මහවැලි ගඟ
Jump to navigation
Jump to search
මහවැලි | |
ගඟ | |
ගම්පොල හරහා ගලා බසින මහවැලි ගඟ
| |
Source | මධ්‍යම පළාත |
---|---|
Mouth | බෙංගාල බොක්ක |
- elevation | |
Length | 335 km (208 mi) |
මහවැලි ගඟ ශ්‍රී ලංකාවේ දිගම ගඟ වේ. එය කිලෝ මීටර 335 හෙවත් සැතපුම් 208 ක දිගකින් සමන්විත වේ. ශ්‍රී ලංකාව තුල විශාලතම පෝෂණ පෙදෙසකට උරුම කියන මෙම ගංගාව ශ්‍රී ලංකාවේ මුලු භූමි පරිමාණයෙන් පහෙන් එකක වපසරියක් ආවරණය කරයි. මෙම ගංගාව ලංකාවේ ඊසාන දිගින් පිහිටි ත්‍රිකුණාමල පෙදෙසෙන් ඛෙංගාල බොක්ක කරා පිවිසෙයි.
මහවැලි ගංගාව ලංකාවේ ජල විදුලිය නිෂ්පාදනය සහ ජල සම්පාදනය සඳහා සුවිශාල දායක්ත්වයක් සපයන අතර වර්ග කිලෝ මීටර 1000 කට වැඩි භුමි ප්‍රදේශයක් මෙහි ජලයෙන් පෝෂණය වේ. විශාල වැලි යන අර්ථයෙන් මෙම ගඟට මහවැලි යන නාමය ලැබී ඇත.