විට බහුලව භාවිතා වෙයි. ජාත්‍යන්තරය සමග බැඳෙන සූචක භාෂාව ලෙස ඉංග්‍රීසි භාෂාව පිලි ගැනේ.

මලයාලි භාෂාව[සංස්කරණය]

ප්‍රධාන වශයෙන් අහිකුණ්ඨීක ජනතාව විසින් භාවිතා කරයි

අප්‍රිකානු භාෂාවක්[සංස්කරණය]

සිරම්බිඅඩි ප්‍රාදේශයේ අප්‍රිකානු සම්භවයක් සහිත ජනතාව විසින් භාවිතා කරයි

1981 සංගනණය අනුව ශ්‍රී ලංකාව තළ භාෂාවේ ව්‍යාප්තිය

නෛතික භාෂා[සංස්කරණය]

  • ජාතික භාෂා - සිංහල සහ දෙමළ
  • රාජ්‍ය භාෂා - සිංහල සහ දෙමළ
  • සන්ධාන භාෂාව - ඉංග්‍රීසි
  • ඉගැන්වීමේ මාධ්‍යය - සිංහල භාෂාවෙන් හෝ දෙමළ භාෂාවෙන් අධ්‍යාපනය ලැබීමට හිමිකම ඇත.
  • පරිපාලන භාෂාව - සිංහල සහ දෙමළ
  • පොදු ලේඛන තබාගැනීමේ භාෂාව - සිංහල භාෂාව හෝ දෙමළ භාෂාව හෝ ජනාධිපතිවරයා විසින් විධානකරන වෙනත් භාෂාවක්
  • නීති පැනවීමේ භාෂාව - සිංහල සහ දෙමළ (ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනයක් ද සහිතව)
  • අධිකරණයේ භාෂාව - සිංහල හෝ දෙමළ හෝ එම භාෂා දෙක ම
"https://si.wikipedia.org/w/index.php?title=ශ්‍රී_ලංකාවේ_භාෂා&oldid=533252" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි