සිංහබාහු රජ

විකිපීඩියා වෙතින්

සිංහබාහු විජයගේ පියා වූ අතර සිංහපුර රජු විය.

ශ්‍රී ලංකාවේ ඓතිහාසික ලේඛනයක් මහාවංශයහි ලේඛනගත කොට ඇති ජනප්‍රවාදය අනුව,සිංහබාහුගේ පියා සිංහයෙක් වූ අතර ඔහුගේ මව වංග(වගු රට) කුමාරිකාවක් වූවාය. ඔහුගේ අත් සහ පා සිංහයෙකුගේ පය මෙන් විය. ඔහුට සිංහසීවලී නමින් සොහොයුරියක් විය.

සුප්පා දේවිය සිය පිරිවර සමගින් වනය මැදින් ගමන් කරද්දී මෙම සිංහයා පැමිණ පිරිවර පලවා හැර කුමරිය සිය පිට මත තබා වන වැදුනු බව කියති. පසුව මෙම සිංහයා ඉමහත් ආදරයෙන් කුමරිය රැක බලා ගත් බවද ඔහුට දාව සිංහබාහු හා සිංහසීවලී යන දෙදරුවන් උපන් බවද ජනප්‍රවාදයන්හි කියැවේ. තම බිරිඳට හා දරු දෙදෙනාට ඇවැසි සියළු දේ සිංහයා විසින් සැපයූ නමුදු ඔවුන් හට සිංහ ගුහාවෙන් පිටතට යෑම තහනම් විය.සිය පුතා වැඩිමහළු වූ කල සිංහ ගුහාව විසල් ගලකින් අහුරා සිංහ තෙම කෑම සපයා ගැනීම උදෙසා පිටත්වූ බව පැවසේ.

සිංහබාහු හට වයස දහසයක් වූ කල විසල් ගල පෙරලා තම මව හා සෙහොයුරිය සමග වංග දේශයේ අගනුවර වෙත පලා ගිය බව පැවසේ. පළමුව අතිශය දුකට පත්වූ සිංහයා පසුව වියරු වැටී ගම් නියම් ගම් පැන මිනිසුන් මරා දැමීමට පටන් ගෙන ඇත. සිංහයා මැරීමට කිසිවකු සමත් නොවූ කල සිංහබාහු ඉදිරිපත් වීළු. පුතු දුටු කල සිංහයා සෙනෙහසින් ඉදිරියට පැමිණි කල, සිංහබාහු තම දුන්නෙහි තැත මුදවා හැරීය. පළමු දෙවැනි හී පහර දෙකම සිංහයාගේ ස්නේහය නීසාවෙන්ම නලලත වැදී බීම වැටිණි. පසුව සිංහයා කිපුණේය. තුන්වන හී සර සිංහයාගේ හදවත පසාරු කලේය.එම "වීර" ක්‍රියාවට වංග දේශයේ කිරුළ සිංහබාහුට පිරිනැමුනු බව කියැවේ.

මෙය නිෂ්ප්‍රභා කල ඔහු, තම මවගේ ජන්ම භූමිය වන wangu රටෙහි සිංහපුර නමින් නව පුරවරයක් පිහිටුවා සිංහසීවලී ආවහ කොට ගෙන ජීවත් වීළු. ඔවුනට දරුවන් තිස් දෙදෙනෙකු ලැබුනු අතර, වැඩිමහල්ලා විජය වූ අතර සුමිත්ත දෙවැන්නා විය.

See also[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=සිංහබාහු_රජ&oldid=626342" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි