ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
ශ්‍රී ලංකාව තුල අධ්‍යාපනය
Flag of Sri Lanka.svg
අධ්‍යාපන අමාත්‍යාංශය
උසස් අධ්‍යාපන අමාත්‍යාංශය
National education budget (2012)
අයවැය ද.දේ.නි. 1.7% [1]
සාමාන්‍ය තොරතුරු
මූලික භාෂා සිංහල, දෙමළ සහ ඉංග්‍රීසී
අධ්‍යාපන ක්‍රමය පළාත්බද
සාක්ෂරතාවය (2015[2])
සම්පූර්ණ 92.63%
පුරුෂ 93.63%
කාන්තා 91.71%
බඳවා ගැනීම්
සම්පූර්ණ 350,000
ද්විතීක 200,000
පශ්චාත් ද්විතීක 14,000 (10-12%)
උපාධිය ලබාගත් සරසවි සිසුන්

ශ්‍රී ලාංකීය අධ්‍යාපනය අවුරුදු දෙදහසක් තරම් පැරණි ‍ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන අතරම ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මූලික අයිතිවාසිකමක් ලෙස ව්‍යවස්ථාගත කොට ඇත. ශ්‍රී ලංකා ජනගහන සාක්ෂරතාවය 92% වන අතර එම අගය තුන්වන ලෝකයේ රටකින් අපේක්ෂිත අගයට වඩා වැඩි අගයක් ගනී. ශ්‍රී ලංකාව, දකුණු ආසියාව තුළ වැඩිම සාක්ෂරතාවය හිමි රට වන අතර එම අගය ආසියාව තුළ ඉහලම සාක්ෂරතා අගයන් කිහිපය අතර පවතී. අධ්‍යාපනය ක්‍රි.පූ.543 දක්වා අතීතයකට හිමිකම් කියන අතර එය ජීවිතය හා සංස්කෘතිය සමග මහඟු සබැදියාවක් දක්වයි. දහ නව වන ශත වර්ෂයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයින් විසින් ඇරඹි ලාංකීය නවීන අධ්‍යාපනය, මධ්‍යම ආණ්ඩුව, පළාත් සභා සහ බලයලත් අධිකාරීන් විසින් පාලනය වේ.

පරිපාලනය[සංස්කරණය]

පාසල් සිසුන්

මූලික වශයෙන්, ප්‍රාථමික අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය දක්වා අරමුදල් සම්පාදනය කරනු ලබන්නේ රාජ්‍ය අමාත්‍යාංශ තුනක් මඟිනි.[3]

  • අධ්‍යාපන අමාත්‍යාංශය: පාසල්, පිරිවෙන (බෞද්ධ ශ්‍රාවකයන් සඳහා වෙන් වූ පාසල්), ගුරු විද්‍යාල හා අධ්‍යාපන ශ්‍රාස්ත්‍රාල සඳහා
    • විභාග දෙපාර්තමේන්තුව: ජාතික විභාග සේවා සැපයීම
  • උසස් අධ්‍යාපන අමාත්‍යාංශය: විශ්ව විද්‍යාල සඳහා
  • අධ්‍යාපන සේවා අමාත්‍යාංශය: සාමාන්‍ය අධ්‍යාපනය සඳහා භෞතික සම්පත් සැපයීම
  • වෘත්තීය හා කාර්මික පුහුණු අමාත්‍යාංශය: වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන හා කාර්මික විද්‍යාල සඳහා

ක්‍රියාත්මක පද්ධතියට අමතරව තෘතීක අධ්‍යාපනයට සම්බන්ධ විශ්ව විද්‍යාල හා ආයතන කිහිපයක් ඉහත සඳහන් නොකළ අමාත්‍යංශ කිහිපයකින් පාලනය වන අතර එම අංශ වල පරිපාලන දෝෂ හේතුවෙන් මෙම ආයතන වල අකාර්යක්ෂමතාවය පසු ගිය වර්ෂ කිහිපය තුළ වර්ධනය වී ඇත.පාසල් අධයාපනය 13 වසර වන ෙතක් අනිවාර්ය කිරීම ඉතාමත් සැළසුම් සහගතව සිදුවිය යුතුය.

ඉතිහාසය[සංස්කරණය]

ලාංකීය අධ්‍යාපනය වනාහී වසර 2300 කට එපිට ඉතිහාසයකට හිමිකම් කියන්නකි. එසමයෙහි ඉන්දියාවේ රජ කළ අශෝක අධිරාජයා ගේ මූලිකත්වයෙන් භික්ෂූන් පිරිසක් මෙරටට වැඩම කිරීමත් සමගම මෙරට බුදු දහම ස්ථාපනය විය. දේවානම්පිය තිස්ස රජ සමයේ බුදු දහම ලංකාවේ ස්ථාපනය වීමත් සමඟම සංස්කෘත භාෂාව, උතුරු ඉන්දියාවේ සිට මෙරටට රැගෙන එන ලදී. මෙය හේතු කොට ගෙන බෞද්ධ විහාර හා පිරිවෙන ආශ්‍රිතව භික්ෂු අධ්‍යාපනය ස්ථාපිත විය. විජය රජුගේ ලාංකික ආගමනයෙන් පසු නිර්මාණය වූ හෙළයේ වංශ කතාව වන මහාවංසය හා දීපවංශය මෙම අධ්‍යාපන පද්ධතිය පිළිබඳ සාක්ෂි උසුලයි.

යටත් විජිත සමය තුළ සිදු වූ ජනාවාස ව්‍යාප්තිය නිසා ක්‍රිස්තියානි මිෂනාරී සමිතීන් අධ්‍යාපනය තුළ ක්‍රියාකාරී වන්නට විය. ක්‍රිස්තියානි පල්ලිය මූලික කොට ගත් අධ්‍යාපන ක්‍රමයක් බ්‍රිතාන්‍ය පාලන සමයේ කෝල්බෘක් කොමිසම මගින් පිහිටුවන ලදී.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ඉතිහාසයේ ස්වර්ණමය යුගයක් ‍ලෙස බොහෝ‍ දෙනා 1931-1934 කාලය හඳුන්වන්නේ අධ්‍යාපන අමාත්‍ය ධුරය සී ඩබි ඩබිලිවි කන්නංගර විසින් හෙබවු නිසාය. එවකට මාලිගාවත්ත ශ්‍රී සුධර්මාරාම විහාරයේ වැඩවිසු අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය තුඩාවේ අරියවංශාලංකාර මාහිමියන් හා සේමගේ ව්‍යාපාරාධිපති ආනන්ද සේමගේ මැතිතුමා ඇතුළු පිරිස විසින් අත්සන් දසලක්ෂයක් එකතු කොට සංදේශයක් ආකරයෙන් ඇමතිතුමාට පිළිගැන්වීය. එල් මැක් සී රොබින්සන් දක්වන්නේ ලංකාවේ අධ්‍යාපන කටයුතු පිළිබඳ පුළුල් අත්දැකීමක් ඇති අමාත්‍යවරයෙක් අධ්‍යාපන අමාත්‍යධුරයට පත් වීම ඊට හේතුව බවයි. ඔහු ලංකාවට හඳුන්වා දුන් නිදහස් අධ්‍යාපනය ලංකාවේ සමාජයීයමය හා ආර්ථික අතින් නව පිම්මක් ලෙස දැකිය හැකිය. ඊට අමතරව එය එතෙක් පැවති බ්‍රිතාන්‍ය අධ්‍යාපනයට එරෙහි වීමක් ලෙස ද සැලකිය හැකිය. ග්‍රාමීය අධ්‍යාපන ක්‍රමය නඟා සිටුවීම පාසල් දන්ත වෛද්‍ය සේවය ඇති කිරීම, දිවා ආහාරය දීමෙි වැඩපිළිවවෙල (1935), සංවිධානාත්මක කාල සටහන් ක්‍රමය, මධ්‍ය මහා පාසල් ප්‍රාදේශීය මට්ටමින් ආරම්භ කිරීම(1939), අධ්‍යාපනයේ සම අවස්ථා සැලසීමේ සංකල්පය, පාසලට ඇතුල් වී විශ්ව වීද්‍යාලය දක්වා නොමි‍ලයේ අධ්‍යාපනය ලබා දීම(1946), මවිබසින් ඉගැන්වීමේ යොජනාව (1946) වැනි පියවර ගණනාවකින් ආරම්භ වු නිදහස් අධ්‍යාපනය පියවර ගණනාවක මුහුවක් ලෙස වර්ථමානය අක්වා විකාශනය වෙමින් පැවතෙන ආකාරයක් දක්නට ලැබේ.

නොමිලේ පොත් ලබාදීමේ ප්‍රතිපත්තිය[සංස්කරණය]

නොමිලේ නිල ඇදුම් ලබා දීමේ ප්‍රතිපත්තිය[සංස්කරණය]

1988 එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්ත ප්‍රකාශනය 1994 පොදු ජන එක්සත් පෙරමුණ ප්‍රතිපත්ති ප්‍රකාශනය

මෙවැනි පියවරවල් ගණනාවක් ආරම්භ වු යුගයක් ලෙස 1987- 1994 දක්වාත් 1994-1999 දක්වාත් හඳුනාගත හැකිය. මෙහිදී පාසල් නිල ඇඳුම් බෙදා දීමේ ප්‍රතිපත්තිය පමණක් නොව මෙලෙස පාසල් නිල ඇඳුම්, පෙළ පොත් නෙමිලයේ බෙදා දීම මඟින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ලබා ගෙන ඇති ප්‍රගතිය, ජාතික සංවර්ධනය සඳහා ඉන් සිදු වී ඇති බලපෑම, මේ යුගයන් දෙක පරික්ෂා කිරිමෙන් පෙනේ.අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ තොරතුරැ ලබා ගත හැකි හොඳම ක්‍රමය වන්නේ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයයි.

1987 දී දහතුන් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හා අංක 42 දරන පළාත් සභා පනත මඟින් ප්‍රදේශ පාලනය සඳහා පාලන ඒකකයන් පිහිටු වීම හරහා ර‍ටේ අධ්‍යාපනය පිළිබඳව නව දැක්මක් ඇති විය. මෙම පාලන ඒකකයක් පිහිටු වීම හරහා ‍රටේ අධ්‍යාපනය පිළිබඳව නව දැක්මක් ඇති විය. මෙම පාලන ඒකක හරහා ඇති කල ප්‍රධාන කර්තව්‍ය වන්නේ අධ්‍යාපනය සම්බන්ධ බලතල වලින් සෑහෙන්න කොටසක් මෙම ප්‍රදේශ පාලන ඒකක වලට ලබා දීමයි. මේ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති අන්දමට හා ප්‍රමාණයට පලාත් සභා අධ්‍යාපනය පිළිබඳව බලතල පවරා ඇත. "නව වන උපලේඛනයේ 03 හි අධ්‍යාපනය සහ අධ්‍යාපන සේවා 3 වන පරිශ්ටයේ දක්වා ඇති ප්‍රමාණයට අධ්‍යාපනය"(1978 ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩක්‍රම ව්‍යවස්ථාව. නව වන උපලේඛනය 3 වගන්තිය). ඒ අනුව පළාත් සභා ක්‍රියාත්මක වීමෙන් පසු පළාත් බද අධ්‍යාපන පරිපාලන ව්‍යුහය ද නව ආකෘතියකට අනුව ක්‍රියාත්මක විය.

විශ්ව විද්‍යාල[සංස්කරණය]

1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනත යටතේ පිහිටුවා ඇති විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියේ ප්‍රධාන නියාමන ආයතනයයි. එය නො: 20, වෝඩ් පෙදෙස, කොළඹ 07 යන ස්ථානයේ පිහිටා ඇත.

ශ්‍රී ලංකාවේ ජාතික විශ්වවිද්‍යාල 15 ක් හා මණ්ඩප තුනක් (3) ඇත.

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ශ්‍රී_ලංකාවේ_අධ්‍යාපනය&oldid=428544" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි