ඉන්දියාවේ ඉතිහාසය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ලිපි මාලාවේ කොටසක් වන
ඉන්දියාව පිලිබඳ ඉතිහාසය
ඉන්දියාවේ ඉතිහාසය
මෝගල්වරු ඉදිකළ ටජ් මහල්

ක්‍රි.පූ. 1,900,000 (මිලියන 1.9) තරම් ඈත කාලයක සිටම ඉන්දියාව සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ (ආදී) මානව ජනාවාසයන්ව පැවති බවට පුරාවිද්‍යාත්මක සාක්ෂ්‍ය හමුවී ඇත. 1983 දී සොයාගනු ලැබූ පන්ජාබ් සහ පාකිස්ථානයේ උතුරු දිග ප්‍රදේශ තුළ පවතින Riwat අඩවිය තුළින් එම සාක්ෂ්‍ය හමුවී ඇත. තවද වර්තමාන ඉන්දියාව, නේපාලය හා පාකිස්ථානය අතර පිහිටන සෝනියන් අඩවිය, වසර 500,000 — 125,000 කට පෙර පැවති පුරාවිද්‍යාත්මක සංස්කෘතියක් පිළිබඳ තොරතුරු හෙළිදරව් කරයි.

නූතන මානවයා පිළිබඳ පැරණිතම තොරතුරු ඉන්දියාවෙන් හමුවන්නේ ලෝකඩ යුගයට (ක්‍රි.පූ. 3300–1300) අයත් ශිෂ්ටාචාරයක් වන ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ඇසුරිණි. එය ක්‍රි.පූ. 2600 – 1900 අතර කාලයේ දී සමෘද්ධිමත්ව පවතින්නට ඇතැයි විශ්වාස කෙරේ.

පටුන

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය[සංස්කරණය]

ලොස් ඇන්ජලීස් ප්‍රාන්ත කලා කෞතුකාගාරයේ ඇති 2600–2450 BCE කාලයේ හරප්පන් ශිෂ්ටාචාරයට අයත් බඳුනක්

1922 දී ඉන්දු නිම්න ශිෂ්ටාචාරය අනාවරණය කර ගන්නා ලදී. මෙම ශිෂ්ටාචාරය හරප්පා ශිෂ්ටාචාරය වශයෙන් ද හඳුන්වනු ලැබේ. මෙය වර්ග සැතපුම් 840,000ක පමණ විශාල ප්‍රදේශයක පැතිර පැවති බව පංජාබ්, සින්ඩි සහ බලුකිස්ථාන් ආදී ප්‍රදේශ වල කරන ලද කැණීම්වලින් අනාවරණය වී තිබේ. දැනට සොයා ගෙන ඇති පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුක්ත භුමි භාග 40ක් අතරින් තුනක් ඉතා වැදගත් වේ. ඒවා නම් මොහෙන්ජෝදාරෝ, හරප්පා සහ ලෝතාල් යන ස්ථානයි. මෙම ශිෂ්ටාචාරය පිලිබඳ ලිඛිත මූලාශ්‍ර සොයා ගෙන නොමැති අතර සොයා ගෙන ඇති මුද්‍රා වල ඇති අකුරු ද තවම කියවා නැත. එබැවින් මෙම ශිෂ්ටාචාරය පිළිබඳ නිශ්චිත නිගමන වලට එළඹිය නොහැකිය. නමුත් ප්‍රසිද්ධ පුරාවිද්‍යාඥයින් සහ ඉතිහාසඥයින් කීප දෙනෙකු එම සංස්කෘතිය පිළිබඳ යම් යම් අර්ථ නිරූපණ ඉදිරිපත් කොට ඇත.

හරප්පා[සංස්කරණය]

හරප්පාවේ ධාන්‍යාගාරය සහ මහා ශාලාවේ දර්ශනයක්

හරප්පා සංස්කෘතිය පිළිබඳ ටාටා ආයතනය මගින් සිදුකළ රේඩියෝ-කාබන් කාල නිර්ණ පරීක්ෂණ මගින් එම ශිෂ්ටාචාරය ක්‍රි.පූ. 3000 සහ ඒ ආසන්න කාල පරිච්ඡේදය තුළ සමෘද්ධිමත්ව පැවති බව අනාවරණය වී තිබේ. මෙම භුමි ප්‍රදේශයේ තිබී සොයාගත් හිස් කබල් කීපයක් පරික්ෂා කිරීමෙන් පසු ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ නිර්මාතෘවරු පිලිබඳ විද්වතුන්ගේ මතය වන්නේ එම මිනිසුන් ප්‍රොටෝ ඔස්ට්‍රොලොයිඩ්, මධ්‍යධරණී, ඇල්පයින්, මොන්ග්ලොයිඩ් ආදී මනුෂ්‍ය වර්ගවල සම්මිශ්‍රණයක් වූ බවයි. හරප්පා ප්‍රදේශයේ බොහෝ ලක්ෂණ හඳුනා ගැනීමටත් නොහැකි වන තරමට විනාශ වී තිබේ.

මොහෙන්ජෝදාරෝ[සංස්කරණය]

ඉදිරියේ පිහිටන මහා ස්නානාගාරය ඇතුළු කැණීම් වලින් මතුකරගත් මොහෙන්ජෝදාරෝවේ නටඹුන්

විශිෂ්ට නගර සැලසුමකින් යුක්ත වීම මොහෙන්ජෝදාරෝවේ මැනවින් කැපී පෙනෙන ලක්ෂණයකි. විසිතුරු ජලාපවාහන ක්‍රම සහ පිරිසිදු බව ආදී ලක්ෂණ වලින් ද මෙම ප්‍රදේශය පොහොසත්ව පැවතිණි.

කෘෂි කාර්මික ආර්තිකයක් තිබුනා වූ මොවුන් විසින් සත්ව පාලනයද් සිදු කලේය.

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ පරිහානිය[සංස්කරණය]

හරප්පා හා මොහෙන්දෝජාරෝව මුල්කරගෙන ඇති වූ සභ්‍යත්වය බිඳවැටුනේ කුමන හේතු සාධක මත ද යන්න නිශ්චිත නැත. උගත් වියත් පිරිස විවිධ දෘෂ්ටීන්හි පිහිටා සිට කරුණු දක්‌වයි. ඒවා අතර පරස්‌පර විරෝධි මතවාද බොහොමයක්‌ ඇත.

  1. සතුරු ආක්‍රමණයක්
  2. ජලගැල්මක්
  3. හදිසි ගින්නක්
  4. ස්වාභාවික ආපදා
  5. ප්‍රජා පීඩක පාලනය
  6. සමකාලීන ශිෂ්ටාචාර බිඳ වැටීම.

ක්‍රි. පූ. 2000 දී මෙසපොතේමියාව බිඳ වැටීමෙන් හරප්පා සභ්‍යත්වය කෙමෙන් පරිහානියට ගමන් කළ බවද උගත්හු පවසති. හරප්පා සහ මොහෙන්දෝජාරෝ මුල් කරගෙන ඇරඹි සභ්‍යත්වය දියුණු මට්‌ටමක පැවතිය ද ක්‍රි.පූ 1750 දී පමණ පරිහානියට ගමන් කර තිබේ.

වෛදික ශිෂ්ටාචාරය[සංස්කරණය]

වෛදික ශිෂ්ටාචාරයේ ආදී කර්තෘන් වූයේ ඉන්දු ආර්ය ජනතාව යි. ඔවුහු මුල් කාලයේ පදිංචිව සිටි ආසියාවේ බටහිර ප්‍රදේශ වල සිට, ඔවුන්ගේ සතුන්ට ප්‍රමාණවත් තරම් තණකොළ නොමැති වීම, ජනගහනය වැඩිවීම, දේශගුණික වෙනස්වීම් සහ අලුත් ප්‍රදේශ සොයා යාමේ කුතුහලය වැනි විවිධ සාධක නිසා දකුණට සංක්‍රමණය වූහ. ඒ ක්‍රි.පූ. 2800 තරම් කාලයේ දී යි. ක්‍රි.පූ. 2000 දී පමණ ආර්යයන් මුලින්ම ඉන්දියාවට ඇතුළු වීමේදී එහි පදිංචිව සිටි දේශීය ජනයා එයට විරුද්ධ වූ අතර එහි ප්‍රතිඵල වශයෙන් සංග්‍රාම රාශියක් ආරම්භ විය. අවසානයේ පරාජයට පත් දේශීය ජනතාව ආර්ය ජනතාව සමඟ සම්මිශ්‍රණය විය.

වෛදික සාහිත්‍ය[සංස්කරණය]

ආර්යයන් පිළිබඳ ව තොරතුරු බොහොමයක් ලබා ගෙන ඇත්තේ චතුර් වේද ග්‍රන්ථ වලිනි. ඒ අතරින් වඩා පැරණිම සහ වඩාත්ම වැදගත් කෘතිය ඍග් වේදය යි.

හින්දු අධිරාජ්‍යවාදය[සංස්කරණය]

මගධ ප්‍රදේශය කේන්ද්‍ර කොටගෙන ප්‍රබල අධිරාජ්‍ය තුනක උපත සිදු විය. හින්දු ආගමට අමතරව ජෛනාගමට සහ බුද්ධාගමට පාලකයන්ගේත් ධනවත් වෙළෙඳුන්ගේත් අනුග්‍රහය ලැබුණි. තක්ෂිලාව ශ්‍රේෂ්ටතම අධ්‍යාපන මධ්‍යස්ථානයක් බවට පත් වී තිබුණි. කෘෂිකාර්මික සහ කාර්මික ක්ෂේත්‍රවල සැලකිය යුතු ප්‍රගතියක් දක්නට ලැබුණි. බරණැස, සාකේත, කෞසම්බි, ශ්‍රාවස්ති, වේසාලි වැනි නගර බිහිවීමත් සමඟ වෙළඳ සහ වාණිජ කටයුතු ශීඝ්‍රයෙන් දියුණුවට පත් විය. නූතන කැණීම් වලින් රජවරු සහ ප්‍රභූවරු කලා සහ ගෘහ නිර්මාණ ක්ෂේත්‍ර වලට අනුග්‍රහය දැක්වූ බව අනාවරණය වේ.

මගධයේ නන්ද[සංස්කරණය]

මගධයේ හර්යංක රාජ වංශය බිඳ වැටීමත් සමඟ නන්ද වංශය එහි බලය පිහිටුවා ගත්තේ ය. එහි ආරම්භකයා මහා පද්මනන්ද නම් විය. ඔහු පහත යැයි සම්මත පවුලක උත්පත්තිය ලැබූ අයෙකි. නන්ද අධිරාජ්‍යය අවන්තියේ සිට අංග ජනපදය දක්වා ව්‍යාප්ත විය. කාලිංග රාජධානිය ද නන්ද පාලනයට යටත් වූවා විය හැකිය. මෙම වංශයේ අවසාන පාලකයා වූ ධනනන්ද (ක්‍රි.පූ. 300) කෘර පාලකයෙකු විය. ඔහු බලයෙන් පහ කිරීමට කුමන්ත්‍රණය කළ ඔහුගේ සතුරෝ හමුදාවේ අණ දෙන නිලධාරියෙකු වූ චන්ද්‍රගුප්ත මෞර්යගේ සහාය පැතූහ. කෞටිල්‍ය හෙවත් චානක්‍ය නම් බ්‍රාහ්මණයාගේ ද සහාය ඇතිව ධනනන්ද පාලනය පරාජයට පත් කළ චන්ද්‍රගුප්ත මගධ අධිරාජ්‍යය තුළ සිය බලය පිහිටු විය.

ඇලෙක්සැන්ඩර්ගේ ආක්‍රමණ[සංස්කරණය]

ඉන්දියානු උප මහාද්වීපයේ ඇලෙක්සැන්ඩර්ගේ ආක්‍රමණය

ක්‍රි.පූ. 327 දී මහා ඇලෙක්සැන්ඩර් විසින් ඉන්දියාව ආක්‍රමණය කරන ලදී. ග්‍රීක හමුදාව දැකීමෙන් බියට පත් වූ තක්ෂිලාවේ ආම්භී රජු කිසිදු විරුද්ධවාදී කමකින් තොරව ඇලෙක්සැන්ඩර්ගේ ආධිපත්‍යයට යටත් වූ අතර ආක්‍රමණිකයාට මැනවින් සත්කාර කළේ ය. ඉන්දියාවේ සිට ආපසු යන ගමනේ දී සුසා නම් ස්ථානයේ දී (ක්‍රි.පූ. 323 දී) ඇලෙක්සැන්ඩර් අධිරාජයා මරණයට පත් විය.

මෞර්ය රාජ වංශය[සංස්කරණය]

චන්ද්‍රගුප්ත[සංස්කරණය]

මගධයේ බලය ලබා ගැනීමෙන් පසු චන්ද්‍රගුප්ත ආක්‍රමණික ක්‍රියාවලියක් මගින් ඉන්දියාවේ තිබු ස්වාධීන රාජ්‍ය විශාල සංඛ්‍යාවක් සිය අධිරාජ්‍යයට ඈඳා ගෙන උතුරු ඉන්දියාවේ ආධිපත්‍යය සෙසු ප්‍රදේශ වලට ද තහවුරු කිරීමට සමත් විය. ඔහුගේ පාලන කාලය වසර 24 ක් විය.

බින්දුසාර[සංස්කරණය]

ක්‍රි.පූ. 300 දී පමණ චන්ද්‍රගුප්ත මෞර්යගෙන් පසුව ඔහුගේ පුත් බින්දුසාර රජ විය. ඔහු වසර 27ක් පමණ රජ කළ බව සාමාන්‍ය පිළිගැනීම වුවත් ඔහුගේ පාලන සමය පිළිබඳ වැඩිමනත් තොරතුරු දැනගන්නට නැත. ඔහු අමිත්‍රඝාතක ලෙස ද හැඳින්විණි. එහි අරුත 'සතුරන් විනාශ කරන්නා' යන්නයි.

අශෝක[සංස්කරණය]

වෛශාලියේ ඇති අශෝක ස්ථම්භය

බින්දුසාර රජුගෙන් පසු ඔහු පුත් අශෝක රජ විය. වංශ කතා වලට අනුව අශෝක ඔහුගේ සහෝදරයන් 99 දෙනෙකු මරා රජකම ලබා ගෙන ඇත. ඔහු විසින් කාලිංග රාජධානිය ආක්‍රමණය කිරීමට කළ යුද්ධයේ අති බිහිසුණු තත්ත්වය අශෝක අධිරාජ්‍යයාගේ 13 වන සෙල් ලිපියේ දැක්වේ.

කාලිංග යුද්ධයේ සිදු වූ විනාශයත් සමඟ උපන් චිත්ත සන්තාපය නිසා මින් ඉදිරියට තමා කිසිම යුද්ධයක් නොකරන බවත් දහම් පණිවුඩය පතුරවාලමින් මිනිසුන්ගේ සිත්සතන් ජය ගැනීමට ක්‍රියා කරන බවත් ප්‍රකාශයට පත් කළේය. එලෙසින්ම ක්‍රියා කළ ඔහු මහජනතාවගේ අධ්‍යාත්මික හා භෞතික සුභ සාධනය සලසා දීම සඳහා දිවා රෑ වෙහෙසුණි.

අශෝක අධිරාජ්‍යයාගෙන් පසුව මෞර්ය අධිරාජ්‍යය ශීඝ්‍රයෙන් පරිහානියට පත් විය. මෞර්ය අධිරාජවරුන් විධිමත් පාලන රටාවක් ද සංවිධානය කළ බවට සාධක ඇත.

පශ්චාත් මෞර්ය අවධිය[සංස්කරණය]

ශුංගයෝ[සංස්කරණය]

මෞර්ය රාජවංශයේ අවසාන රජුගේ සෙන්පතියා වූ පුශ්‍යමිත්‍ර ශුංග හමුදා ආචාරයක දී හමුදාව ඉදිරියේම තම රජු මරා දමා මෞර්ය අධිරාජ්‍යයේ ප්‍රධාන කොටස වූ මධ්‍ය ප්‍රදේශයේ පාලනය තමන් යටතට ලබා ගත්තේය. එහෙත් සෙසු ප්‍රදේශ වල සිටි පාලකයන් ස්වකීය ස්වාධීනත්වය ප්‍රකාශ කළ බැවින් අධිරාජ්‍යය කොටස් වලට බෙදී ගියේය.

කාන්ච පාලනය[සංස්කරණය]

ශුංග වංශයේ අවසාන පාලකයා වූ දේවභූති රජු මරාදමා ඔහුගේ ප්‍රධාන ඇමති වූ බ්‍රාහ්මණ වංශික වාසුදේව කාන්ච මගධ අධිරාජ්‍යයේ සිහසුනට පත් විය. කාන්ච පාලනය අවුරුදු 45ක් පමණ පැවතිණි.

ඩෙකෑනයේ සාතවාහන පාලනය[සංස්කරණය]

ක්‍රි.පූ. 30 දී පමණ සාතවාහන හෙවත් ආන්ද්‍රයන් විසින් කාන්ච වංශිකයන් බලයෙන් පහකොට ඩෙකෑනයේ සිය බලය පිහිටුවා ගන්නා ලදී. මෙම පාලන සමය ගැන තොරතුරු පුරාණ ග්‍රන්ථ, සෙල්ලිපි සහ කාසි යනාදී මූලාශ්‍ර මගින් සොයාගත හැකිය. සාතවාහනයන්ගේ මුල්ම පාලකයා වූයේ ශිමුඛ රජුය. ක්‍රි.ව. 3 වන සියවසේ දී පමණ සාතවාහන බලය මුළුමනින්ම පාහේ අභාවයට පත්විය.

ඉන්දියාවේ ග්‍රීක පාලනය[සංස්කරණය]

ශුංග පාලන සමයේ දී ග්‍රීකයෝ ඉන්දියාවේ වයඹදිග ප්‍රදේශවල රාජධානි පිහිටුවා ගත්හ. ඩිමිට්‍රියස් නම් ග්‍රීක පාලකයා ඇෆ්ඝනිස්තානය, පංජාබ් සහ සින්ධ් යන ප්‍රදේශවල සිය ආධිපත්‍යය පිහිටුවා ගත්තේය. මෙනැන්ඩර් රජු ඩිමිට්‍රියස්ගේ අනුප්‍රාප්තිකයා විය. ඔහු බුදුදහම උගත් ශ්‍රේෂ්ට විද්වතෙකු සහ ඒම ආගමේ ශ්‍රේෂ්ට අනුග්‍රාහකයෙකු ද විය. මෙනැන්ඩර් රජු හා ශ්‍රේෂ්ට බෞද්ධ උගතෙකු වූ නාගසේන හිමියන් අතර ඇති වූ ධර්ම සාකච්ඡා මිලින්ද ප්‍රශ්නය නමැති පාලි කෘතියෙහි අඩංගු වී ඇත. අන්ටියාල්කිදාස් තවත් වැදගත් ග්‍රීක පාලකයෙකි. ශකවරුන් ග්‍රීක ප්‍රදේශ ආක්‍රමණය කිරීමත් සමඟ ඉන්දියාවේ ග්‍රීක බලය පරිහානියට පත්විය.

පාර්තියන්වරු[සංස්කරණය]

පාර්තියන්වරු හෙවත් පහ්ලවයෝ සෙලියුකිඩ් නම් තම ස්වාමියාට විරුද්ධව කැරලි ගසා ස්වාධීන රාජ්‍යයක් පිහිටුවා ගත්හ. ශ්‍රේෂ්ටතම පාර්තියන් පාලකයා වූයේ ගොන්ඩොපර්න්ස් ය. ඔහු සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් කිතු දහම වැළඳ ගත් බව කියවේ.

ශක හෙවත් සීතියන්වරු[සංස්කරණය]

යු-ඒ චී නම් ගෝත්‍රික ජනතාව විසින් ඔවුන්ගේ නිජබිම් වලින් පලවා හරිණු ලදුව ශකවරු ඉන්දියාවට ඇතුළු වී මතුරා, තක්ෂිලා සහ මාල්වා, කතියවාර් නමින් රාජධානි තුනක් පිහිටුවා ගත්හ. මතුරා හා තක්ෂිලා සහ මාල්වා පාලනය කළ පාලකයන් උතුරු ශත්‍රපයන් ලෙසද කතියවාර් පාලකයන් බටහිර ශත්‍රපයන් ලෙසද හැඳින්විණි.

කුෂාණවරු[සංස්කරණය]

චීන දේශ සීමාව භූමිය කොටගෙන සිටි යූඒ-චී ගෝත්‍රය ක්‍රි.පූ. 165 දී පමණ එම ප්‍රදේශයෙන් එළවා දමන ලදුව බටහිරට පැමිණ ඔක්සස් මිටියාවතේ සිටි පාර්තියන්වරුන් එළවා දමා එහි පදිංචි වූහ. ඔවුහු කොටස් පහකට බීඩි මධ්‍යස්ථාන පහක සිට පාලන කටයුතු ගෙන ගියහ. පළමු වන කැඩ්ෆයස් රජු විසින් ඔවුන්ව එක් ජාතියක් වශයෙන් එක්සත් කරනු ලැබීය. ඔහු රෝම අධිරාජයෙකු වූ ක්ලෝඩියස් විසින් නිකුත් කරන ලද කාසිවලට සමාන තඹ කාසි නිකුත් කළේය.

පළමුවන කනිෂ්ක[සංස්කරණය]

ගුප්ත පාලන අවධිය[සංස්කරණය]

කුෂාණ අධිරාජ්‍යය බිඳ වැටීමෙන් පසු යලිත් වරක් රටේ දේශපාලන එක්සත් බව ගොඩනගන ලද්දේ ගුප්ත අවධියේ දී ය. ගුප්ත වංශයේ තෙවන පාලකයා වූ පළමුවන චන්ද්‍රගුප්ත රජ වූ ක්‍රි.ව. 320 ගුප්ත යුගයේ ආරම්භක අවස්තාව ලෙස සලකනු ලැබේ. ඔහු ක්‍රි.ව. 335 දක්වා රාජ්‍යත්වය දැරිය. ඔහු මරණයට පත් වූ අවස්තාව වන විට අලහබාද් ප්‍රදේශයේ සිට බිහාරයේ දකුණු ප්‍රදේශය දක්වා විහිදුණු විශාල අධිරාජ්‍යයක් ගොඩනගා ගෙන තිබිණි. ඔහුගේ ජයග්‍රහණ පිළිබඳව අලහබාද් ප්‍රශස්තියේ සඳහන්ව ඇත.

පළමුවන චන්ද්‍රගුප්තට පසුව ඔහුගේ පුත් සමුද්‍රගුප්ත (ක්‍රි.ව. 335 - 350) ද අනතුරුව සමුද්‍රගුප්තගේ පුත් දෙවන චන්ද්‍රගුප්ත (ක්‍රි.ව. 380 - 413) ද ඉන් අනතුරුව කුමාර ගුප්ත (ක්‍රි.ව. 415 - 455) ද අනතුරුව ස්කන්ධගුප්ත (ක්‍රි.ව. 467 දක්වා) ද රජ විය. ස්කන්ධගුප්තගේ පාලන කාලයෙන් පසු ගුප්ත අධිරාජ්‍ය ඉතිහාසය විස්තර කිරීමට තරම් පැහැදිලි සාක්ෂි ලැබී නැත.

වර්ධන රාජවංශය[සංස්කරණය]

ගුප්ත අධිරාජ්‍යයේ අවසාන කාලයේ එහි යටත් ප්‍රදේශ වලට නිරතුරුව එල්ල වූ හූන ආක්‍රමණ නිසා එම අධිරාජ්‍යය තුළ අවුල් වියවුල් සහ කොටස්වලට කැඩී යාම් පැවතුණි. අවසානයේ දී උතුරු ඉන්දියාවට දේශපාලන එක්සත් කමක් ලබා දීමට ථානේශ්වර් රාජධානිය පාලනය කළ වර්ධන රාජවංශය සමත් විය. ක්‍රි.ව. 606 දී හර්ෂවර්ධන, ථානේශ්වර් රාජධානියේ පාලන බලය ලබාගැනීමට සමත් විය.

බාදාම්යේ පැරණි වාලුක්‍ය රාජවංශය[සංස්කරණය]

හයවන සියවසේ සිට අටවන සියවස දක්වා කාලය තුළ ඩෙකෑනයේ දේශපාලන එක්සත් බවක් ඇති කිරීමට බාදාමියේ පැරණි වාලුක්‍ය රාජවංශයෙන් ඉතා වැදගත් මෙහෙයක් ඉටු විය. එම රාජවංශයේ වඩාත් කැපීපෙනෙන පාලකයා වූයේ දෙවන පුලකේෂින් (609 - 642) රජු ය. ඔහු නර්මදා නදියේ සිට කාවේරි නදිය තෙක් විහිදුණ අධිරාජ්‍යයක් බිහිකර ගැනීමට සමත් විය. අජන්තාවේ සමහර සිතුවම්, බාදාමියේ සහ පට්ටඩකාල් හින්දු දේවාල කලා ක්ෂේත්‍රයන්ගේ අභිවර්ධනයට වාලුක්‍ය රාජවංශයෙන් ලැබුණ දායකත්වය පෙන්නුම් කරයි.

කාංචිහි පල්ලවයෝ[සංස්කරණය]

ක්‍රි.ව. හත්වන - නවවන සියවස් අතර වූ කාලය තුළ ඉන්දියාවේ දකුණු කෙළවරේ ප්‍රදේශ පල්ලවයෝ පාලනය කළහ. ඔවුන්ගේ මුල්ම පාලකයා විශ්නගුප්ත රජුය. ක්‍රි.ව. නවවන සියවස වන විට එම රාජ්‍යය ශීඝ්‍රයෙන් පරිහානියට පත් විය.

තංපෝරයේ චෝළයෝ[සංස්කරණය]

දකුණු ඉන්දියාවේ පල්ලව බලය බිඳවැටීමත් සමඟ තංපෝරයේ චෝළයෝ බලයෙන් වර්ධනය වූහ. ඔවුන්ගේ මූලාරම්භය පිලිබඳ පැහැදිලි දත්ත නොමැත. ඔවුහු ක්‍රි. ව. නව වන සියවසේ සිට 13 වන සියවස දක්වා දකුණු ඉන්දියාව පාලනය කළහ. පෙන්කාර් සහ වෙල්ලාර් ගංගා අතර පිහිටි චෝළ මණ්ඩලම් නමැති සුවිශාල ප්‍රදේශය ඔවුන් විසින් පාලනය කරනු ලැබිණි. ඔවුන්ගේ එක් ශ්‍රේෂ්ට රජෙකු වූ පළමුවන රාජරාජ (ක්‍රි. ව. 985 - 1014) යටතේ අති විශාල ප්‍රගතියක් ලබා ගත් අතර ඔහු ලංකාව ද ආක්‍රමණය කළ බව සඳහන් වේ. චෝළයෝ විශිෂ්ට මුහුදු බලයක් හිමි ජාතියක් ලෙස ප්‍රචලිතව ඇත.

බ්‍රිතාන්‍ය පාලන සමය[සංස්කරණය]

බ්‍රිතාන්‍ය පාලනයේ දායාද[සංස්කරණය]

ජාතිකානුරාගය[සංස්කරණය]

අන්තවාදය[සංස්කරණය]

ගාන්ධි යුගය[සංස්කරණය]

දන්ඩි පාගමන[සංස්කරණය]

පාකිස්තාන් ව්‍යාපාරය[සංස්කරණය]

මොහොමඩ් අලි ජින්නා[සංස්කරණය]

කැබිනට් දූත මෙහෙය[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ඉන්දියාවේ_ඉතිහාසය&oldid=404720" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි