ශ්‍රී ලංකාවේ අධිකරණය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී රටක අධිකරණයකට එරට පාලනයේ ප්‍රධානතම ස්ථානයක් හිමිවේ. ඕනෑම රාජ්‍යයක රාජ්‍ය මුලධර්ම වනුයේ ව්‍යවථාදායකය, විධායකය සහ අධිකරණයයි. 1978 ව්‍යවස්ථාවේ 105 වන වගන්තියට අනුව ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය දැනට ඇති ආකාරයට සකස් විය.

Balance justice


1978 ව්‍යවස්ථාවට අනුව , මෙරට අධිකරණය ආයතන තුනකින් සමන්විත විය

  1. ශ්‍රී ලංකා ජන රජයේ ශ්‍රේෂ්ඨාධිකරණය
  2. ශ්‍රී ලංකා ජන රජයේ අභියාචනාධිකරණය
  3. ශ්‍රී ලංකා ජනරජයේ මහාධිකරණය සහ පාර්ලිමේන්තුව විසින් කලින් කලට පිහිටුවාගත හැකි වෙනත් විනිශ්චය අධිකාරී ඇති ආයතන (සමත මණ්ඩලය වැනි)

නීති පැනවීම සහ නීති සම්බන්ධ තීරණ ගැනීමේ දී පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරගත යුතුය.

ඉතිහාසය[සංස්කරණය]

සෝල්බරි ආණ්ඩුක්‍රමයට අනුව පිහිටුවනු ලැබූ අධිකරණ ක්‍රමය බ්‍රිතාන්‍ය ක්‍රමයට සමාන විය. මෙහිදී ඇමති මණ්ඩලයේ උපදෙස් පරිදි අග්‍රාන්ඩුකාර තුමා ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර වරුන් පත්කළයුතුය. පහල උසාවි වල විනිශ්චයකාර වරුන් පත් කරන්නේ අධිකරණ සේවා කොමිසන් සභාව විසිනි. අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරනු වස් අධිකරණ ඇමති වශයෙන් දේශපාලන කටයුතු වල නොයෙදුන නීතිවේදියෙකු පත්කරගනියි. මොහු බොහෝදුරට සෙනෙට් මන්ත්‍රී වරයෙකි. නමුත් 1971 දී සෙනෙට් මණ්ඩලය අහෝසි කිරීම නිසා අධිකරණ ඇමති ජාතික රාජ්‍ය සභාවෙන් ද 1978 ට පසු පාර්ලිමේන්තුවෙන් ද පත්කරන ලදී.

1973 දී අහියාචනා උසාවිය සහ ගම්සභා උසාවි අහෝසි කරන ලදී. නමුත් 1978 දී නැවතත් අභියාචනා උසාවි පිහිටුවිය. මේ අනුව 1978 ව්‍යවස්ථාව යටතේ ශ්‍රී ලංකාවේ ඉහලම උසාවිය ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය නම් කරන ලද අතර අපරාධ අධිකරණ බලතල ක්‍රියා කිරීම සඳහා මහා අධිකරණයක් ද පිහිටුවනු ලැබීය. මෙරට උසස්ම අධිකරණ දෙකට එම අධිකරණ වලදී හෝ පිටස්තර තැනකදී අපහස කළහොත් එම තැනැත්තා බන්ධනාගාර ගත කලහැකිය.

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන් ඉවත් කිරීමේ බලතල ජනාධිපති තුමාට හෝ ඔහුගේ අනුමැතිය නැතිව වුවත් පාර්ලිමේන්තුවේ වැඩි බහුතරය සහිතව කල හැකිය.

ශ්‍රේෂ්ඨාධිකරණය[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ උසස්ම සහ උත්තරීතරම අධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණයයි. මෙහි විනිශ්චයකරවරුන් හයකට නොඅඩු සහ දහයකට නොවැඩි සංඛ්‍යාවක් ඇති අතර ඔවුන් පත් කරන්නේ ජනාධිපති තුමා විසිනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අර්ථ නිරුපනය කිරීමේ පුර්ණ අයිතිය ශ්‍රේෂ්ඨාධිකරණය සතුවේ. ජනාධිපති වරයෙකුට එරෙහිව ඉදිරිපත්වන දෝෂාභියෝගයක් සම්බන්ධ පරීක්ෂා කිරීමේ අයිතියද ශ්‍රේෂ්ඨාධිකරණය වතු වූ නමුත් විධායක ජනාධිපති බලතල යටතේ පසුව එය අහෝසි විය.

බලතල

  1. මුලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම
  2. පනත්කෙටුම්පත් වල ව්‍යවස්ථානුකුලත්වය තහවුරු කිරීම
  3. අවසාන අභියාචනාධිකරණ බලතල
  4. උපදේශක අධිකරණ බලය
  5. ජන්ද පෙත්සම් නඩු සම්බන්ධ අධිකරණ බලය
  6. පාර්ලිමේන්තු වරප්‍රසාද සම්බන්ධ බලය
  7. පාර්ලිමේන්තුව විසින් පවරනු ලබන හෝ නියම කරනු ලබන වෙනත් බලතල ක්‍රියාත්මක කිරීම

අභියාචනාධිකරණය[සංස්කරණය]

පහල උසාවි වල නඩු තීන්දු වලට විරුද්ධව ඉදිරිපත් කරන නැවත සමීක්ෂණ නඩු විභාග කිරීම මෙහි ප්‍රධානතම ක්‍රියාවයි. අභියාචනාධිකරණ නඩු තීන්දු වලට විරුද්ධව යා හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණයි. මෙහි විනිශ්චය කාරවරුන් හයකට නොඅඩු සහ එකොළහකට නොවැඩි ප්‍රමාණයක් ඇති අතර ඔවුන් පත්කිරීමේ බලය ජනාධිපති සතුය. මෙම අධිකරණය මගින් නියෝග නිකුත් කිරීම කළහැකි වන අතර පහල උසවුයක් විසින් දෙනුලබන තීන්දුවක් වෙනස් කල හැකියි.

මහාධිකරණය[සංස්කරණය]

ආරම්භයේදී අධිකරණය ලෙස සලකු මෙම ආයතනය මගින් අපරාධ අධිකරණ බලතලද සහිතව මහාධිකරණය ලෙස ක්‍රියාත්මක වෙයි. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව යුක්තිය පසිඳලීම සඳහා මුල් අවස්ථා උසාවි පහක් පිහිටුවන ලදී.

  1. මහාධිකරණය
  2. දිසා උසාවි
  3. පවුල් උසාවි
  4. මහේස්ත්‍රාත් උසාවි
  5. ප්‍රාථමික උසාවි

ශ්‍රී ලංකාව තුල කර තිබෙන වරදක් හෝ මෙරට ගුවන් තලයේ හෝ ජල තීරය තුල කරතිබෙන වරදවල් මහා අධිකරණය විසින් විභාග කොට තීරණය කල යුතුය.

මුලාශ්‍ර[සංස්කරණය]

දණ්ඩ නීති සංග්‍රහය

නන්ද රණවීර, විසිවන ශත වර්ෂයේ මෙරට ආණ්ඩු ක්‍රමය (1900-1994), එම්.ඩී. ගුණසේන සහ සමාගම 1995, ISBN 955-21-0714-8

"https://si.wikipedia.org/w/index.php?title=ශ්‍රී_ලංකාවේ_අධිකරණය&oldid=182861" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි