උපතිස්ස නුවර

විකිපීඩියා වෙතින්
(උපතිස්ස නුවර රාජධානිය වෙතින් යළි-යොමු කරන ලදි)
උපතිස්ස නුවර
අගනුවර
ප්‍රාරම්භකයාඋපතිස්ස රජ

උපතිස්ස නුවර යනු පුරාතන රජරට රාජධානියේ දෙවන පරිපාලන කේන්ද්‍රය විය. විජය රජුගේ මරණයත් සමග, විජය රජුගේ සිහසුනට හිමි කම් කී ඔහුගේ බෑනා කෙනෙකු වූ පඞුවස්දෙව් රජ උතුරු ඉන්දියාවේ සිට රාජධානිය වෙත පැමිණෙන තෙක් උපරාජ බවට පත් ඔහුගේ අගමැති උපතිස්ස රජ විසින් මෙම අගනගරය ස්ථාපනය කෙරිණි.

ස්ථාපනය, නම සහ පිහිටුම[සංස්කරණය]

උපතිස්ස නුවර තම්බපණ්ණියට සැතපුම් හතක් හෝ අටක් හෝ උතුරින් වන අතර,[1] වර්තමාන මන්නාරම අසල දිස්ත්‍රික්කයක, එනම් හලාවත දිස්ක්‍රික්කයේ පිහිටා තිබූ බව විශ්වාස කෙරේ. [2] [3] එය නම් කෙරුණේ, විජය රජුගේ අගමැතිවූ, උපරාජ උපතිස්ස රජ අනුව යමින් වන අතර, විජය රජුගේ මරණයට පසුව සහ තම්බපණ්ණි රාජධානියෙහි අවසානයට පසුව ක්‍රිපූ 505 දී ප්‍රතිස්ථාපනය කෙරිණි.

ඉතිහාසය[සංස්කරණය]

තමන්ගේ අනුප්‍රාප්තිකයෙකු තෝරා ගැනීමේ අපහසුතාවයකින් පසුවූ, විජය රජුගේ පාලන සමයේ අවසානය ලඟාවත්ම, ඔහුගේ මුතුන්මිත්තන්ගේ නගරය වන සිංහපුර වෙත සංදේශයක් යැවුවේ, සිංහසානාරූඨ වන ලෙසින් ඔහුගේ සොහොයුරු සුමිත්ත වෙත ආරාධනා කරමිනි. [4] කෙසේවෙතත් සංදේශය එහි ගමනාන්තය වෙත ලඟාවීමට පෙර විජය රජ මිය ගිය අතර ජනයා විසින් පාලනය සඳහා ඇමතිවරයෙකු තෝරා ගත්හ

මෙයද බලන්න[සංස්කරණය]

ආහ්‍රිත[සංස්කරණය]

  1. "චැප්ටර් I ද බිගින්නින්ස්; ඇන්ඩ් ද කොන්වර්ෂන් ටු බුඩිසම්".
  2. මිට්ල්, ජේ.පී. (2006). "අදර් ඩිනස්ටීස්". හිස්ට්‍රි ඔෆ් ඒන්ෂන්ට් ඉන්ඩියා: ෆ්‍රොම් 4250 බීසී ටු 637 ඒඩී. Vol. හිස්ට්‍රි ඔෆ් ඉන්ඩියා: අ නිව් වර්ෂන් හී වෙළුම 2. ඇට්ලෑන්ටික් ප්‍රකාශකයෝ සහ බෙදාහර්න්නෝ. p. 405. ISBN 81-269-0616-2. සම්ප්‍රවේශය 2009-11-06.
  3. "ප්‍රී හිස්ට්‍රි ඔෆ් ශ්‍රී ලංකා". lankaemb-egypt.com. ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කයිරෝ, ඊජිප්තුව. සම්ප්‍රවේශය 2009-11-06.[භින්න වූ සබැඳිය]
  4. Blaze, L. E. (1933). හිස්ට්‍රි ඔෆ් සිලෝන්. p. 12.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=උපතිස්ස_නුවර&oldid=356603" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි