රුහුණු රාජධානිය
Jump to navigation
Jump to search
![]() | මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත. කරුණාකර මෙම ලිපිය විශ්වාස කළ හැකි මූලාශ්‍ර උපුටා දක්වනවමින් වැඩි දියුණු කිරීමට උදව් වන්න. මූලාශ්‍ර රහිත කරුණු අභියෝගයට ලක්වීමට හා මකා දැමීමට ඉඩ ඇත. |
රුහුණු රාජධානිය (කෙටියෙන් රුහුණු රට) මහවැලි ගඟට දකුණින් පිහිටි භූමි ප්‍රදේශය අතීතයේ හැඳින්වූ නාමයයි. එහි බොහෝ විට ස්වදේශීය ජනයා වාසය කළේය. නමුත් මහානාග රජ විසින් රුහුණේ මාගම රාජ්‍යය ආරම්භ කළේය. පසුකාලීනව කතරගම ප්‍රදේශයද මාගම, කාවන්තිස්ස රජගේ පියා වූ ගෝඨාභය රජ මාගම රාජ්‍යය වෙත ඈදා ගත්තේය. ඒ වනවිට රුහුණ තුළ මාගම රාජ්‍යය හැර කැළණි රාජ්‍යය (කැළණිය), ගිරි රාජ්‍යය (මහියංගනය අසල), සේරු රාජ්‍යය (සේරුවාවිල) ලෙස තවත් ප්‍රාදේශීය රාජ්‍ය තුනක්ද විය. නමුත් කාවන්තිස්ස රජ විසින් ආවාහ, විවාහ, ආගමික යන උපක්‍රම මගින් වෙන්ව තිබු මෙම රාජ්‍ය එක්කොට රුහුණ එක්සත් කළේය.