සීගිරිය

විකිපීඩියා වෙතින්
සීගිරිය
Beauty of Sigiriya by Binuka.jpg
සීගිරි පර්වතයේ ගුවන් දසුන
පිහිටීමමධ්‍යම පලාත, ශ්‍රී ලංකාව දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සීගිරිය ග්‍රාම සේවා වසම
ඛණ්ඩාංක07°57′25″N 80°45′35″E / 7.95694°N 80.75972°E / 7.95694; 80.75972ඛණ්ඩාංක: 07°57′25″N 80°45′35″E / 7.95694°N 80.75972°E / 7.95694; 80.75972
උන්නතාංශය349 m (1,145 ft)[1]
ඉදිකළ අරමුණඅනුරාධපුරයේ පළමුවන කාශ්‍යප
නරඹන්නන්1 million
පරිපාලන සංවිධානයශ්‍රී ලංකා රජය
වෙබ්අඩවියwww.sigiriyafortress.com
නිල නාමය: Ancient City of Sigiriya
ප්‍රභේදයසංස්කෘතික
නිර්ණායකයii, iii, iv
නම් කළේ1982 (6th සැසිය)
යොමු අං.202
UNESCO Regionආසියා-පැසිෆික්
සීගිරිය is located in Sri Lanka
සීගිරිය
Sri Lanka තුළ සීගිරිය හි පිහිටීම

සීගිරිය or සිංහගිරි (සිංහ ගල සිංහල: සීගිරිය, දෙමළ: சிகிரியா/சிங்ககிரி) එය ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ දඹුල්ල නගරයට ආසන්නයේ උතුරු මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි පුරාණ ගල් බලකොටුවකි. එය ආසන්න වශයෙන් 180 m (590 ft) පමණ උසැති දැවැන්ත පාෂාණ තීරුවකින් ආධිපත්‍යය දරන ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වැදගත්කමක් ඇති ස්ථානයකි.[2]

පුරාණ ශ්‍රී ලාංකේය වංශකථාවක් වන කුලවංශයට අනුව, මෙම ප්‍රදේශය විශාල වනාන්තරයක් වූ අතර, පසුව කුණාටු සහ නායයෑම් නිසා එය කන්දක් බවට පත් වූ අතර, කාශ්‍යප රජු (ක්‍රි.ව. 477-495) විසින් ඔහුගේ නව අගනුවර සඳහා තෝරා ගෙන ඇතිබවයි. ඔහු මෙම පර්වතය මුදුනේ තම මාලිගාවක් ගොඩනඟා එහි පැති වර්ණවත් බිතුසිතුවම් වලින් සරසා ඇත. මෙම පර්වතයේ අඩක් පමණ ඉහළට කුඩා සානුවක ඔහු දැවැන්ත සිංහයෙකුගේ ස්වරූපයෙන් දොරටුවක් ඉදි කළේය. මෙම ස්ථානයේ නම මෙම ව්‍යූහයෙන් ව්‍යුත්පන්න වී ඇත; සිංහගිරි, සිංහ පර්වතය (සිංගප්පූරුවේ සංස්කෘත නාමය වන සිංහපුරට සමාන ව්‍යුත්පන්නයකි).

රජුගේ මරණයෙන් පසු අගනුවර සහ රජ මාලිගය අත්හැර දමන ලදී. එය 14 වන සියවස දක්වා බෞද්ධ ආරාමයක් ලෙස භාවිතා කරන ලදී.[3] සීගිරිය අද යුනෙස්කෝ ලෝක උරුම අඩවියකි. එය පැරණි නාගරික සැලසුම්කරණයේ හොඳම සංරක්ෂිත උදාහරණයකි.[4]

භූ විද්‍යාත්මක ලක්‍ෂණ[සංස්කරණය]

සීගිරිය, ඛාදනයට ලක්වූ ගිණිකන්දකින් පිටවී සිසිල් වුණු ආග්නේය පාෂාණ යන්ගෙන් නිර්මාණය වූ පර්වතයකි. ඇල හාත්පස පිහිටි තැනිතලාවෙන් ඉහළට නැගුණු එය ඕනෑම පැත්තකින් සැතපුම් ගණනාවක් ඈතට දිස්වේ. පර්වතය වටා තිබෙන තැන්නෙන් එක්වරම ඉහළට නැගුණු අධික බෑවුමකින් යුක්ත ගොඩනැගිල්ලක් මත එය පිහිටා ඇත. පර්වතය මීටර් 180 ක් උස වන අතර සෑම පැත්තකින්ම ප්‍රපාතාකාරය. බොහෝ ස්ථාන පාදම ලෙසට නෙරා ඇත. අන්ඩාකාර දිගු ආරක්ෂක හැඩයෙන් පහළට ක්‍රමිකව දිවෙන බෑවුමක් ඇත.

සීගිරි බලකොටුව[සංස්කරණය]

සීගිරිය කාශ්‍යප රජු විසින් කරවන ලද බලකොටුවක් ලෙස ජනප්‍රවාදයේ සඳහන් වේ. සීගිරි බලකොටුවට ඈත දිගු ඉතිහාසයක් ඇති අතර විවිධ පුද්ගලයන් විසින් විවිධාකාර මතද පල කර ඇත.

සීගිරි බලකොටුවේ බටහිර දෙසින් ඇති ජල උද්‍යානය

ප්‍රධාන අවධි[සංස්කරණය]

  • කාශ්‍යප යුගය (ක්‍රි.පූ.5-ක්‍රි.පූ.3 දක්වා)
  • කාශ්‍යප යුගය (ක්‍රි.පූ.497-475 දක්වා)
  • පසු කාශ්‍යප යුගය (ක්‍රි.ව.6-13 දක්වා)
  • අප්‍රකට යුගය (ක්‍රි.ව.13-17 දක්වා)
  • මහනුවර යුගය (ක්‍රි.ව.17-19 දක්වා)
  • නූතන යුගය (ක්‍රි.ව.19-අද දක්වා)

තද පැහැයෙන් යුතුව උතුරට නෙරා යන මහා පව්ව පාමුල සිංහරාජයෙකුගේ විලාසෙන් නිමවා ඇති හෙයින් මෙයට සිංහගිරිය හෙවත් සීගිරිය යන නාමය පටබැඳුණි. සිංහරාජ තෙම් සැතපුම් ගණනක් ඈතට විහිදෙන බියමුසු හැඟිමක් දැනවුවත් සිංහරූපය දැකීමෙන් එහි ගිය පැරැන්නන් තරම්ම නුතන යුගයේ මුල් ම පුරා විද්‍යාඥයන් ද, වශීකෘත වු බව 1898 දී ඒච්.සී.පී.බෙල් මහතා ප්‍රකාශ කර ඇත. දැනට ශේෂව ඇතත් සිංහයාගේ බාහු යුගලය පමණක් වුව ද කෙනකු තුළ ප්‍රතාපය හා බලය පිළිබද අපුරු හැඟිමක් දැන වීමට ප්‍රමාණවත් බව කැටපත් පවුරේ ලියු මේ ගීයෙන් පැහැදිලි වේ.

දක්නට ඇති ලක්ෂණ[සංස්කරණය]

  • පර්වත මස්තකයේ තිබෙන රජ මාළිගාව
  • ගඩලින් තැනූ සිංහයාගේ රූප ඇඳ තිබෙන සීගිරි ලලනාවන්
  • සීගිරි කැටපත් පවුර
  • දිය අගල්

පුරා විද්‍යාත්මක නටඹුන් හා විශේෂ ලක්ෂණ[සංස්කරණය]

ක්‍රි.ව. 5 වැනි සියවසේ කාශ්‍යප රජු විසින් තනන ලද පුරාණ මාළිගයක් සීගිරියෙහි ඇත්තේය. කාශ්‍යප රජු සීගිරිය මුදුනේ මාළිගාව තනද්දී රාවණ රජුගේ මාළිගයෙහි නටඹුන් හමුවූ බවට කතාවක්ද පවතී. පර්වතයේ සමතලා මතුපිට එම මාළිගයෙහි නටඹුන් තිබේ. මැද හරියේ තිබෙන සමතලා බිමෙහි සිංහ ද්වාරයක්ද කුරුටු ගී තිබෙන කැටපත් පිහිටා ඇත. පහළ මාළිගාව පර්වතයේ පහළ බෑවුමට හේත්තු වන්නට නිර්මාණය කරන ලද දිය අගල් තාප්ප හා උද්‍යාන පර්වත පාමුල සිට මීටර් සිය ගණනක් දුරට විහිදී ඇත. මෙම භූමිය මාළිගාවකින් හා බලකොටුවකින් යුක්තය. දැනට තිබෙන ප්‍රමාණවත් නටඹුන් වලින් එය නිර්මාණය කළ අයගේ විශිෂ්ඨ හැකියාව හා නිර්මාණශීලිත්වය පිළිබද අගනා හැගීම් එය නැරඹීමට පැමිණෙන අයගේ සිතෙහි ජනිත කරවයි.

සීගිරි භූමි සැළැස්ම පළමු සහශ්‍රයේ නාගරික සැලසුම් කරණයේ අනර්ඝ උදාහරණයක් ලෙස සීගිරි නිර්මාණය දැකිය හැක. භූමි සැළසුම ඉතාමත් අලංකාර සහ සුක්ෂ්‍යම ලෙස සකස් කරන ලද්දක් ලෙස සැලකේ. සැලසුම් සකස් කිරීමේදි ජ්‍යාමිතික සැළසුම් සහ අවට පිහිටි ස්වාභාවික වස්තූන්ගෙන් පිහිටීම පිළිබදව ඉතා හොදින් නිරීක්ෂණය කර සංයෝග කර ගැළපීම් හා නොගැලපීම් සංකල්පය එක් කොට ඇති බව පෙනේ. පර්වතය බටහිර දෙසින් තිබෙන උද්‍යාණය රාජකීයන් උදෙසා සුදුසු ලෙස සකස්කර ඇත. උද්‍යානයෙහි ජලය රදවා තබා ගන්නා ව්‍යුහය නිර්මාණය කර ඇත. ඒවා සකස් කිරීමේදී පොලව යටින් දිවෙන ජල පීඩන ක්‍රමයක් යොදා ගෙන ඇති අතර මෙයින් සමහරක් අදද ක්‍රියාත්මක මට්මේහි තිබේ. පර්වතයට දකුණින් මිනිස් අතින් නිම කළ ජලාශයකි. මෙවැනි ජලාශ මීට පෙර ශ්‍රී ලංකාවේ වියළි කලාපයෙහිද බොහෝ සෙයින් ප්‍රයෝජනයට ගැනුණි. සීගිරි බිමට පිවිසෙන ස්ථාන වල දොරටු පහකි. ඒවා අලංකාර ලෙස නිමවා ඇති බටහිර දොරටුව රාජකීයන් උදෙසා වෙන්කර තිබුණා යැයි විශ්වාස කළ හැක. මෙහි වාස්තු විද්‍යනුකුල සැලසුමක් සහිතව ඉදිකර ඇත. එමෙන්ම සීගිරිය දුර්ග බලකොටුවකි. ජල දුර්ග, වන දුර්ග, ගිරි දුර්ග ආදියෙන් සීගිරිය සමන්විතය. ගිරි දුර්ග යනු ගිරියෙන් යට කරපු යනුවෙනී.

සීගිරියේ සංස්කෘතිකමය වැදගත්කම[සංස්කරණය]

කාෂ්‍යප රාජ්‍ය කාලයට පෙර විසූ මහසෙන් රජුගේ කාලයේ ද (ක්‍රි.ව.274-301), කිත්සිරිමෙවන් රජුගේ කාලයේ ද (ක්‍රි.ව.301-328) සීගිරියට ආසන්න ප්‍රදේශවල වැව් සහ සංඝාරාම නිර්මාණය කිරීම වැනි කාර්යයන් සිදු වූ බවට ඇති සාධක නිසා පූර්ව කාෂ්‍යප අවධියේ දී සීගිරි ප්‍රදේශය අරාජිකත්වයට පත්ව තිබුණේයැයි විශ්වාස කළ නොහැකිය. නමුත් සීගිරිය යන නමින් මෙම ප්‍රදේශය හඳුන්වන්නට පටන් ගත්තේ පළමුවන කාෂ්‍යප රජුගේ අගනුවර බවට පත් වීමත් සමඟ ය. 1982 ජනවාරි 08 වනදා ආයතන කීපයක ම දායකත්වය ඇතිව සංස්කෘතික ත්‍රිකෝණ වැඩකටයුතු ආරම්භ කරන ලදි. විශේෂයෙන් ම විශ්ව විද්‍යාලවල පුරාවිද්‍යා කණ්ඩායම් එකතු කර ගැනීම සහ තරුණ පුරාවිද්‍යාඥයින්ට එම කටයුතුවලට දායක වීමට ඉඩ ලබා දීම ද මේ කාලය තුළ කැපී පෙනිණි. කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අංශයේ පීඨ සාමාජිකයන් වෙත සීගිරියේ පුරාවිද්‍යා කටයුතු පිළිබඳ අධ්‍යක්ෂණය හිමි විය.ඊට අමතරව වාස්තු විද්‍යාත්මක කටයුතු සඳහා තවත් කණ්ඩායම්, වන සත්ත්ව සංරක්ෂණ දෙපාර්තමේන්තුව, කැළෑ දෙපාර්තමේන්තුව ආදියෙහි සහයෝගය ද ලබා ගැනීමට කටයුතු කර ඇත. 1986න් පසුව සීගිරි ප්‍රදේශයේ ජනාවාස පුරාවිද්‍යාව නමින් ආරම්භ කළ සහයෝගීතා ව්‍යාපෘතියට අනුව එතෙක් සීගිරියේ කළ පර්යේෂණවලින් හෙළි නොවූ බොහෝ තොරතුරු හෙළිදරව් කර ලැනීමට හැකි විය. විශේෂයෙන් ම සීගිරිය අවට ප්‍රදේශයේ කරන ලද මේ පර්යේෂණ සීගිරි ඉතිහාසය තවත් ශක්තිමත් කිරීමට පදනම විය. සංස්කෘතික ත්‍රිකෝණය බිහි වීමෙන් පසු ලෝක උරුම නගරයක් බවට පත් වූ සීගිරිය ලෝකයාගේ අවධානයට ද නිරන්තරයෙන් ලක් වන්නට විය. මෙම සිද්ධි එකිනෙක ගළපා බලන විට සීගිරිය සංස්කෘතිකමය වශයෙන් අතිශය වැදගත්කමක් උසුලන බව පැහැදිලිවේ. අදවන විටත් අතිශය සංචාරක ආකර්ෂණයක් දිනා ගත් ස්ථානයක් බවට සීගිරිය පත්ව ඇත්තේ එබැවිනි. එය තවදුරටත් පැහැදිලි කරගන්නා විට ඊ.බී.ටයිලර් පෙන්වා දෙන පරිදි “සංස්කෘතිය යනු සමාජයේ සාමාජිකයෙකු වශයෙන් මිනිසා විසින් අගය කරන්නාවූත්,පරිණතවූත් දැනුම, ඇදහිලි, විශ්වාස, කලාව, සදාචාරය, නීතිය, සිරිත් විරිත් හා අනෙකුත් සියළු ම හැකියාවන්වල සංකීර්ණ සමස්තයයි”. ඒ අනුව ක්‍රි.ව.04 -05 සියවස්වල පැවති මෙකී සංස්කෘතික සාධක හඳුනා ගැනීමෙහිලා සීගිරිය අතිශය වැදගත් වේ. සරලවම පැවසුවහොත් සීගිරිය සංස්කෘතික කෞතුකාගාරයක් ලෙස දැක්වීම සාවද්‍ය නොවේ.

සීගිරියේ විශේෂ ලක්ෂන[සංස්කරණය]

  1. නාගරික සැලසුම්කරණය
  2. ආරක්ෂාව පිළිබඳ උපක්‍රම
  3. පාරිසරික නසම්බන්ධතාවයේ ඇති දායකත්වය
  4. ලෙන් නිර්මාණය
  5. ගොඬනැඟිලි ඉඳිකිරීමේ වාස්තු විද්‍යාව
  6. නිර්මාණකරණය සඳහා ගල් භාවිත කිරීමේ ස්වරූපය
  7. හුණුගල් භාවිතය
  8. ගඩොල් භාවිතය
  9. ක්‍රි.ව.05වන සියවසේ පැවති නාගරික සැලසුම් ක්‍රම හා භූමි නිර්මාණ ක්‍රම
  10. ඉංජිනේරු විද්‍යාව
  11. ජල තාක්ෂණය(ජල උද්‍යානය,වතුර මල්,පොකුණු)
  12. ගෘහ නිර්මාණ ශිල්පය
  13. කලා ශිල්ප හා සාහිත්‍ය(කැටපත් පවුර,සීගිරි බිතු සිතුවම්,සිංහ පාදය)
  14. එකල පැවති ජන ජීවිතය(කැණීම්වලදී හමු වූ දෑ,සීගිරි සිතුවම්වල ඇති ආභරණ ,ඇඳුම් ආයිත්තම්) වැනි සංස්කෘතික සාධක රැසක් සීගිරියෙන් හමුවේ.

ක්‍රි.ව.1859දී එමර්සන් ටෙනන්ට් විසින් සීගිරිය පිළිබඳ ලියූ විස්තරයේ සීගිරිය තමා දුටු ස්වරූපය දක්වා තිබේ. සීගිරි වැව, කැටපත් පවුර, සීගිරි ගල, දිය අඟල් සහ රජ මාළිගය පිළිබදවත්, ඒවා නටඹුන්ව පවතින ආකාරයත් ඔහුගේ විස්තරයට අයත්ව තිබේ. එනම් සීගිරියේ ඇති සංස්කෘතිකමය අගනාකම්ය.

සීගිරිය මුද්දරයක් ලෙස ප්‍රවාරය වීම[සංස්කරණය]

සිගිරි ගලේ මුද්දර කථාව ආරම්භ වන්නේ වර්ෂ 1938 දීය. ඉංග‍්‍රීසි පාලනය පැවැති එකල ප‍්‍රධානියා වූ හයවන ජෝර්ජ් රජුගේ රූපය සමග සිගිරි ගල ප‍්‍රථමයෙන් මුද්දරයක පසුබිම සරසමින් සිගිරි ගලේ මුද්දර ජීවිතය ආරම්භ කරයි.
ඉන්පසු 50, 60, 80 දශක වලදී ශ්‍රී ලංකාවේදී ද ඉන්දියාව, එංගලන්තය, ජපානය ආදි රටවල් මෑත අතීතයේද සිගිරිය බළකොටුව සංකේතවත් කල මුද්දර ලොවට හදුන්වාදී ඇත්තේය. එදා සිලෝන් වල ශත දහයට මිලකර ඇත නමුත් මුද්දරය අදවන විට යුරෝ ශත 95ක් හෙවත් රුපියල් 170 කට පමන මිලකර ඇත.

ප්‍රංශයේ භාවිතය[සංස්කරණය]

සිගිරි බළකොටුවෙන් සැරසූ යුනේස්කෝ ලාංචනය පසුබිමට එක් කළ මිලිමීටර් 40×26 තිරස් හැඩති කුඩා මුද්දරය යුරෝ ශත 95කට මිල කර ඇත්තේය එක්පත් ඉරුවකට මුද්දර 50ක් ලෙස සකස් කොට මුද්දර ලක්ෂ හයක් නොවැම්බර් මස 12 වෙනිදා ප‍්‍රංශ තැපැල් පොලට නිකුත් කළේය. මෙම මුද්දරයේ ඇති ලෝක පූජීත පසුබිමත් එහි නිර්මාන ශිල්පියත් ලොව පිලිගත් විශේෂ එකතුවක්වීම සීගිරි මුද්දරය ප‍්‍රංශයේ මෙන්ම ලෝකයේ සුවිශේෂි ස්ථානයක් හිමිකර ගත්තේය.
අවුරුදු 69ක් වයැසැති ප‍්‍රංශ ජාතික ජෝන් පෝල් වෙරෙට් ලෙමැරිනියෙර් මෙම සිගිරි බළකොටුව ඇතුලත් මුද්දරයේ නිර්මාණකරුවාය. ප‍්‍රංශ මුද්දර ලෝකයේ මුද්දර පියෙක් ලෙස ප‍්‍රංශ ජනතාවගේ බුහුමනට ලක්වූ ඔහුගේ නිර්මාණයක් වීමී ඉහත මුද්දරයට විශේෂ ස්ථානයක් හිමිවීමට හේතු කාරනා වුයේය.
සැරසීම හා කලා ශිල්ප විද්‍යාව පිලිබඳ ප‍්‍රංශයේ සුප‍්‍රසිද්ධ විද්‍යා පීඨයක්වූ පැරීසියේ එස්තියෙන් විද්‍යා පීඨයේ උසස් අධ්‍යාපනය අවසන් කල ඔහු 1977 දී ප‍්‍රංශයේ තැපැල් හා විදුලි සංදේශ පර්යේෂණ ආයතනයේ සේවයට එක්වුයේය.
ඔහුගේ ඇගිලි තුඩින් හැඩ ගැන්වූ සිගිරි බළකොටුව ඇතුලත් මුද්දරය ජාත්‍යයන්තර යුනේස්කෝ ලාංඡනය සහිතව ප‍්‍රංශ මුද්දර ලෝකයට එක්වුයේය.
පැරිස් අග නගරයේ පිහිටි ජාත්‍යයන්තර යුනේස්කෝ මුලස්ථානයේදි ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය කරුණාරත්න හඟවත්ත මහතා ප‍්‍රධාන රාජ්‍ය නිලධාරීන් සහභාගි වූ විශේෂ උත්සවයක් ද ඒ සදහා පැවැත්වුනි. අද ප‍්‍රංශයේ තැපැල් මළු සිගිරි බළකොටු ආරක්ෂාව ඇතිව ලොව වටා සැරිසරති.

ගැලරිය[සංස්කරණය]

සීගිරි ලලනාවියෝ[සංස්කරණය]

මේවාද බලන්න[සංස්කරණය]

අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]

  1. "Sigiriya on Encyclopedia Britannica".
  2. "Ancient City of Sigiriya". UNESCO World Heritage Centre.{{cite web}}: CS1 maint: url-status (link)
  3. Ponnamperuma, Senani (2013). The Story of Sigiriya. Panique Pty Ltd. ISBN 978-0-9873451-1-0.
  4. Bandaranayake, Senake; Aramudala, Madhyama Saṃskr̥tika (2005). Sigiriya: City, Palace, Gardens, Monasteries, Painting. Central Cultural Fund. ISBN 978-955-631-146-4.
"https://si.wikipedia.org/w/index.php?title=සීගිරිය&oldid=529397" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි