සපුමල් කුමාරයා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

පසුව රජවුවද සපුමල් කුමාරයා ලෙස බොහෝවිට හැඳින්වෙන රජ නැතහොත් (1480 දී මිය ගිය) VI වෙනි බුවනෙකබාහු රජ (ඔහුම පිළිගත් පරිදි) හයවෙනි පරාක්‍රමබාහු රජතුමා විසින් හදාවඩා ගත් පුතෙකි.

ඔහුගේ ප්‍රධාන අවශ්‍යතාවය වී තිබුණේ 1447 දී හෝ 1450 දී යාපනය යටත් කර ගැනීමයි. ඔහු 17 වසරක් යාපනය පාලනය කළේය. ඔහු හදා ගත් පියා වූ පරාක්‍රමබාහු රජුගේ මරණයෙන් පසු ඔහුට දකුණට එන ලෙස දන්වන්නට ඇත. ප්‍රධාන මූලාශ්‍රයක් වූ රාජාවලියට අනුව ඔහු 6 වැනි පරාක්‍රමබාහුගේ මුණුබුරා වූ වීර පරාක්‍රමබාහු නොහොත් ජයබාහු (1468-1470) ඝාතනය කළේය. එහෙත් ඩූ කූතෝ (Do Couto) කියන්නේ අවුරුදු කිපයකින් පසු රජු මිය ගිය බවයි. ඔහු එසේ කියා ඇත්තේ ඔහුට ඉතා හොඳින් තොරතුරු ලැබීමෙන් පසුවය.ඉන් පසු සිහි විකල පුතෙකු සිහසුණෙහි හිඳුවන ලද්දේ ඔහුගේ නැන්දණියක විසිණි. පාලනය ගෙන යා නොහැකි බව අවුරුදු දෙකකට පසු ඇයට වැටහී යාමෙන් පසු සපුමල් කුමාරයාට යාපනයෙන් පැමිණෙන ලෙස ඕ දන්වා යැව්වාය.

ළමා විය[සංස්කරණය]

චෙම්බහ පෙරුමාල් ලෙස හෝ අරිය වෙට්ටෙයියදුම් පෙරුමාල් යන්න උපත්න් ලබාදුන් නම සේ සැලකේ.

යාපනය රාජධානිය ආක්‍රමණය කිරීම[සංස්කරණය]

යාපනය ජය ගැනීම පියවර කිහිපයකින් සිදු විය. පළමුවෙන්ම වන්නි ප්‍රදේශයේ වන්නිමෛයි වන්නියාර් ප්‍රධානීන් විසින් කප්පම් ගෙවීම බල රහිත කරනු ලැබීය. මෙයින් පසු ආක්‍රමණ දෙකක් ක්‍රියාත්මක විය. පළමු ආක්‍රමණය සාර්ථක නොවීය. 1450 දී සිදු වූ දෙවැනි ආක්‍රමණය අවසානයේදී සාර්ථක විය. මෙම ආක්‍රමණ ක්‍රියාවලිය වර්තමාන දකුණු ඉන්දියාවේ අද්‍රියම්පෙට් දක්වා පුළුල් වූ බව පෙනෙන්නට තිබේ. වැලන්ටයින්ට අනුව මෙහිදී කුරුඳු ගෙන ගිය ලාංකික නැවක් අත්පත් කර ගන්නා ලදී. තින්නවෙල් හි අරිකේශරී පරාක්‍රම පාණ්ඩ්‍යගේ තෙන්කයි තෙන් ලේඛනයේ මෙම යුද්ධ ගැන සඳහන් කරන්නට ඇත. එය ක්‍රි.ව. 1449-50 සහ ක්‍රි.ව. 1453-4 අතර සිදු වූවක් ලෙස පෙන්වා දී ඇත. කනකසූරිය සින්ගයි අරියන් නම් ආර්යචක්‍රවර්තී රජු දකුණු ඉන්දියාවට පලා ගියේ ඔහුගේ පවුල සමගිනි.

මෙම ජයග්‍රහණයන් සිංහල විද්වතුන් හා දේශපාලන නායකයන්ගේ සිත තුළ ඉතා වැදගත් මතක සටහන් තබන්නට ඇත. මුල්ගිරිගල විහාරයේ, ඉරුගල්තිලක පිරිවෙණෙහි නායක භික්ෂූණ් වහන්සේ විසින් රචිත කෝකිල සංදේශයේ සපුමල් කුමාරයාගේ කීර්තිය වර්ණනා කෙරේ. එම ග්‍රන්ථයෙන් දෙවිනුවර සිට උතුරේ නල්ලූර් දක්වා රට හරහා කෙරෙන කෝකිලයාගේ ගමන් විස්තරයෙන් රට ගැන සමකාලීන තොරතුරු විස්තර කෙරේ. (නල්ලූර් යනු ලස්සන නගරය යන්නයි) "ආදරණීය කොවුලාණෙනි, පියාසලා යන්න යාපා පටුන දක්වා (වර්තමාන යාපනය) අපේ සපුමල් කුමාරයා ආර්යචක්‍රවර්තී පලවා හැර ඔහුගේ යුද්ධ ශක්තිය තහවුරු කර ඇත. ඔහුට මෙම පණිවුඩය දෙන්න"

"ආර්යචක්‍රවර්තී ඔහුගේ කීර්තිය රඳවා ගෙන සිටියේ හිරුගේ දීප්තිය මෙනි. ඔහුගේ බල දහ අට රට පුරා පවත්වාගෙන ගියේය. එවිට ඔහුගේ හදවතට දුක පැමිණියේය. ඔහු ඔහුගේ රාජ්‍ය අතහැර මුහුදින් එතෙරට පළා ගියේය"

කෝට්ටේ කුමාරයාගේ ආපසු පැමිණීම තොටගමුවේ රාහුල හිමියන් සැළලිහිණි සන්දේශයේ විස්තර කරන්නේ මේ අයුරිනි.

"සපුමල් කුමරු යාපා පටුන ජයගත් වීරයා එන අයුරු බලව මිත්‍රය"

දෙමළ මූලාශ්‍රවල ඔහු ගැන සඳහන් වන්නේ චෙම්බහ පෙරුමාල් ලෙස සහ අරිය වෙට්ටෙයියදුම් පෙරුමාල් යනුවෙනි.

කෝට්ටේ රාජධානියේ නැගීම[සංස්කරණය]

සපුමල් කුමාරයා, 6 වැනි බුවනෙක බාහු නමින් කොට්ටේ රජ විය. (ක්‍රි.ව 1472-1480) ක්‍රි. ව 1476 දී ශ‍්‍රී ලංකාව ආගමික වශයෙන් අත්කර ගැනීම සඳහා ජේගු රටින් නියෝජිතයන් පිරිසක් පැමිණි අවස්ථාවේදී රටේ විශාල කැරැල්ලක් ඇතිවූ බව කියැවේ. මොහු සිංහාසනාරූඪව සිටි කාලය වසර 7 ක් බව පුරාවෘත වල සදහන් වේ. එහෙත් දැදිගම ශිලා ලිපිය දානම් කර ඇත්තේ ඔහුගේ නව වන වසරේදීය. ඔහුගෙන් පසු ඔහුගේ පුත්‍රයා වන හත් වැනි පණ්ඩිත බාහු රජ විය.

ආරම්භය - මතවාද හා අවසානය[සංස්කරණය]

රජුගේ ජනවාර්ගික මූලය සහ ඔහුගේ පාලනයට එරෙහිව කැරැල්ලක් ඇති වීම පිළිබදව බොහෝ කල්පිතයන් තිබේ. ජෝන් හොල්ට් (John Holt) ට අනුව රජු අයත් වන්නේ දිවයිනේ නැගෙන හිර ප්‍රදේශයේ දෙමළ ජන වර්ගයාටයි. වෙනත් මුලාශ්‍ර කියන්නේ ඔහු මලබාර් ප්‍රදේශයෙන් පැමිණන්නට ඇතැයි යනුවෙන් යාපනයේ නල්ලුර් කන්ද සාමි කොවිල සහ තවත් කොවිල්ද දකුණේ තවත් විහාරද සෑදීම සම්බන්ධයෙන් ඔහු සම්මානයට පාත්‍ර වුණි. ඔහුට එරෙහිව පැන නැගුණු කැරැල්ල පිටස්තරයෙකුට සිංහල ජනවර්ගයා දැක්වු ප්‍රතික්‍රියාවක් ලෙස සැලකිය හැක.

"https://si.wikipedia.org/w/index.php?title=සපුමල්_කුමාරයා&oldid=359346" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි