මහවැලි ගඟ
| මහවැලි | |
| ගඟ | |
ගම්පොල හරහා ගලා බසින මහවැලි ගඟ
| |
| Source | මධ්‍යම පළාත |
|---|---|
| Mouth | බෙංගාල බොක්ක |
| - elevation | |
| Length | 335 km (208 mi) |
මහවැලි ගඟ (ඉංග්‍රීසි: Mahaweli River; දෙමළ: மகாவலி ஆறு) ශ්‍රී ලංකාවේ දිගම ගඟ වේ. එය කිලෝ මීටර 335 හෙවත් සැතපුම් 208 ක දිගකින් සමන්විත වේ. ශ්‍රී ලංකාව තුල විශාලතම පෝෂණ පෙදෙසකට, එනම් 10,448km2 ක ජලාපවහන ද්‍රෝණියකට උරුම කියන මෙම ගංගාව ශ්‍රී ලංකාවේ මුලු භූමි පරිමාණයෙන් පහෙන් එකක වපසරියක් ආවරණය කරයි. මෙම ගංගාව ලංකාවේ ඊසාන දිගින් පිහිටි ත්‍රිකුණාමලයේ කින්නියා පෙදෙසෙන් බෙංගාල බොක්ක කරා පිවිසෙයි.[1] එය සමනල කන්ද මුදුනෙන් ආරම්භ වන බව පැවසුවත්, එහි සැබෑ ආරම්භය පොල්වතුරෙහි (මහවිල ප්‍රදේශය අසල) පිහිටා ඇත.[2] මහවැලි ගඟට එහි මූලාශ්‍ර ජලය ලැබෙන්නේ කිරිගල්පොත්තේ හෝටන් තැන්නෙන් සහ තොටුපොළ කඳුවැටියෙනි.[3]
මහවැලි ගංගාව ලංකාවේ ජල විදුලිය නිෂ්පාදනය සහ ජල සම්පාදනය සඳහා සුවිශාල දායක්ත්වයක් සපයන අතර වර්ග කිලෝ මීටර 1000 කට වැඩි භුමි ප්‍රදේශයක් මෙහි ජලයෙන් පෝෂණය වේ.[4] විශාල වැලි යන අර්ථයෙන් මෙම ගඟට මහවැලි යන නාමය ලැබී ඇත. මහවැලි පාලම පොලොන්නරුවේ පිහිටා ඇත.
අතු ගංගා
[සංස්කරණය]- කොත්මලේ ඔය
- හැට්න් ඔය
- හුලු ගඟ
- ලොක්ගල් ඔය
- උමා ඔය
- බදුලු ඔය
- අබන් ගඟ
- නානු ඔය
- බෙලි උල් ඔය
මෙම අඩවිත් බලන්න
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "Mahaweli Ganga | Sri Lanka, Map, & Facts". Encyclopedia Britannica (ඉංග්‍රීසි බසින්). 2025-10-25 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2026-01-21.
- ^ "මහවැලි ගඟ". Lakpura®. සම්ප්‍රවේශය 2026-01-21.
- ^ "The story of Mahaweli…". www.dailymirror.lk (ඉංග්‍රීසි බසින්). 2024-04-27 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2026-01-21.
- ^ Barry, D. (2001-06-07). Knowledge of the Land. Oxford University Press. ISBN 0-19-829601-0.