ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා

විකිපීඩියා වෙතින්
ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා
සේවා ශාඛා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ශ්‍රී ලංකා නාවික හමුදාව
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
මූලස්ථානකොළඹ
නායකත්වය
උත්තරීතර අණ දෙන නිළදාරීශ්‍රී ලංකාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ
රාජ්‍ය ආරක්ෂක අමාත්‍යශ්‍රී ලංකාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ
රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයශ්‍රී ලංකාව චමල් රාජපක්ෂ
ආරක්ෂක ලේකම්ශ්‍රී ලංකාව ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික)
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා
පිරිස් බලය
හමුදා වයසඅවුරුදු 18
සේවායනයනැත
හමුදා සේවයට
පැවතිය හැකි
5,342,147 පිරිමි, වයස 16-49 (2010 අනුමානිත),
5,466,409 ගැහැණු, වයස 16-49 (2010 අනුමානිත)
හමුදා සේවයට
සුදුසු
4,177,432 පිරිමි, වයස 16-49 (2010 අනුමානිත),
4,574,833 ගැහැණු, වයස 16-49 (2010 අනුමානිත)
හමුදා වයසට
වාර්ෂිකව එළඹෙන
167,026 පිරිමි (2010 අනුමානිත),
162,587 ගැහැණු(2010 අනුමානිත)
සක්‍රීය පුද්ගලයෝ346,000
උපසේවා පුද්ගලයෝ90,000
Deployed personnel8,000 (එක්සත් ජාතීන්ගේ සාමසාධක)
වියදම්
Budgetඇ.එ.ජ. ඩොලර් බිලියන 2 (2016)[1]
දදේනි යේ ප්‍රතිශතය2.2% (2015)
කර්මාන්ත
දේශීය සැපයුම්කරුවෝSLEME
කලම්බු ඩොක්යාඩ්
විදේශ සැපයුම්කරුවෝ People's Republic of China
 රුසියාව
 ඉන්දියාව
 පකිස්තානය[2]
 ඊශ්‍රායෙලය
 United States
 එක්සත් රාජධානිය
වාර්ෂික අපනයනඉන්දියාව ඉන්දියාව[3]
මාල දිවයින් මාලදිවයින
නයිජීරියාව නයිජීරියාව[4]
ආශ්‍රිත ලිපි
ඉතිහාසයබෝර් යුද්ධය
පළමුවන ලෝක යුද්ධය
දෙවන ලෝක යුද්ධය
කොංගෝ අර්බුදය
පළමු ජවිපෙ කැරැල්ල
දෙවන ජවිපෙ කැරැල්ල
ශ්‍රී ලංකානු සිවිල් යුද්ධය
Ranksයුද්ධ හමුදාව
නාවික හමුදාව
ගුවන් හමුදාව

ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා යනු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සමස්ත ඒකාබද්ධ හමුදාව ය. මෙයට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව අයත් වන අතර, ආරක්ෂක අමාත්‍යංශය යටතේ පාලනය වෙයි. ශාඛා ත්‍රිත්වයෙහිම ක්‍රියාකාරි භටයින් 346,700 ක් පමණ සේවය කරනු ලැබේ. ශ්‍රී ලංකාව තුල කිසිවිටක හේවායනය ක්‍රියාත්මක කොට නොමැත. ශ්‍රී ලංකා වෙරළාරක්ෂක සේවය ද ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වුවද, එහි සේවය කරනුයේ සිවිල් වැසියන් ය.

ශ්‍රී ලංකා යුධ හමුදාවේ විශේෂ බලකායන්(Y.W.B)[සංස්කරණය]

ශ්‍රී ලංකා යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුව-ක.රෙ-Commando Regiment-CR.(Y.W.B)[සංස්කරණය]

  • ශ්‍රි ලංකා යුද හමුදාව සතු විශේෂ ක්‍රියාන‍්විත ඒකක දෙකෙන‍් එකකි. යුද හමුදා විශේෂ බලකා රෙජිමේන්තුව අනෙක‍් එකකයයි. කමාන්ඩෝ රෙජිමේන්තුව නිර‍්මානය කොට ඇත‍‍්තෙ එක‍්සත‍් රාජධානියෙ‍් විශේෂ ක්‍රියාන‍්විත ඒකකයක‍් වන "ස‍්පෙෂල‍් එයාර‍් සර‍්විස‍් (SAS) රෙජිමේන්තුවට" බෙහෙවින් සමානවය. කමාන්ඩෝ රෙජිමේන්තුවෙ පරිපාලන ව්යුහය හා මෙහෙයුමි සිදුකරන ආකාරය "ස‍්පෙෂල‍් එයාර‍් සර‍්විස‍් (SAS)" රෙජිමේන්තුවට බෙහෙවින් සමානවේ.
  • මෙම ඒකකය 1980 දී නිර්මානය කරන ලද අතර ගනේමුල්ල ප්‍රදෙ‍්ශයෙ‍් ස‍්ථාපිත කොට ඇත.
  • යමි අවස‍්ථාවකදි ඇතිවන දෙ‍්ශිය හො විදෙ‍්ශිය ත්‍රස‍්ත ක්‍රියාවකදි ප්‍රතිචාර දැක‍්විමට ශ්‍රි ලංකාව තුල ක්‍රියාත‍්මකවන ප්‍රධානතම එකකය වන‍‍්නෙ කමාන්ඩෝ රෙජිමේන්තුව සතු ගුවන‍්යානා ප්‍රති පැහැරගැනිමි හා ප්‍රාණ ඇපකරැවන‍් ගලවා ගැනිමෙ එකකයයි. මෙම කුඩා එ‍්කකය පැය විසිහතර පුරාවට සුදානමිව සිටින අතර කටුනායක ජාත්‍යන‍්තර ගුවන‍්තොටුපලෙහි ස‍්තානගතකොට සිටී.
  • කමාන්ඩෝ රෙජිමේන්තුව සෙබලුන‍් 4 සහ8 දෙනා බැගින‍් වන කුඩා කණ්ඩායම් ලෙස මෙහෙයුමි සිදුකරයි.ඔවුන් ඇමරිකාව, එක්සත් රාජධානිය ,ඉශ්රායෙලය,ඉන්දියාව හා පාකිස්තානය යන රටවල‍් වලින‍් පුහුණුව ලබා ඇත.
  • ආසන්න වශයෙන් රෙජිමේන්තුවෙ සියයට අනු පහක‍් පැරෂුටි මගින‍් යුධ බිමට ලගාවිමෙ සුදුසුකම්(AIRBORNE) ලබා ඇත.
  • මෙම පුහුනුව පකිස්ථානයේ , ඉන්දියාවේ හෝ ගනේමුල්ල කමාන්ඩෝ පැරෂුට් පුහුණු පාසලේ දී ලබාදේ.
  • තුන්වන කමාන්ඩෝ රෙජිමේන්තුව සහ තුන්වන විශේෂ බලකා රෙජිමේන්තුව එ‍්කාබද‍‍්ධව ස්වාධීන විශේෂ විමර‍්ශන බලසේනාව(දිගු දුර විහිදුමි බලකාය)පිහිටුවා ඇත.
  • කමාන්ඩෝ රෙජිමේන්තුවට නිත්‍ය ඒකක හතරක‍් ඇත.


කමාන්ඩෝ රෙජිමේන්තුවෙ කර්තව්යයන් සහ කාර්යභාරයන‍්[සංස්කරණය]

  • දිවයිනෙ ප්‍රධානතම ප්‍රභුවරැන‍්ගෙ ආරක්ෂාව සැපයිම හා දැඩි ආරක්ෂක තර‍්ජන එල‍‍්ලවි ඇති ප්‍රභුවරැන‍්ට ආරක්ෂාව සැපයිම.
  • විශේෂ විමර්ශන ක්‍රියාන්විත සිදු කරිම.
  • ප්‍රති ත්‍රස්ත ක්‍රියාන්විත සිදු කරිම.
  • ප්‍රණ ඇපකරුවන් බේරා ගැනීමේ ක්‍රියාන්විත සිදු කරිම.
  • නාගරික යුධ මෙහෙයුමි සිදු කරිම.
  • සෘජු ප්‍රහාරක මෙහෙයුම් සිදු කරිම.
  • රහසිගත යුධ මෙහෙයුමි සිදු කරිම.
  • ගුවන් මගින‍් ගොස‍‍් සිදු කරනු ලබන (AIRBORNE)ප්‍රති ත්‍රස්ත මෙහෙයුම් සිදු කරිම.
  • ජලය ආශ්‍රිත (WATERBORNE) ප්‍රති ත්‍රස්ත මෙහෙයුම් සිදු කරිම.


පරම වීර විභූෂණය-(PWV)[සංස්කරණය]

1. මේජර් ජී.එස්.ජයනාත්, දෙවන බළඇණිය, කමාන්ඩෝ රෙජිමේන්තුව((8).N/61736)

2. කෝප්‍රල් එච්.ඒ.නිලන්ත කුමාර, තුන්වන බළඇණිය, කමාන්ඩෝ රෙජිමේන්තුව((17).S/553286)

3. සැරයන් කේ.පී.ඩි.ටී. ගුණසේකර, පළමුවන බළඇණිය කමාන්ඩෝ බලකාය((21).S/552511)

4. කෝප්‍රල් එස්.වී.ඒ.එම්. පුෂ්පමාල්, පළමුවන බලඇණිය, කොමාන්ඩෝ බලකාය((26).S/554572)

5. මාණ්ඩලික සැරයන් කේ.ජී.එන්.එල්.ආර්. පෙරේරා, දෙවන බළඇණිය, කමාන්ඩෝ බලකාය((27).S/552009)


ශ්‍රිලංකා යුද හමුදා විශේෂ බළකාය-වි.බ-SPECIAL FORCE-S.F.(Y.W.B)[සංස්කරණය]

  • යුද හමුදා විශේෂ බළකාය එස්.එෆ්. නමින් හඳුන්වනවා.
  • යුද හමුදා විශේෂ බළකායක අවශ්‍යතාව එන්නේ සාමාන්‍ය පාබල රෙජිමේන්තුවකට යා නොහැකි ප්‍රදේශ සහ ගැනීමට අපහසු ඉලක්ක හඳුනා ගැනීමට.
  • 1985 වසරෙදි ජෙනරල් ගාමිණී හෙට්ටිආරච්චි ගෙ අදහසකට අනුවයි මෙය නිර්මාණය වුණේ. 85ට ඉස්සරවෙලා මෙය ආර්.ඩී.එෆ්. කියලා පොඩි කොට්ඨාසයක් හදාගෙන හිටියා. එහි සාමාජිකයන් 35ක් පමණ සිටියා. එහි මුල්ම සාමාජිකයෝ තමයි මේජර් ගාමිණී හෙට්ටිආරච්චි, ලුතිනන් අස්ලාම් ෆස්ලි ලෆීර්, කැප්ටන් අජිත් පෙරේරා ඇතුළු පිරිස. එය තමයි පසුව විශේෂ බළකාය (SF) බවට පත් වුණේ.


විශේෂ බළකායේ මූලික කාර්ය භාරයන්[සංස්කරණය]

1.ප්‍රහාර දෙන එක.

2.තොරතුරු රැස් කිරීම.

  • ප්‍රහාර දෙනවා ලෙස සඳහන් කරන්නේ සතුරන්ගේ ප්‍රධාන නායකයන් ඉලක්ක කිරීම, ඔවුන්ගේ වැදගත් කඳවුරු සොයා පහරදීම, සතුරු කණ්ඩායම් සිටින පළාත් බලා ඒවාට පහර දීම, විශාල කඳවුරු පිළිබඳ සොයා බලා ගුවන් හමුදාවට තොරතුරු සැපයීම ආදිය සිදු කිරීම.
  • විමර්ශනය පැත්තෙන් බැලුවොත් විශේෂ බළකායේ සෙබළු සතුරු කඳවුරු පිළිබඳව සොයා බැලීම සිදු කරනවා. ඒ වගේම කාලතුවක්කු වගේ විශාල අවි ආයුධ සඟවලා තිබෙන තැන් ගැන සොයා බලනවා. සතුරන්ගේ චර්යාවන් සොයා බලා ඉහළ මූලස්ථාන වලට දැනුම් දීම සිදු කරනවා. සතුරන්ගේ සන්නිවේදන මධ්‍යස්ථාන පිළිබඳ තොරතුරු සෙවීමත් විශේෂ බළකායේ තවත් කොටසක්.


විශේෂ බළකාය ගොඩනැගීම[සංස්කරණය]

  • මේජර් ගාමිණී හෙට්ටිආරච්චිගේ සංකල්පයට අනුව සාමාජිකයන් 38 දෙනකුගෙන් පළමු කණ්ඩායම නිර්මාණය වුණා.
  • මුලින්ම විශේෂ කණ්ඩායම් පුහුණුවීම් ලැබුවේ ගණේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු කඳවුරේ.
  • පසුව විදේශීය උපදේශකයන්ගෙනුත් පුහුණුවීම් ලැබුවා. එසේ පුහුණු වූ පිරිස වව්නියාවේ ජෝශප් කඳවුරේ ස්ථානගත වුණා.
  • ඉන් පස්සේ වැලිඔය සහ වව්නියා ක්‍රියාන්විත වලට අවශ්‍ය දායකත්වය ලබලා දුන්නා.
  • ඒ කාලයේ ලුතිනන් කර්නල් විජය විමලරත්නගේ නායකත්වයෙන් යුත් පළමුවැනි ගජබා රෙජිමේන්තුවේ විශේෂ කණ්ඩායම් දෙකක් මේ පිරිසට සහාය ලබලා දුන්නා.
  • සතුරන්ගේ තොරතුරු ලබාගනිමින් මර්මස්ථාන වලට පහර දීම සාර්ථකව සිදු කළ විශේෂ බළකාය තව තවත් වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාව තිබුණා.
  • ඒ අනුව සෙබළුන් 38කින් ආරම්භ කළ විශේෂ බළකාය 68ක් දක්වා බි්‍රගේඩියර් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ මගපෙන්වීම යටතේ වැඩි කළා.
  • මෙහෙයුම්වල පහසුව තකා “ඇල්ෆා”, “බ්‍රාවෝ”, “චාලි” කියලා කණ්ඩායම් තුනකට මේ පිරිස වෙන් කළා.
  • මේ කණ්ඩායම්වල අණදෙන්නන් ලෙස ක්‍රියා කළේ ලුතිනන් අජිත් පෙරේරා, ලුතිනන් ෆස්ලි ලෆීර්, ලුතිනන් රොහාන් විජේසිංහ යන පිරිස.
  • දෙවැනි බඳවාගැනීමෙන් පසු ඒ ආකාරයට වර්ධනය කළ විශේෂ බළකායට තුන්වැනි අවස්ථාවේදී “ඩෙල්ටා” බල ගණයද එකතු කළා.එය භාරවූයේ මේජර් ගාමිණී හෙට්ටිආරච්චිට.
  • ඒ ආකාරයට ටික ටික ගොඩ නැගුණු විශේෂ බළකායට රාජ් විජේසිරි සම්බන්ධ වෙන්නේ 1986 වසරේදී.
  • ත්‍රස්ත මර්දනය සඳහා පිහිටවූ කණ්ඩායම් වලට වගකීම් පැවරුවේ තවත් කුඩා කණ්ඩායම් ලෙස කොටස් කරලා.
  • ඒ කුඩා කණ්ඩායමක් සාමාජිකයන් 8 දෙනකුගෙන් සමන්විතයි. ඒ කණ්ඩායමේ 8 දෙනාට එක එක වගකීම් පවරලා තිබුණේ.
  • උදාහරණයකට කිව්වොත්, කණ්ඩායමෙන් දෙදෙනෙක් පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ වැඩිදුර පුහුණුව ලබපු අය. ඒ අය තමයි බිම් බෝම්බ ඇටවීම වැනි කටයුතු බාරව ක්‍රියා කරන්නේ.ඒ වගේම සතුරා වළදැමූ ආයුධ පිළිබඳ සොයා බැලීමත් ඔවුනට අයිති රාජකාරියක්.
  • ඊළඟට තවත් දෙන්නෙක් පුහුණු කරලා තිබුණා වෛද්‍ය සේවාවට.කණ්ඩායමේ කාටහරි තුවල වුණොත් ඒ සඳහා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබලා දෙන්නේ ඒ දෙන්න.
  • තවත් දෙන්නෙක් පුහුණු කළා සංඥා පිළිබඳ සොයා බැලීමට. එයාලගෙන් එක් කෙනෙක් තමයි රේඩියෝ සෙට් එක ගෙනියන්නේ.
  • ඔය ආකාරයට එක එක්කෙනාගේ දක්ෂතාව අනුවයි අට දෙනාට රාජකාරි පැවරුවේ. මේ එක කණ්ඩායමට නායකයෙක් සහ උපනායකයෙක් හිටියා.
  • මේ අට දෙනාගේ කණ්ඩායමත් නැවත කොටස් දෙකකට කැඩුණා.
  • මූලික කණ්ඩායමක් ලෙස 8 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් නිර්මාණය කිරීමටත් හේතුවක් තිබුණා.ඒ තමයි කුඩා කණ්ඩායමක් සතුරාට සොයා ගැනීමට අපහසු වීම.
  • උතුරේ ත්‍රස්ත මර්දනය සේම දකුණේ රාජ්‍ය විරෝධී කැරලිකරුවන් මර්දනය කිරීමට සහයදීමත් විශේෂ බළකායේ රාජකාරිය වුණා.


විශේෂ බළකායට ආ අභියෝග[සංස්කරණය]

  • ඒ කාලය වන විට පණිවිඩ හුවමාරු ක්‍රම නොදියුණු තත්ත්වයේ තිබුණේ. ඡඍක්‍ - 77 ගුවන් විදුලි යන්ත්‍ර තමයි ඒ සඳහා භාවිත කළේ. එහි රහස්‍යභාවය අවිනිශ්චිතයි. ඒ වගේම කිලෝ මීටර් 15ක උපරිම සීමාවක් සංඥා ලබාදීම සඳහා තිබුණේ. ඒ සීමාවෙන් එහාට ගියාම මූලස්ථානයත් සමග සංඥා නැති වෙනවා. එය ලොකු බාධාවක්. ඒ වගේම අවි ආයුධ සම්බන්ධ ගැටලු තිබුණා. විශේෂයෙන්ම සතුරා විනාශ කරන්න සයිලන්ට් වෙපන් (හඬ නොනැගෙන අවි) තිබුණේ නෑ.
  • ඒ වගේම ඒ කාලේ ජී.පී.එස්. තාක්ෂණය තිබුණේ නෑ. සිතියම් පරිහරණය කරමිනුයි කටයුතු කළේ. ඒ සිතියම් 1950 ගණන් වල 60 ගණන් වල හදපු ඒවා. ඒවායේ තිබුණ දත්ත මේ වන විට වෙනස් වෙලා. කැලෑ එළිවෙලා. ගම්මාන, කුඹුරු හැදිලා, ඒ නිසා තිබුණු සිතියම පවා සීයට සීයක් නිවැරදි වුණේ නෑ.
  • ඒ වගේම වැසි ජලය කාන්දුවන, දිගු ක්‍රියාන්විත වලට ඔරොත්තු නොදෙන උරහිස් රිදුම් දෙනකන් දරා සිටින්නට වූ පැක් තමයි භාවිතා කළේ.
  • මීළඟට තිබුණු ලොකුම අභියෝගය ආහාර. සාමාන්‍ය යුද හමුදා සෙබළු අරගෙන යන බත් ටින් කෑමයි තිබුණේ. දවස් 10ක්, 12ක් කැලේ ඇතුළේ මෙහෙයුමේ නිරත වෙද්දී කැලරි වැඩි ආහාරයි අවශ්‍ය වෙන්නේ.
  • ඒත් විශේෂ බළකා සෙබළු ඒ හැම අභියෝගයකටම සාර්ථකව මුහුණ දුන්නා.


1989 ඇති වූ අර්බුදකාරී තත්ත්වය[සංස්කරණය]

  • ඒ කාලයේ වව්නියාව, මාන්කුලම, යාපනය වැනි ප්‍රදේශ වල මෙහෙයුම් සිදුකළා. ඇතැම් අවස්ථාවල ප්ලොට් සංවිධානයේ සහයෝගය ලැබිලා තිබෙනවා.
  • 1988 වසර වන විට යුද හමුදාව තුළ විශේෂ ඒකකයක් ලෙස මෙම බළකාය ප්‍රතිපත්ති මගින් පිළිගත්තා.
  • ඒ වගේම 1989 දී විශේෂ බලකායේ ධාවන පැදි බලගණය පිහිටවූවා.
  • එල්.ටී.ටී.ඊ. පිස්තෝල කල්ලිය මර්දනය කිරීම ඔවුන්ගේ විශේෂ ක්‍රියාන්විතයක් වුණා.
  • ඒ වගේ 89 කාලයේ හිස එසවූ කැරලිකරුවෝ නගරයේ තැනින් තැන කලබල ඇති කරන්නට පටන් ගත්තා.මෙම කණ්ඩායම් මර්දනය කිරීමට ධාවන පැදි බළකාය විශේෂ සේවාවක් සිදු කළා.


පළමුවැනි විශේෂ බළකාය[සංස්කරණය]

  • විශේෂ බළකායේ සතුටුදායක ජයග්‍රහණයන් නිසා යුද හමුදාවේ විශේෂ පිළිගැනීමක් ලැබුණා. එය තවතවත් වර්ධනය කිරීමේ අවශ්‍යතාව ඇති වුණා.
  • ජෙනරාල් වනසිංහ යුද හමුදාපති වුණාට පස්සේ හමුදාවේ ඉන්න දක්ෂ සෙබළුන් විශේෂ බළකායට බඳවාගන්න අවස්ථාව උදා කරලා දුන්නා.
  • ඒ කාලයේම විශේෂ බළකා පුහුණු පාසලක් ආරම්භ වුණා.250ක පමණ කණ්ඩායමක් බඳවා ගෙන මින්නේරියේ පුහුණුවක් කළා. ඉන් 135ක් පමණ බඳවා ගත්තා.
  • 89 කාලය වන විට විශේෂ බළකාය 150ට අධික සෙබළු සංඛ්‍යාවකගෙන් යුක්ත වුණා. මේ විදියට බඳවාගැනීම් කරලා 500ක් පමණ සෙබළ කණ්ඩායමක් හැදුවා.
  • එය පළමුවැනි විශේෂ බළකාය කියලා රෙජිමේන්තුවක් බවට පත් කළා.එහි මූලස්ථානය පිහිටවූයේ නාවුල.
  • 1990 වෙනකොට විශේෂ බළකායේ ස්නයිපර් කණ්ඩායම බිහි කළා.
  • ඒ වගේම සංග්‍රාමික කිමිදුම් පාඨමාලාවක් හදාරා සිටි ලුතිනන් සුසිත් කන්ගොඩආරච්චිගේ ප්‍රධානත්වයෙන් විශේෂ බළකා කිමිදුම් කණ්ඩායමක් ගොඩනැගුවා.


දෙවැනි විශේෂ බළකාය[සංස්කරණය]

  • 1995 වසරේදී දෙවැනි විශේෂ බළකායේ කිමිදුම් කණ්ඩායම පිහිටවූවා.
  • දියෙන් සහ ගොඩින් සතුරා සමග සටන් කිරීමට අවශ්‍ය ශක්තිය ලබාගත් විශේෂ බළකාය ගුවණින් හරඹ කිරීම සඳහා පැරෂුට් භටයින් රැසක් ද නිර්මාණය කළා.
  • මේ විදියට ශක්තිමත් කළ විශේෂ බළකායේ “එකෝ” බලගණය කපිතාන් උපුල් වීරසිංහගේ නායකත්වයෙන් ගොඩනැගුවා.
  • එය විශේෂ නිලධාරින් 28 දෙනෙක් සහ සෙසු නිලයන් 498කින් සමන්විත වුණා. එහි ප්‍රථම අණ දෙන නිලධාරි වුණේ රාජ් විජේසිරි.
  • එය ආරම්භ කළේ ත්‍රිකුණාමලයේදී.


3 වැනි විශේෂ බළකාය[සංස්කරණය]

  • 1996 වසරේදි රාජ් විජේසිරි දෙවැනි විශේෂ බළකායෙන් කොටසක් අරගෙන දිග දුර විහිදුම් බළකාය ආරම්භ කළා.
  • එය කිලිනොච්චියේදී සිදු කළේ.
  • 3 වැනි විශේෂ බළකාය හැදුණේ ඒ ආකාරයට.
  • කපිතාන් චන්න වඩුගේ ප්‍රධානත්වයෙන් “ෆොක්ස්ට්‍රොට්” බලගණය පිහිටවූවා.
  • “හොටෙල්” බලගණය ආරම්භ කිරීමට මුල් වූයේ කපිතාන් චූල දෙල්වල.


විශේෂ බළකාය සඳහා සෙබළුන් තෝරා ගන්න විශේෂ ක්‍රමවේදය[සංස්කරණය]

  • විශේෂ බළකායට පැමිණෙන සෙබළෙකුට අමාරු දුෂ්කර පාඨමාලාවකට මුහුණදීමට සිදුවෙනවා. ඔහුගේ කායික සහ මානසික ශක්තිය මැන බලනවා. කායික ශක්තිය බලන්න ලොකු පාගමන් තිබෙනවා. ලොකු බරක් දාගෙන යන්න ඕනෑ. දුවන්න ඕනෑ. බාධක තරණ තිබෙනවා. කිලෝ මීටර් ගණන් ඇවිදින්න ඕනෑ.
  • ඒ වගේම ඔවුන්ගේ මානසික ශක්තිය ඒ හැම අවස්ථාවකදීම මැන බලනවා. ඔවුන්ගේ බුද්ධි මට්ටමත් ඒ ඒ ක්‍රියාකාරකම් වලින් මැන බලනවා. මේ හැම දේම කරන්නේ දින 28ක තියෙන මූලික පාඨමාලාවෙන්. මේ සති හතරේ පාඨමාලාවට 100ක් ආවොත් 60ක්ම හැලෙනවා. ඉන් තේරෙන පිරිස තමයි මාස 5ක් විතර පවත්වන උසස් ශිල්ප පාඨමාලාවට තෝරාගන්නේ. ඒ අයට තමයි විශේෂ බළකා සෙබළෙකුට තිබිය යුතු පුහුණුවීම් ලබලා දෙන්නේ.


මෙහෙයුම් වලට දුන් දායකත්වය[සංස්කරණය]

  • වඩමාරච්චි මෙහෙයුමේදී විශේෂ බළකාය ට පැවරුණේ ප්‍රභාකරන් පැනලා යන පැත්ත කවර් කරන්න. විශේෂ බළකාය හෙලිකොප්ටර් 9කින් එතනට ගියා. එතන දවස් 6ක් හිටියා. පැය හයකට (6) පසු එල්.ටී.ටී.ඊ. එක විශේෂ බළකාය ට පහර දුන්නා. එහිදී සෙබළු 6ක් 7ක් පමණ මරුණා. 17ක් විතර තුවාල වුණා.
  • මීලඟට සම්බන්ධ වුණේ මුලතිව් මෙහෙයුමට.මුලතිව් එල්.ටී.ටී.ඊ. එකෙන් පහර දුන්නට පස්සේ එහි සිටි සෙබළුන්ට උදව් කරන්නට සිදු වුණා.කර්නල් ලෆීර් ඔහුගේ සෙබළුන් සමග එම ස්ථානයට ගියා. එල්.ටී.ටී.ඊ. එකෙන් එයාගෙ කණ්ඩායම වට කරගත්තා.එතනදි තමයි කර්නල් ලෆීර් මැරුණේ.එයාගේ ගොඩක් අය තුවාල වුණා. ඒ පිරිසට උදව් කරන්න කර්නල් රාජ් විජේසිරි දෙවැනි විශේෂ බළකායත් එක්ක ත්‍රිකුණාමලයෙන් මුලතිව් දක්වා පිටත් වුණා. එල්.ටී.ටී.ඊ. එක විශේෂ බළකාය ට වටකරගෙන ගැහුවා.
  • එදා සවස 5ට විතර කර්නල් රාජ් විජේසිරි ටත් වෙඩි වැදුණා.5ක් විතර මැරුණා. රෑ නමයට විතර කර්නල් රාජ් විජේසිරි හෙළිකොප්ටරේකින් අරගෙන කොළඹට ගෙනාවා.
  • විශේෂ බළකා සෙබළු පහුවෙනි දවස වෙන කොට තවත් බල සේනා ගෙන්වාගෙන ලොකු සංග්‍රාමයක් කරලා සිර වී සිටි සෙබළුන් බේරා ගෙන තිබුණා.
  • ඒ වගේම ඊට පෙර තිබූ යාපනය අල්ලා ගැනීමේ ක්‍රියාන්විතයේදී කර්නල් රාජ් විජේසිරි දෙවැනි විශේෂ බළකායේ අණදෙන්නා ලෙස කටයුතු කළේ.
  • කර්නල් ලෆීර් පළමුවැනි විශේෂ බළකායේ අණදෙන්නා ලෙස හිටියා.එල්.ටී.ටී.ඊ. එක රාත්‍රියට පැමිණ සෙබළුන්ට පහර දුන්නා. ගොඩක් අය මැරුණා.තුවාල වුණා. ඒත් මෙහෙයුම සාර්ථකව කළා.1995 දී යාපනය කොටුව අල්ලා ගත්තා.
  • තවත් විශේෂ එකක් තමයි යාපනය අල්ලාගන්න කළ විශේෂ මෙහෙයුම.
  • කර්නල් රාජ් විජේසිරි බල සේනාධිපති ලෙස කටයුතු කළා. ඒ කළ ක්‍රියාන්විතයේදී මාස 5ක් තුළ සෙබළු 100ක් විතර මැරුණා.400ක් විතර තුවාල වුණා.නිලධාරින් 10ක් විතර මැරුණා. ලොකු හානියක් වුණා. සති ගාණක් ඒ යුද්ධය ගියා.
  • පාබල හමුදාවන්ට ලොකු සහයෝගයක් විශේෂ බළකා සෙබළු ලබලා දුන්නා.
  • වර්ෂ 2009 විශේෂ බළකායේ රෙජිමේන්තු 5ක් නිර්මාණය වෙලා තිබුණා.
  • සෙබළු 2000ක් පමණ හිටියා.
  • යුද්ධය අවසාන වෙන තුරුම මෙම සෙබළු බුද්ධි තොරතුරු සොයමින් එල්.ටී.ටී.ඊ. නායකයන්ට පහර දෙමින් විශාල කාර්ය භාරයක් ඉටු කළා.
  • තීරණාත්මක අවස්ථාවලදී ජෙනරල් ෆොන්සේකාත් විශේෂ බළකායේ සහාය ලබා ගත්තා.
  • එහිදී ප්‍රධාන කාර්ය පාබල හමුදාවලින් සිදු කරන විට ඊට අවශ්‍ය සහය තමයි විශේෂ බළකා සෙබළු ලබලා දුන්නේ.
  • මේ ආකාරයට සාමාජිකයන් 38 දෙනකුගෙන් ආරම්භ වූ විශේෂ බළකාය ක්‍රම ක්‍රමයෙන් ප්‍රබල කණ්ඩායමක් බවට පත් වූයේය.
  • සතුරා පිළිබඳව තොරතුරු සොයා බලමින් යුද හමුදාවන්ට සුවිශාල සහයෝගයක් ලබාදුන් ඔවුන්ට වන්නි මානුෂික මෙහෙයුමත් සමග කළ යුතු වූ කාර්යභාරය පුළුල් වූවේය.
  • එනම් වැලිඔය දී පළමුවැනි හා දෙවැනි විශේෂ බලකා දෙක එකතු වී යුද ජයග්‍රහණය තකා සුවිශාල කාර්ය භාරයක් සිදු කළ අතර
  • හතරවැනි බලගණය ලෙස “සියරා” ස්ථාපිත වූවේය.
  • 2009 වර්ෂය යුද්ධයේ දරුණුතම අවස්ථාවක් විය.
  • තවතවත් සෙබළු විශේෂ බළකායට බඳවාගත් අතර
  • “විස්කි” නම් තවත් බළඇණියක් කපිතාන් මංජුල හෙට්ටිආරච්චිගේ ප්‍රධානත්වයෙන් පිහිටුවූවේය.
  • ඒ අනුව හතරවැනි විශේෂ බළකාය කණ්ඩායම් හතරකින් සමන්විත වූ අතර 59 වැනි සේනාංකය සමග එකතු වී අවසන් සටනට සුවිශාල දායකත්වයක් ලබා දුන්නේය.
  • ලාංකීය හමුදාවන් සතුරා සමග සටන් කර යටත් කරගන්නා භූමි ආරක්ෂා කිරීමත්, සතුරාගේ පැමිණීම පිළිබඳ තොරතුරු සෙවීමත් විශේෂ බළකා සෙබළුන්ට බාර වූ රාජකාරිය විය.
  • එහිදී “බ්‍රාවෝ” බලගණයේ මේජර් අමිත, “ලීමා” බලගණයේ කපිතාන් නන්දන සෙනවිරත්න, “නොවැම්බර්” බලගණයේ කපිතාන් ලලන්ත රණසිංහ, “වික්ටර්” බලගණයේ කපිතාන් සුරංග යන ප්‍රධානීහු සිය කණ්ඩායම් සමග ත්‍රිකුණාමලය, මඩකලපුව, පුදුකුඩුඉරිප්පු යන ස්ථානවල ක්‍රියාන්විත සිදු කළහ.


පරම වීර විභූෂණයෙන් පිදුම් ලැබූ විශේෂ බලකායේ පස්දෙනා[සංස්කරණය]

1.(7).*N/50981-කර්නල් ඒ.එෆ් ලෆීර්-විශේෂ සේවා බලකාය.

2.(12).*S/467722-කෝප්‍රල් කේ.චන්දන-තුන්වන බළඇණිය විශේෂ සේවා බලකාය.

3.(16).*N/64314-ලුතිනන් කර්නල් ඒ.ජේ.එල්. ජයසිංහ-3 වන බල ඇණිය, විශේෂ සේවා බලකාය.

4.(20).*S/462696-සැරයන් ඩි.එම්.එස්.චන්ද්‍රසිරි බණ්ඩාර-දෙවන බළඇණිය, විශේෂ සේවා බලකාය.

5.(25).*N/64743-මේජර් කේ.ඒ.ගමගේ-පළමුවන බළඇණිය, විශේෂ සේවා බලකාය.


දිගුදුර විහිදුම් බලකාය ("මහසොහොන් බලකාය")-L.R.R.P Force-LRRP.(Y.W.B)[සංස්කරණය]

  • දිගුදුර විහිදුම් බලකාය හෙවත් "මහසෝන් බලකාය" යනු ශ්‍රී ලාංකීය හමුදාව තුල සිටින අති ශුර , සටන්කාමී , විශේෂ බලකායන්ගෙන් හා කොමාන්ඩෝ බළකායන්ගෙන් පමණක් තෝරා ගත් දරුණු මෙහෙයුම සිදු කිරීමෙහි සමත් (black ops) බලකායකි.
  • ශ්‍රී ලංකාව පුර දශක දෙකක් රට අගාදයට ගෙනගිය ශාපලත් යුද්දයකට මැදිවී තිබු යුගයක 1996 වර්ෂයේදී අර්බුදය නිමා කරනු වස් විශේෂ හමුදා බලකායක් හෙවත් දිගුදුර විහිදුම් බලකායක් ස්ථාපිත කරන ලදී.
  • මෙම අතිශයින් රහසිගත වූ ඒකකය සතුරු ප්‍රදේශ තුලට අභිතව ගමන් කොට සතුරු මර්මස්ථාන විනාශ කරමින් , බුද්ධි තොරතුරු රැස් කරමින් ,වැදගත් ඉලක්ක සපුරා ගනිමින් දැවැන්ත මෙහෙයක් ඉටු කරන ලදී.
  • මෙම බලකාය යුද්දයේ අවසානය දක්වාම රහසක් ලෙස තබා ගන්නට කටයුතු කළේය.
  • මේ සියල්ලම සති තුනක් පුරා දිවෙනි ඉතා කටුක ශාරීරික හා මානසික වැඩ රාශියකින් අරම්බ වන අතර එමගින් සෙබළුන් ඔවුන්ගේ කායික හා මානසික ශක්තීන්ගේ අත්‍යන්ත සීමාවන් වලට ගෙනා යන අතර අවසානයේ විශිෂ්ටයන් පමණක් ඉතිරි වේ .


දිගුදුර විහිදුම් බලකා පාඨමාලාව[සංස්කරණය]

  • LRRP පාඨමාලාව ලොව දැනට පවතින අතිශය කටුකතම යුද හමුදා පාඨමාලාවකි.
  • මෙහිදී විශේෂ ලක්ෂණය නම් මෙම සියලුම අයදුම් කරුවන් යුද හමුදාවේ, විශේෂ බලකායේ කොමාන්ඩෝ බළකායේ සේවය කරන සොල්දාදුවන් වීමයි.
  • එහිදී මෙම ස්වෙච්චා අයදුම් කරුවන්ට සාමාන්‍ය විශේෂ බලකා භටයෙකුට පවා මුහුණ දිය නොහැකි අතිශය කටුක වධ සහ ක්‍රියාකාරකම් වලින් සමන්විත පරීක්‍ෂණ වටයකට සති තුනක් මුහුණ දීමට සිදුවේ.
  • එම සති තුනක "අපායේ රස" දරාගත හැකි ශාරීරිකව සහ මානසිකව අතිශය ශක්තිමත් විශිෂ්ටයන්ගේනුත් අති විශිෂ්ට දරාගැනීමේ හැකියාව උපරිම වශයෙන් ඇති භටයන් පමණක් සති තුනක පරීක්ෂණ වටය සාර්ථකව නිම කරන අතර එම පිරිස පමණක් සය මසක ඇති විශේෂ පුහුණුවීම් වලට යොමු කර "මහසොහොන්" බලකායට එක්කරගනු ලබනවා.
  • සාමාන්‍යයෙන් 60% පමණ මෙම පළමු වටයෙන්ම අසමත් වෙනවා.
  • මෙය දිගු දුර මෙහෙයුම් ඒකකයසහ මහසොහොන් බලකාය ලෙසද හැඳින්වේ.


ශ්‍රීලංකා නාවික හමුදා විශේෂ බළකායන්.(Y.W.B)[සංස්කරණය]

ශ්‍රීලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බළඝණය-වි.යා.බ-Sri Lankan Navy Special Boat Squadron-SBS.(Y.W.B)[සංස්කරණය]

විශේෂ යාත්‍රා බලඝණය (SBS)[Special Boat Squadron] ශ්‍රීලංකා නාවික හමුදාවේ විශිෂ්ඨතම විශේෂ බලකා ඒකකය වේ. බ්‍රිතාන්‍ය විශේෂ යාත්‍රා සේවය අනුව යමින් 1993 වසරේ මෙම විශේෂ ප්‍රහාරක බලඝණය ශ්‍රීලංකා නාවික හමුදාවේ ස්ථාපනය කරන ලදි.

ශ්‍රිලංකා හමුදාවට අයත් විශේෂ බලකා යටතේ වර්ගීකරණය වන මෙය කොමාන්ඩෝ රෙජිමේන්තුව (CR), විශේෂ බලකාය (SF), රෙජිමේන්තු විශේෂ බලකාය (ශ්‍රීලංකා ගුවන් හමුදාව ) යන විශේෂ බලකා බලඝණ හා එක්ව ක්‍රියා කරන එකම නාවික හමුදා විශේෂ බලකා බලඝණය වේ.


කාර්යභාරය[සංස්කරණය]

  • විශේෂ යාත්‍රා බලඝණය , එක්සත් රාජධානියේ නාවුක විශේෂ ඒකකය වන විශේෂ යාත්‍රා සේවාව(Special Boat Service - SBS) ආදර්ශයට ගෙන නිර්මාණය කොට ඇත. මෙහි කාර්යභාරය වන්නේ නාවුක විශේෂ බලකායක් ලෙස,
  • "මුහුද හා ජලාශ්‍රිතව සිදුවන මෙහෙයුම් , සමුදුරේදී ඇතිවන ත්‍රස්තවාදී ප්‍රහාර වලට එදිරිව සිදු කරන මෙහෙයුම් , ත්‍රස්තවාදීන් හා ඉලක්ක පිරික්සීම් හා හඳුනාගැනීම් , කිමිදුම් සටන්කරුවන් හා කුඩා වේග ප්‍රහාරක යාත්‍රා මගින් සිදු කරන මෙහෙයුම්" වැනි විශේෂ නාවුක මෙහෙයුම් සඳහා දායකත්වය ලබා දීමයි
  • විශේෂ බලකා ඒකකයක් ලෙස, එහි කාර්යභාරයන් මුහුදේ සිදුකරන ක්‍රියාන්විත සඳහා පමණක් සීමා නොවේ. බොහෝ අවස්ථා වලදී ශ්‍රීලංකා කොමාන්ඩෝ රෙජිමේන්තුව, යුධ හමුදා විශේෂ බලකාය හා එක්ව ගොඩබිම ඒකාබද්ධ සටන් සඳහා ද මෙම බලඝණය තම දායකත්වය නිතැතින්ම දක්වා ඇත.
  • විශේෂ යාත්‍රා බලඝණයේ කර්තව්‍යයන්.
  • වෙරලබඩ ව සිදුකරන හමුදා මෙහෙයුම් සඳහා කුඩා වේග ප්‍රහාරක බෝට්ටු මගින් සහාය සැපයීම.
  • මුහුදු සීමා වල සිදුවන සටන් සඳහා කල්තියා රහසිගතව සූදානම් වීමට සිදු කරන විශේෂිත නිරීක්ෂණ හා ගවේෂණ මෙහෙයුම් හා මිනුම් කටයුතු සිදු කිරීම (මුහුදු පතුලේ ස්වභාවය ආදිය)
  • මුහුදේදී ත්‍රස්තවාදීන්ට එරෙහිව ප්‍රහාර දියත් කිරීම
  • කලින් සැලසුම් කරන ක්‍රියාන්විත සඳහා පැමිනෙන කණ්ඩායම්වලට මාර්ග සැකසීම හා ආරක්ෂාව සැපයීම.
  • .ත්‍රස්තවාදී ප්‍රහාර හමුවේ මුහුදු යාත්‍රා හා නැව් වලට ආරක්ෂාව සැපයීම හා ත්‍රස්තවාදී ග්‍රහණයේ ඇති යාත්‍රා මුදා ගැනීම.(VBSS operation)[ Visit Board Search & Seizure].
  • .ගැඹුරු මුහුදු සීමාවේ ඇති ඉලක්ක හඳුනා ගැනීම හා නිරීක්ෂණ සිදුකොට ප්‍රහාර එල්ලකිරීම.
  • .හඳුනාගත් ඉලක්ක වලට ප්‍රහාර එල්ල කිරීම.
  • .ප්‍රභූවරුන්ට ආරක්ෂාව සැපයිම.


ඉතිහාසය[සංස්කරණය]

  • ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය 1993 ජනවාරි 13 දින, ලුතිනන් කමාන්ඩර් රවීන්ද්‍ර විජේගුණරත්න ගේ නායකත්වයෙන් යුතු ව අධිකාරිලත් නිලධාරින් 2ක් හා සෙසු නිලයන් 76 කගෙන් සමන්විතව යාපනය කරෙයිනගර් වල පිහිටි ශ්‍රි ලං.නා.නෞ. එළාර හිදී ආරම්භ කරන ලදි. විශේෂ පුහුණුවකින් පසුව 25 දෙනෙකුගෙන් යුතු ප්‍රථම විශේෂ යාත්‍රා බලඝණය පිහිටුවන ලදි .
  • මෙම ඒකකයේ පළමු මෙහෙයුම වූයේ 1993 නොවැම්බර් මසදී ත්‍රස්තවාදීන් විසින් අත්පත් කරගත් පූනරීන් නාවික කඳවුර නැවත අත්පත් කර ගැනීමයි. වි.යා.බ විසින් ශ්‍රී ලංකාවේ පැවති රිවිරැස, දිරිතර , අග්නිඛීල වැනි ප්‍රධාන මෙහෙයුම් රැසකදී තම දායකත්වය මාතෘභූමිය වෙනුවෙන් සපයා ඇත.
  • තවද අවසන් මානුෂීය මෙහෙයුමේදී ක්‍රියාකාරීව තම දායකත්වය වි.යා.බ විසින් විශිෂ්ට ලෙස දක්වා ඇත.
  • යුද්ධයේ අවසාන කාල පරිච්ඡේදයේ වේග ප්‍රහාරක ජෙට් බෝට්ටු(Water Jet) වැනි කුඩා ප්‍රහාරක යාත්‍රා(Arrow) මගින් මුහුදු කොටින්ගේ යාත්‍රා හා මරාගෙන මැරෙන කොටි බෝට්ටු වලින් සිදු කල ප්‍රහාර වලට එරෙහිව ක්‍රියාන්විත දියත් කිරීම විශේෂ යාත්‍රා බලඝණය මගින් සිදුවිය.


පරම වීර විභූෂණය[සංස්කරණය]

1.(15.XX 31243)ප්‍රධාන සුළු නිලධාරි, කේ.ජී.ශාන්ත, විශේෂ යාත්‍රා බලඝණය.

  • .ලුතිනන් කමාන්ඩර් සමන්ත වරුණ ගාල්ලගේ, WWV, RWP, RSP 11 and a founding officer of SBS.
  • .වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න WV,RWP & Bar,RSP,ndc,psc - ඒකකයේ පළමු අණදෙන නිලධාරි.


ශ්‍රීලංකා නාවික හමුදා ක්ෂණික විහිදුම් යාත්‍රා බලඝණය-ක්ෂ.වි.යා.බ|Rapid Action Boat Squadron-RABS.(Y.W.B)[සංස්කරණය]

ඉතිහාසය[සංස්කරණය]

  • මෙම ඒකකය නාවික හමුදාව තුළ ස්ථාපිත කරන ලද්දේ එවකට නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ගේ සංකල්පයක් අනුවය.
  • කුඩා යාත්‍රා විශාල ප්‍රමාණයක් එකවර මුහුදු සටනට යොමු කරමින් මරාගෙන මැරෙන "මුහුදු කොටි" යාත්‍රා ප්‍රහාරක යාත්‍රා අවුල් කිරීම සැලැසුමේ අරමුණ විය.
  • ඒ අනුව මෙරටේදීම අදාළ කුඩා යාත්‍රා නිර්මාණය කිරීම සිදුවිය."ඇරෝ" හා "වේව් රයිඩර්ස්" ලෙස නම් කළ එම කුඩා යාත්‍රා තුළ සටන්කාමී නැවියන් 5 ත් 8 ත් අතර පිරිසක් යොදවා එවැනි යාත්‍රා 20 ක් 30 ක් පමණ එකවර සටනට යෙද වීම හමුවේ එතෙක් කලක් "මුහුදු කොටි" සතුව තිබූ මුහුදේ අසමතුලිත බලය නාවික හමුදාව අතට ගැනීමට හැකිවිය.
  • මෙය මෙරට නූතන සටන් ඉතිහාසයේ සිදුකර සාර්ථක ප්‍රතිපල අත් වූ ඉතාමත් අතලොස්සක් වූ උපායන් අතරින් ඉදිරියෙන්ම තිබෙන එකකි.


සාමාජිකයන් බදවා ගැනීම[සංස්කරණය]

  • මෙම ඒකකය සදහා සාමාජිකයන් තෝරා ගත්තේ නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයේ පුහුණුවට එක් වී අතර මැදදී විවිධ හේතු මත ඉන් ඉවත් වූ නමුත් මනා ශාරීරික,මානසික ශක්තියකින් හෙබි නිලයන් හා සෙසු නිලයන්ය.


පුහුණුව[සංස්කරණය]

  • මෙම ඒකකයේ පුහුණුව සදහා වෙනම කදවුරු ඇතිකර ඒ සදහා නාවික හමුදා වේ විශේෂ යාත්‍රා බලඝණයේ පුහුණු උපදේශකයන් පිරිසක්ද යොමු කරන ලදි.ඔවුන් නිරන්තරයෙන්ම මෙම ඒකකය සමග රැදී සිටිමින් සාමාජිකයන්ගේ නිපුනත්වය හා නිර්භීත භාවය ඉහල තැනකට ගෙන ආහ.


මෙහෙවර[සංස්කරණය]

  • අවසන් සටනේදී මෙම ඒකකයෙන් සිදුවූ මෙහෙවර විශාලය.ඔවුන් විශේෂ යාත්‍රා බලඝණයේ පිරිස් සමග එකතුව යෙදූ මුහුදු ආරක්ෂාව නොවන්නට එම සටන ඊට වඩා බොහෝඅ අසීරු හා හානි බහුල මිල අධික එකක් වනවාට සැක නැත.(Y.W.B).


ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බලඝණය-Marine Squadron.(Y.W.B)[සංස්කරණය]

  • විශේෂ පුහුණුවකින් හා දක්ෂතා වලින් සන්නද්ධ මැරීන්(Marine) බලඝණයක් ශ්‍රී ලංකාවේ ද ස්ථාපිත කොට තිබේ.
  • භූ ජල තරණ ක්‍රියාන්විතයන් සඳහා, විශේෂ පුහුණුවක් ලබා ‍ඇති මෙම මැරීන් භටයන්, දූපත් රාජ්‍යක් වන අප රටේ, ඕනෑම වෙරළ තීරයකට ගොඩ බැස, සාගරයෙන් පැමිණෙන ඕනෑම සතුරු උවදුරකට, සාර්ථක අයුරින් මුහුණ දීමේ නිපුණත්වයකින් යුක්ත වීම ඔවුන්ගේ විශේෂත්වයයි.
  • මැරීන් බළකා භටයෙක් ලෙස හදුන්වන්නේ නාවික හමුදා පුහුණුව මෙන්ම පාබල හමුදා බළකායක පුහුණුවද එකලෙස ලැබූ විශිෂ්ඨ ලෙස මුහුදේද, ගොඩබිමේද ඔවුන්ගේ බළකාය විසින් මෙහෙයවන සටනක, ඕනෑම පරිසරයක එකලෙස සටන් කළ හැකි දක්ෂයෙක්. දිය හා ගොඩ එකලෙස සටන් මෙහෙයවන මෙම භටයන් ලොවපුරා හදුන්වන්නේ “උභයජීවී භටයන්” ලෙසයි.
  • සාමාන්‍යයෙන් මැරීන් බළකාය රටක නාවික හමුදාවේ එක් කොටසක් ලෙස ක්‍රියාත්මක වන නමුත් ප්‍රංශයේ හා ඊශ්‍රායලයේ මැරීන් බළකා පාලනය කරන්නේ එරට යුධ හමුදාවයි.
  • නාවික හමුදාවේ කොටසක් නොවන ඇමරිකානු මැරීන් බළකාය ස්වාධීන බළකායක් ලෙස එරට ක්‍රියාත්මක වන්නේ ඇමරිකානු නාවික දෙපාර්තුමේන්තුවට යටත්වයි.
  • නාවික යාත්‍රා වල නැගී ගැඹුරු මුහුදේ සිට වෙරළ දක්වා සියළුම මෙහෙයුම්, සියළුම අවධානම් දරා ගනිමින් සතුරු නාවික යාත්‍රා අල්ලා ගැනීම, විනාශ කිරීම, ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීම, මුහුදෙන් ගොඩබිම වෙත ගොස් සතුරු ඉලක්ක වෙත ප‍්‍රහාර එල්ල කිරීම, නගරබද, කැළෑ සටන් හා ගංගා ආශ්‍රිත මෙහෙයුම් පිළිබඳවද මෙම බළකාය මනා නිපුණතාවයකින් යුක්ත වේ.


ශ්‍රී ලංකා මැරීන් බළකාය බිහි වූ ආකාරය[සංස්කරණය]

  • දූපත් රාජ්‍යයක් වන අප රටේ බිහිසුණු ත්‍රස්තවාදය ආරම්භ වීමත් සමඟම LTTE සංවිධානයේ අවි ආයුධ පිරවූ නැවු මුහුදු මාර්ගය ඔස්සේ උතුරට ලඟා වන්නට විය. මෙම ක්‍රියාවන් වැලැක්වීම සඳහා මුහුදේ මෙන්ම ගොඩබිමද දක්ෂ ලෙස සටන් කළ හැකි ගරිල්ලා සටන් උපක්‍රම වලින් මනා සන්නද්ධ බළකායක අවශ්‍යතාව තදින් දැනුණි. නමුත් ඒ සඳහා යොදා ගනු ලැබුවේ නාවික හමුදාවෙන් තෝරා ගත් භට පිරිසක් පමණයි.
  • යුද්ධය නිමවීමෙන් පසුව එහි ආරම්භක පියවර ලෙසින් 2016 වසරේ මුල් භාගයේදී ‘භූ ජල තරණ‘ ක්‍රියාන්විත පිළිබඳ දින 45 ක විශේෂ පුහුණුවක් ලබා දෙමින් නාවික සෙබළුන් හා නිලධාරීන් 300 කින් සමන්විත ප්‍රථම “භූ ජල තරණ” කණ්ඩායම ආරම්භ වේ.
  • නමුත් ඉන් අනතුරුව අනෙක් රටවලට නොදෙවෙනි හා ලෝකයේ පිළිගත් මැරීන් බළකායක් අපේ රටේ පිහිටුවීම සඳහා යෝජනා වූවත් ප්‍රබල රටවලට පමණක් නිර්මාණය වී ඇති මෙම බළකායේ පුහුණුව හා තාක්ෂණය පිළිබඳව ගැටළු පැනනැගීම නිසා එය ක්‍රියාත්මක වීම කල් යයි.


ඇමරිකානු මැරීන් බළකායේ මැදිහත් වීම[සංස්කරණය]

  • ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් බළකාය ස්ථාපිත කිරීමේ මූලික වූ සිද්ධිය ලෙස 2016 වසරේ මාර්තු 29 වන දින ඇමරිකානු නාවික හමුදාවට අයත් “බ්ලූ රිජ්” යුධ නෞකාවේදී ශ්‍රී ලංකා නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා එක්සත් ජනපද නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර පැවති හමුව නම් කළ හැකියි.
  • මැරීන් බළඇණිය පිහිටුවීම, එහි පුහුණු කටයුතු හා අවශ්‍ය තාක්ෂණය ලබා දීම සඳහා ඇමරිකානු මැරීන් බළකාය එහිදී සහය පළ කරයි.
  • ඒ අනුව හිටපු නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ පළමු මැරීන් බලඝණය ස්ථාපිත කරනු ලබයි.


පුහුණුවීම්[සංස්කරණය]

  • මෙම බලඝණයට පුහුණුවීම් සදහා ඇමැරිකානු මැරීන් බලකායේ පුහුනු උපදේශකයන්ගේ මග පෙන්වීම හා සහාය ලැබේ.


ඇමරිකානු පුහුණුව[සංස්කරණය]

  • නාවික හමුදාවෙන් මූලික පරීක්ෂණ වලින් අනතුරුව තෝරා ගත් භටයන් 164 දෙනා හට නාවික හා පාබල මූලික පුහුණුවට අමතරව යුධ නැවක සිට බෝට්ටු, හෙලිකොප්ටර්, වායුපායාන හා දිය ගොඩ දෙකම ගමන් කල හැකි වාහන යොදා ගනිමින් වෙරළට ළගා වීමටත් මැරීන් සෙබළුන්ට අත්‍යවශ්‍ය වන කිමිදුම් යුධ උපක්‍රම, පිහිනුම් යුධ උපක්‍රම හා පැරෂුට් භාවිතය පිළිබඳව මාස ගණනක පුහුණුවත් ලබා දී තිබේ.
  • “පුහුණුව යනු යුද්ධයයි- යුද්ධය යනු පුහුණුවයි” යන ඇමරිකානු මැරීන් ආදර්ශ පාඨය අනුකූලව අදියර කිහිපයකින් යුක්ත වූ පුහුණු සැසිවාර වලදී දුර දිගු විහිදුම් සටන් වලදී සන්නිවේදනය පවත්වා ගන්නා ආකාරයත්, සියළුම අවි පිළිබඳව උපාය මාර්ගික දැනුමත්, සතුරු ප්‍රහාර හා සතුරු අවි පිළිබඳව අත්දැකීම් ලබා ගැනීමත් ඕනෑම පරිසර තත්ත්ව යටතේ ඉලක්ක ලබා ගැනීම හා උභයජීවී හැසිරීම් පිළිබඳව ක්‍රමානුකූල පුහුණුවක් මෙම මැරීන් සොල්දාදුවන්ට ලබා දෙයි.


මැරීන් බලඝණයේ කාර්යභාර්යය[සංස්කරණය]

  • මෙම මැරීන් පාඨමාලාව නිමකළ භූ ජල තරණ ක්‍රියාන්විතයන් සදහා විශේෂ පුහුණුවක් ලබා ‍ඇති නිලධාරීන් 6 දෙනා හා නාවිකයන් 158 දෙනා දූපත් රාජ්‍යක් වන අප රටේ ඕනෑම වෙරළ තීරයකට ගොඩබැස සාගරයෙන් පැමිණෙන ඕනෑම සතුරු උවදුරකට ක්ෂණිකව මුහුණ දීමේ නිපුණත්වයකින් යුක්ත වේ.
  • ඊට අමතරව එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි සඳහා අවශ්‍ය දායකත්වය ලබාදීම, ශ්‍රී ලංකාව තුළ සහ කලාපය තුළ සිදුවන ස්වභාවික ව්‍යසන සහ ආපදා කළමනාකරණය, ඒ සඳහා සහන කටයුතු සැලසීම හා මානුෂීය සහන සේවා සැලසීම පිළිබඳවද භටයන් විශේෂ පුහුණුවක් ලැබී තිබේ.


ප්‍රථම මැරීන් බලඝණයේ විසිර යාම[සංස්කරණය]

  • මුහුදේ ගැඹුරට ගොස් සතුරාට පහර දීමේ සිට ගොඩබිම ඇතුළත ඕනෑම ගරිල්ලා සටන් ප්‍රහාරයන් දක්වා ක්‍රියා කිරීමට හැකියාව ඇති නාවික හමුදාව යටතේ ඇති මෙම මැරීන් බළකායේ ප්‍රථම බලඝනය විසිරි යන්නේ 2017 වසරේ පෙබරවාරි 27 වනදා මන්නාරම, මුල්ලිකුලම් ශ්‍රී ලංකා නාවික හමුදා වයඹ නාවික ප‍්‍රධාන මූලස්ථානයේ පැවති මැරීන් ලාංජන පැළදවීමෙන් අනතුරුවයි.
  • එහිදී මුල්ලිකුලම් වෙරළ තීරයේ ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බළකාය විසින් සතුරු කඳවුරකට කඩාවැදී මෙහෙයුම් සිදු කිරීම දක්වන සංදර්ශනයක් පවා සිදු කරනු ලබනවා. ශ්‍රී ලංකා මැරීන් බළකායේ වෙබ් අඩවිය විවෘත කිරීමද සිදුවන්නේ මෙදිනයි.
  • ප්‍රථම මැරීන් බලඝණයේ නිලධාරීන් හා නාවිකයන් 164 දෙනාගේ විසිර යාමත් සමඟ ශ්‍රී ලංකා මැරීන් බළකාය ලෝකය විසින් පිළිගත් ලාබාලම මැරීන් බළකාය ලෙස වර්තමානය වනවිට කටයුතු කරමින් සිටී.(Y.W.B).

ශ්‍රීලංකා ගුවන් හමුදා විශේෂ බළකායන්.(Y.W.B)[සංස්කරණය]

ශ්‍රීලංකා ගුවන් හමුදා විශේෂ ගුවන් මෙහෙයුම් බලකාය-වි.ගු.මෙ.බ|Sri Lanka Air Force Special Air Borne Force-(SABF).(Y.W.B)[සංස්කරණය]

  • 1990 දී ආරම්භ කරන ලදි.
  • ගුවන් හමුදාව තුළ පිහිටවූ පළමු විශේෂ බලකායයි(මීට පෙර 80 දශකයේ මුල් කාර්තුවේ කුඩා කමාන්ඩෝ අනුකණ්ඩයක් ගුවන් හමුදාව තුළ පිහිටවූ නමුත් එය එහි පුරෝගාමීන්ගේ සමු ගැනීමත් සමගම ටික කලෙකින්ම ඉබේටම අක්‍රීය තත්ත්වයට පත් වුණි.එනිසා එය බලකායක් ලෙස වර්ග නොකෙරේ).
  • 1990 දී පිහිටවූ නමුත් අනෙකුත් හමුදාවන්හී හා පොලීසියේ විශේෂ බලකායන් තරම් කරළියට ආවේ හෝ ප්‍රශිද්ධ වූයේ නැත.2003 දී පිහිටවූ රෙජිමේන්තු විශේෂ බලකාය පිළිබදව ප්‍රසිද්ධියක් ලැබුණු නමුත් මෙම බලකාය ප්‍රසිද්ධ වූයේ නැත.කොටින්ම ගුවන් හමුදාව තුළ පවා මම බලකාය පිළිබදව ප්‍රචාරය වූයේ නැත.


විශේෂ ගුවන් මෙහෙයුමි පුහුණුව[සංස්කරණය]

  • විශේෂ ගුවන් මෙහෙයුමි පාඨමාලාව ගොඩබිම,ගුවන සහ දියඹේ ඇති ඕනෑම ක‍්‍රියාන්විතයකට මුහුණ දිය හැකි අයුරින් දීර්ඝ කාලීන අති දුෂ්කර පුහුණුව
  • දේශීය විදේශීය ප‍්‍රභූූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා විශේෂ පුහුණුවක් ලබා ඇත.
  • මූලික පුහුණුවෙන් පසුව වැඩිදුර පුහුණුව වෙනත් හමුදාවන් හී විශේෂ බලකායන්ගෙන් හා විදේශයන්ගෙන් ලබා දේ.


කාර්යය භාරය[සංස්කරණය]

  • මූලිකම කාර්යය වන්නේ ගුවන් හමුදාවේ ඉහළම නිලයන්ට ප්‍රභූ ආරක්ෂාව සැපැයීමයි.
  • ගුවන් හමුදාවේ ජ්යෙෂ්ඨ නිලධාරීන්ට ආරක්ෂාව සැපයිම.
  • ගුවන් යානයක් සතුරැ ග්‍රහණයනට පත්වුවහොත් ක්ෂනිකව නැවත මුදා ගැනිම.
  • ගුවන් යනා හෝ ගුවන් නියමුවන්/භටයන් සතුරැ ග්‍රහණයනට පත්වුවහොත් ක්ෂනිකව නැවත ඔවුන්ව මුදවාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරිම.
  • ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීම හෙවත් ප්‍රති පැහැර ගැනීම්.
  • වෙනත් හමුදාවන්හී විශේෂ බලකායන් සමග තෝරාගත් විශේෂ මෙහෙයුම් වලට සම්බන්ධ වීම.(Y.W.B).


ශ්‍රීලංකා ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකාය-රෙ.වි.බ.|Regiment Special Force-RSF .(Y.W.B)[සංස්කරණය]

  • ශ්‍රීලංකා ගුවන් හමුදා රෙජිමේන්තුවේ කොටසක් වන අතර ගුවන් හමුදාවෙ විශේෂ ක්‍රියාන්විත ඒකකය වේ.
  • මෙය 2003 ජූලි 7 වන දින ගුවන් හමුදා කඳවුරැ ආරක්ෂා කිරිමෙ හා මුදවාගැනීමේ බලඝණය ලෙස ස්ථාපිත කරන ලද අතර මෙම ගුවන් හමුදා ඒකකය පිහිටුවිමට මුලිකම හේතුව වුයේ කොටි සංවිධානය විසින් 2001දි බණ්ඩාරනායක ගුවන් තොටුපොළ වෙත එල්ලකරන ලද දරැණු ප්‍රහාරයයි.


කාර්යභාරය[සංස්කරණය]

• ගුවන් කඳවුරක් සතුරැ ග්‍රහණයනට පත්වුවහොත් ක්ෂනිකව නැවත මුදා ගැනිම.

• සතුරැ ප්‍රහාරයකදි ක්ෂනික විහිදුම් බලකායක් ලෙස යොමු කරනු ලබන ඔනෑම ස්ථානයකට ආරක්ෂාව ලබා දීමට ක්රියා කිරිම.

• සතුරැ හෝ මිතුරැ ප්‍රදේශයන් වෙත කඩා වැටුනු ගුවන් යනා හෝ ගුවන් නියමුවන්/භටයන් මුදවාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරිම.

• ගුවන් හමුදාවේ ජ්යෙෂ්ඨ නිලධාරීන්ට ආරක්ෂාව සැපයිම.

• ජාතික ආපදා හෝ හදිසි තත්වයකදි සිවිල් බලධාරීන්ට සහාය වීම.(Y.W.B).

  1. "Annual government spending on defense in Sri Lanka".
  2. "Archived copy". 1 මැයි 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 5 මාර්තු 2019.{{cite web}}: CS1 maint: archived copy as title (link)
  3. [1]
  4. "SL Navy exports 9 Patrol Craft to Nigeria". 27 අගෝස්තු 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 19 පෙබරවාරි 2019.