සීතාවක රාජධානිය

විකිපීඩියා වෙතින්
සීතාවක රාජධානිය

සීතාවක
1521–1594
සීතාවක රාජධානිය හී කොඩිය
කොඩිය
අගනුවරසීතාවක
පොදු භාෂාවන්සිංහල
රජයරාජාණ්ඩුව
සීතාවක රාජධානිය 
• 1521-1581
මායාදුන්නේ රජ (පළමු)
• 1581-1593
පළමුවන රාජසිංහ රජ
• 1593
රාජසුරිය රජු
• 1593-1594
මහා බිසෝ බණ්ඩාර දේවිය
• 1594
නිකපිටියේ බණ්ඩාර කුමාරයා
ඉතිහාසය 
1521
•  පළමුවන රාජසිංහ රජුගේ මරණය
1594
පූර්වප්‍රාප්ති වනුයේ
අනුප්‍රාප්ති වනුයේ
කෝට්ටේ රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුගීසි ලංකාව


සීතාවක රාජධානිය (ඉංග්‍රීසි: Kingdom of Sitawaka) (දෙමළ : சீீீதாவாக்கை இராசதானி ) යනු ශ්‍රී ලංකාවෙහි දකුණු දිග සහ මධ්‍යම ප්‍රදේශයන් අතර පිහිටා තිබුණු රාජධානියකි. 1521 සිදුවූ විජයබා කොල්ලයෙන් පසුව කෝට්ටේ රාජධානිය බෙදා වෙන් කිරීමත් සමගම සීතාවක රාජධානිය ආරම්භ වූයේය. මෙම රාජධානියේ ප්‍රථම පාලකයා වූයේ මායාදුන්නේ රජුය. මොහු දක්ෂ රණශූර පාලකයෙකි. මොහුගේ පුතු පළමුවන රාජසිංහ රජු විය. ඉදිරි වසර සැත්තෑව තුලදී දිවයිනෙහි මහත් ප්‍රදේශයක් තුල සිය ආධිපත්‍යය පැතිරවීමට එය සමත් විය. 1505 වසරෙහිදී දිවයින වෙත පැමිණි පෘතුගීසින්හට දරුණු විරුද්ධත්වයක් එල්ල කිරීමට සීතාවක සමත් විය. හමුදාමය වශයෙන් එය සාර්ථක වුවද, සීතාවක අස්ථායි ලෙසින් පැවතියේ, එහි උඩරට ප්‍රදේශයන් වෙතින් දිගටම පැනනැගුණු කැරළි සහ පෘතුගීසින් හා සමගින් වූ පුළුල් ලෙසින් පැතිර පැවති සහ බොහෝ විට ව්‍යසනකාරී වූ ගැටුම් මැඩ පැවැත්වීමට සිදුවීම නිසාය. එහි අවසන් රජු පළමුවන රාජසිංහ රජ 1593 වසරෙහිදී මිය යාම සමගම සීතාවක රාජධානිය කොටස් වලට කැඩී වෙන් විය.

ඉතිහාසය[සංස්කරණය]

ප්‍රතිෂ්ඨාපනය[සංස්කරණය]

15 වන සියවසෙහි මුල් කාලයෙහිදී එය ප්‍රතිෂ්ඨාපනය වීමත් හා සමගම කෝට්ටේ රාජධානිය, බස්නාහිර ශ්‍රී ලංකාවෙහි ප්‍රධාන බලයක්ව පැවතුණේ හයවන පරාක්‍රමබාහු රජු යටතේ වූ අතර, එක් කිරුළක් යටතේ ශ්‍රී ලංකාවෙහි මුළු දිවයින එක් සේසත් කිරීමට හැකිවූ අවසන් බලමූලය එය විය. 1467 වසරෙහිදී කෙසේ වෙතත් උතුරෙහි යාපනය රාජධානිය එහි නිදහස ප්‍රකාශ කලේය. 1505 වසරෙහිදී පෘතුගීසීන් ශ්‍රී ලංකාවට පැමිණියහ; 1518 වසර වන විට පෘතුගීසී නැව් වෙතින් සමන්විත විශාල හමුදාවක් කොළඹ වෙත ගොඩ බැස සැන්ටා බාර්බරා නම්වූ බලකොටුවක් තැනීම ඇරඹූහ. මෙම කාලසීමාව වන විට නැගෙනහිර පසින් වූ මහනුවර සේවාග්‍රාහක රාජධානියද සැලකිය යුතු ප්‍රමාණයක නිදහසක් සහිතව ක්‍රියාත්මක විය.

විජයබාහුගේ සතරවන පුත් කුමරාවූ දේවරාජා හට සිහසුන ලබා දීම සඳහා කිරුළ වෙත ඔවුන්ගේ අයිතිවාසිකම නොසලකා හැරීම නියත බවට බියවූ ඔහුගේ පුතුන් තිදෙනා විසින් 1521 වසරෙහි දියත් කෙරුණු මාළිගා කුමන්ත්‍රණයක් වූ විජයබා කොල්ලය තුලදී කෝට්ටේ හත්වන විජයබාහු රජු (1509–1521) බලයෙන් පහ කෙරිණි. වැඩිමහල්ලා සත්වන බුවනෙකබාහු ලෙසින් සිංහාසනාරූඨ වූ අතර, අනෙකුත් දෙදෙනා කෝට්ටේ රාජධානියෙහිකෝට්ටේ අත්පත් කරගැනුමට තවද උත්සාහයයක් 1537 වසරෙහිදී ව්‍යර්ථ වූයේ, අෆෝන්සො ඩි සූසා නමැති කොළඹ පෘතුගීසි කපිතාන්-ජනරාල්ගේ නායකත්වය යටතේ වූ හමුදාවන් විසින් මායාදුන්නේගේ හමුදා පරාජය කිරීම සමගිනි; මායාදුන්නේගේ සහාය සඳහා කැලිකට් වෙතින් එවුණු නැව් හමුදාව පෘතුගීසින් විසින් වෙඩාලායි හිදී පරාජය කෙරිණි. කොටස් සඳහා අයිතිවාසිකම් පාමින්, මායාදුන්නේ සීතාවක පාලනය කිරීම සහ පරරාජසිංහ රයිගම රාජධානිය පාලනය කිරීම ඇරඹූහ. මෙසේ බිහිවූ අනුප්‍රාප්තික රාජ්‍ය්‍යන් වෙතින්, මහනුවර රාජධානිය කාර්යසාධක ලෙසින් පරිබාහිරව ක්‍රියාත්මක විය.

සීතාවක රාජධානිය වෙත මුලදී අයත් වූයේ කොස්ගම, රුවන්වැල්ල, යටියන්තොට, හංවැල්ල, පාදුක්ක, ඇහැළියගොඩ, කුරුවිට සහ රත්නපුර යන ප්‍රදේශ වලින් සමන්විත සාපේක්ෂ වශයෙන් කුඩා භූමි ප්‍රදේශයක් විය. භූමිභාගය කඳු සහිත වූ අතර, නැගෙනහිර දෙසින් මහනුවර වෙතින් සීමා වෙමින් මුහුදට කිසිදු ප්‍රවේශයක් විරහිත විය. වටකර පිහිටි කැලෑ ප්‍රදේශයක් වෙතින් 1,000 අඩි (300 මී) උසකට පැන නැගුණු බෑවුම් කන්දක පාදකයෙහි පිහිටි අධික බෑවුම් සහිත කන්දක් මත, අගනගරය—වර්තමාන අවිස්සාවේල්ල—පිහිටියේය.[1]

නැගුම (1521–1551)[සංස්කරණය]

සීතාවක වෙතින් ඔහුගේ සිහසුන වෙත එල්ල වීමට ඉඩ ඇති කිසියම් තර්ජනයක් වෙතින් කිරුළ රැක ගැනීමේ අභිප්‍රායයෙන් පෘතුගීසීන් සමග සබඳතා දියුණු කර ගැනුමට සිංහාසනාරූඨ වීම සමගම බුවනෙකබාහු උත්සුක විය. බලකොටුවක් තනා නිම කිරීම සිදුකෙරුමට දේශීයයන් විසින් විරෝධය පෑවද, 1524 වසරෙන් පසුව රජුගේ ආරක්ෂාව යටතේ පෘතුගීසි ඒජන්තවරයෙක් කෝට්ටේ හී රැඳී සිටිය අතර, පෘතුගීසි නාවුක හමුදා විසින් කුරුඳු වෙළෙඳාමෙහි ආධිපත්‍යය වෙනුවෙන් මලබාරි මාපිලාවරුන් හා සමගින් ආරාවුල් ඇති කර ගත් අතර ගෝව පෘතුගීසි ප්‍රතිරාජයන් විසින් එවුණු බලකායන්ගේ සහය ලබමින් බුවනෙකබාහු විසින් අත්‍යන්තයෙහිදී මෙම මලබාරින් පලවා හරින ලදි. කෝට්ටේ අත්පත් කරගැනුමට තවද උත්සාහයයක් 1537 වසරෙහිදී ව්‍යර්ථ වූයේ, අෆෝන්සො ඩි සූසා නමැති කොළඹ පෘතුගීසි කපිතාන්-ජනරාල්ගේ නායකත්වය යටතේ වූ හමුදාවන් විසින් මායාදුන්නේගේ හමුදා පරාජය කිරීම සමගිනි; මායාදුන්නේගේ සහාය සඳහා කැලිකට් වෙතින් එවුණු නැව් හමුදාව පෘතුගීසින් විසින් වෙඩාලායි හිදී පරාජය කෙරිණි. මෙම ගැටුමට පසුව, සීතාවක සහ කෝට්ටේ අතර තාවකාලික සටන් විරාමයකට එකඟතාවයක් ඇතිවුණු අතර, මායාදුන්නේ විසින් දකුණු දිග පිහිටි රයිගම රාජධානිය වෙත අවධානය යොමු කරමින්, 1538 වසරෙහිදී රයිගම් බණ්ඩාරගේ (පරරාජසිංහ) මරණයෙන් පසු එය ඈඳා ගති.

ඊළඟ වසර පහ ඇතුළත තවත් කෝට්ටේ ආක්‍රමණ දෙකක් ක්‍රියාත්මක විය. 1539 වසරෙහිදී ඇරඹි පළමුවැන්න, කොළඹ නව පෘතුගීසි කපිතාන්-ජනරාල්, මිගුයෙල් ෆෙරෙයිරා විසින් සංවිධානය කෙරුණු ප්‍රතිප්‍රහාර හමුවේ ව්‍යර්ථ විය. හමුදා සහ ආයුධ කැලිකට් විසින් යළිත් සීතාවක වෙත සපයන ලදි; කෙසේවෙතත්, පරාජයෙන් පසුව, සැමොරින්ගේ ජනරාල්වරුන් දෙදෙනෙකුවූ කුල්හේනමරික්කාර් සහ පාචිමරික්කාර්, පෘතුගීසින් වෙත බාර දීමත් හා සමගින්, කැලිකට් සහ සීතාවක අතර පැවති සන්ධානය නිමාවට පත් විය. බුවනෙකබාහු විසින් 1543 වසරෙහිදී ඔහුගේ මුණුපුරු ධර්මපාල සිය අනුප්‍රාප්තිකයා ලෙසින් නම් කල බවට ලද පුවත විසින් තවද ආක්‍රමණයක් සඳහා හේතුපාදක ඇතිවූ අතර, නව කපිතාන්-ජෙනරාල් අන්ටෝනියෝ බැරෙටෝ ගේ විධාන යටතේ වූ පෘතුගීසි හමුදාවන්ගේ සහය සමගින් පරාජය කෙරිණි.

කෝට්ටේ අභිභවනය (1551–1581)[සංස්කරණය]

1550 වසරෙහිදී ප්‍රතිරාජ ඇෆොන්සෝ ඩි නොරොඤ්ඤා සහ පෘතුගීසි සොල්දාදුවන් 500 ක බලකාය පැමිණීමත් සමගම කෝට්ටේ අභ්‍යන්තර දේශපාලනය වෙත පෘතුගීසි ඇඟිලි ගැසීම උත්සන්න විය. එම වසරෙහි පසු කාලයෙහිදී පෘතුගීසින් විසින් සීතාවක කොල්ල කෑවද නගරය දිගටම අල්ලා ගෙන සිටීමට අපොහොසත් වූහ.

තවද බලන්න[සංස්කරණය]

  1. ජෝන් ඩේවි, ඇන් එකවුන්ට් ඔෆ් දි ඉන්ටීරියර් ඔෆ් සිලෝන්, 1812
"https://si.wikipedia.org/w/index.php?title=සීතාවක_රාජධානිය&oldid=440144" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි