දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය |
---|
 ධජය |
නාමය | தமிழீழ விடுதலைப் புலிகள் |
---|
වෙනත් නම් | කොටි, එල්ටීටීඊය |
---|
Major actions | 5 මැයි 1976 (1976-05-05) – 19 මැයි 2009 (2009-05-19) |
---|
නායක(යෝ) | වේළුපිල්ලේ ප්රභාකරන් (1976 - 2009) |
---|
අභිප්‍රාය | ශ්‍රී ලංකාවේ උතුරු පළාත සහ නැගෙනහිර පළාත ඒකාබද්ධ කොට ස්වාධීන රාජ්‍යයක් ගොඩනැගීම |
---|
මතවාදය | දෙමළ ජාතිවාදය බෙදුම්වාදය |
---|
අති මහත් සංඛ්‍යාවකි |
සැළකිය යුතු ප්‍රහාර | අති මහත් සංඛ්‍යාවකි |
---|
තත්වය | අක්‍රීය. 2009 වසරේ මැයි මසදී යුධමය වශයෙන් පරාජය විය.[1] |
---|
ප්‍රමාණය | 18,000 (2004 දී) |
---|
වාර්ෂික ආදායම | ඇමරිකානු ඩොලර් මිලියන 200–300 පමණ .[2][3] |
---|
ආදායම් මූලාශ්‍ර | විදේශීය දෙමළ ජනයාගේ ආධාර, ත්‍රාසාද්ග්‍රහණය,[4] අවි ආයුධ වෙළඳාම, යටත් ප්‍රදේශ වලින් බදු අය කිරීම |
---|
වෙබ් අඩවිය | eelam.com (දැන් ක්‍රියා විරහිත ය) |
---|
දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (ඉංග්‍රීසි: 'Liberation Tigers of Tamil Eelam', දෙමළ: தமிழீழ விடுதலைப் புலிகள், ISO 15919: tamiḻ īḻa viṭutalaip pulikaḷ; පොදු ව්‍යවහාරයෙහි එල්ටීටීඊ හෝ කොටි ලෙසින් වැහැරෙයි) පෙරදී ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ක්‍රියාත්මක වූ බෙදුම්වාදී සංවිධානයකි.
මෙම සංවිධානයේ අරමුණ වුයේ ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පළාත් තුල ස්වාධීන දෙමළ ඊලම් රාජ්‍යයක් බිහි කිරීමයි. මේ සඳහා ඔවුන් බෙදුම්වාදී සන්නද්ධ අරගලයක් ඇරඹූ අතර එය වසර තිහක් ඉක්මවූ ආසියාවේ දීර්ඝතම ගැටුමක් බවට පත් විය. ශ්‍රී ලංකාව මෙම සංවිධානයෙහි සහ යුධමය ක්‍රියාකාරකම් 2009 මැයි මාසයේදී ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා විසින් පරාජය කරන ලදී.
සංවිධානයේ බලයේ උපරිම කාලසීමාව තුල ඔවුනට මනා ලෙස සංවිධිත ගරිල්ලා හමුදාවක් තිබු අතර ලාංකීය හා ඉන්දියානු දේශපාලන නායකයන් ඉලක්ක කරගැනුම් ඇතුළු ප්‍රහාර ගණනාවක් එල්ල කිරීමට ඔවුන් සමත් වූහ. ජනාධිපති රණසිංහ ප්‍රේමදාස, ඉන්දීය අගමැති රජීව් ගාන්ධි යන්නවුන් මොවුන් අතින් ඝාතනය වූ ඉහල පෙලෙහි රාජ්‍ය නායකයන්ගෙන් සමහරෙකි. කොටි සංවිධානය රටවල් 32 ක තහනමට ලක් වූ සංවිධානයක් වුව ද යුරෝපයේ හා ඇමරිකාවේ දෙමළ ඩයස්පෝරාව (විසිරිතය) මගින් ලැබුණු සහය ඔස්සේ කටයුතු කෙරුණ අතර සංවිධානයේ ආරම්භයේ සිට අවසානය දක්වා වේළුපිල්ලේ ප‍්‍රභාකරන් එහි නායකයා වශයෙන් කටයුතු කරන ලදී.
යුද්ධය පැවතී කාලසීමාව පුරා උතුරු නැගෙනහිර ප්‍රදේශ වල සැලකිය යුතු ප්‍රමාණයක් ඔවුන් විසින් පාලනය කරන ලදී. මෙම කාලසීමාව තුල එල් ටි ටි ඊ සංවිධානය ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා සමග භයානක ගැටුම් වලට මුහුණ දුනි. සිවු වතාවක් සාම සාකච්ඡා වලට සහභාගී වූ එල් ටි ටි ඊ ය සිවු වතාවේම එම සාකච්ඡා වලින් ඉවත් විය. 2002 සාම සාකච්ඡා වලට සහභාගී වන විට ඔවුන් විසින් වර්ග කිලෝ මීටර 15000 ක බිම් කඩක් පාලනය කරන ලදී. 2006 සාම සාකච්ඡා බිඳ වැටීමත් සමග ශ්‍රී ලංකා හමුදා දියත් කරන ලද හමුදා මෙහෙයුමෙන් පසුව මුළු දිවයිනම ලංකා රජයේ පාලනයට නතුවූ අතර එල්.ටි.ටි.ඊ. සංවිධානය යුධමය වශයෙන් පරාජයට ලක් විය. එල්.ටි.ටි.ඊ. සංවිධානය මැයි මස 17 වන දින තම පරාජය නිල වශයෙන් පිළිගත් අතර මැයි මස 19 වන දින ප්‍රභාකරන් ශ්‍රී ලංකා හමුදාවන් විසින් ඝාතනය කරන ලදී. ඉන් පසු සෙල්වරාසා පත්මනාදන් (රණ නාමය : කේ.පි) නායකත්වයට පත් වූ නමුත් ශ්‍රී ලංකාව විසින් ඔහුව අත්අඩංගුවට ගන්නා ලදී.
1976 දී වේළුපිල්ලේ ප‍්‍රභාකරන් විසින් ආරම්භ කෙරිනි.
ඉන්දීය සාම හමුදා යුගය[සංස්කරණය]
පශ්චාත් ඉන්දීය සාම හමුදා යුගය[සංස්කරණය]
2001 සාම සාකච්ඡා[සංස්කරණය]
කොටින්ට එල්ලකළ ප්‍රහාරයන්[සංස්කරණය]
අනු අංකය
|
දිනය
|
දියත් කරන ලද්දේ
|
ප්‍රහාරය
|
ස්ථානය
|
මුලාශ්‍ර
|
1
|
1993 ජනවාරි 16
|
ශ්‍රීලංකා නාවික හමුදාව
|
පේදුරුතුඩුව මුහුදේදී ශ්‍රීලංකා නාවික හමුදාව විසින් "MV Ahat " නමැති කොටි ත්‍රස්තවාදීන්ගේ නැවක් විනාශ කිරීම.
|
පේදුරුතුඩුව මුහුදේදී
|
|
2
|
1996 ජුලි 19
|
ශ්‍රීලංකා ගුවන් හමුදාව
|
මුලතිවු මුහුදේදී කොටි බෝට්ටු 100 කට අසන්න ප්‍රමාණයක් විනාශ කෙරිණි.
|
මුලතිවු මුහුද
|
|
3
|
2009 අප්‍රේල් 3
|
විශේෂ කාර්ය බලකාය
|
විශේෂ කාර්ය බලකාය අම්පාරේ ලාහුගලදී එල්ල කල ප්‍රහාරයකින් ප්‍රමාදන් මාස්ටර් නමැති ප්‍රස්ත නායකයා ඇතුළු කොටි ත්රස්තවාදීන් 13 දෙනෙකු මරාදැමීම.
|
අම්පාර ලාහුගල
|
|
4
|
1991 මාර්තු 25
|
යුදහමුදාව
|
මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ නායකත්වයෙන් දියත් කල "ටයිගර් වේවුස්" මෙහෙයුමෙන් කොටි ත්රස්තවාදීන් 408 දෙනෙකු මරාදැමීම.
|
-
|
|
5
|
1990 ජුලි 14
|
යුද හමුදාව
|
1990 ජුලි 14 දාසිට සැප්තැම්බර් 31 දක්වා වවුනියාවේ සිට මන්නාරම් පාරේ පුරවසම් කුලම් දක්වා ප්‍රදේශයේ බලය තහවුරු කරගැනීමට දියත්කල "බුෂ් අවි " මෙහෙයුමේදී කොටි ත්‍රරස්තවාදීන් 173 දෙනෙකු මරාදැමීම.
|
වවුනියාව
|
|
වත්මන් ක්‍රියාකාරකම්[සංස්කරණය]
වෙනත් ත්‍රස්තවාදී සංවිධාන හා සබඳතා[සංස්කරණය]
වෙනත් ත්‍රස්තවාදී සංවිධාන එල්.ටි.ටි.ඊ උපක්‍රම භාවිතය[සංස්කරණය]
R.premadasa
Rajiv gandooo
Alfred Duraiappah
Aranthalawa Bikshun
මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර[සංස්කරණය]
මානව හිමිකම් උල්ලංඝනය[සංස්කරණය]
සිවිල් වැසියන් ඉලක්ක කරගත් ප්‍රහාර[සංස්කරණය]
ළමා සොල්දාදුවන්[සංස්කරණය]
ජන සංහාර (වර්ග ඝාතනය)[සංස්කරණය]
මොවුන් විශාල සිංහල දමිළ මුස්ලිම් මිනිසුන් ඝාතනය කරන ලදි ඒ මරාගෙන මැරෙන බොම්බ,ක්ලෙමො බොම්බ ,කපා කෝටා හා කුඩා ළමුන් යෝදා ගෙනය.මේ කුරිරැ ත්‍රස්තවාදී සංවිධානය වැඩි වශයෙන් යොදා ගනුලැබුවේ වයස 11-15 අතර කුඩා ලමුන් වේ.
කුඩා ළමුන් සොල්දාදුවන් ලෙස යොදවා හමුදා ව පරාජයට පත් කීරීමට උත්සාහ කර ඇත ඒ LTTE නායකයන්ගේ ළමුන් පීටරට සැප විදින අතරය.කුඩා ළමුන් බලහත්කාරයෙන් ගෙන ගොස් යුද පුහුණු වක් ලබාදී යුද්ද කීරීමට යවන ලදී. LTTE සංවිදානය වීසින් ශ්‍රි ලංකාවේ ප්‍රදාන මර්මස්ථාන වන මහ බැංකුව,ගුවන් තොටුපල දුමරිය ස්ථාන හා බස් රථ වලටද ප්‍රරහාර එල්ල කරන ලදි.මේ සදහා ක්ලේමො බෝම්බ හා මරාගෙන මැරෙන බොම්බ ප්‍රහාර ප්‍රදාන විය.ඉතා සාහසික ලෙස මොවුන් අහින්සක මිනිසුන් ඝාතනය කරන ලදි
ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස තහනම් කිරීම[සංස්කරණය]
ලංකාව තුල මොවුන් 2009 මැයි 18 දින යුදමය වශයෙන් පරාජය කරන ලද්දේ හිටපු ජනාදිපති වරයෙකු වන මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ නායකත්වයෙන් හා තිුවිධ හමුදා සෙබලුන්ගේ කැපවීම නිසාය.බටහිර රට වල්(USA,එක්සත් රාජධානිය,නොර්වේ)හා ශ්‍රි ලංකාවේ සමහර දේශපාලනය කරන උදවිය(රනිල් වික්‍රමසිංහ-තොප්පිගල කියන්නෙ කැලයක්,රවී කරුනානායක-කිලිනොව්චි යනවා කියාල යන්නේ මැදවච්චි ලක්ශ්මන් කිරිඇල්ල-යුද්ධ කරන්න ඕනා ගොනෙකුට පුලුවන් )
හා NGO වල අපහාස විධදාරා ගනිමින් ය.යුද්ධය අවසාන කීරීමෙන් පසු ලංකාව තුල LTTE සංවිධානය තහනම් කෙරිනි.එතැන් සිට වර්ථමානය දක්වා මෙය ක්‍රියාත්මක වේ.
මුහුදු කොල්ලකෑම[සංස්කරණය]
නීති විරෝධී සංක්‍රමණ[සංස්කරණය]
දකුණු ඉන්දියාව,ඇමරිකාව,කැනඩාව,ස්විඩනය