දඩයක්කාර-ඵලවැලරැස්කරන්නා

විකිපීඩියා වෙතින්
2014 වසරෙහි කොංගෝ ද්‍රෝණියෙහි දත්නට ලැබුණු පිග්මි දඩයක්කාර-ඵලවැලරැස්කරන්නෝ

දඩයක්කාර-ඵලවැලරැස්කරන්නෙක් යනු, යවසනය (වනයේ ඇති ශාකමය ආහාර එකතු කිරීම සහ කැලෑ සතුන් ලුහුබැඳයාම) තුලින් සියළු හෝ බොහෝමයක් හෝ ආහාර සපයා ගත් සමාජයක ජීවත්වන මානවයෙකි. හීලෑ කෙරුණු සතුන් මත බෙහෙවින් යැපෙන කෘෂිකාර්මික සමාජයන්ට ප්‍රතිවිරුද්ධ ලෙසින් දඩයක්කාර-ඵලවැලරැස්කරන සමාජයන් පැවතියද, මෙම දෙවගය අතර සීමාවන් එතරම් පැහැදිලි ලෙසින් දැක්විය නොහැකිය.

දඩයම්කිරීම සහ ඵලවැලරැස්කිරීම යනු මානව සංහිතයෙහි පළමුවන සහ ඉතාමත් සාර්ථක අනුවර්තනය වූ අතර, මානව ඉතිහාසයෙන් අවම වශයෙන් සියයට 90 ක කාලයක් තුල එය පැවතියේය. [1] කෘෂිකර්මය සොයා ගැනීමෙන් අනතුරුව, ජීවනෝපායයෙහි වෙනස්වීමකට භාජනය නොවූ ලොව පුරා බොහෝ ප්‍රදේශ වල දඩයක්කාර-ඵලවැලරැස්කරන්නන්, ගොවිතැනෙහි යෙදුනු හෝ එඬේර හෝ කණ්ඩායම් විසින් වෙනත් ප්‍රදේශ කරා විස්ථාපනය කිරීම හෝ ඔවුන් යටත්කරගැනීම හෝ සිදු කෙරිණි. [2] කෙසේවෙතත්, මෙම දෙවර්ගය අතර බෙදීම, මානව ඉතිහාසයෙහි මූලික සූචකයක් ලෙසින් තවදුරටත් නොසැලකෙන අතර, සාක්ෂාත් කරගතයුතු ඉලක්කයක් ලෙසින් කෘෂිකර්මය සහ කර්මාන්ත ඉහළින් තබා සලකන අනුප‍්‍රධාන්‍යයක් අනිවාර්යයෙන්ම නොපවතියි.[3]

සමකාලීන සමාජයන් අතරින් සුළු ප්‍රමාණයක් පමණක් දඩයක්කාර-ඵලවැලරැස්කරන්නන් ලෙසින් වර්ගීකරණය කෙරෙන අතර, මොවුනතරින් බොහෝමයක්, ආහාර සෙවීමෙහි කටයුතු තුලදී පරිපූරක වශයෙන් ගෙවතු වගාව හෝ හීලෑකෙරුණු ගෘහාශ්‍රිත සතුන් ඇතිදැඩි කිරීම හෝ සිදු කරති. [4][5] සුලභ දුර්මතයන්ට එකහෙළා ප්‍රතිවිරුද්ධ ලෙසින්, දඩයක්කාර-ඵලවැලරැස්කරන්නන් බොහොමයක් කුසගින්නෙහි නොසිටින අතර හොඳින් පෝෂණය ලබති.[6]


ආශ්‍රිත[සංස්කරණය]

  1. රිචඩ් බී. ලී හා රිචඩ් ඩැලී, “ඉන්ට්‍රඩක්ෂන්: ෆොරජර්ස් ඇන්ඩ් අදර්ස්,” ඔවුන්ගේ සංස්කරණ, ද කේම්බ්‍රිජ් එන්සයික්ලොෆීඩියා ඔෆ් හන්ටර්ස් ඇන්ඩ් ගැදරර්ස් තුල (කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය, 1999‑12‑16), ISBN 052157109X, පිටු. 1–20 පරිච්ඡේදය1.
  2. ස්ටීවන්ස්, ලූකස්; ෆුලර්, ඩෝරියන්; බොයිවින්, නිකෝල්; රික්, ටෝබන්; ගෝදියර්, නිකොලස්; කේ, ඇන්ඩ්‍රියා; මාවික්, බෙන්; ආම්ස්ට්‍රෝං, චෙල්සි ගර්ලඩා; බාටන්, සී. මයිකල් (2019-08-30). "ආකියොලොජිකල් ඇසෙස්මන්ට් රිවීල්ස් අර්ත්ස් අර්ලි ට්‍රාන්ස්ෆොමේෂන් තෲ ලෑන්ඩ් යූස්". සයන්ස් (ඉංග්‍රීසි බසින්). 365 (6456): 897–902. doi:10.1126/science.aax1192. hdl:10150/634688. ISSN 0036-8075. PMID 31467217. S2CID 201674203.
  3. ග්‍රීෆිත්ස්, බිලී (26 පෙබ 2018). ඩීප් ටයිම් ඪ්‍රීමිං: අන්කවරිං ඒන්ෂන්ට් ඕස්ට්‍රේලියා. බ්ලැක් ඉන්ක්. pp. 254–256. ISBN 9781760640446.
  4. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; :0 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  5. ග්‍රීව්ස්, රසල් ඩී.; et al. (2016). "ඊකනොමික් ඇක්ටිවිටීස් ඔෆ් ටිවෙන්ටි-ෆර්ස්ට් ෆොරේජිං පොපියුලේෂන්ස්". වයි ෆොරේජ්? හන්ටර්ස් ඇන්ඩ් ගැදරරර්ස් ඉන් ද ට්වෙන්ටි-ෆර්ස්ට් සෙන්චරි. සන්ටා ෆේ, අල්‌බොකේර්කේ: ස්කූල් ෆො ඇඩ්වාන්ස්ඩ් රිසර්ච්, නිව් මෙක්සිකෝ විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. pp. 241–262. ISBN 978-0826356963.
  6. විෂුවලයිසිං හියුමන් ජියෝග්‍රෆි, දෙවන සංස්කරණය, ඇලිසන් එල්. ග්‍රේනියර්සැකිල්ල:ISBN?