කුරුඳු

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
සිනමෝමම් වේරම් (Cinnamomum verum) ශාකයේ කුරුඳු දඬු, කුඩු, සහ වියලි මල්
අමු කුරුඳු

කුරුඳු (/ˈsɪnəmən//ˈsɪnəmən/ SIN-ə-mənSIN-ə-mən) යනු සිනමෝමම් (Cinnamomum) කුලයට අයත් ශාක විශේෂ කිහිපයක අභ්‍යන්තර පොත්තෙන් ලබා ගන්නා කුළුබඩුවකි. පැණි රසැති මෙන්ම සැරැති ආහාර සඳහා ද කුරුඳු භාවිතා කරනු ලැබේ. “cinamon” යන පදය එහි මද දුඹුරු පැහැය ද අදහස් කරනු ලැබේ.

ඇතැම් විට, සිනමෝමම් වේරම් (Cinnamomum verum) සත්‍ය කුරුඳු ලෙස සලකන නමුදු ජාත්‍යන්තර වානිජයෙහි භාවිතා වන කුරුඳු ව්‍යුත්පන්න වනුයේ "සත්‍ය කුරුඳු" වලින් වෙනස් වන, එවැනි විශේෂයක් වන කැෂියා වලිනි.[1]

ඇතැම් විට, කුරුඳු යනු ශාක විශේෂ ගණනාවක් සහ ඒ මඟින් නිපදවනු ලබන වාණිජ කුළුබඩු නිෂ්පාදන සඳහා යෙදෙන නාමය වේ. සියල්ලම Lauraceae වර්ගයේ, Cinnamomum කුලයෙහි සාමාජිකයන් වෙයි. සිනමෝමම් (Cinnamomum) විශේෂ කිහිපයක් පමණක් වාණිජ වශයෙන් කුළුබඩු සඳහා වගා කරනු ලැබේ.[2]

නිරුක්ති විද්‍යාව[සංස්කරණය]

15 වැනි සියවසේ සිට ඉංග්‍රීසි භාෂාවේ භාවිතා වන වචනයක් වන සිනමන් පැවත එනු ලබනුයේ ලතින් හරහා වූ ග්‍රීක κιννάμωμον kinnámōmon(පසුකාලීන kínnamon) සහ මධ්‍යතන ප්‍රංශ අතරමැදි ආකාර වලිනි.

කැෂියා(cassia) යන නාමය ප්‍රථමයෙන් ක්‍රි.ව.1000 දී පමණ  ඉංග්‍රීසි භාෂාවේ වාර්තා වී ඇති අතර තවද ලතින් භාෂාවෙහි “කඳ සූරා ඉවත්කිරීම” යන්නෙන් අරුත් ගැන්වූ ක්‍රියාපද ආකාරයක් වන Hebrew q'tsīʿāh, මඟින් ක්‍රමයෙන් විකසනය වී ඇත.

ඉතිහාසය[සංස්කරණය]

කොහ්ලර් ගේ Medicinal-Plants (1887) හි ඇති සිනමෝමම් වෙරම් (Cinnamomum verum)

ඈත අතීතයේ සිටම කුරුඳු පිලිබඳ ජනයා දැනසිටියහ. ක්‍රි.ව. 2000 හි මුල් අවදියේ දී එය ඊජිප්තුව ට ආනයනය කර ඇති නමුදු චීනෙන් පැමිණි අයෙකු විසින් එය වාර්තා කර ඇත්තේ කැෂියා යන්නට වරදවා වටහා ගනිමිනි.[3] කාලීන රජවරු මෙන්ම දෙවිවරු සඳහාද සුදුසු ත්‍යාගයක් ලෙස සලකන ලද්දක් බැවින් කුරුඳු පුරාණ ජාතීන් අතර ඉතා වටිනාකමින් යුක්තකි. Apollo සහ Miletus යන ආශ්‍රම සඳහා ත්‍යාග වශයේ ලබා දුන් කුරුඳු සහ කැෂියා මේ සඳහා කදිම නිදසුනකි. කුළු බඩු වෙළඳාම් හසුරුවනු ලැබූ අතරමැදියන් විසින් සැපයුම්කරුවන් ලෙස ඔවුන්ගේ ඒකාධිපතිත්වය රැකගැනුම පිණිස එහි මූලාශ්‍ර මධ්‍යධරණී ලෝකයෙන් අභිරහසක් කොට තැබුවද කුරුඳු යන්න ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංගලාදේශය සහ බුරුමය යන රටවලට ලාක්ෂණික වේ.

කැෂියා යන්නට පළමු ග්‍රීක යොමුව ක්‍රි.ව. 7 වන සියවසේ පමණ සැප්පෝ (Sappho) විසින් රචිත කාව්‍යක සඳහන් වේ. හීරෝඩෝටස්ට අනුව, කැෂියා සහ කුරුඳු යන දෙවර්ගයම සුවඳ දුම් සහ සුවඳ ලාටු මැදිකොට පියාඹන සර්පයන් විසින් ආරක්ෂා කරමින් අරාබියෙහි දී වගා කර ඇත. ෆීනික්ස් විසින් තම කැදැල්ල කුරුඳු සහ කැෂියා වලින් සාදන බවට ප්‍රකට කරුණකි. හීරොඩොටස් සඳහන් කර ඇති පරිදි කැෂියාහි නිජභූමිය ලෙස අනෙකුත් ලෙඛකයන් විසින් විශ්වාස කල ඩියොනිසොස් (Dionysos), ග්‍රීසියේ නැගෙනහිර හෝ දකුණෙහි කිසියම් ප්‍රදේශයක පිහිටා ඇත.

පිලිස්සුම් සඳහා භාවිතා කල, කුරුඳු හා කැෂියා ඇතුළත් සුගන්දවත්, ඊජිප්තු වට්ටෝරුවක් වන කයිෆි (kyphi ), හෙලනිස්තික කාලයේ සිට භාවිතා කර ඇත. ඇතැම්විට, කැෂියා සහ කුරුඳු, මෙන්ම සුවඳ දුම්, සුවඳ ලාටු සහ ඉන්දියානු සුවඳ දුම් (kostos) අඩංගු ත්‍යාග, හෙලනිස්තික පාලකයන් විසින් පන්සල් වලට ලබා දී ඇති අතර ග්‍රීකයන්ද ඒ හා සමාන කාර්යයන් සඳහා එය භාවිතා කල බවට ඇතමෙකුට නිගමනය කල හැක.

වගාව[සංස්කරණය]

වල් කුරුඳු ශාකයක පත්‍ර

ලොව පුරා කුරුඳු හා කැෂියා වල සමස්ත වාර්ෂික නිෂ්පාදනය ටොන් 27,500 - 35,000 දක්වා ප්‍රමාණයක් වේ. මෙයින් C. verum ප්‍රමාණය නිෂ්පාදනයෙන් ටොන් 7,500–10,000 ක් වන අතර ඉතිරිය අනෙකුත් විශේෂ මගින් නිෂ්පාදනය කෙරේ. ලෝක සැපයුමෙන් 80–90% ක් ලංකාව නිෂ්පාදනය කලද එහි වැඩෙන එකම වර්ගය එය වේ. සී.වේරම්(C. verum) සීෂෙල්ස් සහ මැඩගස්කරයෙහි ද වගාකෙරේ. අනෙකුත් විශේෂයන්හි ලෝක නිෂ්පාදනයෙන් ටොන් 20,000–25,000 ක් පමණ ඉන්දුනීසියාව නිෂ්පාදනය කරන අතර එය සමස්තයෙන් තුනෙන් දෙකක ප්‍රමාණයකි. චීනයද සැලකිය යුතු මට්ටමේ නිෂ්පාදනයක් සිදුකරයි. ඉන්දියාව හා වියට්නාමය ද සුළු නිෂ්පාදකයන් වේ.

කුරුඳු, වසර දෙකක් වගා කර පසුව කොපිසය (coppicing) සිදු කරයි. කොපිසය යනු කඳ බිම් මට්ටමට කපා දැමීම වේ. අනුයාත වසරෙහි කැපූ තැන් වෙනුවට, මුල්වලින් නව රිකිලි ඇතිවේ. වැඩෙනා ශාක වලට Colletotrichum gloeosporioides, Diplodia විශේෂ., සහ Phytophthora cinnamomi (stripe canker) වැනි බොහෝ පලිබෝධ හානි ඇති විය හැක.

අස්වැන්න ලබාගත් වහාම තෙත් තත්වයේ පැවතියදී අභ්‍යන්තර පොත්ත සකස් කල යුතුවේ. කැපූ කඳන් සකසනු ලබනුයේ, පළමුව බාහිර පොත්ත සූරා, අනතුරුව අභ්‍යන්තර පොත්ත ලිහිල් කිරීම පිණිස අත්ත මිටියකින් සමාකාරව තැලීමෙනි.  අභ්‍යන්තර පොත්තෙන් මිලිමීටර 0.5 (අඟල්  0.02) ක් පමණක් භාවිතා කරන අතර පිටත දැවමය කොටස ඉවත් කෙරෙනු ලැබේ. සැකසූ පොත්ත සම්පූර්ණයෙන් වියලීම පිණිස හොඳින් වාතාශ්‍රය හා සාපේක්ෂව උණුසුම් පරිසරයක් තුළ පැය 4-6 ක් පමණ කාලයක් තබනු ලැබේ. හොඳින් වියලුනු පසු, විකිණීම සඳහා පොත්ත සෙ.මී. 5-10 (අඟල් 2-4) කැබලි වලට කපනු ලැබේ. පරිපූර්ණ වියලි පරිසර තත්වයක් තුළ මෙය සිදු නොකලහොත් කෘමි හානි ඇති වීමේ හැකියාව වැඩි වන අතර එසේ වුවහොත් ධුමකරණය වැනි ප්‍රතිකාරයන් කිරීමට අවශ්‍යවේ. එවැනි ප්‍රතිකාරයක් සිදුකළහොත් එහි ගුණාත්මක බව අඩු වීමට හේතුවේ.

ශ්‍රේණිගත කිරීම[සංස්කරණය]

ශ්‍රී ලංකා ශ්‍රේණිගත කිරීම් පද්ධතිය මඟින් කුරුඳු කූරු ආකාර හතරකට කොටස් කර ඇත.

  • අල්බා(Alba), විෂ්කම්භය මි.මී. 6 (අඟල් 0.24) ට වඩා අඩු
  • කොන්ටිනෙන්ටල්(Continental), විෂ්කම්භය මි.මී. 16 (අඟල් 0.63) ට වඩා අඩු
  • මෙක්සිකානු(Mexican) ,විෂ්කම්භය මි.මී.19 (අඟල් 0.75) ට වඩා අඩු
  • හැම්බර්ග්(Hamburg), විෂ්කම්භය මි.මී. 32 (අඟල් 1.3) ට වඩා අඩු

මෙම ප්‍රභේද තවදුරටත් ශ්‍රේණිගත කරනු ලැබේ. උදාහරණයක් ලෙස කුරුඳු කූරෙහි විෂ්කම්භය සහ කිලෝග්‍රෑමයක අඩංගු කූරු ප්‍රමාණය මත මෙක්සිකානු  ප්‍රභේදය M00 000 විශේෂ , M000000 සහ M0000 ලෙස විශේෂ ශ්‍රේණිගත කිරීමක් තවදුරටත් සිදු කළ හැක.

මි.මී.106(අඟල් 402) කට වඩා දිගැති ඕනෑම පොතු කොටසක් කුරුඳු කූරු ලෙස වර්ගීකරණය කෙරේ.

විශේෂ[සංස්කරණය]

වම්පසින් සිලෝන් කුරුඳු (Cinnamomum verum) හි කුරුඳු කූරු , සහ දකුනුපසින් ඉන්දුනීසියානු කුරුඳු (Cinnamomum burmannii)  හි කුරුඳු කූරු

බොහෝ විට විශේෂ ගණනාවක් කුරුඳු ලෙස විකිණේ.

  • Cinnamomum cassia (කැෂියා හෝ චීන කුරුඳු, වඩාත් පොදු වාණිජ වර්ගය)
  • C. burmannii (කොරින්ජෙ(Korintje), පදන් කැෂියා (Padang cassia), හෝ ඉන්දුනීසියානු කුරුඳු)
  • C. loureiroi (සයිගොන්(Saigon) කුරුඳු, වියට්නාම් කැෂියා, හෝ වියට්නාම් කුරුඳු)
  • C. verum (ශ්‍රී ලංකානු කුරුඳු හෝ සිලෝන් කුරුඳු )
  • C. citriodorum (මලබාර් කුරුඳු)
  • C. tamale (ඉන්දියානු කුරුඳු)



මහේක්ෂීය හා අන්වීක්ෂීය ලක්ෂණ දෙවර්ගයම අනුව මෙම විශේෂ වල පොතු පහසුවෙන් හඳුනා ගත හැක. සිලෝන් කුරුඳු කූරු වල ඉතා තුනී ස්තර ඇති අතර එය කෝපි හෝ කුළුබඩු ඇඹරුම් යන්ත්‍රයක් භාවිතා කර පහසුවෙන් කුඩු බවට පත් කළ හැක. කැෂියා කූරු මෙලෙස කුඩු බවට පත් කිරීම සාපේක්ෂව අසීරුවේ.

 සුවඳ සහ රසය[සංස්කරණය]

C. වේරම් (verum) පොත්තෙන් ලබා ගත් සගන්ධ තෙල්

කුරුඳු වල රසයට හේතු වන්නේ එහි සංයුතියෙන් 0.5% සිට 1% ක් දක්වා වන ඇරෝමැටික සගන්ධ තෙල් හේතුවෙනි. දළ වශයෙන් පොත්ත තැලීමෙන් අනතුරුව කරදියෙහි පොඟවා වහාම ආසවනය කිරීමෙන් මෙම සගන්ධ තෙල් නිපදවනු ලැබේ.මෙය රන්වන් කහ පැහැති වන අතර කුරුඳු වලට ලාක්ෂණික සුවඳකින් ද ඉතා තියුණු ඇරොමැටික රසයකින් සමන්විත වේ. සිනමැල්ඩිහයිඩ් (පොත්තෙන් ලබා ගන්නා සගන්ධ තෙල් වලින් 90%ක් පමණ) මගින් ඉතා තියුණු රසයක් හා සුවඳක් ඇතිවේ. කල්යත්ම, ඔක්සිජන් සමඟ ප්‍රතික්‍රියා කිරීමෙන් තද පැහැ ගැන්වී රෙසිනමය සංයෝග ආකාර ඇතිවේ.

කුරුඳු වල සංඝටක සංයෝග ආකාර 80කින් පමණ අඩංගු වේ. එවැනි සංයෝග ආකාරයක් වන ඉයුජිනෝල්, කුරුඳු ශාකයේ කොළයේ හා පොත්තෙහි අඩංගු වේ.

ඇල්කොහොලමය රසකාරක[සංස්කරණය]

ෆයර්බෝල් සිනමන් විස්කි (Fireball Cinnamon Whisky) ආදී  ඇල්කොහොලමය පාන ගණනාවකම කුරුඳු ප්‍රචලිත රසකාරකයකි.

ග්‍රීසියේ ඇතැම් ප්‍රදේශ වල ජනප්‍රිය කුරුඳු බ්‍රැන්ඩි මිශ්‍රණයක් වන "කුරුඳු මත්පැන්" ( "cinnamon liqueur" ),ආශ්‍රුත ඇල්කොහොල මගින් නිෂ්පාදනය කරනු ලැබේ. යුරෝපයේ මෙවැනි පාන වලට උදාහරණ ලෙස Maiwein( වුඩ්රෆ් සමග සුදු වයින්) සහ Żubrówka (බයිසන් තෘණ රසැති වොඩ්කා)  දැක්විය හැක.

ආහාර වල භාවිතා[සංස්කරණය]

සයිගොන්(Saigon) කුරුඳු (C. loureiroi)  වල පොතු
ආහාර රසකිරීමට හා කුළු බඩු ලෙස භාවිතා කිරීමට අමතරව, එනසාල් රසැති කුරුඳු තේ බංගලාදේශය, ඉන්දියාව, සහ පකිස්තානය තුළ උණුසුම් පානයක් ලෙස පරිභෝජනය කරනු ලැබේ. 

කුළුබඩුවක් ලෙස කුරුඳු පොතු භාවිතා කරනු ලැබේ. සූපවේදයේ දී එය මූලික රසකාරක ද්‍රව්‍යයක් ලෙස භාවිතා කෙරේ.ප්‍රධාන ආනයනකරුවකු වන මෙක්සිකාව, චොකලට් නිපදවීමට මේවා භාවිතා කරයි. ඇපල් පයි, ඩෝනට්, හා කුරුඳු බනිස් ආදී බොහෝ අතුරුපස වට්ටෝරු සඳහා මෙන්ම සැර සූකිරි, කෝපි, තේ, උණුසුම් කොකෝවා, සහ මත්පැන් ආදිය නිපදවීම සඳහා ද භාවිතා කෙරේ.මැද පෙරදිග රටවල බොහෝ විට කුකුළු මස් හා බැටළු ආශ්‍රිත කෑම සැදීමට කුරුඳු භාවිතා කෙරේ. එක්සත් ජනපදය තුල විශේෂයෙන් ඇපල් ආදී පලතුරු ද ටෝස්ට් වැනි පාන් ආශ්‍රිත කෑම හා රසකල ධාන්‍ය පිලියෙළ කිරීමට කුරුඳු සහ සීනි භාවිතා කරනු ලබයි. කුරුඳු සීනි මිශ්‍රණය එවැනි කටයුතු සඳහා වෙන් වෙන් වශෙයන් විකුණනු ලැබේ. එය පැණිරසැති හා සැර-ලුණු රසැති තුර්කි ආහාර දෙවර්ගයම සෑදීම සඳහා යොදා ගනී. අච්චාරු දැමීමේ  ද කුරුඳු භාවිතා කල හැක. ඝන සුප්, බීම වර්ග සහ රසකැවිලි ආදී පර්සියානු ආහාර වල රසය වැඩි දියුණු කිරීම සඳහා ද කුරුඳු කුඩු යොදා ගැනේ.

Cinnamomum verum found in Latpanchar Market,Mahananda Wildlife Sanctuary, West Bengal,India
ඉන්දියාවේ බටහිර බෙන්ගාලයේ ඇති සිනමෝමම් වේරම් (Cinnamomum verum).

පෝෂණ තොරතුරු[සංස්කරණය]

කුඩු කරන ලද කුරුඳු ග්රෑම් 10 ක (තේ හැඳි 2 ක් පමණ):

  • ශක්තිය: කිලෝ ජූල්103.4 (කිලෝ කැලරි 24.7)
  • මේද: ග්‍රෑම් 0.12
  • කාබෝහයිඩ්රේට: ග්‍රෑම් 8.06 (මෙහි - කෙඳි:ග්‍රෑම් 5.31, සීනි:ග්‍රෑම් 0.2 )
  • ප්‍රෝටීන්: ග්‍රෑම් 0.4

පර්යේෂණ හා සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව[සංස්කරණය]

බ්‍රොන්කයිටිස් හෝ දියවැඩියාව වැනි විවිධ සායනික තත්ව මත පරීක්ෂා කර ඇති නමුදු කුරුඳු භාවිතයෙන් කිසිදු සෞඛයමය ප්‍රතිලාභ ඇති බවට විද්‍යාත්මකව තහවුරු වී නොමැත.

සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව තුළ කුරුඳු භාවිතය පිළිබඳව දිගු ඉතිහාසයක් තිබුනද කුරුඳු මඟින් රෝගී තත්වයන්ට ප්‍රතිකාර කළ හැක බවට කිසිදු විද්‍යාව සාක්ෂි නොමැත.

විෂ ස්වභාවය[සංස්කරණය]

අධික ප්‍රමණයෙන් අක්මාවට හා වකුගඩු වලට හානි සිදු කළ හැකි සහ කුරුඳු වල සැලකිය යුතු සංරචකයක් ලෙස සළකනු ලබන කුමරීන්(coumarin) හි විෂ සහිත ස්වභාවය පිළිබඳව 2008 වසරෙහිදී, යුරෝපීය ආහාර ආරක්ෂාව පිළිබඳව අධිකාරිය මඟින් සලකා බලා ඇති අතර  CYP2A6 බහුරූපීතාව තුළින් මිනිසා මත පරිවෘත්තීය බලපෑම් ඇති කල හැකි නිසාවෙන් දිනකට ආහාරයට ගත හැකි උපරිම ප්‍රමාණය ලෙස (TDI) දේහ බර කිලෝවකට කුමරීන් මිලිග්රෑම් 0.1 ක් නිර්දේශකර ඇත.

කුමරීන්හි නිර්දේශිත උපරිම TDI ප්‍රමාණය අනුව, කිලෝ ග්රෑම් 50 ක දේහ බරක් සඳහා කුමරීන් මිලිග්රෑම් 5ක:

සිනමෝමම් කැෂියා සිනමෝමම් වේරම්
කුමරීන් මිලිග්‍රෑම් ගණන/ කුරුඳු කිලෝග්‍රෑම් ගණන
කිලෝග්‍රෑමයට මිලිග්‍රෑම් 100  - 12,180 කිලෝග්‍රෑමයට මිලිග්‍රෑම් 100 ට අඩුවෙන්
කුමරීන් මිලිග්‍රෑම් ගණන/ කුරුඳු ග්‍රෑම් ගණන ග්‍රෑමයට මිලිග්‍රෑම් 0.10  - 12.18 ග්‍රෑමයට මිලිග්‍රෑම් 0.10 ට අඩුවෙන්
දේහ බර කිලෝග්‍රෑම් 50 ක කුරුඳු TDI ප්‍රමාණය
ග්‍රෑම් 0.4  - 50 ග්‍රෑම් 50 ට වැඩියෙන්

සටහන : සී.කැෂියාහි පුරෝකථනය කළ නොහැකි කුමරීන් ප්‍රමාණය නිසා සාමන්‍යයෙන් කුරුඳු කිලෝවක කුමරීන් මිලිග්‍රෑම් 1,000  හෝ ඇතැම්විට විට  12 ගුණයක් ලෙස, ඉහත දක්වා ඇති TDI ප්‍රමාණයට වඩා ඉතා අඩු ආරක්ෂිත මට්ටමක් ඇත.

මේවාද බලන්න[සංස්කරණය]

මුලාශ්‍ර[සංස්කරණය]

  1. ඉක්බාල්, මොහොමඩ් (1993). "දැව නොවන වනාන්තර නිෂ්පාදන වල ජාත්‍යන්තරවෙළඳාම : දළ විශ්ලේෂණයක්". නිපුණත්වය: Misc / 93/11 - කෘත්යාධිකාරී කඩදාසි. එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය. නොවැම්බර් 12, 2012.
  2. "සිනමන්". එන්සයික්ලොපීඩියා බ්‍රිටෙනිකා. 6 (11 සංස්.). 1911 පි. 376
  3. ඉන්දියානුවන් චීනයේ සිට කැෂියා ලබාගැනීම "(Toussaint-Samat 2009, 437 පි.).

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=කුරුඳු&oldid=394461" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි