දඹදෙණිය

විකිපීඩියා වෙතින්

දඹදෙණිය යනු වයඹ පළාතෙහි පිහිටි අතිශය පුරා විද්‍යාත්මක වැදගත් කමක් ඇති නගරයෙකි. කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් වන මෙය කුරුණෑගල නගරයේ සිට කිලෝ මීටර් 31ක් පමණ දුරින් පිහිටා ඇත.දඹදෙනි යුගය සිංහල සාහිත්‍යයෙහි ස්වර්ණමය යුගයක් සේ සැලකේ.

ඉතිහාසය[සංස්කරණය]

දඹදෙණිය ලංකාවේ අග නුවර බවට පත් වූයේ දහතුන් වන සියවසෙහිය. තුන්වන විජයබාහු රජතුමා ක්‍රිස්තු වර්ෂ 1232 දී දඹදෙණිය අගනුවර කරගෙන රාජ්‍යත්වයට පත් වීම මෙහි ආරම්භයයි. ඉන්පසු දෙවන පරාක්‍රමබාහු රජ, හතරවන විජයබාහු රජ හා පළමු බුවනෙකබාහු රජ පිළිවෙළින් එහි රාජ්‍යත්වයට පත් වූහ. ක්‍රිස්තු වර්ෂ 1272දී පළමුවන බුවනෙකබාහු රජතුමා තම රාජධානිය යාපහුවට ගෙන යාම දඹදෙණි යුගයේ අවසානය විය.

තුන්වන විජයබාහු රජතුමා විසින් කරවන ලද විජයසුන්දරාරාමය අද ද දක්නට ඇතත්, දඹදෙණිය රාජධානිය නම් හඳුනා ගත හැක්කේ නටබුන්වලින් පමණෙකි..

"https://si.wikipedia.org/w/index.php?title=දඹදෙණිය&oldid=534379" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි