ඌව පළාත

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
ඌව පළාත
Uva Province
පළාත
ශ්‍රී ලංකාව තුල පිහිටුම
ශ්‍රී ලංකාව තුල පිහිටුම
රට ශ්‍රී ලංකාව
සංස්ථාපනය 1886
පිළිගැනීම 14 නොවැම්බර් 1987
අගනගරය බදුල්ල
විශාලතම නගරය බදුල්ල
රජය
 • ආණ්ඩුකාරවරයා එම්. පී. ජයසිංහ
 • ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක
සරිය
 • මුළු 8,500 කිමී2 (3,300 සතරැස් සැත)
භුමිප්‍රමාණ අනුස්ථිතිය 4වන ස්ථානය (සම්පූර්ණ වර්ග ප්‍රමාණයෙන් 12.92%)
ජනගහණය(2011 සංගණනය)
 • මුළු 1,259,800
 • අනුස්ථිතිය 7වන ස්ථානය (සමස්ථ ජනගහනයෙන් 6.3%)
 • ඝණත්වයBad rounding here150/කිමී2 (Bad rounding here380/වර්ග සැත)
දළ ප්‍රාදේශීය නිෂ්පාදිතය (2010)[1]
 • සම්පූර්ණ රුපියල් බිලියන 220
 • අනුස්ථිතිය 8වන ස්ථානය (සමස්ථයෙන් 4.6%)
වේලා කලාප Sri Lanka (UTC+05:30)
ISO 3166 කේතය LK-8
වාහන ලියාපදිංචිය UP
නිළ භාෂා සිංහල, දෙමළ
සංඛේත ගුරුළු රාජ (Rhynchostylis retusa)
වෙබ් අඩවිය up.gov.lk

ඌව පළාත ශ්‍රී ලංකාවේ පළාත් 9න් එකකි. සුන්දර පළාතක් වන අතර එය වෙල්ලස්ස යන නමින්ද හැදින්වේ. ශ්‍රී ලංකාවේ දෙවන අඩුම ජනගහනය සහිත වන්නේ ඌව පළාතය එය 1,259,900 ( වර්ෂ 2012 ) පමණ ‍වේ.

නැගෙනහිර දකුණ හා මධ්‍යම පළාත් වලට මායිම්ව ඇත. බදුල්ල දිස්ත්‍රික්කය හා මොණරාගල දිස්ත්‍රික්කය යන දිස්ත්‍රික්ක දෙකකින් සමන්විත ඌව පළාතේ අගනුවර බදුල්ල නගරය වේ. සංචාරක ආකර්ශණය සහිත ස්ථාන කිහිපයක්ම ඌව පළාත සතු වන අතර දුන්හිඳ ඇල්ල, දියලුම ඇල්ල, රාවණා ඇල්ල, යාල ජාතික වන උද්‍යානය හා ගල්ඔය ජාතික වන උද්‍යානය මින් ප්‍රධාන තැනක් ගනියි. මහවැලි ගඟ, මැණික් ගඟ, සේනානායක සමුද්‍රය හා මාදුරු ඔය ජලාශය ප්‍රධාන ජල මූලාශ්‍ර වේ.

පිහිටීම[සංස්කරණය]

ඌව පළාත යන ශ්‍රී ලංකාවේ මධ්‍යම කදුකරයට යාබදව පිහිටි සුන්දර භූම් භාගයකි. උතුරු දෙසින් ගත් කල ගිරාදුරුකොට්ටේ, මහියංගනය, මීගහකිවුල ආදී ප්‍රදේශයන් ද නැගෙනහිර දෙසින් ගත් කල මොනරාගල, වැල්ලවාය ආදී සහල් නිශ්පාදනාගාරයන්ද, දකුණු දෙසින් බණ්ඩාරවෙල, හපුතලේ ආදී සීතල කදුකයද බටහිර දෙසින් කලුපහන, හක්කල, ඕහිය ආදි ප්‍රදේශයන්ද ඌව පළාතේ මායිම් වේ. ඌව පළාත මොනරාගල දිස්ත්‍රික්කයේ වෙල්ලස්ස නම්වූ ලක්ෂ ගණනකින් සමන්විත ප්‍රදේශයන් ද, උක් සහ ඉරිගු වගා ප්‍රදේශයන් ද, මධ්‍යම කදුකරයට අයත් බණ්ඩාරවෙල හපුතලේ ආදී ප්‍රදේශයන් ගෙන්ද, අර්තාපල් සහ වෙනත් එළවලු වගා කරන වැලිමඩ ප්‍රදේශයෙන් ද සමන්විත පලාතකි. රටේ ප්‍රධාන දිය ඇලි රැසකින්ද, ජලාධාර මූලයන් රැසක්, ස්වාභාවික වනෝද්‍යාන රැසක් පිහිටි හොද භූවිද්‍යාත්මක පිහීටීමක් ඌව පළාත තුල පවතී.

සංස්කෘතිය[සංස්කරණය]

ඌව පළාත තුල වූ බොහෝ ප්‍රදේශ අදටත් ගැමි සංස්කෘතිකාංග වලින් සපිරිය. බුදුන් වැඩමකල මහියංගන පුදබිම, මුතියංගන පුදබිම, කතරගම පුදබිම, ආදිවාසීන් ජීවත් වන දඹාන, කතරගම දේවාලය, බණ්ඩාරවෙල පස්සර හපුතලේ ආදී වතුකරයන්හි පිහිටි කෝවිල් ආදිය ඌව පළාතේ සංස්කෘතිය වඩවන නිමැවුම් වේ.

ඉතිහාසය[සංස්කරණය]

ඌව පළාත ඉතා දිගු ඉතිහාසයකට උරුමකම් කියන පළාතකි. රාමායනය සහ රාවණා කතා වස්තුවලට සම්බන්ධ රාවණා ඇල්ල, රාවනා රජුගේ ඔසු උයන හෙවත් හක්ගල, රාවනා ගුහාව, සීතා දේවිය පතිවෘතතා මහිමය පෙන්වූ දිවුරුම්වෙල රජමහා විහාරය, ස්ත්‍රිපුර උමං සංකීර්ණය ආදී ප්‍රදේශ පිහිටා ඇත්තේ ඌව පළාත තුලයි. තවද රාවනා රජ තම රාජධානිය බදුල්ල මූලික කරගන පැවතීයේ යැයි මතයක් පවතී.

රාවනා කාලයෙන් පසු බුදුරජානන් වහන්සේගේ ගේ පළමු ශ්‍රී ලංකා ගමනය සිදුවන්නේ මහියංගන පුදබිමට වීම විශේෂත්වයකි. මහාවංශය ආරම්භ වන්නේද මෙම සිදුවීම මුල් කරගන වීම විශේෂත්වයකි. සොළොස්මස්ථානය ලෙස සැලකෙන බුදුන්ගේ පාද ස්පර්ශය ලැබූ විහාරස්ථාන 16 න් 3ක් ම (මහියංගනය, මුතියංගන, කතරගම) පවතින්නේ ඌව පළාත තුලයි. ශ්‍රී පාදස්ථානය ආරක්ෂා කිරීම වස් ශ්‍රී සුමන සමන් දිව්‍යරාජයා වෙනුවෙන් ඇති ප්‍රධාන සමන් දේවාල 4න් එකක් පිහිටන්නේ ඌව පළාතේ මහියංගන පුදබිමට ආසන්නවයි. ශ්‍රී ලංකාවේ ඉදිකල පලමු ස්ථූපය ඇත්තේ ඌව පළාතේ මහියංගන පුදබිම තුලයි.

ඌව පළාත තුල පිහිටි පැරණි ගොඩනැගිලි හා සිද්ධස්ථාන අතර මහියංගන පුදබිම, කතරගම පුදබිම, මුතියංගන පුදබිම, ප්‍රාදේශීය රජෙකු විසින් පාලනය කල මාලිගාවිල පුදබිම සහ රජ මාලිගාව, දුටුගැමුණු රජු සේනාව සංවිධානය කල යුධගනාව සහ එහි පැරණි දාගැබ, දෝව රජ මහා විහාරය, බෝගොඩ ලී පාලම ආදිය ඌව පළාතේ අතීත උරුමය මැනවින් පසක් කර දෙයි.

1818 යනු සමස්ථ ශ්‍රී ලංකාවටම බල පෑ වෙල්ලස්ස කැරැල්ල ඌව පලාත කේන්ද්‍රකරගනිමින් දියත් වීමයි. මෙම සටනට මොනරවිල කැප්පෙටිපොළ නායකත්වය ගනු ලැබීය.

සොබා සෞන්දර්ය[සංස්කරණය]

ඌව පළාත යනු සොබා දහම ඉතා ඉහලින් ඇති ප්‍රදේශයකි. හක්ගල දැඩිස්වභාව රක්ෂිතය, ඕහිය රක්ෂිතය, නිල්ගල අභය භූමිය ආදී වනෝද්‍යාන දුන්හිද, දියලුම, රාවනා ඇල්ල, බොඹුරු ඇල්ල, සුරතලී ඇල්ල, මානා ඇල්ල, රවන් ඇල්ල සහ ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ල වන බඹර කන්ද දියඇල්ල නමුණුකුල, නාය බැද්ද රහංගල ආදී කදුවැටි ඌව සොබාදහමේ අපූර්වතම නිර්මාණයන් වේ. සංචාරකයන් නිරන්තරයෙන් පැමිණෙන බදුල්ල, බණ්ඩාරවෙල සහ හපුතලේ ආදී සංචාරක පුරවරයන්ද ඌව පළාත සතු වේ.

ඌව ගීතය[සංස්කරණය]

දේශ දේශ කිතු ගොස නැගු භූමී
දේශ දේශ අභිවන්දිත භූමී
ශාක්‍ය සිංහ හිමි තෙද පෑ භූමී
උදාර හෙළ භූමී - ඌව විජය භූමී

සීත නමුණුකුල කඳුවැටි හෙවනයි
දුන්හිඳ - දියලුම ගලනා සිහිලයි
වෙල්ලස්සේ ගලනා රණ ගීයයි
අභීත - රණවිරු නිජ බිම ඌවයි

මුතියංගන මියුගුන සෑ කිරණයි
කන්ද කදිර හිමි දෙවි රැක වරණයි
වීර මොනරවිල එඩි පෑ දෙරණයි
සිංහ කොඩිය සහ අසිපත මෙතනයි

බාහිර සබැදි[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ඌව_පළාත&oldid=383627" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි