රජරට රාජධානියේ අනුරාධපුර යුගය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
රජරට රාජධානිය (අනුරාධපුර යුගය)
ක්‍රිපූ 377–1017


දුට්ඨගාමිණි සහ ඉන්පසු පාලකයන් විසින් භාවිතා කරන ලද ධජය.[N 1]

අනුරාධපුර යුගයෙහිදී ලක්දිව ප්‍රධාන වරාය සහ නගර. දිවයින බෙදා තුන්සිංහලේ (රජරට, මලය රට සහ රුහුණ) ද දැක්වෙයි.
අගනුවර අනුරාධපුර, සීගිරිය
භාෂා සිංහල
ආගම බුද්ධාගම
රජය රාජාණ්ඩුව
ජනාධිපති
 •  ක්‍රිපූ 377 -ක්‍රිපූ 367 පණ්ඩුකාභය රජ
 •  982–1017 පස්වන මහින්ද රජ
ඉතිහාසය
 •  ස්ථාපිත කළේ ක්‍රිපූ 377
 •  අහෝසි කළේ 1017
Area 65,610 km² (25,332 sq mi)
පූර්වප්‍රාප්තික වූයේ
අනුප්‍රාප්තික වූයේ
උපතිස්ස නුවර රාජධානිය
පොළොන්නරුව රාජධානිය
රජරට රාජධානිය
ක්‍රි.පූ. 544–ක්‍රි.ව. 1236

Flag of රජරට

දුටුගැමුණු රජතුමා සහ ඉන් පසුව සිටි (සමහර) රජවරු භාවිතාකල කොඩිය[N 2]

Location of රජරට
තුන් සිංහලේ
Capital උපතිස්සනුවර
අනුරාධපුර
සීගිරිය
පොළාන්නරුව
Language(s) සිංහල
Religion සිංහල පැරණි ඇදහිලි > බුද්ධාගම
Government රාජධානිය
President
 - ක්‍රි.පූ. 543-505 විජය රජ
 - 1215-1236 කාලිංග මාඝ රජ
History
 - Established ක්‍රි.පූ. 544
 - Disestablished ක්‍රි.ව. 1236
Area 65,610 km2 (25,332 sq mi)
මෙමලිපියෙහි ඉන්දික භාෂා පෙළ අඩංගුය. යෝග්‍ය අනුවාද පහසුකම් නොමැත්තේ නම්, ඔබ හට, ඉන්දික භාෂා පෙළ වෙනුවට ප්‍රශ්නාර්ථලකුණු හෝ කොටු, අස්ථානගත ස්වර හෝ දක්නට නොමැකි බැඳි දිස්විය හැකිය.

රජරට රාජධානියේ අගනුවර ලෙස අනුරාධපුර හෝ සීගිරිය පැවති යුගය රජරට රාජධානියේ අනුරාධපුර යුගය ලෙස සැලකේ.අනුරාධපුර රාජධානිය අනුරාධපුර නගරයේ නමින් නම් කරන ලදී. වර්ථමාන ශ්‍රී ලංකාවේ ප්‍රධන ගොඩබිම වන ලංකා දූපත හෙවත් ලක්දිව බිහිවූ ප්‍රථම සංවිධානාත්මක රාජධානිය වුයේ රජරට රාජධානියයි.

මුල් යුගයේ උපතිස්සනුවර අගනුවර වූ අතර පණ්ඩුකාභය රජ විසින් අනුරාධගම අගනුවර කරගෙන එය පුරවරයක් දකිවා සංවර්ධනය කරන ලදී. රාජධානියේ ආර්ථිකය පදනම් වූයේ කෘෂිකර්මාන්තය මත බැවින් වැව් සහ ඇළ මාර්ග ඉදිකිරීම රජුගේ ප්රධාන කාර්යයක් විය. බොහෝමයක් රජවරුන් විශාල වැව් සහ ඇළ මාර්ග ඉදි කළ අතර, ඒ අතරින් වැඩිමනක් මතකයේ රැඳෙන්නේ වසභ සහ මහාසේන රජවරුන්ය. මෙම ඉදිකිරීම් නිසා අනුරාධපුර යුගය මුළුල්ලේම රජරට ප්රදේශය තුළ විශාල, එමෙන්ම සංකීර්ණ වාරිමාර්ග පද්ධතියක් බිහි විය.

රාජධානියේ ආර්ථිකය පදනම් වූයේ කෘෂිකර්මාන්තය මත බැවින් වැව් සහ ඇළ මාර්ග ඉදිකිරීම රජුගේ ප්රධාන කාර්යයක් විය. බොහෝමයක් රජවරුන් විශාල වැව් සහ ඇළ මාර්ග ඉදි කළ අතර, ඒ අතරින් වැඩිමනක් මතකයේ රැඳෙන්නේ වසභ සහ මහාසේන රජවරුන්ය. මෙම ඉදිකිරීම් නිසා අනුරාධපුර යුගය මුළුල්ලේම රජරට ප්රදේශය තුළ විශාල, එමෙන්ම සංකීර්ණ වාරිමාර්ග පද්ධතියක් බිහි විය. එකල ඉදි කරන ලද මහා ස්ථුපයන් වූ රුවන්වැලිසෑය, ජේතවණාරාමය මෙන්ම ලෝවාමහාපාය වැනි විශාල ගොඩනැගිලි මඟින් අනුරාධපුර යුගයේ තිබූ ගෘහ නිර්මාණ ශිල්පයේ දියුණුව මනාව පෙන්නුම් කරයි.

අගනුවර[සංස්කරණය]

අනුරාධපුර[සංස්කරණය]

ඓතිහාසික මූලාශ්රයන්හි සඳහන් වන පරිදි අනුරාධපුර නගරය ආරම්භ වී ඇත්තේ ක්රි.පූ.5 සියවෙසහි වුවත් පුරාවිද්යාත්මක තොරතුරු අනුව එහි ඉතිහාසය ක්රි.පූ 10 වැනි සියවස තරම් ඈතට දිව යයි. කරන ලද පුරා විද්යා කැණීම් වලදී වඩා පූර්ව කාලයන්හි විසූ ජනයා සම්බන්ධ සාක්ෂි ලැබී ඇතත් ක්රි.පූ 5 සියවසට එපිට කාලය පිළිබද තොරතුරු අත්ෙත් මද වශෙයනි..

අනුරාධපුරෙය් වැඩිදුර සිදු කරන ලද කැණීම් වලදී මෙම පුරවරෙය් පැවති ප්රාග් ඓතිහාසික ජනාවාසයන් පිළිබද තොරතුරු ලැබී ඇත. ක්රි.පූ 900 - 600 දක්වා විහිදුණ ප්රාග් ඓතිහාසික ලෝහ යුගෙය්දී ලෝහ තාක්ෂණය, කුඹල් කර්මාන්තය, අහ්වයන් භාවිතය, ගවයන් ඇති කිරීම සහ වී වගාවද පැවතුණ බව පෙනී යයි. ක්රි.පූ 700-600 අතර කාලයේදී අනුරාධපුරයේ ජනාවාසය හෙක්ටයාර් 50 ඉක්මවා වර්ධනය විය. නගරය ඊසාන දිගින් සහ වයඹ දිගින් පිහිටි ප්රධාන වරායයන් අතර උපායමාර්ගිකව වැදගත් වන පරිදි පිහිටියේය. වගා කළ හැකි සරු බිම් එය වටෙකාට පිහිටා තිබුණි. ආක්රමණිකයන්ගෙන් නගරය ආරක්ෂා කළ ස්වභාවික පවුරක් වූ ඝන වනාන්තරය නගරය හාත්පස අවුරා විය.

ක්රි.පූ 4 සියවසෙහිදී පණ්ඩුකාභය රජතුමන් විසින් අනුරාධපුරය අගනගරය බවට පත් කරන ලද බවත්, මනා සංවිධිත සැලසුමක් අනුව නගරය සහ එහි උප නගරයන්ද පිහිටුවන ලද බවත් කියැවේ. "අභය වාපි" හෙවත් අභය වැවද එතුමන් විසින් කරවන ලදී. කාලවේල සහ චිත්තරාජ නමැති යක්ෂයන් උදෙසා දෙවොල්ද කරවනු ලැබීය. චේතියා නමැති යක්ෂණිය උදෙසා වෙළඹකගේ ස්වරූපයෙන් වූ පිළිරුවක් රාජ මාළිග පරිශ්රයේම ඉදි කරවන ලද අතර මේ සියළු යක්ෂ-දේවතාවන් උදෙසා වාර්ෂිකව පුද පූජා පැවැත්වීමද සිදු විය. නගරයේ සුසාන භූමිය, වදක භූමිය, පශ්චිම රාජිණියගේ දෙවොල, වෙස්සවණ උදෙසා වූ නුග රුක, ව්යාධදේව උදෙසා වූ තල් රුක, යෝනයන් සඳහා වාස භූමිය, ආත්ම පූජා මන්දිරය ආදිය පිහිටැවිය යුතු තැන්ද මෙතුමන් විසින් නියම කරන ලදී. වහලුන් නොහොත් චණ්ඩාලයන් විසින් කළ යුතු කාර්යයන් නියම කෙරුණු අතර ඔවුන් උදෙසා ග්රාමයක් වෙන් කරන ලදී. නිඝණ්ටයන්, තැන තැන සරන තවුසන්, ආජීවකයන් සහ බ්රාහ්මණයන් උදෙසා වාසස්ථාන ගොඩ නඟන ලදී. ග්රාම සීමාද නීර්ණය කරනු ලැබීය. අනුරාධපුරය අග නගරය බවට පත් කරමින් ක්රි.පූ 4 සියවස තරම් ඈත යුගයකදී පණ්ඩුකාභය රජතුමන් විසින් බිහි කරනු ලැබූ සම්ප්රදාය ඉතා වැදගත් වේ.

නගරයට සහ පූජනීය ස්ථානයන්ට කරනු ලැබූ සනීපාරක්ෂක සහ පරිපාලනමය සම්පාදනයන් විසින් පෙන්නුම් කෙරෙනුයේ කාලාන්තරයක් තිසිසේ නගරය කිසියම් මධ්යගත සැලැස්මකට අනුව සංවර්ධනය කෙරුණු බවය. පණ්ඩුකාභය රජතුමන්ගේ ඇවෑමෙන් එතුමන්ගේ පුත් මුටසීව රාජපදප්රාප්ත විය. හැට වසරක් වූ එතුමන්ගේ රාජ්ය පාලන කාලය තුළ අනුරාධපුර නගරය තවදුරටත් අගනුවර වශයෙන් පවත්වා ගත් අතර, බුදු සමය දිවයිනට හඳුන්වා දෙනු ලැබූ මුල් අවදියේදී වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලැබූ "මහාමේඝවන උද්යානය" (හෙවත් මහමෙවුනා උයන) පිහිටුවාලීමද එසමයෙහි සිදුවිය. බුදු රජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් වසර 236 කට පසු ශ්රී ලංකාවට බුදු සමය හඳුන්වාදෙන ලද්දේ මුටසීව රජතුමන්ගේ ඇවැමෙන් රාජ්යත්වයට පත් එතුමන් පුත් දේවානම්පියතිස්ස රාජ්ය සමයෙහිදීය. ඉන්දියාවෙහි වුසූ අශෝක අධිරාජයා දේවානම්පියතිස්ස රජතුමන්ගේ සමකාලීනයෙක් විය. මෙම කාලය ක්රි.පූ 250 - 210 අතර කාලයයි. ලංකාවෙහි රාජ්යත්වයෙහි ආරම්භය සහ ආසියාවෙහි විශිෂ්ඨතම ආගමක් වූ බුද්ධ ධර්මය මත පදනම් වූ ශිෂ්ඨාචාරයක ආරම්භයද සනිටුහන් කෙරෙන්නේ මෙසමයෙහිය.

සීගිරිය[සංස්කරණය]

සීගිරිය - ප්රෞඪ ඉතිහාසයකට නෑකම් කියන සිංහල දේශයේ තවත් අභිමානී නගරයක් වූ සිගිරිය අයත් වන්නේද රජරට රාජධානියටයි.මෙහි පාලකයා වනුයේ කාශ්‍යප රජුයි.කාශ්‍යප රජු මෙම ස්ථානය තෝරා ගැනීමට හේතුව වුයේ තම සොහොයුරු මුගලන් කුමරු කෙදිනක හෝ පැමිණ රාජ්‍ය පැහැරගනීයැයි තිබූ බියයි.කලාගාරයක් බඳු මෙහි සීගිරි චිත්‍ර ඉන්දියාවේ අඡන්තා චිත්‍ර කලාවට සමාන කමක් දක්වයි.මෙම චිත්‍ර පිලිබඳව අදහස් දක්වන පරණවිතානයන් පෙන්වා දෙන්නේ මෙම චිත්‍ර වලින් නිරූපණය වන්නේ මෙඝලතා හා චිජ්ජුලතා යන්න ය.එනම් විදුලිය හා මේඝගර්ජනය යන ස්වභාවික සිදුවීම්ය. මෙහි තවත් සුවිශේෂී අවධානයක් යොමුවන ස්ථානයක් ලෙස සීගිරි කැටපත් පවුර හඳුන්වාදිය හැකිය.එහි ලියැවුණු කුරුටු ගී තුළින් හෙළ ගැමියාග‍ේ අදහස් මෙන් ම හෙළ සංස්කෘතිය පිළිබඳවද තොරතුරු හෙළිවෙබුදල්මි

ආක්රමණ[සංස්කරණය]

රජරට රාජධානියට අඛණ්ඩව පැවතුණු තර්ජනයක් වූයේ දකුණු ඉන්දීය ආක්රමණයන්ය. එලෙස සිදු වූ ආක්රමණයන්ගෙන් සතුරන් පරදවා රජධානියේ පාලනය නැවත ලබාගත් දුටුගමුණු, වළගම්භා, ධාතුසේන, Iවන විජයබාහු, ලීලාවතී වැනි පාලකයන් කාගේත් අවධානයට ලක්විය. අනෙකුත් පාලකයන් මතකයේ රැඳුනේ ඔවුන් විසින් සිදු කරන ලද හමුදා ජයග්රහණ නිසාය. දකුණු ඉන්දියාවට එරෙහිව ආක්රමණයන් දියත් කළ පළවන ගජභාහු, පන්ධ්යන් දේවියට පිහිට වීමට තම හමුදාවන් යැවූ දෙවන සේන, එවැනි පාලකයන්ය. රජරට රාජධානියට එරෙහිව ආක්රමණයන් කිහිපයක් සිදුවූ අතර ඒවා සියල්ලක්ම දියත් කරන ලද්දේ දකුණු ඉන්දියාණුවන් විසිණි. ශ්රී ලංකා ඉතිහාසයේ පළමු වාර්තාගත ආක්රමණය සිදුවූයේ සූරතිස්ස(ක්රි.පූ 247-237) රජු සමයේදීය. එය සිදු කරන ලද්දේ සේන හා ගුත්තික යන දකුණු ඉන්දීය අශ්ව වෙළෙන්දන් දෙදෙනෙකු විසිනි. අවුරුදු විසිදෙකක පාලන කාලයෙන් අනතුරුව අසේල(ක්රි.පූ 215-205) විසින් ඔවුන් පරජය කරන ලදී. ඉන් අනතුරුව පැවති තවත් ආක්රමණයක් හේතුවෙන් චෝළ රජකු වූ එලාර(ක්රි.පූ 205-161) අසේල රජු පරදවා රටෙහි පාලකයා බවට පත් විය. එලාර අවුරුදු 44ක් රට පාලනය කළ අතර ඔහුව පරජයට පත් කරන ලද්දේ දුටුගැමුණු විසිනි. කෙසේ නමුත් මහාවංශ වාර්තා වලට අනුවඑළාර විසින් රට යුක්තිගරුක ලෙස සහ සධාරණ ලෙස පාලනය කළ බව කියැවේ.

ක්රි.පූ 103 දී ද්රවිඪ නායකයන් පස් දෙනෙකු වූ පූලහත්ත, 2 බාහිය, 3 පනයාමර, 4 පිලියාමර 5 දතික

විසින් රට නැවතත් ආක්රමණය කරන ලදී. ඔවුන් ක්රි.පූ 89 දක්වා රට පාලනය කළ අතර වළගම්භා හට පරාජයට පත් විය. පසුව ඇති වූ තවත් ආක්රමණයක් නිසා රටෙහි පාලනය දකුණු ඉන්දීය පාලකයන් සය දෙනෙකු වූ පණ්ඩු, පාරින්ද, තිරිතර, දාතිය සහ පීතිය යටතට පත් විය. ධාතුසේන විසින් ඔවුන් පරදවා නැවත බලය ලබා ගන්නා ලදී. I වන සේන(833–853) සහ III වන උදය(935–938) රජ සමය තුළ දකුණු ඉන්දියාවෙන් බොහෝ ආක්රමණ සහ කොල්ලකෑම් එල්ල විය.

කෙසේ නමුත් මෙම ආක්රමණිකයන්ගෙන් කිසිවෙකු ඔවුන්ගේ පාලනය රටෙහි දකුණු ප්රදේශය වූ රුහුණ දක්වා දීර්ඝ කර නොගත්හ. එබැවින් ශ්රී ලාංකීය පාලකයන් සහ උරුමක්කාරයන් ඔවුන්ගේ හමුදාවන් මෙම ප්රදේශය තුළ සංවිධානය කොට ගෙන ඔටුන්න නැවත ලබා ගැනීමට සමත් වූහ. ශ්රී ලාංකීය ඉතිහාසය මුළුල්ලේම සතුරු ආක්රමණ වලින් රට බේරා ගත් අවස්තාවලදී රුහුණ මුල් වී ඉමහත් සේවයක් කරන ලදී.

කිත්සිරිමෙවන් රජ සමයේදී හේමමාලා කුමරිය සහ දන්ත කුමරු විසින් බුදුන් වහන්සේගේ දන්ත ධාතුව ලංකාවට වැඩම කරවන ලදී. එම රජු විසින් දන්ත ධාතුව පෙරහැරකින් වඩම්මවා මන්දිරයක තැන්පත් කරන ලදී. මෙම පෙරහැර වාර්ශිකව පවත්වන ලෙස රජු අණ කල අතර අදටත් එය චාරිත්රයක් ලෙස රටෙහි පවතී. බුදුන් වහන්සේගේ දන්ත ධාතුව ඉතා ඉක්මනින්ම රටෙහි පූජනීය වස්තුවක් මෙන්ම රජ්ය භාවය තහවුරු කරන සංකේතයක් බවට පත් විය. දන්ත ධාතුව ළඟ තබා ගන්නා පුද්ගලයා රටෙහි නියම පාලකයා විය. එමනිසා බොහෝ විට එය රජ මාළිගාවෙහිම නිදන් කොට තබන ලදී.

වැසි ජල කලමණාකරන තාක්ෂණය

රජරට රාජධානියේ ප්රධානතම ජයග්රහණය වූයේ වැසි ජලය මනාව කලමණාකරන කලහැකි වාරිමාර්ග බිහිවීමයි. ඒ හේතුවෙන් වියළි කලාපයේ කෘෂිකාර්මික අවශ්යතාවන් සඳහා ජලය සැපයීම සිදු විය. මෙම වාරිමාර්ග ඉදිකිරීම් මඟින් එම යුගයේ මිනිසුන් තුළ තිබූ උසස් තාක්ෂණික හා ඉංජිනේරු හැකියාවන් මනාව පිළිඹිබු කරයි

තද පැහැති අකුරු පෙළ==ලක්දිව සමකාලීන රාජධානි==

රුහුණු රාජධානිය[සංස්කරණය]

තිස්ස රජ මෞර්ය අධිරාජ්යයට අවනතව දේවානම් පියතිස්ස නමින් මෞර්ය සම්ප්රදායනුකූලව නැවත ඔටුනු පැළඳීමත් සමගම රජ සොහොයුරු මහානාග කුමරු රුහුණට පලාගොස් මෞර්ය අධිරාජ්යයට අවනත නොවූ රුහුණු රාජධානිය පිහිටුවාගන්නා ලදී. රජරට රාජධානිය ආක්රමණියන් අතට පත් බෝහෝ අවස්ථාවලදී රුහුණු රාජධානිය බලය රැකගැනීමට ස්වදේශික සිංහලයන් සමත්විය.

අනුරාධපුර අතහැරීම[සංස්කරණය]

ගින් දිගටම වූ දකුණු ඉන්දීය ආක්රමණ වලින් තැවුණු නගරය අවසානයේදී ක්රි.ව. 1017 දී අතහැර දැමිණ. මෙම මහා නගරය ක්රි.පූ. 5 වන සියවසයෙහි සිට ක්රි.ව. 1017 දක්වා ලංකාවේ අඟනගරය ලෙස පැවතුනි. එහි පසුබැස්ම ඇරඹියේ දකුණි ඉන්දීය ආක්රමණයන්ට එරෙහිව දිගින් දිගටම වූ යුද වැදීම නිසා රාජධානිය ආර්ථිකමය අතින් දුප්පත් වීමය. ක්රි.ව. 1017 දී චෝල අක්රමණික හමුදාව අනුරාධපුරය අතහැර ඊට සාපේක්ෂව ආරක්ෂිත පොළොන්නරුවට පරිපාලන නගරය ගෙන ගියේය.

නටබුන් ගවේෂණය සහ සංරක්‍ෂණය[සංස්කරණය]

නගරයට සහ එහි වූ වාරී සංකීරණයට වූ අති මහත් විනාශය හේතුවෙන් එය සම්පූර්ණයෙන්ම අතහැර අවුරුදු දහසකට ආසන්න කාලයක් ජරාවාස වන්නට හැරුණි. පසුව 19 වන සතවසරේදී බ්රිතාන්ය පරිපාලනය විසින් කැළෑ හෙළි කර නැවත ජනාවාස ඇති කෙරිණි.

පරිපාලනය[සංස්කරණය]

රාජධානිය රජුගේ පාලනයට යටත් විය. රාජ්යත්වයට සම්බන්ධ වූ කැප කිරීමේ උත්සව සහ පිළිවෙත් ක්රමයන් ආරම්භ වූයේ දේවානම්පිය තිස්ස රජු සමයේදීය. එය එලෙස සිදු වූයේ ඉන්දියාවේ අශෝක රජුගෙන් ලැබූ ආභාශය හේතු කොට ගෙනය. දුටුගැමුණු රජු විසින් ප්රථම වරට මුළු රටම තමන් යටතට පත් කොටගෙන රට එක්සේසත් කරන ලදී. ඔටුන්නේ හිමිකාරිත්වයෙහි අනුපිළිවෙල සිදුවූයේ පිය පරම්පරාවට අනුකූලවය. එය සිදු කළ නොහැකි අවස්තාවකදී පෙර රජුගේ වැඩිමහල් සහෝදරයාට ඔටුන්නේ හිමිකාරිත්වය උරුමයෙන් ලැබුණි. සහෝදරයන් නොසිටියේ නම් වැඩිමහල් පුත්රයා හට ඔටුන්න උරුම විය.

අනුරාධපුර රාජධානියේ ආරම්භයේ සිට පාලකයෝ සතර දෙනෙකු රාජ්යය පලනය කරන ලදහ. විජයගෙන් ආරම්භ කොට සුභරාජ(60-67) දක්වා සිටි පාලකයන් සාමාන්යයෙන් හැඳින්වූයේ විජයන් රජ පෙළපතට අයත් අය ලෙසයි. මෙම රජ පෙළපතට අයත් වූ පණ්ඩුකාභය අනුරාධපුර රාජධානියේ ප්රථම පාලකයා විය. ළඹකන්න වංශයට අයත් වසභ විසින් බලය පැහැර ගන්නා තුරු විජයන් පෙළපත පැවතුණි. වසභ විසින් ඔටුන්න හිමි කර ගැනීමත් සමඟ ළඹකන්න රජ පෙළපත ආරම්භ වූ අතර එම පෙලපතට අයත් පාලකයන් සියවස් තුනකට වඩා වැඩි කාලයක් රට පාලනය කරන ලදහ. නව රජ පෙළපතක් ආරම්භ වූයේ 455දී ධාතුසේන කාලයේදීය. එය මූරිය රජ පෙළපත විය. ඇතැම් ඉතිහාසඥයන් විසින් මෙම රජ පෙළපතෙහි ආරම්භය ශාඛ්ය රජු ලෙස හැඳින්වූවත් ආරම්භක රජු තවමත් අවිනිශ්චිතය. අනුරාධපුර යුගයේ පැවති අවසාන රජ පෙළපත වූයේ දෙවන ළඹකන්න රජ පෙළපතයි. එය මානවම්මගෙන්(684-718) ආරම්භ වූ අතර අනුරාධපුර රාජධානියේ අවසාන පාලකයා වූ V වන මහින්ද දක්වා පැවතුණි.

ආර්ථීකය[සංස්කරණය]

සංස්කෘතිය[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

  1. චන්ද්‍රයා, සූර්යයා සහ කඩුවක් දරණ සිංහයා දක්වන මෙම ධජය, දුට්ඨගාමිණීගේ සහ ඉන්පසු පාලකයන්ගේ රාජකීය ලාංඡනය ලෙසින් සැලකෙයි.[1]
  2. This flag, depicting the moon, sun and a lion bearing a sword, is believed to have been used as the royal standard of Dutthagamani, and subsequent rulers.[2]

උපහරණ[සංස්කරණය]

  1. "ශ්‍රී ලංකාස් නැෂනල් ෆ්ලෑග්". ද සන්ඩේ ටයිම්ස්. 2008-02-03. සම්ප්‍රවේශය 2009-07-04. 
  2. "Sri Lanka’s National Flag". The Sunday Times. 2008-02-03. සම්ප්‍රවේශය 2009-07-04. 
  3. චන්දර්, ප්‍රකාශ් (1 ජනවාරි 2003). ඉන්ඩියා 2003: පාස්ට් ඇන්ඩ් ප්‍රසන්ට් (1වන සංස්.). APH ප්‍රකාශක සමාගම. පිටුව. 112. ISBN 978-8176484558. http://books.google.co.uk/books?id=4_Rl5c_v1-kC&pg=PA112&dq=kingdom+of+lanka+in+the+Mahabharata&hl=en&sa=X&ei=GRTzU7O6D46rOsGBgdgB&ved=0CCUQ6AEwAQ#v=onepage&q=kingdom%20of%20lanka%20in%20the%20Mahabharata&f=false. Retrieved 19 අගෝස්තු 2014. 
  4. රාවනා - ද ග්‍රේට් කිං ඔෆ් ලංකා - එම්.එස්. පූර්ණලිංගම් පිල්ලෙයි - ගූගල් බුක්ස්. Books.google.com. http://books.google.co.in/books?id=6XnUgrwuqugC&pg=PA81#v=onepage&q&f=false. Retrieved 2014-08-20. 
  5. විල්සන්, එච්. එච්. (1839). "අකවුන්ට් ඔෆ් ද ෆෝ කූ හී". ද ජර්නල් ඔෆ් ද රෝයල් ඒෂියටික් සොෂයිටි. උලාන් ප්‍රෙස්: 135. සම්ප්‍රවේශය 19 අගෝස්තු 2014.  Check date values in: |access-date= (help)

ආශ්‍රිත[සංස්කරණය]

  • බණ්ඩාරනායක, සේනක (2007). සීගිරිය. මධ්‍යම සංස්කෘතික අරමුදල. ISBN 978-955-613-111-6. 
  • බස්නායක, එච්. ටී. (1986). ශ්‍රී ලංකන් මොනාස්ටික් ආකිටෙක්චර්. ශ්‍රී සත්ගුරු ප්‍රකාශන. ISBN 978-81-7030-009-0. 
  • බ්ලේස්, එල්. ඊ (1995). ද ස්ටෝරි ඔෆ් ලංකා. ඒෂියන් එඩියුකේෂනල් සර්විසර්ස්. ISBN 978-81-206-1074-3. 
  • කොඩ්රිංටන්, එච්. ඩබ්. (1994). සිලෝන් කොයින්ස් ඇන්ඩ් කරන්සි. ඒෂියන් එඩියුකේෂනල් සර්විසර්ස්. ISBN 978-81-206-0913-6.