චෝළ රාජවංශය

විකිපීඩියා වෙතින්
චෝළ අධිරාජ්‍යය
சோழப் பேரரசு

ක්‍රි.පූ. 300 දශකය–ක්‍රි.ව. 1279
චෝළ රාජවංශය හී කොඩිය
සටහන: චෝළ ධජයේ නවීන නිදර්ශනයක් (මුල් ඉතිහාසික, දළ වශයෙන්)
ක්‍රි.ව. 1030 පමණ චෝළ අධිරාජ්‍යයේ ව්‍යාප්තිය පෙන්වන සිතියමක්
ක්‍රි.ව. 1030 පමණ චෝළ අධිරාජ්‍යයේ ව්‍යාප්තිය පෙන්වන සිතියමක්
අගනුවරමුල්කාලීන චෝළයෝ: පූම්පුහාර්, උරෛයූර්, තිරුවරූර්,
මධ්‍යතන චෝළයෝ: පලෛයාරෛ, තන්ජවූර්
ගංගෛකොන්ඩ චෝළපුරම්
පොදු භාෂාවන්දෙමළ
ආගම
ශෛව ආගම
රජයරාජාණ්ඩුව
රජ 
• 848–871
විජයලාය චෝළ
• 1246–1279
රාජේන්ද්‍ර චෝළ III
ඓතිහාසික යුගයමධ්‍යතන යුගය
• ස්ථාපිත කළේ
ක්‍රි.පූ. 300 දශකය
• මධ්‍යතන චෝළයන්ගේ නැගීම
ක්‍රි.ව. 848
• අධිරාජ්‍යය උච්චස්ථානයට පත් වීම
ක්‍රි.ව. 1030
• අහෝසි කළේ
ක්‍රි.ව. 1279
අනුප්‍රාප්ති වනුයේ
පාණ්ඩ්‍ය රාජවංශය
වර්තමානයේ මෙය අයත් වන්නේ ඉන්දියාව
 මාලදිවයින
 ශ්‍රී ලංකාව
 මලයාසියාව[1]
 ඉන්දුනීසියාව

චෝළ රාජවංශය යනු දකුණු ඉන්දියානු ඉතිහාසයේ දීර්ඝතම කාලයක් පාලනය ගෙනගිය රාජවංශවලින් එකකි. මෙම දෙමළ රාජවංශය හා සම්බන්ධ ආදිතම වාර්තා ක්‍රි.පූ. 3වන සියවසට අයත් මෞර්ය අධිරාජ්‍යයේ අශෝක අධිරාජයාගේ ශිලා ලේඛනවලින් හමුවේ. තමිලකම්හි කිරුළු පළන් රජුන් තිදෙනාගෙන් අයකු වන මෙම රාජවංශය ක්‍රි.ව. 13වන සියවස තෙක් රාජ්‍ය පාලනය ගෙනගියේ ය.

චෝළයන්ගේ නිජබිම වූයේ සශ්‍රීක කාවේරි ගංගා නිම්නයයි. නමුත් 9වන සියවසේ පසු කාලයේ සිට 13වන සියවසේ ආරම්භය දක්වා ඔවුන් සැලකිය යුතු තරම් විශාල ප්‍රදේශයක සිය ආධිපත්‍යය පතුරුවා ඇත. තුංගභද්‍රාවට පහළින් වූ සම්පූර්ණ දේශයම එක්සත් කොට ඒකීය රාජ්‍යයක් ලෙස සියවස් දෙකකට ආසන්න කාලයක් රඳවා ගැනීමට ඔවුන් සමත් විය.[2] Iවන රාජරාජ චෝළ සහ ඔහුගේ අනුප්‍රාප්තිකයින් වූ Iවන රාජෙන්ද්‍ර චෝළ, රාජාධිරාජ චෝළ, වීරරාජේන්ද්‍ර චෝළ සහ Iවන කුලෝතුංග චෝළ යටකේ රාජවංශය දකුණු ආසියාවේ සහ අග්නිදිග ආසියාවේ යුධ, ආර්ථික සහ සංස්කෘතික ක්ෂේත්‍රයේ බලවතා බවට පත් විය.[3] අධිරාජ්‍යයේ නව බලය පෙරදිග වෙත ව්‍යාප්ත කළේ Iවන රාජේන්ද්‍ර චෝළගේ ගංගා ආක්‍රමණය මගිනි. එසේම ශ්‍රීවිජය අධිරාජ්‍යයේ නාවික අධිරාජ්‍යයේ නගර යටත් කරගැනීමට නාවික ආක්‍රමණ මෙන්ම චීනය වෙත නැවත නැවත යෙදුණු තානාපති මෙහෙවරවල් ද හේතු විය.[4] චෝළ නාවික හමුදාව පුරාතන ඉන්දියානු සාගර බලයේ උච්චස්ථානය සනිටුහන් කරයි.

1010–1200 දක්වා කාලයේ, චෝළ දේශයේ සීමා දකුණින් මාලදිවයින් දූපත් තෙක් ද, උතුරින් ආන්ධ්‍රා ප්‍රදේශ්හි ගෝදාවරී ගංගා ඉවුර තෙක් ද විහිදිණි.[5] රාජරාජ චෝළ විසින් දකුණු ඉන්දියානු අර්ධද්වීපය යටත් කරගත් අතර, වර්තමානයේ ශ්‍රී ලංකාවට අයත් ප්‍රදේශ ඈඳාගන්නා ලදී. එසේම මාලදිවයින් දූපත් ද ග්‍රහණයට නතු විය. රාජේන්ද්‍ර චෝළ විසින් උතුරු ඉන්දියාව වෙත සාර්ථක ආක්‍රමණ දියත් කළ අතර, ඔවුනට ගංගා නදිය ආසන්නයට පැමිණීමට හැකි විය. එසේම පාටලීපුත්‍රයෙහි පාල පාලකයා වූ මහීපාල පරාජය කිරීමට ඔහු සමත් විය. එමෙන්ම මැලේසියාවේ සහ ඉන්දුනීසියාවේ ශ්‍රීවිජය නගර සාර්ථකව ආක්‍රමණය කිරීමට ද ඔහුට හැකි විය.[6] 13වන සියවසේ ආරම්භයේ චෝළ රාජවංශය පරිහානියට පත්වන්නට වූයේ පාණ්ඩ්‍ය රාජවංශයේ පිබිදීමත් සමගයි. චෝළ අධිරාජ්‍යයේ අවසන් බිඳවැටීමට හේතුවූයේ ද පාණ්ඩ්‍යයන් ය[7][8]

චෝළයෝ දිගුකාලීන දායාදයක් උරුම කළහ. දෙමළ සාහිත්‍යය කෙරෙහි ඔවුන් දැක්වූ අනුග්‍රහට සහ දේවාල ඉදිකිරීම කෙරෙහි ඔවුන් දැක්වූ උනන්දුව හේතුවෙන් දෙමළ සාහිත්‍යයේ සහ ගෘහනිර්මාණ ශිල්පයේ ශ්‍රේෂ්ඨ නිර්මාණ කිහිපයක් මෙම යුගයේ බිහි විය.[3] චෝළ රජවරුන් ගෘහනිර්මාණය කෙරෙහි මහත් ගිජුකමක් දැක්වූ අතර, ඔවුන්ගේ රාජධානි තුළ දේවාල, වන්දනා ස්ථාන ලෙස පමණක් නොව ආර්ථික කටයුතුවල මධ්‍යස්ථානයන් ලෙස ද පැවතිණි.[9][10] මධ්‍යගත රජයක ආකාරයේ රජයයක් බිහිකිරීමට මූලික වූ චෝළයෝ ශික්ෂිත නිලධාරීක්‍රමයක් ස්ථාපනය කළහ‍. චෝළ කලා සම්ප්‍රදාය අග්නිදිග ආසියාව කෙරෙහි ව්‍යාප්ත වූ අතර, අග්නිදිග ආසියානු ගෘහනිර්මාණය සහ කලාවන් කෙරෙහි එය බලපෑවේ ය.[11][12]

සම්භවය[සංස්කරණය]

චෝළයන් චෝඩ ලෙස ද හැඳින්විණි.[13] ඔවුන්ගේ සම්භවය පිළිබඳ ඇත්තේ තොරතුරු ස්වල්පයකි. ඔවුන්ගේ ඓතිහාසිකභාවය පුරාතන දෙමළ සාහිත්‍යය සහ අභිලේඛන තුළින් පැහැදිළි වේ. පසුව මධ්‍යතන චෝළවරු දීර්ඝ සහ පුරාතන පෙළපතක් තමන්ට හිමි යැයි පවසන්නට වූහ. මුල්කාලීන සංගම් සාහිත්‍යයේ (ක්‍රි.ව. 150 පමණ)[lower-alpha 1] තොරතුරු අනුව සාක්ෂ්‍ය ලැබෙන්නේ රාජවංශයේ ආදිතම රජවරුන් ක්‍රි.ව. 100ට පමණ පෙරදාතම් කළ හැකි බවයි.ක්‍රි.පූ. 3වන සියවසේ අශෝක අධිරාජයාගේ ආඥාවන්හි චෝළයන් දකුණෙහි පැවති අසල්වැසි රටක් ලෙස සඳහන් කොට ඇත.

වර්තමානයේ බහුලව පිළිගැනෙන මතය නම් චේර සහ පාණ්ඩ්‍ය සේම චෝළ යන්න පුරාතනයේ වූ පාලන පවුලක හෝ පෙළපතක නාමය බවයි. ව්‍යාඛ්‍යාන කර්තෘ පරිමේලගර් පවසන්නේ: "පුරාතන පෙළපතක් සහිත පුද්ගලයන්ගේ (චෝළයන්, පාණ්ඩ්‍යයන් සහ චේරයන් වැනි) දයාව ඒවායේ ඇති අව අර්ථය වඩා උදාර බවයි". චෝළයන් සඳහා පොදුවේ භාවිතයේ පැවිත වෙනත් නම් අතරට කිල්ලි (கிள்ளி), වලවන් (வளவன்) සහ සෙම්බියන් (செம்பியன்). කිල්ලි යන්න ඇතැම්විට දෙමළ වචනයක් වන හෑරීම හෝ පැලීම යන අරුතැති කිල් (கிள்) වචනයෙන් බිඳී ආවක් වන්නට ඇත. එවිට අර්ථය භූමියේ සාරන්නා හෙවත් කම්කරුවා යන ලෙස ලැබේ. මෙම වදන නිතරම මුල්කාලීන චෝළ නම් සමග සන්ධි කොට භාවිතා වී ඇත. උදාහරණ ලෙස නේඩුන්කිල්ලි, නාලන්කිල්ලි ආදිය දැක්විය හැක. නමුත් පසුකාලීන සමයයන්හි එම ප්‍රත්‍යය භාවිතයෙන් ගිලිහී ඇත. වලවන් යන්න බොහෝවිට සශ්‍රීකත්වය යන අරුතැති "වලම්" (வளம்) යන වදන හා සම්බන්ධ අතර, එහි අරුත සශ්‍රීක දේශයේ හිමිකරුවා හෝ පාලකයා ලෙස ලැබේ. සෙම්බියන් යන්න සාමාන්‍යයෙන් ශිබි යන්න ඇසුරෙන් බිඳී ආවකැයි සැලකේ. මුල්කාලීන චෝළ ජනප්‍රවාද අතරෙහි එන ජනප්‍රවාදගත වීර චරිතයක් වන ශිබි සිය දිවි දෙවෙනි කොට කොබෙයියකු කුරුලුගොයකුගෙන් බේරාගත් බව් පැවසේ. මෙම කථාපුවතම බුද්ධාගමේ ජාතක කථා අතර සිබි ජාතකයෙහි දක්නට ලැබේ.[14] දෙමළ ශබ්දකෝෂයෙහි චෝළ යන්නෙහි අරුත සොආලි හෙවත් සේයි ලෙස පාණ්ඩ්‍ය හෙවත් පැරණි රාජධානිය මත ගොඩනැගූ නව රාජධානිය යන අරුත ලැබේ.[15]

7වන සියවසට පෙර චෝළයන් පිළිබඳ ලිඛිත සාක්ෂි හමුවන්නේ අල්ප වශයෙනි. එතැනින් පසුව, දේවාලවල අභිලේඛන ඇතුළු ඓතිහාසික වාර්තා හමුවේ. පසුගිය වසර 150 තුළ, දෙමළ සංගම් සාහිත්‍යයේ, මුඛ්‍ය සම්ප්‍රදායයන්ගේ, ආගමික පාඨවල, දේවාල සහ තඹ සන්නස් අභිලේඛනවලින් වැදගත් තොරතුරු රාශියක් අනාවරණය කරගෙන තිබේ. මුල්කාලීන චෝළයන් පිළිබඳ තොරතුරු ලැබෙන ප්‍රධාන මූලාශ්‍රය සංගම් යුගයේ මුල්කාලීන දමිළ සාහිත්‍යයයි.[lower-alpha 2] චෝළ දේශය, වරායයන් සහ වානිජ්‍යය පිළිබඳ ස්වලප තොරතුරු ප්‍රමාණයක් පෙරිප්ලස් ඔෆ් ද එරිත්‍රියන් සී (පෙරිප්ලස් මාරිස් එරිත්‍රෙයි) මූලාශ්‍රයෙන් සහ එයට මඳක් පසුකාලීන භූගෝල විද්‍යාඥ ටොලමිගේ කෘතිවලින් ලැබේ. ක්‍රි.ව. 5වන සියවසේ පමණ රචිත බෞද්ධ මූලාශ්‍රයක් වන මහාවංසය තුළ ක්‍රි.පූ. 1වන සියවසේ ලංකාවාසීන් සහ චෝළයන් අතර පැවති ගැටුම් ගණනාවක තොරතුරු හෙළිකරයි.[17] චෝළයන් පිළිබඳ අශෝක ස්තම්භ (ක්‍රි.පූ. 273 – ක්‍රි.පූ. 232 කාලයේ අභිලේඛිත) ශිලා ලිපිවල ද සඳහන් වන අතර, එහි අන්තර්ගත වන්නේ අශෝකයන්ට යටත් නොවූව ද, ඔහු සමග මිත්‍ර සබඳතා පැවැත්වූ රාජ්‍යයන්ගෙන් එකක් ලෙසයි.[lower-alpha 3]

ඉතිහාසය[සංස්කරණය]

චෝළයන්ගේ ඉතිහාසය යුග හතරක් යටතේ හැදෑරිය හැක: සංගම් සාහිත්‍යයේ මුල්කාලීන චෝළයෝ, සංගම් චෝළයන් සහ විජයලාය (ක්‍රි.ව. 848 පමණ) යටතේ අධිරාජකීය මධ්‍යතන චෝළයන්ගේ පිබිදීම අතර වූ අරාජික සමය, විජයලායගේ රාජවංශය සහ අවසාන වශයෙන් 11වන සියවසේ තෙවන කාර්තුවේ Iවන කුලෝතුංග චෝළගේ පසුකාලීන චෝළ රාජවංශයයි.[lower-alpha 4]

මුල්කාලීන චෝළයෝ[සංස්කරණය]

ආදිතම චෝළ රජවරුන් පිළිබඳ සංගම් සාහිත්‍යයේ සඳහන් වේ. විද්වතුන් සාමාන්‍යයෙන් එකඟවන්නේ මෙම සාහිත්‍යය ව්‍යවහාර වර්ෂයේ දෙවන හෝ මුල් සියවස් කිහිපයට අයත් බවයි. මෙම සාහිත්‍යයේ අභ්‍යන්තර කාලානුක්‍රමය ‍මින් වඩාත් දුරස් අගයයකි. මේ ආශ්‍රයෙන් වර්තමානයේ මෙම යුගයේ සම්බන්ධිත ඉතිහාසයක් ගොඩනැගීම අපහසු ය. එහි වාර්තාකොට ඇත්තේ රජවරුන්ගේ සහ කුමාරවරුන්ගේ නම් සමග ඔවුන්ව වර්ණනා කළ කවියන්ගේ නම් ය.[20]

මිත්‍යාමය චෝළ රජවරුන් පිළිබඳ පුරාවෘත්ත ද සංගම් සාහිත්‍යයේ සඳහන් වේ.[21] මෙම මිත්‍යා මගින් අගස්ත්‍ය ඍෂිවරයාගේ සමකාලීනයකු වැවි යෝජිත කන්ටමන් නම් චෝළ රජුගේ භක්තිය නිසා කාවේරි ගඟ බිහිවූ බව පවසයි.[තහවුරු කර නොමැත] සංගම් සාහිත්‍යයේ සඳහන් රජවරුන් අතුරින් ජීවත්ව සිටියේ යැයි විශ්වාස කෙරෙන රජවරුන් අතර ප්‍රමුඛ රජවරුන් දෙදෙනෙක් වේ: එනම් කරිකාල චෝළ සහ කෝචෙංගණාන් ය.[22][23][24][25] මෙම යුගයේ අනුප්‍රාප්ති අනුපිළිවෙල‍ හෝ සෙසු කුමාරවරුන් සමග ඔවුන්ට තිබූ සම්බන්ධතාව නිශ්චිතව ගොඩනැගීමේ හැකියාවක් නැත.[26][lower-alpha 5] උරයූර් (වර්තමානයේ තිරුචිරපල්ලිහි කොටසකි) ඔවුන්ගේ පැණිතම අගනුවර විය.[21] කාවේරිපට්ටනම ද මුල්කාලීන චෝළ අගනුවරක් ලෙස භාවිතා විය.[27] මහාවංසය සඳහන් කරන්නේ ක්‍රි.පූ. 235 අවට මයිසෝර් හමුදාවේ සහාය ඇතිව දමිළ ජාතික එළාර නම් චෝළ කුමරකු ශ්‍රී ලංකා දිවයින යටත් කොටගෙන තිබේ.[21][28]

අරාජික සමය[සංස්කරණය]

ක්‍රි.පූ. 300දී දකුණු ඉන්දියාව; මෙහි චේර, පාණ්ඩ්‍ය සහ චෝළ රාජධානි පෙන්වා ඇත.

සංගම් යුගයේ අවසානයේ (ක්‍රි.ව. 300 පමණ) සිට පල්ලවයන් විසින් දමිළ රටේ ආධිපත්‍යය පැතිරවූ සමය දක්වා වූ සියවස් තුනක පමණ සංක්‍රාන්ති යුගය පිළිබඳ එතරම් තොරතුරු හමු නොවේ. අප්‍රකට රාජවංශයක් වූ කාලභ්‍රයන් විසින් දමිළ දේශය ආක්‍රමණය කොට එකල පැවති රාජවංශ විස්ථාපනය කරමින් රාජ්‍ය පාලනය ගෙනගොස් ඇත.[29][30][31] 6වන සියවසේ දී පල්ලව රාජවංශය සහ පාණ්ඩ්‍ය රාජවංශය විසින් ඔවුන්ව විස්ථාපනය කරන ලදී.[23][32] අනුප්‍රාප්තික සියවස් තුනක පමණ සිට 9වන සියවසේ දෙවන කාර්තුවේ විජයලායගේ පැමිණීම තෙක් කාලසීමාවේ චෝළයන්ගේ ඉරණම පිළිබඳ තොරතුරු අල්ප ය.[33] තන්ජවූරයෙන් සහ ඒ අවටින් හමුවන අභිලේඛන අනුව පෙනෙන්නේ සියවස් තුනක් පුරා මෙම රාජධානිය මුතරයියර්වරුන් විසින් පාලනය කොට ඇති බවයි. 848-851 අතර කාලයේ විජයලාය චෝළ විසින් ඉලංගෝ මුතරයියර්ගෙන් තන්ජවූරය අල්ලාගෙන මෙම පාලනය අවසන් කරන ලදී.

අභිලේඛන සහ සාහිත්‍යය මගින් මෙම දීර්ඝ විරාම සමයේ රජ පෙළපතෙහි සිදුවූ පරිවර්තනයන් පිළිබඳ ඇතැම් ඉඟි ලබාදෙයි. මින් නිශ්චිත කරුණ නම් චෝළයන්ගේ බලය පරිහානියට පත්වූ පමු ඔවුනට උතුරින් සහ දකුණින් පාණ්ඩ්‍යයන් සහ පල්ලවයන් නැගී ආ බවයි.[24][34] මෙම රාජවංශය සිය සාර්ථක එදිරිවාදීන්‍ගේ රැකවරණය පතන්නට ඇත.[35][lower-alpha 6] චෝළයන් අසල්වැසි උරෛයූර්හි කුඩා බිම් පෙදෙසක සිය පාලනය අඛණ්ඩව ගෙනගොස් ඇත. ඔවුන්ගේ බලය හීන වුව ද, පාණ්ඩ්‍යයන් සහ පල්ලවයන් තවදුරටත් චෝළ කුමරියන් විවාහ කොටගත්තේ ඔවුන්ගේ කීර්තිය නිසා වන්නය ඇත.[lower-alpha 7] මෙම යුගයට අයත් පල්ලව අභිලේඛන ගණනාවකම ඔවුන් චෝළ දේශයේ පාලකයන් සමග සටන් වැදුණු බව සඳහන් වේ.[lower-alpha 8] බලය අතින් පරිහානියට පත්ව සිටිය ද, චෝළයන්හට සිය පැරණි අගනුවර වූ උරෛයූර්හි පාලනය සම්පූර්ණයෙන් අහිමිව නොතිබූ බැව් පෙනේ. එයට හේතුව විජයලාය නැගී ආවේ මෙම ප්‍රදේශයෙන් වීමයි.[36][38]

චෝළයන්ගේ ව්‍යාඝ්‍ර ලාංඡනය සහ නාගරී අක්ෂර සහිත ශ්‍රී ලංකාවෙන් හමුවූ උත්තම චෝළගේ පැරණි රිදී කාසියක්.[39]

7වන සියවස අවට, වර්තමාන ආන්ධ්‍රා ප්‍රදේශයට අයත් භූමි භාගයෙහි චෝළ රාජධානියක් පැවතී ඇත.[36] මෙම තෙලිඟු චෝළයන් සිය සම්භවය මුල්කාලීන සංගම් චෝළයන් හා සම්බන්ධ යැයි සලකා ඇත. කෙසේනමුත්, ඔවුන් සහ මුල්කාලීන චෝළයන් අතර සම්බන්ධයක් තිබුණේ ද යන්න නිශ්චිත නොවේ.[40] පල්ලවයන් සිය රාජධානියක් ස්ථාපනය කළ අවධියේ පාණ්ඩ්‍ය සහ පල්ලව බලපෑමෙන් මිදී උතුරට සංක්‍රමණය වූ දමිළ චෝළයන් පිරිසක් ද වන්නට හැක.[lower-alpha 9] 639–640 අතර කාලයේ කාංචිපුරම්හි මාස කිහිපයක් ගතකළ චීන භික්ෂුවක වූ හියුංසාං "චූලි-යා රාජධානිය" නම් රාජධානියක් පිළිබඳ සඳහන් කරයි. මෙය මෙම තෙලිඟු චෝළයනට අදාළ වන්නට ඇත.[33][42]

අධිරාජකීය චෝළයෝ[සංස්කරණය]

ඉන්දියානු ඉතිහාසයේ මාහැඟි අධිරාජ්‍යයන්ගෙන් එකක් වූ අධිරාජකීය චෝළ රාජවංශයේ ආදිකර්තෘ වූයේ විජයලාය ය.[43] පල්ලව රාජවංශය යටතේ ප්‍රවේණියක් භුක්ති විඳි විජයලාය ක්‍රි.ව. 850 පමණ පාණ්ඩ්‍ය රාජවංශය සහ පල්ලව රාජවංශය අතර වූ ගැටුමෙහි වාසිය හිමි කරගනිමින් මුත්තරායර්ගෙන් තන්ජාවූරය අල්ලාගෙන මධ්‍යතන චෝළ රාජවංශ අධිරාජකීය පෙළපත පිහිටුවී ය.[44][45] අධිරාජකීය චෝළ රාජවංශයේ අගනුවර බවට තන්ජවූර් පත් විය.[46]

තන්ජාවූර්හි බෘහාදීශ්වර දේවාලයේ ඇති රාජරාජ චෝළගේ ප්‍රතිමාවක සමීප දසුනක්.

මධ්‍යතන යුගයේ දී චෝළ රාජවංශය බලය මෙන්ම ආධිපතය අතින් ද උච්චත්වයට පත් විය.[47] ඔවුන්ගේ නායකත්වය සහ දැක්ම ඔස්සේ ‍චෝළ රජවරු සිය භූමිය සහ බලපෑම ව්‍යාප්ත කළහ. දෙවන චෝළ රජ Iවන ආදිත්‍ය විසින් පල්ලව රාජවංශය අවසන් කළ අතර, 885දී මදුරෛහි පාණ්ඩ්‍ය රාජවංශය පරාජයට පත්කරන ලදී. එසේම කන්නඩ දේශයේ විශාල පෙදෙසක් අල්ලාගත් ඔහු බටහිර ගංග රාජවංශය සමග විවාහ සම්බන්ධතා ඇති කරගත්තේ ය. 925දී ඔහුගේ පුත් Iවන පරන්තක ශ්‍රී ලංකාව (හෙවත් ඉලංගෛ) ආක්‍රමණය කළේ ය.

දෙමළ රාජධානියේ සම්ප්‍රදායික සීමා අතික්‍රමණය කළ Iවන රාජරාජ චෝළ සහ Iවන රාජේන්ද්‍ර චෝළ රජවරුන් චෝළ රාජවංශයේ ශ්‍රේෂ්ඨතම පාලකයින් ලෙස සැලකේ.[35] එහි උච්ච අවධියේ දී, චෝළ අධිරාජ්‍යය දකුණුදිගින් ලංකා දිවයින දක්වාත්, උතුරින් ගෝදාවරී-ක්‍රිෂ්ණා ගංගා ද්‍රෝණි තෙක් ද, භාට්කල්හි කොන්කාන් වෙරළ තීරය දක්වාත්, සම්පූර්ණ මලබාර් වෙරළ තීරය, ලක්ෂද්වීප හෙවත් මාලදිවයින් දූපත් සහ චේර දේශයේ විශාල භූමි ප්‍රමාණයක් දක්වා විහිදිණි. Iවන රාජරාජ චෝළ දැවැන්ත හමුදා ශක්තියකින් යුත් පාලකයකු වූ අතර, රාජ්‍ය පාලනයට මෙන්ම යුධ කටයුතුවලට ද එකසේ උනන්දුවක් දැක්වී ය. රාජකීය පාලනය යටතේ සිය අධිරාජ්‍යය දැඩි පරිපාලන රාමුවකට ගෙන ආ ඔහු ප්‍රදේශීය ස්වයං-පාලන රජයයන් ද ශක්තිමත් කළේ ය. එමනිසා, සිය රාජ්‍යයේ සම්පත් සඵල අයුරින් භාවිතයට ගැනීමට ක්‍රි.ව. 100දී ඔහු විසින් ඉඩම් සමීක්ෂණයක් ද පවත්වන ලදී.[48] ක්‍රි.ව. 1010දී ඔහු බෘහාදීශ්වර දේවාලය ඉදිකළේ ය.[49]

Iවන රාජේන්ද්‍ර චෝළ ඕදිෂාව යටත් කරගත් අතර, සිය හමුදා උතුර කරා මෙහෙයවූ ඔහු බෙංගාලයේ පාල රාජවංශ හමුදා පරාජය කොට උතුරු ඉන්දියාවේ ගංගා නදිය වෙත ළඟා විය.[50] උතුරු ඉන්දියාවේ සිය විජයග්‍රහණ සැමරීමට Iවන රාජේන්ද්‍ර චෝළ ගංගෛකොන්ඩ චෝළපුරම් නැමැති නව අගනුවරක් ද පිහිටුවී ය.[51] ශ්‍රීවිජය අධිරාජ්‍යය සාර්ථකව ආක්‍රමණය කළ Iවන රාජේන්ද්‍ර චෝළ එහි පරිහානියට හේතු විය.[52] මෙම ආක්‍රමණ මැලේ ජනයාට ඉමහත් උපස්ථිතියක් ඇතිකළ අතර, මධ්‍යතන මැලේ වංශකථාවක් වූ සේජරා මෙලායු තුළ ඔහුගේ නාමය රාජා චූලන් ලෙස සඳහන් කොට ඇත.[53][54][55] ලංකා දිවයින යටත් කරගත් ඔහු Vවන මහින්ද නම් සිංහල රජුව සිරකරුවකු ලෙස රැගෙන ගියේ ය. මීට අමතරව ඔහු කන්නඩ දේශයේ රාට්ටපඩි (රාෂ්ට්‍රකූටයන්ගේ භූමිය, චාලුක්‍ය දේශය, තාලක්කඩ්, සහ කොලාර්, මෙහි කෝලරම්මා දේවාලයේ ඔහුගේ උඩුකය ප්‍රතිමාවක් තවමත් දක්නට ඇත) ද යටත් කරගත්තේ ය.[56] රාජේන්ද්‍රගේ භූමියට ගංගා-හූඝ්ලි-දමෝදාර් ද්‍රෝණියට අයත් ප්‍රදේශය[57] මෙන්ම ශ්‍රී ලංකාව සහ මාලදිවයින ද අයත් විය.[44] ඉන්දියාවේ නැගෙනිහර වෙරළතීරයේ සිට ගංගා නදිය තෙක් වූ රාජධානි චෝළ අධිපතීත්වය පිළිගත්තේ ය.[58] 1016, 1033, සහ 1077 කාලවල චීනය වෙත රාජ්‍යතාන්ත්‍රික දූත ගමන් තුනක් සිදු විය.[44]

තන්ජවූර් බෘහාදීශ්වර දේවාලයේ ගෝපුරයේ කොනෙහි දර්ශනය.
බෘහාදීශ්වර දේවාලයේ ප්‍රවේශ ගෝපුර, තන්ජවූර්
යේ කෞතුකාගාරයක ප්‍රදර්ශනයට තබා ඇති පූම්බුහාර් වෙරළට සැතපුම් 19ක් දුරින් හමුවූ නටබුන් නෞකාවයි.]]
ඓරාතේශ්වර දේවාලය, දාරාසුරම්, තන්ජවූර් දිස්ත්‍රික්කය.

සත්‍යශ්‍රාය සහ Iවන සෝමේශ්වර යටතේ බටහිර චාලුක්‍ය අධිරාජ්‍යය චෝළ ආධිපත්‍යයෙන් මිදීමට විටින් විට උත්සාහ දැරී ය. එයට ප්‍රධාන හේතුව වෙංගි රාජධානියෙහි චෝළ බලපෑමයි.[59] බටහිර චාලුක්‍යයන් ‍චෝළ අධිරාජවරුන්ව යුද්ධයට පොළඹවා ගැනීමට අසාර්ථක උත්සාහයන් කිහිපයක්ම දරා ඇත. 1118–1126 අතර කෙටි කාලයක් වෙංගි දේශය යටත් කරගැනීමට ඔවුන් සමත් විය. වීරරාජේන්ද්‍ර චෝළ විසින් බටහිර චාලුක්‍ය අධිරාජ්‍යයේ IIවන සෝමේශ්වරව පරාජය කොට VIවන වික්‍රමාදිත්‍ය කුමරු සමග සන්ධානයක් ඇති කරගත්තේ ය.[60] බටහිර ඩෙකෑනයේ චාලුක්‍යයන් සාර්ථකව පාලනය කිරීමට චෝළයන් හැමවිටම සමත් වූයේ යුද්ධවලින් ඔවුන්ව පරාජය තොට පඬුරු කප්පම් ලබා ගනිමිනි.[61] Iවන කුලෝතුංග සහ වික්‍රම චෝළ වැනි චෝළ අධිරාජවරුන් යටතේ පවා, චාලුක්‍යයන්ට එරෙහි යුද්ධ ප්‍රධාන වශයෙන්ම සිදුවූයේ කර්ණාටකයේ චාලුක්‍ය භූමියේ හෝ වෙංගි, කාකිනාද, අනන්තපූර් හෝ ගුට්ටි වැනි තෙලිඟු දේශයේ ප්‍රදේශවල ය. අනතුරුව හොයිසාලයින්, යාදවයින් සහ කාකතීයයන් සිය බලය ශීඝ්‍රයෙන් වර්ධනය කරගනිමින් චාලුක්‍යයන් විස්ථාපනය කොට දැමූහ.[62] විෂ්ණුවර්ධන රජු යටතේ හොයිසාලයන් විසින් උතුරුමැද කර්ණාටකයේ ධර්වාර් යටත් කරගැනීමත් සමග, 1149 අතර කාලයේ ඔහු සිය පුත්‍රයා වූ Iවන නරසිංහ, හොයිසාල අගනුවර වූ ද්වාරසමුද්‍රය භාරව පත්කළේ ය. 1150–1151 අතර කාලයේ කල්‍යාණියෙහි කලචූරීන් විසින් චාලුක්‍ය අගනුවර යටත් කරගත්තේ ය. මෙලෙසින් චාලුක්‍ය රාජධානිය හායනට වන්නට පටන්ගෙන තිබිණි.[63]

IIIවන කුලෝතුංග චෝළ යට‍තේ චෝළයින් චාලුක්‍යයන්ගේ පරිහානිය ශීඝ්‍ර කරවී ය. මේ සඳහා ඔවුහු චෝළ රජුගේ බෑණා වූ IIවන වීර බල්ලල යටතේ වූ හොයිසාලයන්ට උපකාර කොට ඇත. 1185–1190 කාලයේ IVවන සෝමේශ්වර සමග යුද්ධ මාලාවකින් පසුව බටහිර චාලුක්‍යයන් පරාජයට කිරීමට ඔවුනට හැකි විය. අවසන් චාලුක්‍ය රජුගේ භූමියට පැරණි චාලුක්‍ය අගනුවරවල් වූ බාදාමි, මාන්‍යඛේත සහ කල්‍යාණිය පවා ඇතුළත් නොවිණි. 1135–1140 සිට චාලුක්‍යයන් නාමිකව පමණක් පැවතිය ද, මෙය චාලුක්‍ය බලයේ අවසන් පරිහානිය සනිටුහන් කළේ ය. නමුත් 1215 තෙක් ස්ථාරව සිටීමට චෝළයන් සමත් විය. අනතුරුව පාණ්ඩ්‍ය අධිරාජ්‍යය විසින් චෝළ දේශය අවශෝෂණය කරගත් අතර, 1279 වන විට එය ඉතිහාසයෙන් මැකී ගියේ ය.[64]

අනෙක් අතින්, 1150–1280 කාල පරිච්ඡේදය පුරාම,‍ චෝළයන්ගේ ප්‍රබල ප්‍රතිවාදීන් වූයේ සිය සම්ප්‍රදායික භූමිය නැවත දිනාගන්නට උත්සාහ දැරූ පාණ්ඩ්‍ය කුමාරවරුන් ය. මෙම යුගයේ චෝළයන් සහ පාණ්ඩ්‍යයන් අතර නිරන්තර යුද්ධ ඇති විය. එසේම චෝළයන් කාලිංගයේ නැගෙනහිර ගංගයන් සමග නිතර යුධ වැදුණු අතර, චෝළ පාලනය යටතේ ස්වාධීනව පැවති වෙංගිය ආරක්ෂා කිරීමට සිදු විය. එසේම තෙලිඟු චෝළයන්, වේලානන්ති චෝළයන්, රේනන්ඩු චෝළයන් වැනි ඔවුනගේ ප්‍රවේණි රාජ්‍ය ඔස්සේ නැගෙනහිර වෙරළ තීරයේ ආධිපත්‍යය පැතිර වීමට සමත් විය. චාලුක්‍යයන්ට එරෙහි සටනේ දී ඔවුන් චෝළයන්ට බෙහෙවින් උපකාර කොට තිබේ. එසේම කන්නඩ රාජධානිවලින් අධික ලෙස පඬුරු කප්පම් ලබාගත් චෝළයෝ ලංකාවේ චෝළ පාලනය අතුගා දැමීමට උත්සාහ දැරූ සිංහලයන් සමග ද නිරන්තරයෙන් යුධ වැදුණහ. නමුත් පසුකාලීන චෝළ රජකු වූ Iවන කුලෝත්තුංගගේ සමය තෙක්ම ලංකාවේ චෝළ පාලනය පැවතිණි. පසුකාලීන චෝළ රජකු වූ IIවන රාජාධිරාජ චෝළ පාණ්ඩ්‍ය කුමාරවරුන් පස්දෙනකුගේ සංයුක්ත රාජ්‍යය යටත්කරගැනීමට තරම් ශක්තිමත් විය. පාණ්ඩ්‍යයනට ඔවුනගේ සම්ප්‍රදායික මිතුරා වූ ලංකාවේ රජුගේ සහාය ද හිමි විය. මේ හේතුවෙන් චෝළයනට නැවත වරක් ලංකාවේ පාලනය අහිමි විය. කෙසේනමුත්, ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ අවසන් ශ්‍රේෂ්ඨ දෝළ පාලක IIIවන කුලෝත්තුංග ලංකාවේ සහ මදුරෛහි චෝළයන්ට එරෙහිව ඇතිවූ කැරළි මැඬලීමට රාජ්‍යය ශක්තිමත් කළේ ය. කරුවූර්හි IIවන වීර බල්ලල යටතේ හොයිසාල සෙන්පතියන් පරාජය කළ ඔහු දමිළ දේශයේ සම්ප්‍රදායික භූමිය වූ නැගෙනහිර ගංගාවදී, ද්‍රක්ෂරාම, වෙංගි සහ කාලිංගය සිය පාලනය යටතේ තබා ගත්තේ ය. මින් පසුව ඔහු IIවන වීර බල්ලල සමග ආවාහ විවාහ සම්බන්ධතා (බල්ලලව චෝළ කුමරියකට විවාහ කොට දී) සබඳතා පවත්වාගත් අතර, හොයිසාලය්න කෙරෙහි ඔහු දැක්වූ ප්‍රතිපත්තිය තරමක් මිත්‍රශීලී වන්නට විය.[61][lower-alpha 10]

මුහුදෙන් එතෙර ආක්‍රමණ[සංස්කරණය]

Iවන රාජරාජ චෝළ සහ ඔහුගේ අනුප්‍රාප්තිකයන් වූ Iවන රාජේන්ද්‍ර චෝළ, වීරරාජේන්ද්‍ර චෝළ සහ Iවන කුලෝත්තුංග චෝළ යටතේ චෝළ හමුදා ශ්‍රී ලංකාව, මාලදිවයින සහ 11වන සියවසේ ශ්‍රීවිජය අධිරාජ්‍යය යටතේ පැවති මැලේසියාව, ඉන්දුනීසියාව හා දකුණු තායිලන්තය වැනි අග්නිදිග ආසියාවේ ප්‍රදේශ ආක්‍රමණය කළහ.[66] Iවන රාජරාජ චෝළ දියත් කළ නාවික ආක්‍රමණ හේතුවෙන් ශ්‍රී ලංකාව, මාලදිවයින සහ මලබාර් වෙරළ තීරය යටත් කරගැනීමට ඔවුනට හැකි විය.[67] 1025දී, රාජේන්ද්‍ර චෝළ විසින් ශ්‍රීවිජයෙහි තොටුපළවල් සහ පේගුහි බුරුම රාජධානියට එරෙහිව නාවික ආක්‍රමණ දියත් කළඅතර,[68] මැලේසියාවේ හා ඉන්දුනීසියාවේ ශ්‍රීවිජය අධිරාජ්‍යයේ ඇතැම් ප්‍රදේශ යටත් කරගත් ඔහු මඳ කාලයකට දකුණු තායිලන්තයේ තාම්බ්‍රලිංග රාජධානිය යටත් කරගත්තේ ය.[69] පසුකාලීන 11වන සියවසේ චී වීරරාජේන්ද්‍ර චෝළ විසින් දෙවන ආක්‍රමණයක් දියත් කළ අතර, එමගින් ශ්‍රීවිජයයෙහි මැලේසියාවේ කේඩා අභිබවනය කරන ලදී.[70]

පසුකාලීන චෝළයෝ (1070–1279)[සංස්කරණය]

වෙංගිය ආක්‍රමණය කිරීමෙන් පසුව, රාජරාජ නැගෙනහිර චාලුක්‍යයන් අතර විවාහ සහ දේශපාලන සම්බන්ධතා ඇති විය. රාජරාජ චෝළගේ දියණියක් විමලාදිත්‍ය නම් චාලුක්‍ය කුමරු හා විවාහ විය.[71] රාජේන්ද්‍ර චෝළගේ දියණිය වූ අම්මංගා දේවී නැගෙනහිර චාලුක්‍ය කුමරකු වූ රාජරාජ නරේන්ද්‍ර සමග විවාහ විය.[72] වීරරාජේන්ද්‍ර චෝළගේ පුත් අතිරාජේන්ද්‍ර චෝළ 1070 සිවිල් කෝලාහලයක දී ඝාතනය වූ අතර, අම්මංගා දේවී සහ රාජරා‍ජ නරේන්ද්‍රගේ පුත් Iවන කුලෝතුංග චෝළ සිහසුනට පත් විය. මෙලෙසින් පසුකාලීන චෝළ රාජවංශය ඇරඹිණි.[73]

පසුකාලීන චෝළ රාජවංශය Iවන කුලෝතුංග චෝළ සහ ඔහුගේ පුත් වික්‍රම චෝළ මෙන්ම සෙසු පාලකයන් වූ IIවන රාජරාජ ‍චෝළ, IIවන රාජාධිරාජ චෝළ සහ IIIවන කුලෝතුංග චෝළ වැනි දක්ෂ පාලකයන්ගෙන් සමන්විත විය. මොවුහු කාලිංගය, ඊළම, සහ කටහ දේශය ආක්‍රමණය කළහ. කෙසේනමුත් 1218 සිට, එනම් IIවන රාජරාජ චෝළගේ සිට අවසන් අධිරාජයා වූ IIIවන රාජේන්ද්‍ර චෝළ දක්වා පාලකයින් 850–1215 කාලයේ විසූ අධිරාජවරුන් තරම් ශක්තිමත් නොවී ය. 1118 අවට කාලයේ වෙංගිහි පාලනය ඔවුන් අතින් ගිලිහී බටහිර චාලුක්‍යයන් යටතට ද, ගංගාවදිය (දකුණු මයිසෝර් දිස්ත්‍රික්ක) හොයිසාල අධිරාජ්‍යය අතටත් පත් විය. කෙසේනමුත්, නමුත් මේවා තාවකාලික පසුබෑම් විය. එයට හේතුව Iවන කුලෝතුංග චෝළගේ පුතු සහ අනුප්‍රාප්තිකයා වූ වික්‍රම චෝළ රජුගේ අනුප්‍රාප්තියෙන් වහාම පසුව චෝළයන් IIIවන චාලුක්‍ය සෝමේශ්වර පරාජය කොට වෙංගියත්, හොයිසාලයන් වෙතින් ගංගාවදියත් ලබාගැනීමට සමත් වීමයි. 850–1150 කාලය තරම් ප්‍රබල නොවූවද චෝළ අධිරාජ්‍යය IIවන රාජරාජ චෝළ (1146–1175) සමය වනවිටත් භූමිය අතින් නොඉඳුල්ව පැවතිණි. මේ බව තෙවන මහා චෝළ ගෘහනිර්මාණ ආශ්චර්යය වූ රථ හැඩැති ධාරාසුරම්හි ඓරාතේශ්වර දේවාලය ඉදිකිරීමෙන් පෙනේ. මෙය වර්තමාන කුම්බකෝනම් අවට ප්‍රදේශයේ පිහිටා ඇත. IIIවන කුලෝතුංග චෝළගේ පාලන සමය වන තෙක්ම චෝළ පරිපාලනය සහ භූමි ඒකාබද්ධතාව ස්ථායීව පැවතිණි. 1215 තෙක් එය සමෘද්ධිමත්ව පැවති අතර, ඔහුගේ පාලන සමය තුළ චෝළ බලයේ පරිහානිය ආරම්භ වූයේ 1215–16 අතර කාලයේ ඔහු IIවන මාරවර්මන් සුන්දර් පාණ්ඩියන්හට පරාජය වීමත් සමගයි.[74] අනතුරුව, චෝළයන්හට ලංකාවේ පාලනය ද අහිමිවූ අතර, සිංහල පාලකයන් විසින් ඔවුනව පලවා හරින ලදී.

බෘහාදීශ්වර දේවාලයේ ඇති රාජරාජ චෝළ සහ ඔහුගේ ගුරුවරයා වූ කරුවූරර්ගේ රුවක්

චෝළ පරිහානිය හා සන්තතිකව පාණ්ඩ්‍ය රාජවංශය දකුණු ඉන්දියාවේ බලවත්ම පාලකයන් බවට පත්වීම ද සිදු විය. මධ්‍යගත පරිපාලනයක් නොපැවතීම හේතුවෙන් අතීත පාණ්ඩ්‍ය භූමියෙහි පාණ්ඩ්‍ය සිහසුනට උරුමකම් කියන්නන් ගණනාවක් අතර සිවිල් යුද්ධයක් ඇතිවූ අතර, මෙයට සිංහලයන් සහ චෝළයන් ද දායක විය. පාණ්ඩ්‍ය සිවිල් යුද්ධයේ දී සිංහලයන් සහ චෝළයන් දායක වූ අයුරු පිළිබඳ මහාවංසයේ මෙන්ම පල්ලවරායණ්පේට්ටෛ අභිලේඛනවල සවිස්තරව සඳහන් වේ.[75][76]

IIIවන රාජරාජ චෝළ සහ පසුකාලීනව, ඔහුගේ අනුප්‍රාප්තික IIIවන රාජේන්ද්‍ර චෝළ යටතේ චෝළයන් පෙරට වඩා දුර්වල වූ අතර, නිරන්තර ගැටලුවලට මුහුණපෑමට සිදු විය. ඔවුන්ගේ යටත් ප්‍රදේශයක් වූ කාදවහි නායක Iවන කොප්පරුන්චිංගා විසින් ඇතැම් අවස්ථාවල දී IIIවන රාජරාජ චෝළව ප්‍රාණඇපයට පවා තබාගෙන ඇත.[77][78] 12වන සියවස ආසන්න වන විට, හොයිසාලයන්ගේ බලය වර්ධනය වීමත් සමග කන්නඩ දේශයේ ප්‍රධාන බලවතුන් ලෙස සිටි චාලුක්‍යයන් විස්ථාපනය විය. නමුත් ඔවුනට ද ස්‍යූනයන් සහ කලචූරියන්ගේ බාධාවන්ට මුහුනපෑමට සිදු විය. කලිචූරියන් විසින් චාලුක්‍යයන්ගේ අගනුවර අල්ලා ගන්නට ප්‍රයත්න දරන ලදී. මේ නිසා, ස්වාභාවිකව IIIවන කුලෝතුංග චෝළගේ සමයේ චෝළයන් සමග මිත්‍ර සම්බන්ධතා පැවැත්වීම සුදුසු බව හොයිසාලයෝ වටහාගත්හ. කුලෝතුංග විසින් හොයිසාල IIවන වීර බල්ලල පරාජය කොට තිබූ අතර, බල්ලලහට චෝළ පාලකයා සමග විවාහ සම්බන්ධතා ද පැවතිණි. මෙය IIIවන කුලෝතුංග චෝළගේ පුත්‍රයා සහ අනුප්‍රාප්තිකයා ද වූ IIIවන රාජරාජ චෝළගේ රාජ්‍ය සමයේ ද දක්නට ලැබිණි.[74][79]

දකුණෙහි පාණ්ඩ්‍යයන් බලය අතින් විශාල ලෙස වර්ධනය වී සිටි අතර, අවසානයේ මලනාඩු හෙවත් කන්නඩ දේශයෙන් හොයිසාලයන් පලවා හැරීමට ඔවුහු සමත් වූහ. හොයිසාලයන්ගේ මිත්‍රයින් වූ චෝළයන් ද මේ අවස්ථාවේ පරිහානියේ උච්චස්ථානයේ පසුවූ අතර, අවසානයේ 1279දී පාණ්ඩවයන් විසින් චෝළ පාලනය අවසන් කරන ලදී. පාණ්ඩ්‍යයන් පළමුව IIවන මාරවර්මන් සුන්දර පාණ්ඩියන් සහ ඔහුගේ අනුප්‍රාප්තික ජාතවර්මන් සුන්දර් පාණ්ඩ්‍යන් රජවරුන් යටතේ දෙමළ දේශයේ මෙන්ම චේර දේශය, තෙලිඟු දේශය වැනි ප්‍රදේශවල පාලනය ද සිය පාලනය යටතට ගැනීමට සමත් විය. මෙය සිදුවූයේ IIIවන රාජරාජ චෝළ හා ඔහුගේ අනුප්‍රාප්තික IIIවන රාජේන්ද්‍ර චෝළගේ ඒකාබද්ධ චෝළ හමුදා සහ සෝමේශ්වර සහ ඔහුගේ පුත් රාමනාථ යටතේ හොයිසාලයක් අතින් පරාජයට පත්වීමට පෙර ය.[74] IIIවන රාජේන්ද්‍ර දමිළ දේශයේ නැගී එන බලවතා වූ පාණ්ඩ්‍යයන්ට එරෙහිව කාදව පල්ලවයන් සහ හොයිසාලයන් පෙළගැස්වීමට උත්සාහ දැරී ය. පාණ්ඩ්‍යයෝ සාර්ථකව මදුරෛ-රාමේශ්වරම්-ඊලම්-චේරනාඩු සහ කන්‍යාකුමාරි තීරයෙහි සිය භූමිය ශක්තිමත් කිරීමට කටයුතු යෙදූහ. ඔවුන් දින්දිගුල්-තිරුචි-කරූර්-සත්‍යමංගලම් වැනි කාවේරි තීරයේ ප්‍රදේශ මෙන්ම කාවේරි ඩෙල්ටාවේ තන්ජවූර්-මයුරම්-චිදම්බරම්-වෘද්ධචාලම්-කාංචි වැනි ප්‍රදේශවල සිය භූමිය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත කළහ. අවසානයේ 1250දී අර්කොට් දක්වා—තිරුමලෛ-නෙල්ලෝර්-විසයවාදෛ-වෙංගි-කාලිගම් තීරය දක්වා හමුදා මෙහෙයවීමට ඔවුහු සමත් වූහ.[80]

පාණ්ඩ්‍යයෝ ශීඝ්‍රයෙන් හොයිසාලයන් සහ චෝළයන්ව පරාජයට පත්කළහ.[81] එසේම ඔවුන් ජාතවර්මන් සුන්දර පාණ්ඩියන්ගේ නායකත්වයෙන් කන්නනූර් කුප්පම්හි දී හොයිසාලයන් විනාශ කරන ලදී.[82] රාජේන්ද්‍රගේ රාජ්‍ය සමයයට ආසන්න අවධියේ පාණ්ඩ්‍ය අධිරාජ්‍යය එහි සමෘද්ධිමත්භාවයේ උච්චස්ථානයේ පසුවූ අතර, විදේශයන්ගෙන් චෝළ අධිරාජ්‍යයට හිමිව තිබූ තත්ත්වය හිමි කරගැනීමට සමත් විය.[83] IIIවන රාජේන්ද්‍රගේ අවසන් වාර්තාගත දිනය 1279 වේ. රාජේන්ද්‍රගෙන් පසුව වෙන්ත චෝළ කුමරකු අනුප්‍රාප්තියට පත්වූයේ දැයි වාර්තා හමු නොවේ.[84][85] 1279දී කුලසේකර පාණ්ඩියන් විසින් කන්නනූර් කූප්පම්වලින් හොයිසාලයන් පලවා හැරීමට සමත් විය. එම යුද්ධයේ දීම අවසන් චෝළ අධිරාජයා වූ IIIවන රාජේන්ද්‍රව ද පලවා හැරිණි. ඉන් අනතුරුව චෝළ අධිරාජ්‍යය පැවති බවට සාක්ෂි හමු නොවේ. මෙලෙසින් 13වන සියවසේ අවසානය වන විට, පාණ්ඩ්‍ය අධිරාජ්‍යය විසින් සම්පූර්ණයෙන්ම චෝළ අධිරාජ්‍යය ගිලගන්නා ලදී.[78][85]

පරිපාලනය සහ සමාජය[සංස්කරණය]

චෝළ දේශය[සංස්කරණය]

දෙමළ සම්ප්‍රදාය අනුව, චෝළ රටට වර්තමාන තමිල් නාඩුවේ තිරුචිරපල්ලි දිස්ත්‍රික්කය, තිරුවරූර් දිස්ත්‍රික්කය, නාගපට්ටිනම් දිස්ත්‍රික්කය, අරියලූර් දිස්ත්‍රික්කය, පේරම්බලූර් දිස්ත්‍රික්කය, පුදුකෝට්ටෛ දිස්ත්‍රික්කය, තන්ජවූර් දිස්ත්‍රික්කය සහ කරෛකාල් දිස්ත්‍රික්කය අයත් වී ඇත. කාවේරි ගඟ සහ එහි අතු ගංගා මෙම දේශය පුරා ව්‍යාප්තව පැවතිණි. සාමාන්‍යයෙන් පැතලි භූමියක් වූ මෙය සාගරය දෙසට ක්‍රමික බෑවුමක් සහිත වූවකි. මෙහි ප්‍රධාන කඳු හෝ නිම්න දක්නට නොලැබිණි. පොන්නි (රන්) ගංගාව ලෙස ද හැඳින්වුණු ගංගාවට චෝළ සංස්කෘතියේ විශේෂ ස්ථානයක් හිමි විය. කාවේරි ගංගාවේ වාර්ෂික ජලගැලීම් සමස්ත ජාතියම සහභාගී වූ ආදිපේරුක්කු වැනි උත්සව අවස්ථා සනිටුහන් කළේ ය.

කාවේරි ඩෙල්ටාව අසල වෙර තීරයේ කාවේරිපූම්පට්ටිනම ප්‍රධාන වරාය නගරයක් ලෙස පැවතිණි.[21] මේ පිළිබඳ දැන සිටි ටොලමි එය ඛාබේරිස් ලෙස හඳුන්වා ඇති අතර, අනෙක් වරාය නගරය වූ නාගපට්ටිනම් චෝළයන‍්ගේ වඩාත් වැදගත් මධ්‍යස්ථානයක් ලෙස සැලකේ.[86] මෙම නගර ද්විත්වය වෙළඳ සහ වානිජ මධ්‍යස්ථාන බවට පත්වූ අතර, බුද්ධාගම ඇතුළු ආගම් ජනප්‍රියත්වයට පත් විය.[lower-alpha 11] රෝම නැව් මෙම වරායයන් වෙත පැමිණ ඇත. ව්‍යවහාර වර්ෂයේ මුල්කාලීන සියවස්වලට අයත් රෝම කාසි කාවේරි ඩෙල්ටාව අසලින් හමුව ඇත.[88][89]

සෙසු ප්‍රධාන නගර වූයේ තන්ජවූර්, උරෛයූර් සහ වර්තමානයේ කුම්බකෝනම් ලෙස හැඳින්වෙන කුඩන්තායි නගරයන් ය.[21] රාජේන්ද්‍ර චෝළ විසින් සිය අගනුවර ගංගෛකොන්ඩ ‍චෝළපුරම් වෙත ගෙනයාමත් සමග, තන්ජවූර් පෙදෙසට එහි වැදගත්කම අහිමි විය.[90]

රජය[සංස්කරණය]

චෝළ යුගයේ දී, සමස්ත දුකණු ඉන්දියාවම පළමු වරට තනි රජයක් යටතට පත් විය.[lower-alpha 12]

සංගම් යුගයේ සේම චෝළ ආණ්ඩු ක්‍රමය රාජාණ්ඩුවක් විය.[23] කෙසේනමුත්, මුල්කාලීන යුගයේ බල ප්‍රදේශ සහ රාජරාජ චෝළ සහ ඔහුගේ අනුප්‍රාප්තිකයන්ගේ අධිරාජ්‍ය-ගණයේ රාජ්‍යවල ස්වල්ප සමානත්වයක් ඇත.[91] මුල්කාලීන අගුනවර වූ තන්ජවූර් සහ පසුකාලීන ගංගෛකොන්ඩ චෝළපුරම් හැරුණුවිට, කාංචිපුරම් සහ මදුරෛ ද ප්‍රාදේශීය අගනුවරවල් ලෙස සැලකුණු අතර, ඇතැම් අවස්ථාවල රාජසභාවන් ද පැවැත්විණි. රජු පරම නායකයා සහ හිතකාමී අධිකාරිකයා විය. ඔහුගේ පරිපාලන කර්තව්‍යය වූයේ ගැටලු ඉදිරිපත් වූ විට අදාළ නිලධාරීනට මුඛ්‍ය ආඥා නිකුත් කිරීමයි. නූතන අවබෝධය අනුව බැලීමේ දී, ව්‍යවස්ථාදායකයක් හෝ ව්‍යවස්ථාදායක පද්ධතියක් නොතිබීම හේතුවෙන් රජුගේ ආඥාවල ඇති සාධාරණභාවය ඔහුගේ කුසලතාවය සහ ධර්මය පිළිබඳ ඔහුගේ විශ්වාසය මත පදනම් විය. චෝළ රජවරුන් දේවාල ඉදිකළ අතර ඒවාට මහත් ධනයක් පරිත්‍යාග කොට ඇත. මෙම දේවාල වන්දනා ස්ථාන ලෙස පමණක් නොව, ආර්ථික කටයුතුවල මධ්‍යස්ථාන ලෙස ද වැදගත් විය.[92] රාජධානිය පුරා පිහිටි ඇතැම් ගම්මාන දේවාලවලට භාරකෙරුණු අතර, මෙම දේවාල සතු ධනය එම ගම්මානවල ජනයාට ණයට ලෙස ලබාදීම ද සිදු විය.[93] චෝළ රාජවංශය මණ්ඩලම් යනුවෙන් හැඳින්වුණු පළාත් කිහිපයකට බෙදිණි. මේවා නැවත වලනාඩු ලෙසත්, වලනාඩු නැවත කෝට්ටම් හෙවත් කූට්‍රම් ලෙස හැඳින්වුණු උප-ඒකකවලටත් බෙදිණි.[94] කැත්ලීන් ගෆ් අනුව චෝළ යුගයේ දී, වෙල්ලාලර් යනු "රාජ්‍ය සේවකයින්, බොහෝ හමුදා නිලධාරීන්, රාජධානියේ පහළ නිලධාරීන් සහ ගොවීන්ගේ ඉහළ පන්තියෙන් සැදුම්ලත් ප්‍රමුඛ වංශවත් කුලයක්" විය.[95]

Iවන රාජරාජ චෝළගේ පාලන සමයයට පෙර, චෝළ භූමියේ බොහෝ ප්‍රදේශ පාලනය කරන ලද්දේ චෝළ පාලකයන් සමග ලිහිල් සන්ධාන ඇති කරගත් ප්‍රවේණික අධිපතීන් සහ ප්‍රාදේශික කුමාරවරුන් විසිනි. එතැන්සිට ක්‍රි.ව. 1133 වික්‍රම චෝළගේ රාජ්‍ය සමය තෙක් චෝළ බලය එහි උච්චස්ථානයේ පැවති යුගයේ මෙම අධිපතීන් සහ ප්‍රාදේශික කුමාරවරුන් චෝළ වාර්තාවලින් කෙමෙන් වියැකී ගොස් ඇත. ඔවුන් විස්ථාපනය කෙරුණේ ද නැතහොත් පරාධීන නිලධාරීන් බවට පත්වූයේ ද යන්න පැහැදිළි නැත. මෙම පරාධීන නිලධාරීන් මාර්ගයෙන් පරිපාලනය දියුණු වූ අතර, අධිරාජ්‍යයේ වෙනස් ප්‍රදේශවල සමීප පාලනයක් රඳවා ගැනීමට චෝළ රජවරුන් සමත් විය.[96] Iවන රාජරාජ චෝළගේ සමයේ සිට පරිපාලන ව්‍යූහයේ කිසියම් ප්‍රසාරණයක් පේනවයි. මෙකල රජයේ ස්තර කිහිපයකින් යුත් ආදායම් දෙපාර්තමේන්තුවක් පැවතී ඇත. මෙහි දී ප්‍රධාන වශයෙන්ම ගිණුම් තැබීම කෙරෙහි අවධානය යොමු කෙ‍රිණි. ආදායම් ඇගයීම සහ රැස් කිරීම ඌර්, නාඩු, සභා, නගරම් වැනි අනුරූප ව්‍යූහයන් වෙත පැවරිණි. අධිරාජ්‍යය වලනාඩු නම් ඒකකවලට ප්‍රතිසංවිධානය කොට තිබිණි.[97]

රජුගේ ආඥාව පළමුව විධායක නිලධාරියකු විසින් ප්‍රාදේශික බලධාරීනට දැනුම් දෙන ලදී. අනතුරුව කාර්යයේ වාර්තා තැබීම සහ සනාථ කිරීම සිදුකරන ලද්දේ දේශීය ප්‍රධානීන් සහ රාජ්‍ය නිලධාරීන් වැනි සාක්ෂිකරුවන් විසිනි.[98]

ප්‍රාදේශික රජය මට්ටමේ දී, සෑම ගම්මානයක්ම ස්වයං-පාලන ඒකකයක් විය. ගම්මාන ගණනාවක් එක්ව භූමි ප්‍රමාණය අනුව කූට්‍රම්, නාඩු හෝ කෝට්ටම් නම් ඒකක සෑදිණි.[99][100][101] කූට්‍රම් ගණනාවක් එක්ව වලනාඩුවක් සෑදිණි.[102] මෙම ව්‍යූහයන් චෝළ යුගය පුරාම මෙම ව්‍යූහයන්ගේ එතරම් වෙනසක් සිදුනොවිණි.[103]

අධිකරණ කටයුතු බොහෝදුරට චෝළ අධිරාජ්‍යයේ ප්‍රාදේශික කටයුත්තක් සේ සැලකිණි. කුඩා මතභේද ගම් මට්ටමින් විසඳීම සිදු විය.[101] සුළු අපරාධ සඳහා දඬුවම් දඩ ගෙවීම් හෝ පුණ්‍යාධාර කටයුතු සඳහා පරිත්‍යාග කිරීම් වැනි ක්‍රමවලින් ක්‍රියාත්මක විය. රාජද්‍රෝහී වීම වැනි රාජ්‍ය අපරාධවල දී, රජු විසින්ම නඩු අසා තීන්දු ප්‍රකාශයට පත්කරන ලදී. මෙවැනි වැරදි සඳහා සුලබ දණ්ඩනයන් වූයේ මරණ දණ්ඩනයන් සහ දේපළ රාජසන්තක කිරීමයි.[104]

යුධ[සංස්කරණය]

චෝළ රාජවංශය සතුව වෘත්තීයමය හමුදාවක් පැවති අතර, එහි ඉහළම සේනාධිපතියා වූයේ රජු ය. මෙහි අංග සතරක් වූ අතර, අශ්වාරෝහක, හස්ති සේනා, පාබල සේනා සහ නාවික හමුදා වැනි කොට්ඨාසවලින් එය සමන්විත විය.[105] දුනුවායන් සහ අසිපත්ධාරීන් රැගත් රෙජිමේන්තු පැවති අතර, මේවා වඩාත් ස්ථිර සහ විශ්වාසනීය සේනාවන් විය. චෝළ හමුදාව දේශය පුරාම ව්‍යාප්තව සිටි අතර, කෝඩගම් නැමැති ප්‍රාදේශීය බලඇණි හෝ කඳවුරු ලෙස ඒවා ස්ථානගතව පැවතිණි. හස්තීන්ට හමුදාවේ වැදගත් ස්ථානයක් හිමිවූ අතර, රාජවංශය සතුව යුධ හස්තීන් ගණනාවක් විය. හස්තීන්ගේ පිටෙහි සෙබලුන් පිරි කුඩා ගෘහයන් වූ අතර, සෙබලුන් විසින් දිගු දුරක් වෙත ඊතල හෝ හෙලි විදීම සිදුකරන ලදී.[106]

සිය නගර අරාක්ෂා කරගැනීමට චෝළ පාලකයින් විසින් මාලිගා සහ බලකොටු කිහිපයක්ම ඉදිකොට ඇත. මෙම බලකොටු බොහෝමයක් ගඩොල්වලින් තැනි අතර, මීට අමතරව ගල්, දැව හෝ මඩ ද භාවිතා විය.[107][108] පුරාතන දමිළ ග්‍රන්ථයක් වන සිලප්පදිකාරම් අනුව, දෙමළ රජවරුන් සිය බලකොටු ආරක්ෂා කිරීමේ දී ගල් විසිකළ හැකි කැටපෝල, දැවැන්ත උණු ජලය හෝ ද්‍රව ඊයම් සහිත කල්දේරම්, කොකු, දම්වැල් සහ උගුල් භාවිතාකොට තිබේ.[109][110][තහවුරු කර ගැනීමට උද්ධෘත අවශ්‍යයි]

චෝළ රාජවංශයේ සෙබලුන් වානේවලින් තැනූ අසිපත්, දුනු, හෙලි සහ පලිහවල් වැනි ආයුධ භාවිතාකොට තිබේ.[111] විශේෂයෙන්ම ක්‍රිස්තු යුගයට පෙර යුගයේ දකුණු ඉන්දියාව තුළ දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන සුප්‍රකට වූට්ස් වානේ මෙම ආයුධ තැනීමට භාවිතාකොට ඇති බැව් පෙනේ.[112] මෙම හමුදාව තුළ විවිධ කුලවල ජනයා අන්තර්ගත වුව ද, කෛකෝලර් සහ වෙල්ලාලර් කුලවල සෙබලු මෙහිදී ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකළහ.[113][114]

චෝළ නාවික හමුදාව පුරාතන ඉන්දියාවේ නාවික බලයේ උච්චස්ථානය සනිටුහන් කරයි.[106] මෙය අධිරාජ්‍යය ව්‍යාප්ත කිරීමේ දී, විශේෂයෙන්ම ලංකා දිවයින යටත් කරගැනීමට සහ ශ්‍රීවිජයෙහි නාවික ආක්‍රමණ සඳහා බෙහෙවින් වැදගත් විය.[115] මධ්‍යතන චෝළ යුගයේ දී නාවික හමුදාව ප්‍රමාණය මෙන්ම තත්ත්වය අතින් ද වර්ධනය විය. චෝළ නාවික සෙන්පතීන් මහත් ගෞරවයට පාත්‍ර විය. ඇතැම් අවස්ථාවල දී නාවික සෙන්පතීන් රාජ්‍ය තාන්ත්‍රිකයන් ලෙස ද කටයුතු කොට තිබේ. 900 සිට 1100 දක්වා, නාවික හමුදාව සුළු වශයෙන් වර්ධනය වූ අතර, චෝළයන් දකුණු ඉන්දියාවේ චාලුක්‍යයන් සහ ආන්ධ්‍ර-කන්නඩ ප්‍රදේශ යටත් කරගැනීමට යුධ වැදීමත් සමග එහි වැදගත්කම ක්‍රමයේන අඩු විය.[116]

චෝළ පාලකයන් විසින් සිලම්බම් නම් සටන් කලාවට අනුග්‍රහ දක්වා ඇත. පුරාතන සහ මධ්‍යකාලීන දමිළ ග්‍රන්ථවල විවිධ සටන් කලා සම්ප්‍රදායයන් සඳහන් වන නමුත්, සිය සෙන්පතියා සඳහා සෙබලකුට දැක්විය හැකි අවසන් විශ්වාසවන්තභාවය නවකණ්ඩම් නම් සියදිවි හානිකරගැනීමේ සටන් ක්‍රමවේදයයි. Iවන කුලෝතුංග චෝළ සහ ඔහුගේ සෙන්පතියාගේ කාලිංග සටන විස්තර කෙරෙන මධ්‍යකාලීන කාලිංගාතු පරණි මූලාශ්‍රයේ මෙම චාරිත්‍රය ඉටුකළ අයුරු විස්තරාත්මකව දක්වා ඇත.

ආර්ථිකය[සංස්කරණය]

ඉඩම් අය සහ වෙළඳ බඳු ප්‍රධාන ආදායම් මාර්ග විය.[117] චෝළ පාලකයින් රන්, රිදී සහ තඹ කාසි නිකුත් කොට ඇත.[118] චෝළ ආර්ථිකය ප්‍රධාන ස්තර තුනක් මත පදනම්ව විය—ප්‍රාදේශීය මට්ටමින් කෘෂිකාර්මික ජනාවාස එක්වී වෙළඳ නගරවලට පදනම සැකසිණි. මෙම නගරම් දේශීය පරිභෝජනයට අවශ්‍ය බාහිරව නිෂ්පාදිත භාණ්ඩ සඳහා ප්‍රතිබෙදාහැරීමේ මධ්‍යස්ථානයක් ලෙස වැදගත් විය. එසේම නගරම්හි කලා ශිල්පීන්ගේ නිර්මාණ අන්තර්ජාතික වෙළඳපොලට නිරාවරණය කිරීම ද මෙහි දී සිදු විය. මෙම ආර්ථික පිරමිඩය මුදුනේ අන්තර්ජාතික සාගර වෙළඳාම සංවිධානය කළ සහ ප්‍රමුඛත්වය හිමි කරගත් ප්‍රභූ වෙළඳ කණ්ඩායම් (සමයම්) විය.[119][පැහැදීම ඇවැසිය]

විදේශ රටවලට අපනයනය කෙරුණු ප්‍රධාන වෙළඳ භාණ්ඩයක් වූයේ කපු පිළි ය.[120] මුල්කාලීණ චෝළ පාලකයින්ගේ අගනුවර වූ උරෛයූර් කපු පෙහෙකම් සඳහා ප්‍රකට මධ්‍යස්ථානයක් වූ අතර, මෙය දෙමළ කවීන් විසින් වර්ණනා කොට තිබේ.[121][122] චෝළ පාලකයෝ විවීමේ කර්මාන්තය දිරි ගැන්වූහ.[123] මෙම යුගයේ, වියන්නන් ශිල්ප ශ්‍රේණි ලෙස සංවිධානය වීම ආරම්භ විය.[124] සෑම නගරයකම වියන්නන්හට ඔවුන්ගේ නේවාසික අංශයක් පැවතිණි. මුල්කාලීන මධ්‍යතන යුගයේ වඩාත් වැදගත් විවීමේ ප්‍රජාවන් ලෙස සාලියර් සහ කෛකෝලර්වරුන් සැලකේ.[123] චෝළ යුගයේ දී සේද විවීමේ කර්මාන්තයට ද ප්‍රධාන ස්ථානයක් හිමිවූ අතර, කාංචිපුරම් ප්‍රධාන සේද මධ්‍යස්ථානයක් බවට පත් විය.[125][126]

10වන සිට 11වන සියවස දක්වා ලෝහ කර්මාන්තය ද උච්චස්ථානයට පත්වූයේ චෙම්බියන් මාදේවි වැනි චෝළ පාලකයින් ලෝහ කර්මාන්තකරුවන්ට සිය අනුග්‍රහය දැක්වීම හේතුවෙනි.[127] වූට්ස් වානේ ප්‍රධාන අපනයන අංගයක් ද විය.[128]

ගොවීන්හට සමාජයේ වැදගත්ම ස්ථානයක් හිමි විය.[129] මෙම ප්‍රජාවට වංශවතුන් හෙවත් රටේ ඉඩම්හිමි රදළ පෙළැන්තිය වූ වෙල්ලාලර් ප්‍රජාව අයත් විය. ඔවුහු ආර්ථික අතින් බලවත් කණ්ඩායමක් වූහ.[129][130] කෘෂිකර්මාන්තය බොහෝ ජනයාගේ ප්‍රධාන ජීවනෝපාය විය. ඉඩම්හිමියන් හැරුණුවිට කෘෂිකර්මාන්තය මත රඳා පැවුතණු වෙනත් පුද්ගලයින් ද විය.[131] චෝළ පාලකයන් යටතේ වඩාත් ප්‍රමුඛ වංශවත් කුලය වූ වෙල්ලාලර් ප්‍රජාවයි. ඔවුන්ගෙන් මාලිග නිලධාරීන්, බොහෝ හමුදා නිලධාරීන්, වංශවතුන්ගේ පහළ ශ්‍රේණි සහ ගොවීන්ගේ ඉහළ ස්තරය සෑදිණි.[95]

සියලුම ගම්මානවල පාහේ ඉඩම් බදු (ඉරෛකුඩිගල්) ගෙවූ සහ නොගෙවූ තැනැත්තන් අතර වෙනස මෙතෙක් පැහැදිළිව වටහාගෙන නැත. දෛනික කුලී කම්කරු පන්තියක් ද වූ අතර, ඔවුහු වෙනත් ජනයාගේ කෘෂිකර්මික කටයුතු සඳහා ආධාර වූ අතර, දෛනික වැටුපකට හිමිකම් කීහ. සියලුම වගාකළ හැකි ඉඩම්, භූක්තිය අතින් පුළුල් පන්ති තුනෙන් එකක් යටතට අයත් වූ අතර, මෙය ගොවි භුක්තිය හෙවත් වෙල්ලන්-වගෛ, සේවා භුක්තිය හෝ දාක්ෂිණ්‍ය භුක්තියෙන් වෙනස් ය.[132] වෙල්ලන්-වගෛ යනු වර්තමාන සාමාන්‍ය ඉන්දියානු ගොවි ගම්මානයන් ය. රජය සමග ඍජු සම්බන්ධතා පවත්වන ඔවුහු කාලයෙන් කාලයට ප්‍රතිශෝධනය වන ඉඩම්-බද්දක් ගෙවූහ.[119] වෙල්ලන්-වගෛ ගම්මාන පුළුල් කාණ්ඩ දෙකකට අයත් වූ අතර, ඉන් එක් කොටසක් ඍජුවම රජයට වාර්ෂිකව වෙනස්වනසුලු අයභාරයක් ගෙවූ අතර, අනෙක් පිරිස ඔවුන් අයත්ව සිටි දේවාල වැනි මහජන ආයතනවලට බොහෝදුරට ස්ථාවර අයභාරයක් ගෙවා ඇත.[133] කෘෂිකාර්මික රටක සශ්‍රීකත්වය ප්‍රබල වහයෙන් වාරි කර්මාන්තයට සලසා ඇති පහසුනම් මත රඳා පවතියි. ළිං සෑරීම සහ වැව් තැනීම හැරුණු විට, චෝළ පාලකයින් විසින් කාවේරි සහ සෙසු ගංගා හරස් කොට දැවැන්ත ශෛලමය වේලි තනා ඇළ මාර්ග ඔස්සේ ජලය ‍වගාබිම් වෙත රැගෙන ගොස් ඇත.[134] Iවන රාජේන්ද්‍ර චෝළ සිය අගනුවර අසල කෘත්‍රිම ජලාශයක් කරවූ අතර, එය කොලෙරුන් සහ වෙල්ලර් ගංගාවල ජලයෙන් පුරවන ලදී.[133]

රටේ විවිධ ප්‍රදේශවල විසූ සංවිධානිත වෙළඳ සංස්ථා යුහුසුලුව අභ්‍යන්තර වෙළඳාමෙහි නියුතු විය. ලෝහ කර්මාන්ත සහ ආභරණ කර්මාන්තය අතිශයින් දියුණු විය. ලුණු නිෂ්පාදනය රජයේ අධීක්ෂණය යටතේ පාලනය විය. වෙළඳාම ශ්‍රේණි ලෙස සංවිධානය වූ වෙළඳුන් විසින් පවත්වාගෙන යන ලදී. මෙම ශ්‍රේණි ඇතැම් අවස්ථාවල දී නානාදේසීවරුන් ලෙස හඳුන්වා ඇත. ඔවුනට සිය වෙළඳ භාණ්ඩවල ආරක්ෂාවට තමන්ගේම කුලී හමුදා ද විය. කාංචිපුරම් සහ මාමල්ලපුරම් වැනි විශාල වෙළඳ මධ්‍යස්ථානවල "නගරම්" නැමැති දේශීය වෙළඳ සංවිධාන පැවතිණි.[135][133]

රෝහල්[සංස්කරණය]

චෝළ රජවරුන් විසින් රෝහල් පවත්වාගෙන ගිය අතර, ඒ වෙනුවෙන් ඉඩම් පවා ලබා දී ඇත. තිරුමුක්කුඩල් අභිලේඛනයෙහි සඳහන් වන්නේ වීර චෝළගේ නමින් නම්කෙරුණු රෝහලක් වූ බවයි. රෝහලේ වෛද්‍යවරුන් විසින් විවිධ රෝග සුවපත් කරන ලදී. මෙය ප්‍රධාන වෛද්‍යාචාර්යවරයකු යටතේ පැවතිණි. ඔහුට වාර්ෂිකව වී කලං 80ක් ද, කාසු 8ක් වේතන ලෙස ලබාදුන් අතර සහ ඉඩම් ද ප්‍රදානය කෙරිණි. වෛදයවරුන් හැරුණු විට මේවායේ සෙසු කාර්ය මණ්ඩලයට හෙදියක, කරනවෑමියකු (කුඩා සැත්කම් සඳහා) සහ තොටියකු ඇතුළත් විය.[136]

චෝළ රැජිනක වූ කුණ්ඩවෛ විසින් තන්ජවූර්හි රෝහල් ස්ථාපිත කළ අතර, එය දීර්ඝකාලීනව පවත්වාගෙන යාමට ඉඩම් ද ප්‍රදානය කළා ය.[137][138]

සමාජය[සංස්කරණය]

චෝළ යුගයේ දී, විවිධ ශ්‍රේණි, ප්‍රජා සහ කුල දක්නට ලැබිණි. ශ්‍රේණි දකුණු ඉන්දියාවේ වඩාත් වැදගත් සංස්ථාපිතයක් වූ අතර, වෙළඳුන් ශ්‍රේණි වශයෙන් සංවිධානය වී පැවතිණි. මේ අතුරින් වඩාත් ප්‍රකට ශ්‍රේණි වන්නේ මණිග්‍රාමම් සහ අයියාවෝලේ ය. මීට අමතරව අංජුවන්නම් සහ වලන්ජියාර් වැනි වෙළඳ ශ්‍රේණි ද පැවතිණි.[139] ගොවීනට සමාජයේ ඉහළම ස්ථානයක් හිමිවිණි. මෙම ‍වෙල්ලාලර් ප්‍රජාව වංශවතුන් හෙවත් ඉඩම්හිමි රදළයන්ගෙන් සමන්විත වූ අතර, ආර්ථික වශයෙන් ශක්තිමත් කණ්ඩායමක් විය.[129][130] වෙල්ලාලර් ප්‍රජාව චෝළ පාලකයන් යටතේ ප්‍රමුඛ වංශවත් කුලය වූ අතර, මාලිග නිලධාරීන්, බොහෝ හමුදා නිලධාරීන්, වංශවතුන්ගේ පහළ ශ්‍රේණි සහ ගොවීන්ගේ ඉහළ ස්තරය මෙයට අයත් විය.[95] චොළ පාලකයන් විසින් මෙම වෙල්ලාලර්වරුන් ශ්‍රී ලංකාවේ උතුරුදිග පෙදෙසේ ද පදිංචි කරවා ඇත.[140] උලවර් ප්‍රජාව ගොවි බිම්වල කාර්යයේ නියුතු පුද්ගලයන් වූ අතර, ගොවීන් කලමර් ලෙස හැඳින්විණි.[129]

කෛකෝලර් ප්‍රජාවට වියන්නන් සහ වෙළඳුන් අයත් වුවද, ඔවුන් හමුදා ද පවත්වාගෙන ගොස් ඇත. චෝළ යුගයේ දී මොවුන් වෙළඳ සහ යුධ කටයුතුවල දී ප්‍රමුඛත්වයක් ගෙන ඇත.[141] අධිරාජකීය චෝළ පාලකයින්ගේ (10-13වන සියවස්) යුගයේ දී දේවාල පරිපාලනයේ සහ ඉඩම් හිමිකාරීත්වයේ ප්‍රධාන වෙනස්කම් සිදු විය. දේවාල පරිපාලනයේ දී බ්‍රාහ්මණ-නොවන පුද්ගලයින්ගේ වැඩිපුර දායකත්වයක් දක්නට ලැබිණි. මෙයට හේතුව මුදල් බලය යැයි සිතිය හැක. වියන්නන් සහ වෙළඳ පන්තියේ පුහුණු ජනයා සමෘද්ධිමත්භාවයට පත්ව සිටියහ. ඉඩම් හිමිකාරීත්වය තවදුරටත් බ්‍රාහ්මණ කුලයේ සහ වෙල්ලාලර් ඉඩම් හිමියන්ගේ වරප්‍රසාදයක් නොවිණි.[142]

චෝළ රාජ්‍ය සමයේ ජනගහනයේ ප්‍රමාණය සහ ඝනත්වය පිළිබඳ ඇත්තේ තොරතුරු ස්වල්පයකි.[143] හර චෝළ ප්‍රදේශයේ ස්ථායීතාව හේතුවෙන් ජනයාට සශ්‍රීක සහ ප්‍රීතිමත් දිවියක් ගතකළ හැකි වන්නට ඇත. කෙසේනමුත්, ස්වාභාවික උවදුරු හේතුවෙන් ඇතිවූ පුළුල් සාගත පිළිබඳ වාර්තා ඇත.[144]

රාජ්‍ය සමයේ අභිලේඛනවල ඇති ගුණාත්මය මගින් ඉහළ සාක්ෂරතාවක් සහ අධ්‍යාපනයක් පිළිබඳ හැඟවේ. මෙම අභිලේඛනවල ඇති ලේඛන ලියන ලද්දේ මාලිග කවියන් විසින් වන අතර, කැටයම් කරන ලද්දේ ප්‍රවීණ කලාකරුවන් විසිනි. අධ්‍යාපනය සමකාලීනව වැදග්ත යැයි සැලකුණේ නැත. ඇතැම් ගම් සභා මගින් දරුවන්ට කියවීම සහ ලිවීමේ මූලික කරුණු ඉගැන්වීමට පාඨශාලා පැවැත්වූ බවට පරිවේෂණීය සාක්ෂ්‍ය ඇතත්,[145] පොදු ජනයා සඳහා ක්‍රමවත් අධ්‍යාපන පද්ධතියක් පැවති බවට සාක්ෂි හමු නොවේ.[146] වෘත්තීමය අධ්‍යාපනය පියාගෙන් සිය පුත්‍රයාට නිපුණතාව ලබාදුන් ප්‍ර‍වේණික පුහුණු ක්‍රමයක් ලෙස පැවතී ඇත. පොදු ජනයා සඳහා මාධ්‍ය වූයේ දෙමළ භාෂාවයි. ආගමික ආශ්‍රම (මාත හෝ ගටික) රජයේ සහාය ලද අධ්‍යාපන මධ්‍යස්ථාන විය.[147]

විදේශ වෙළඳාම[සංස්කරණය]

නොහඳුනන LOLA ගණයේ චෝළ නෞකාවකින් හමුවූ මෙම නැංගුරම ඉන්දියානු නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් පූම්බහර් වෙරළ තීරයට නුදුරින් සොයාගන්නා ලද්දකි.

චෝළයෝ විදේශ වෙළඳාමෙහි සහ වෙරළාසන්න කටයුතුවල ප්‍රවීණයෝ වූහ. ඔවුන් සිය බලපෑම චීනය සහ අග්නිදිග ආසියාව කෙරෙහි ව්‍යාප්ත කොට ඇත.[148] 9වන සියවසේ අවසානය තෙක්, දකුණු ඉන්දියාව පුළුල් සමුද්‍රාසන්න සහ වානිජ කටයුතු ගොඩනගාගෙන තිබිණි.[149] අන්තර්කලාපික සහ විදේශ වෙළොමේ දී දකුණු ඉන්දීය වෙළඳ වෙළඳ ගණයා වැදගත් කාර්යභාරයක් ඉටුකළහ. මේ අතරින් වඩාත් ප්‍රකට වෙළඳ ශ්‍රේණි වන්නේ ආක්‍රමණික චෝළ හමුදාවලින් පසුව පැමිණි මණිග්‍රාමම් සහ අයියාවෝලේ ශ්‍රේණි ය.[139] චෝළ රාජ මාලිගයෙන් ලද දිරි ගැන්වීම හේතුවෙන් අයියවෝලේ සහ මණිග්‍රාමම් වැනි දමිළ වෙළඳ ශ්‍රේණි සංවිධාන අග්නිදිග ආසියාව සහ චීනය වෙත ව්‍යාප්ත විය.[150] ඉන්දියානු අර්ධද්වීපයේ බටහිර මෙන්ම නැගෙනිහර වෙරළ තීරයන්ගේ ද හිමිකාරීත්වය ලද චෝළයෝ මෙම ව්‍යාපාරයන්හි ප්‍රමුඛස්ථානය හිමි කරගත්හ.[151][152] චීනයේ ටෑං රාජවංශය, ශෛලේන්ද්‍රවරුන් යටතේ ශ්‍රීවිජය අධිරාජ්‍යය සහ බැග්ඩෑඩයේ අබ්බාසිද් කාලිෆේටය ප්‍රධාන වෙළඳ සහකරුවන් විය.[153]

මෙම රාජවංශය චීනයේ වෙළඳපොල ලෝකයේ සෙසු කොටස් සමග සම්බන්ධ කිරීමට ඉවහල් විය. චෝළ රාජවංශයේ වෙළඳපොල ව්‍යූහය සහ ආර්ථික ප්‍රතිපත්ති චීන සොං රාජවංශයේ ප්‍රතිපත්තිවලට වඩා පුළුල්-පරිමාණයේ, හරස් කලාපික වෙළඳපොලක් බිහිවීමට උපකාරී විය. චෝළ වාර්තාවක ඔවුන් විදේශ වෙළඳාම හා සම්බන්ධ වීමට හේතුවූ කාරණා දක්වා ඇත: "හස්තීන් සහ හොඳ අශ්වයින් ආනයනය කරන දුරබැහැර විදේශ රටවල වෙළඳුන්ට නගරයේ නවාතැන් සපයමින්, ඔවුනට එදිනෙදා අවශ්‍ය දෑ, තයාග සහ වාසි සලසමින් ඔබ හා සම්බන්ධ කරගන්න. එවිට එම දෑ කිසිදින ඔබගේ සතුරන් යටතට පත් නොවේවි."[154]

සොං රාජවංශයේ වාර්තාවක චුලියන් (චෝළ) සිට පැමිණි තානාපති පිරිසක් 1077දී චීන මාලිගයට ළඟා වූ බැව් දක්වා ඇත.[155][156] එකල චුලියන්හි රජ වූ Iවන කුලෝතුංග මෙහි ති-හුවා-කියා-ලෝ ලෙස දක්වා ඇත. මෙම තානාපති මෙහෙයුම වෙළඳ කටයුත්තක් වූ අතර, අමුත්තනට බෙහෙවින් වාසි සහගත විය. ඔවුනට තමන් ලබාදුන් වීදුරු සහ කුළුබඩු ඇතුළු ත්‍යාග වෙනු‍වෙන් තඹ කාසි හිමි විය.[157] ඇතැම්විට, ශ්‍රීවිජය වෙත රාජේන්ද්‍ර සිදුකළ ආක්‍රමණයේ අරමුණ වෙළඳුන්ගේ අපේක්ෂා රැකගැනීම වන්නට ඇත.[158]

ඇළ මාර්ග සහ ජලාශ[සංස්කරණය]

අධිරාජකීය චෝළ රාජවංශ (ක්‍රි.ව. 900-1270) සමයේ තමිල් නාඩුව පුරාම, විශේෂයෙන් කාවේරි ගංගා ද්‍රෝණියේ කෘෂිකර්මාන්තයේ දැවැන්ත ව්‍යාප්තියක් සිදු විය. කාවේරි ගංගාවේ බොහෝ ඇළ මාර්ග මෙම යුගයට අයත් ය. මෙයට නිදසුන් ලෙස උයියකොන්ඩන් ඇළ, රාජේන්ද්‍රන් වයික්කාල්, සෙම්බියන් මහාදේවී වයික්කාල් දැක්විය හැක. ගම් මට්ටමේ සිට ඉහළට මනාව සංවිධානය වූ, සංවර්ධිත ජල කළමනාකරණ පද්ධතියක් පැවතිණි. රාජකීය අනුග්‍රහය සහ දේවදාන හා බ්‍රාමදේය භූමි සංඛ්‍යාව ද ඉහළ යාම හේතුවෙන් වගාබිම්වල දේවාල සහ ගම්මානවල පැවැත්වූ රැස්වීම් ද ඉහළ ගියේ ය. ඒරි-වරියම් (වැව් සභාව) සහ තෝට්ට-වරියම් (ගෙවතු සභාව) වැනි සභා ක්‍රියාකාරීව පැවති අතර, භූමිය, මිනිසුන් සහ ධනය අතින් පිරි දේවාල ද මේ සඳහා දායක විය. චෝළ යුගයේ ඉදිවූ ජලාශ සංඛ්‍යාව අතිමහත් ය. මින් වැදගත් නිර්මාණ කිහිපයක් මෙසේ සඳහන් කළ හැක: රාජේන්ද්‍ර චෝළ විසින් සිය අගනුවර වූ ගංගෛකොන්ඩ චෝළපුරම්හි සෝළගංගම් නැමැති දැවැන්ත ජලාශයක් කරවූ අතර, එය විජයග්‍රහණයේ දිය ටැඹ ලෙස දක්වා ඇත. සැතපුම් 16ක් දිගැති මෙය අසල්වැසි ප්‍රදේශවල බිම් සඳහා සොරොව් සහ ඇළ මාර්ග ආධාරයෙන් ජලය බෙදාහරින ලදී. මෙම යුගයට අයත් තවත් දැවැන්ත ජලාශයක් ලෙස දකුණු අර්කොට් දිස්ත්‍රික්කයේ කට්ටුමන්නර්කෝයිල් අසල පිහිටි වීරනමේරි සැලකේ. පරන්තක චෝළ යුගයේ ඉදිවූ මෙය වර්තමානයේ පවා ජලසම්පාදන කටයුතු සඳහා වැදගත් වේ. මෙම යුගයට අයත් තවත් සුප්‍රකට වැව් ලෙස මදුරන්තාකම්, සුන්දර-චෝළපෙරේරි, කුන්ඩවෛ-පෙරේරි (චෝළ රැජිනකගේ නම අනුසාරයෙන් යෙදූවකි) දැක්විය හැක.[159]

සංස්කෘතික දායකත්වයන්[සංස්කරණය]

තන්ජවූර් දේවාලයේ ප්‍රධාන විමානයේ (ශිඛරයේ) විස්තරාත්මක දසුනක්

චෝළයන් යටතේ, දමිළ දේශය කලාව, ආගම, සංගීතය සහ සාහිත්‍යය යන අංගවල නව මානයන් කරා ළඟා විය.[160] මෙම සියලු අංශවලින් චෝළ යුගය අතීතයේ පල්ලවයන් ලබාගෙන සිටි උච්චස්ථානය නැවත සනිටුහන් කරයි.[161] විශිෂ්ට දේවාල, ශෛලමය සහ ලෝකඩ ප්‍රතිමා ඉන්දියාවේ එතෙක් බිහිවූ අගනාම නිර්මාණ විය.[162]

කාඩරම් (කේඩා) හා ශ්‍රීවිජයෙහි චෝළ ආක්‍රමණ සහ චීන අධිරාජ්‍යය සමග පැවති වෙළඳ සබඳතා හේතුවෙන් ඔවුනට දේශීය සංස්කෘතීන් කෙරෙහි සිය බලපෑම පැතිරවීමට හැකි විය.[163] අග්නිදිග ආසියාව පුරා හින්දු සංස්කෘතික බලපෑම සඳහා වන නිදසුන් බොහෝමයක් චෝළයන්ගෙන් උරුමවූ ඒවා වේ. උදාහරණයක් වහයෙන්, ඉන්දුනීසියාවේ ප්‍රාම්බනන්හි මහා දේවාල සංකීර්ණය දකුණු ඉන්දියානු ගෘහනිර්මාණ ශිල්පයට බොහෝ සමානකම් දක්වයි.[164][165]

මලය වංශකථාවක් වන සේජරා මෙලායු අනුව මලක්කා සුල්තානේටයේ පාලකයින් චෝළ අධිරාජ්‍යයෙන් පැවතෙන්නන් යැයි කියනු ලැබේ.[166] වර්තමාන මැලේසියාවේ පවා චෝළ පාලනය අදටත් සිහිගැන්වෙන් අතර, චෝළන් හෝ චූලන් ලෙස නාමය අවසන් වන බොහෝ කුමාරවරුන් එහි ඇත. මෙයට උදාහරණයක් ලෙස පෙරාක්හි රජු වූ රාජා චූලන් දැක්විය හැක.[167][168]

කලාව[සංස්කරණය]

සවිස්තර ලක්ෂණවලින් හෙබි අතිශයින් විසිතුරු කුළුණු සහ කැටයම්වලින් බහුල බිත්තිවලින් යුත් දාරාසුරම්හි ඓරාතේශ්වර දේවාලය චෝළ කලාවේ සහ ගෘහිනර්මාණ ශිල්පයේ සම්භාව්‍ය නිදසුනක් ලෙස සැලකේ.

පල්ලව රාජවංශයේ දේවාල-ඉදිකිරීම් සම්ප්‍රදායයන් ඉදිරියට පවත්වාගෙන යාමට චෝළයන් කටයුතු කළ අතර, ද්‍රවිඩියානු දේවාල සැලැස්මේ ප්‍රගතියට ඔවුන්ගේ දායකත්වය වැදගත් විය.[169] කාවේරි ගංගාවේ ඉවුරු මත ඔවුහු ශිව දේවාල ගණනාවක් ඉදිකළහ. මෙම සහ අනාගත දේවාල සඳහා සැකිල්ල Iවන ආදිත්‍ය සහ පරන්තක විසින් ඉදිරිපත් කරන ලදී.[170][171][172] චෝළ දේවාල ගෘහනිර්මාණ ශිල්පය එහි ඇති ශ්‍රීවිභූතිය මෙන්ම සියුම් කැටයම්කරණය හේතුවෙන් පැසසුමට ලක්ව ඇත. ඔවුන් මෙහි දී පල්ලව රාජවංශයේ අනර්ඝ සම්ප්‍රදායයන් අනුගමනය කොට ඇත.[173] ෆර්ගසන් පවසන්නේ "චෝළ කලාකරුවන් යෝධයන් ලෙස සිතමින් ආභරණකරුවන් මෙන් නිමකොට ඇති බවයි".[173] පසුකාලීන යුගයේ චෝළ කලාවේ සහ ද්‍රවිඩියානු ගෘහනිර්මාණ ශිල්පයේ නව සංවර්ධනයක් දක්නට ලැබිණි. මෙහි දී දේවාල සීමාවේ ගෝපුරම් නැමැති දැවැන්ත ද්වාර මාලකයක් ඉදි විය.මෙය ක්‍රමයෙන් සංවර්ධනය වී පාණ්ඩ්‍ය රාජවංශ සමයේ උච්චත්වයට පත් විය.[173] චෝළ කලා සම්ප්‍රදාය අග්නිදිග ආසියාව කෙරෙහි ද ව්‍යාප්ත වූ අතර, අග්නිදිග ආසියානු කලාව සහ ගෘහනිර්මාණ ශිල්පය හැඩගැස්වීමට බලපෑවේ ය.[174][175]

රාජරාජ චෝළ සහ ඔහුගේ පුත් Iවන රාජේන්ද්‍ර චෝළගේ ආක්‍රමණ සමග දේවාල ඉදිකිරීම ශ්‍රීඝ්‍ර ප්‍රගතියක් අත්කරගත්තේ ය.[176] චෝළ ගෘහනිර්මාණ ශිල්පය හිමි කරගත් පරිණතභාවය සහ ශ්‍රීවිභූතිය තන්ජවූර් සහ ගංගෛකොන්ඩචෝළපුරම්හි දේවාල ද්විත්වයෙන් පෙනේ. සුප්‍රකට තන්ජවූර්හි ශිව දේවාලය 1009 අවට කාලයේ නිමකෙරුණු අතර, මෙය රාජරාජගේ ජයග්‍රහණ අනුස්මරණය සඳහා ගැලපේ. එකල ඉන්දියානු දේවාල අතුරින් විශාලතම සහ උසැතිම දේවාලය වූ මෙය දකුණු ඉන්දියානු ගෘහනිර්මාණ ශිල්පයේ කූටප්‍රාප්තිය පෙන්නුම් කරයි. රාජේන්ද්‍ර චෝළගේ නිර්මාණයක් වන ගංගෛකොන්ඩ‍චෝළපුරම්හි ගංගෛකොන්ඩචෝළීශ්වරම් දේවාලය ඉදිකෙරුණු සිය අනුප්‍රාප්තිකයාගේ නිර්මාණ අභිබවා යාමට බැ‍ව් පෙනේ. 1030 අවට සම්පූර්ණ කෙරුණු මෙය, එම ශෙලියෙන්ම යුත් තන්ජවූර් දේවාලය ඉදිවී දශක දෙකකට පසුව ඉදිවූවකි. මෙහි බාහිර පෙනුමේ ඇති අලංකෘතභාවය තුළින් රාජේන්ද්‍ර යටතේ චෝළ අධිරාජ්‍යය අත්කරගත් සමෘද්ධිමත්භාවය පෙනේ.[169][177] බෘහාදීශ්වර දේවාලය, ගංගෛකොන්ඩචෝලීශ්වරම් දේවාලය සහ දාරාසුරම්හි ඓරාවතේශ්වර දේවාලය යන සියල්ල යුනෙස්කෝව විසින් ලෝක උරුම අඩවි ලෙස නම් කොට ඇත්තේ ඒ සියල්ල එක්ව සමූහයක් ලෙස මහා ජීවමාන චෝළ දේවාල යන නාමය යටතේ ය.[178]

චෝළ යුගය එහි ප්‍රතිමා සහ ලෝකඩ ප්‍රතිමා හේතුවෙන් ප්‍රකට වී ඇත.[179][180][181] ලොව පුරා කෞතුකාගාරවල තබා ඇති සහ දකුණු ඉන්දියාවේ දේවාලවල ශේෂව ඇති නිදර්ශක අතර ශිවගේ විවිධ ස්වරූපවලින් යුත් අනර්ඝ ප්‍රතිමා හමුවේ. මීට අමතරව විෂ්ණු සහ ඔහුගේ බිසව ලක්ෂ්මී සහ ශෛව සාන්තුවරුන්ගේ ප්‍රතිමා හමුවේ.[169] දීර්ඝ සම්ප්‍රදායයක් ඔස්සේ ස්ථාපිත කෙරුණු ප්‍රතිමා විද්‍යාත්මක සම්මුතීන් අනුව 11වන සහ 12වන සියවස්වල දී මෙවන් සම්භාව්‍ය ශ්‍රීවිභූතියක් සහ අනර්ඝභාවයක් ලබාගැනීමට ප්‍රතිමා ශිල්පීනට ඉමහත් නිදහසක් හිමිවන්නට ඇතැයි සිතිය හැක. මෙයට හොඳම නිදසුන වන්නේ නටරාජා දිව්‍යමය නර්තන ප්‍රතිමාවයි.[182][lower-alpha 13]

සාහිත්‍යය[සංස්කරණය]

අල්ස්ටර් කෞතුකාගාරයේ ඇති චෝළ ලෝකඩ ප්‍රතිමාවක්

අධිරාජකීය චෝළ යුගය දෙමළ සංස්කෘතියේ ස්වර්ණමය යුගය ලෙස සැලකේ. මෙහි දී සාහිත්‍යයට වැදගත් ස්ථානයක් හිමි විය. චෝළ වාර්තාවල රාජරාජේශ්වර නාටකම්, වීරනුක්කවියම් සහ කන්නිවාන පුරාණම් වැනි නොයෙකුත් කෘති පිළිබඳ සඳහන් වේ.[184]

කාලභ්‍රයන්ගේ සමයේ පරිහානියට පත්ව තිබූ හින්දු ආගම පුනර්ජීවනය ලැබීමත් සමග, දේවාල ගණනාවක් ඉදිවූ අතර මේවා ශෛව සහ වෛෂ්ණව ආගමික සාහිත්‍යය සඳහා ඉවහල් විය.[185] ජෛන සහ බෞද්ධ කතුවරුන් ද ප්‍රකට වූ නමුත්, පෙර සියවස්වලට සාපේක්ෂව කතුවරුන් සංඛ්‍යාව තරමක් ප්‍රමාණයෙන් අඩු විය.[186] තිරුතක්කතේවර්ගේ ජීවක-චින්තාමණි සහ තෝලමෝලිගේ සූලමණි ග්‍රන්ථ හින්දු-නොවන කතුවරුන්ගේ සුප්‍රකට නිර්මාණ වේ.[187][188][189] ව්‍යාකරණවේදී බුද්ධමිත්‍ර විසින් දෙමළ ව්‍යාකරණ පිළිබඳ වීරසෝලියම් නම් ග්‍රන්ථයක් රචනාකොට ඇත.[190] තොල්කාප්පියම් නම් මහා ග්‍රන්ථය පිළිබඳ ව්‍යාඛ්‍යාන ද ලියැවුණු අතර එහි ව්‍යාකරණ පමණක් නොව යුධ ශිල්පය සහ ආචාරධර්ම පිළිබඳව ද සඳහන් වේ.[191][192][193] මෙම යුගයේ තවත් වැදගත් සාහිත්‍ය නිර්මාණයක් ලෙස පෙරියපුරාණම් සැලකේ. මෙම කෘතිය දෙමළ ජනයාගේ ජාතික වීරකාව්‍ය ශෛලියෙන් යුතු වන්නේ, එමගින් තමිල් නාඩුවේ සමාජයේ සියලු පන්තිවලට අයත්, ස්ත්‍රී පුරුෂ, උසස් පහත්, උගත් නූගත් ශාන්තුවරුන්ගේ දිවිය පිළිබඳ විස්තර කෙරෙන හෙයිනි.[194]

IIIවන කුලෝතුංග චෝළ රාජ්‍ය සමයේ විසූ කතුවරයෙකි, කම්බන්. ඔහුගේ රාමාවතාරම් (ඇතැම් අවස්ථාවල කම්බරාමායණම් ලෙස ද හැඳින්වේ) යනු දෙමළ සාහිත්‍යයේ වීර කාව්‍යයකි. එසේම කතුවරයා තමන් වාල්මිකීගේ රාමායණය ආදර්ශයට ගත් බව සඳහන් කොට ඇත. සාමාන්‍යයෙන් සැලකෙන්නේ ඔහුගේ කෘතිය සංස්කෘත වීර කාව්‍යයේ සරල පරිවර්තනයක් නොවන බවයි.[195] ඔහු මෙම කථාපුවත සිය කාලයේ වර්ණ සහ භූමිදර්ශනය මුසු කොට ඇත. කෝසලය පිළිබඳ ඔහුගේ විස්තරය, චෝළ දේශය පිළිබඳ නිරූපණයකි.[189][196][197]

ජයම්කොන්ඩර්ගේ අග්‍රකෘතියක් වන කාලිංගාට්ටුපරණි අඛ්‍යාන පද්‍ය සඳහා නිදසුනක් වන අතර, එහි ඓතිහාසික සහ ප්‍රබන්ධ මතයන් අතර පැහැදිළි සීමාවක් පෙන්වයි. මෙමගින් Iවන කුලෝතුංග චෝළ කාලිංගයෙහි සිදුකළ යුද්ධය පමණක් නොව, යුද්ධයේ ශ්‍රීවිභූතිය සහ බිහිසුණු බව විස්තර කෙරෙයි.[197][198] දෙමළ කවියකු වන ඔට්ටකූට්ටන් Iවන කුලෝතුංග චෝළගේ සමකාලිනයකු වූ අතර, කුලෝතුංගගේ අනුප්‍රාප්තිකයන්ගේ සමයේ රාජ සභාවේ සේවය කොට ඇත.[199][200] ඔ‍ට්ටකූට්ටන් රචිත කුලෝතුංග චෝළන් ඌල පද්‍යය මගින් චෝළ රජුගේ යහපත් බව වර්ණනා කෙරේ.[201]

නන්නූල් යනු දෙමළ ව්‍යාකරණ පිළිබඳ චෝළ යුගයේ කෘතියකි. මෙමගින් ව්‍යාකරණ ශාඛා පහම විස්තර කෙරෙන අතර, බර්තෝල්ඩ් ස්පියුලර් අනුව වර්තමානයේ පවා එය දෙමළ සාහිත්‍ය‍යේ වඩාත් ප්‍රාමාණික කෘතිය්ක ලෙස පිළිගැනේ.[202]

ආගමික සාහිත්‍යය සැලකූ විට, ශෛවීය ධර්ම ග්‍රන්ථ මාලාව ‍ග්‍රන්ථ එකොළහකට පිළියෙල කිරීම සිදුකළේ 10වන සියවසේ අවසාන කාලයේ විසූ නම්බි අන්දර් නම්බි විසිනි.[203][204] කෙසේනමුත්, පසුකාලීන චෝළ යුගයේ දී සාපේක්ෂව අල්ප වෛෂ්ණව කෘති සංඛ්‍යාවක් බිහිවූයේ වෛෂ්ණවවාදය කෙරෙහි පාලකයන් තුළ වූ ද්වේශය නිසා වන්නට ඇත.[205]

සංස්කෘතික මධ්‍යස්ථාන[සංස්කරණය]

චෝළ පාලකයන් දේවාල මධ්‍යස්ථාන සංවර්ධනය කෙරෙහි උනන්දු වූ අතර, ඒවා සිය රාජකීය අධිකාරීය පුළුල් කිරීමට උපයෝගී කොට ගෙන ඇත. ඔවුහු දේවාල වටා අධ්‍යාපන මධ්‍යස්ථාන සහ රෝහල් ඉදිකළහ.[206] වීරරාජේන්ද්‍ර චෝළගේ රාජ්‍ය සමයයට අයත් වාර්තාවක් දේවාලය තුළවූ ජනනමණ්ඩපයේ පාඨශාලාවක් නඩත්තු කිරීම පිළිබඳ සඳහන් කරයි. එහි වේද, ශාස්ත්‍ර, ව්‍යාකරණ සහ රූපාවතාර ඉගැන්වුණු අතර, ශිෂ්‍යයින් සඳහා නේවාසිකාගාර ද සැපයිණි. ශිෂ්‍යයන්හට ආහාර, සෙනසුරාදා දිනවල ස්නාන තෙල් ද සැපයිණි.[පැහැදීම ඇවැසිය] වීරසෝලන් නැමැති රෝහලක රෝගීන් සඳහා සයන පහළොවක් අන්තර්ගත වූ බැව් සඳහන් වේ. මීට අමතරව සහල්, වෛද්‍යවරයකු, ශල්‍යවේදියකු, හෙදියන් දෙදෙනකු සහ රෝහල් සඳහා සාමාන්‍ය සේවකයකු ද ඇතුළත් විය.[207]

ආගම[සංස්කරණය]

නිව් යෝක් නගරයේ මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරයේ තබා ඇති ලෝකඩ චෝළ නටරාජා ප්‍රතිමාවක්

සාමාන්‍යයෙන් චෝළයෝ හින්දු ආගමේ අනුගාමිකයෝ වූහ. නමුත් පල්ලව සහ පාණ්ඩ්‍ය රාජවංශවල රජවරුන් සේම ඔවුන් ද ජෛන ආගමේ සහ බුද්ධාගමේ පිබිදීම නවතාලූයේ නැත. මුල්කාලීන චෝළයකු වූ කෝචෙන්ගන්නන් සංගම් සාහිත්‍යයේ මෙන්ම ශෛවීය ග්‍රන්ථවල ද හින්දු ශාන්තුවරයකු ලෙස දක්වා ඇත.[25]

චෝළයන් සිය දැවැන්තම සහ වැදගත්ම දේවාලය ශිව වෙනුවෙන් ඉදිකළ ද, එමගින් ඔවුන් ශෛව ආගමෙහි අනුග්‍රාමිකයන් වූ බව හෝ ඔවුන් අනෙක් ආගම් අතුගා දැමූ බව හෝ හැඟවෙන්නේ නැත. මේ බව දෙවන චෝළ රජු වූ Iවන ආදිත්‍ය (ක්‍රි.ව. 871–903) විසින් ශිව මෙන්ම විෂ්ණු වෙනුවෙන් ද දේවාල ඉදි කිරීමෙන් පෙනී යයි. 890ට අයත් අභිලේඛනවල ඔහු බටහිර ගංග දේශයේ ශ්‍රීරංගපට්නම්හි රංගනාථ දේවාලයේ ඉදිකිරීම් සඳහා ඔහු ලබාදුන් දායකත්වය සඳහන් වේ. මෙකල බටහිර ගංග දේශය ඔහුගේ යටත් රාජ්‍යයක් වූ අතර, ඒ සමග ඔහුගේ විවාහ සම්බන්ධතා ද පැවතිණි. එසේම ඔහු ප්‍රඥාපනය කොට තිබුණේ මහා ශිව දේවාල සහ රංගනාථ දේවාලය චෝළ අධිරාජවරුන්ගේ කුලදානම් විය යුතු බවයි.[208]

IIවන පරන්තක තිරුචි ආසන්නයේ කාවේරි ගංගා ඉවුරෙහි අන්බිල්හි වැතිරගත් විෂ්ණුගේ (වඩිවු අලගිය නම්බි) බැතිමතකු විය. ඔහු මෙම ප්‍රතිමාව සඳහා විවිධ පරිත්‍යාග සහ අලංකරණයන් සිදුකොට ඇත. එසේම ඔහු සිය භූමිය නැවත ලබාගැනීමට නැව් නැගීමේ දී මෙම ප්‍රතිමාව ඉදිරියේ වන්දනා කොට ඇති අතර, කාංචි සහ අර්කොට් රාෂ්ට්‍රකූටයන්ගෙන් ලබාගැනීමටත්, මදුරෛ සහ ඊලම් (ශ්‍රී ලංකාව) වෙත ආක්‍රමණ දියත් කිරීම ද සිදුව ඇත.[209] Iවන පරන්තක සහ IIවන පරන්තක චෝළ ශිව සහ විෂ්ණු වෙනුවෙන් දේවාල ඉදිකොට ඇත.[210] Iවන රාජරාජ චෝළ බෞද්ධයන්හට අනුග්‍රහ දැක්වූ අතර ශ්‍රීවිජය ශෛලේන්ද්‍ර රජු වූ ශ්‍රී චූලමණිවර්මන්ගේ ඉල්ලීම පරිදි නාගපට්ටිනම්හි චූඩාමණි විහාරයේ ඉදිකිරීම් කටයුතු ද සිදුකළේ ය.[211][212]

පසුකාලීන චෝළ අවධියේ, වෛෂ්ණවවාදීන් කෙරෙහි,[213] විශේෂයෙන්ම ඔවුන්ගේ ආචාර්ය රාමනුජ කෙරෙහි ප්‍රතිවිරෝධයක් පැවති බැව් පෙනේ.[214] දැඩි ශෛවවාදියකු වූ IIවන කුලෝතුංග චෝළ විසින් චිදම්බරම්හි ශිව දේවාලයේ වූ විෂ්ණු ප්‍රතිමාවක් ඉවත් කළ බැව් පැවසේ. නමුත් මෙම මතයට ආධාර වන අභිලේඛනමය සාධක හමු නොවේ. 1160ට අයත් අභිලේඛනයක සඳහන් වන්නේ වෛෂ්ණවාගමිකයන් සමග සමාජ ආශ්‍රයන් පවත්වන ශිව දේවාල භාරකරුවන්ගේ දේපළ රාජසන්තක කෙරෙන බවයි. කෙසේනමුත් මෙය කිසිදු චෝළ අධිරාජජයකු විසින් ශෛවීය ප්‍රජාව උදෙසා කළ යුතු කාර්යයට එහා ගිය දෙයක් බැව් පෙනේ. චෝළ රජවරුන් සිය දැවැන්තම දේවාල ශිව වෙනුවෙන් කැප කළ ද, Iවන රාජරාජ චෝළ වැනි අධිරාජවරුන් සිවපාදසේඛරන් වැනි විරුද දරා තිබුණ ද, ඔවුන්ගේ කිසිදු අභිලේඛනයක චෝළ අධිරාජවරුන් සිය වංශය ශෛවාගම පමණක් ඇදහිය යුතු ය හෝ සිය පාලන සමයේ ඇදහිය යුතු එකම ආගම ශෛවාගම ය යනුවෙන් පවසා නැත.[215][216][217]

ජනප්‍රිය සංස්කෘතිය තුළ[සංස්කරණය]

සිටගත් හනුමාන් ප්‍රතිමාවක්; චෝළ රාජවංශය, 11වන සියවස.

චෝළ රාජවංශය විවිධ දමිළ කතුවරුන්ගේ කෘති සඳහා තේමා වී ඇත.[218] මෙම ගණයේ වඩාත් වැදගත්ම කෘතිය වනුයේ ජනප්‍රිය පොන්නියින් සෙල්වන් (පොන්නිගේ පුත්‍රයා) නම් ඓතිහාසික දෙමළ නවකථාවයි. මෙය රචනා කොට ඇත්තේ කල්කි ක්‍රිෂ්ණමූර්ති විසිනි.[219] වෙළුම් පහකින් රචිත මෙමගින් රාජරාජ චෝළගේ කථා පුවත නිරූපණය කොට ඇති අතර, උත්ත‍ම චෝළ සිහසුනට පත්වූ අවධිය තෙක් සිදුවීම් එහි අන්තර්ගත ය. කල්කි විසින් IIවන පරන්තක චෝළගේ මරණින් පසු සෝළ සිහසුනේ අනුප්‍රාප්තියට ඇතිවූ මතභේදය උපයෝගී කොටගෙන ඇත.[220] මෙම ග්‍රන්ථය 1950 දශකයේ මැද කාලයේ දෙමළ වාර සඟරාවක් වූ කල්කිහි කොටස් වශයෙන් පල විය.[221] මෙම ලිපි මාලාව ආසන්න වශයෙන් වසර පහක් පමණ පල වූ අතර, සෑම සතියකම එය ප්‍රකාශයට පත්වන තෙක් රසිකයින් තුළ ඉමහත් උනන්දුවක් පැවතිණි.[222] කල්කිගේ මින් පෙර ප්‍රේම වෘත්තාන්ත ඓතිහාසික නවකථාවක් වූ පාර්තිබන් කනවු තුළින් 7වන සියවසේ Iවන නරසිංහවර්මන් පල්ලව රජුගේ යටත් වැසියකු ලෙස දිවි ගෙවූ වික්‍රමන් නැමැති මනඃකල්පිත චෝළ කුමරකු පිළිබඳ කියැ‍වේ. මෙම කථාපුවත දිවෙන්නේ විජයලාය චෝළගේ නැගීමට පෙර චෝළයන් පරිහානියට පත්ව සිටි අරාජික සමය තුළිනි.[223] පාර්තිබන් කනවු නවකථාව ද මුල්කාලීන 1960 දශකයේ කල්කි තුළ සතිපතා කොටස් වශයෙන් පල විය.[තහවුරු කර නොමැත]

තවත් ප්‍රකට දමිළ නවකථා රචකයකු වන සන්දිල්‍යන් විසින් 1960 දශකයේ කඩල් පුරා නම් නවකථාවක් රචනා කළේ ය. මෙය සතිපතා දමිළ පුවත්පතක් වූ කුමුදම්හි මාලාවක් වශයෙන් පල විය. කඩල් පුරා සඳහා පසුබිම් වී ඇත්තේ සිහසුන ප්‍රතික්ෂේප කිරීමෙන් පසු Iවන කුලෝතුංග චෝළ වෙංගි රාජධානියේ පිටුවහල් වී සිටි කාලයයි. මෙමගින් මෙම යුගයේ කුලෝතුංග පිළිබඳ විවිධ උපකල්පන සිදුකොට ඇත. සන්දිල්‍යන්ගේ මීට පෙර කෘතියයක් වූ 1960 දශකයේ රචිත යවන රාණි නවකථාව සඳහා පාදක වී ඇත්තේ කරිකාල චෝළගේ දිවියයි.[224] වඩාත් මෑතක දී, බාලකුමාරන් විසින් රචිත උදෛයර් නවකථාව සඳහා පාදක වී ඇත්තේ රාජරාජ චෝළ විසින් තන්ජවූරයේ බෘහාදීශ්වර දේවාලය ඉදිකළ අවධියේ සිදුවූ සිදුවීම් ය.[225]

1950 දශකයේ රාජරාජ චෝළගේ ජීවිත කථාව අලලා වේදිකා නාට්‍ය නිර්මාණය විය. 1973දී රාජරාජ චෝළන් නම් වේදිකා අනුවර්තනයේ සිවාජි ගනේෂන් රංගනයෙන් දායක විය. ඇවලන් හිල් වෙතින් නිෂ්පාදිත History of the World නම් පුවරු කීඩාවේ ද චෝළයන් නිරූපණය කොට ඇත.

2010 දෙමළ-භාෂා චිත්‍රපටයක් වන ආයිරතිල් ඔරුවන් සඳහා ද තේමා වී ඇත්තේ චෝළයන් ය.

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

සටහන්

  1. සංගම් යුගලය ස්ථාපනය කොට ඇත්තේ පෙරිප්ලස් වැනි පුරාතන ග්‍රීක සහ රෝම ලේඛන සහ පද්‍යවල විදේශ වෙළඳාම හා සම්බන්ධ සාක්ෂිවලට අනුරූපව ය. කේ. ඒ. නීලකාන්ත ශාස්ත්‍රී, A History of Cyril and Lulu Charles, පි. 106
  2. සංගම් කාව්‍ය යුගය මගින් ආවරණය වන කාල පරිච්ඡේදය පරම්පරා පහකට හෝ සයකට වැඩි විය නොහැකි බැව් පෙනේ.[16]
  3. අශෝක ස්තම්භ ලිපිවල චෝළයන් බහුවචන ස්වරූපයෙන් යෙදේ. ඔහුගේ කාලයේ චෝළයන් එකකට වඩා පැවති බැව් පෙනේ.[18]
  4. විජයලාය රාජවංශයේ ඍජු චෝළ පෙළපත වීරරාජේන්ද්‍ර චෝළගේ මරණය සහ ඔහුගේ පුත් අතිරාජේන්ද්‍ර චෝළගේ ඝාතනයත් සමග නිමා විය. Iවන කු‍ලෝතුංග චෝළ සිහසුනට පත්වූයේ 1070දී ය.[19]
  5. මෙම මුල්කාලීන රජවරුන්ගේ ආසන්න කාලපරිච්ඡේදය පිළිබඳ එකම සාක්ෂ්‍ය නම් සංගම් සාහිත්‍යය සහ මහාවංසයේ දැක්වෙන සමකාලීන ශ්‍රී ලංකාවේ ඉතිහාසය ආශ්‍රය කොට ගැනීමයි. ඒ අනුව 2වන සියවසේ විසූ ශ්‍රී ලංකාවේ Iවන ගජබාහු රජු චේර සෙංගුට්ටුවන්ගේ සමකාලීනයකු යැයි පැවසෙන අතර, එමගින් හෙළිවන්නේ සෙංගුට්ටවන් පිළිබඳ සඳහන් පද්‍ය එම යුගයට අයත් බවයි.[තහවුරු කර නොමැත]
  6. පාණ්ඩ්‍ය කාඩුන්ගොන් සහ පල්ලව සිංහවිෂ්ණු විසින් කාලභ්‍රයන් නෙරපා දමන ලදී. අච්චූතකලාබ අවසන් කාලභ්‍ර රජු වූ බැව් පෙනේ.[34]
  7. පෙරියපුරාණම් නම් 12වන සියවසට අයත් ශෛව ආගමික කෘතියක පාණ්ඩ්‍ය රජ නින්ද්‍රසිර්නේදුමාරන් සිය රැජින ලෙස චෝළ කුමරියක පත් කරගත් බැව්‍ දැක්වේ.[36]
  8. පල්ලව බුද්ධවර්මන් (පසුකාලීන 4වන සියවස) රජුගේ තඹ සන්නස්වල රජු "චෝළ හමුදාව නම් සාගරය විනාශ කළ දිය යට අග්නියක්" යැයි උපමාකොට ඇත.[37] සිංහවිෂ්ණු (575–600) විසින් ද චෝළ දේශය යටත් කරගත් බැව් සඳහන් වේ. Iවන මහේන්ද්‍රවර්මන් රජුව ඔහුගේ ශිලාලේඛන තුළ හඳුන්වා ඇත්තේ "චෝළ දේශයේ කිරුළ" ලෙසයි.[තහවුරු කර නොමැත]
  9. කේ. ඒ. නීලකාන්ත ශාස්ත්‍රී උපකල්පනය කරන්නේ මුල්කාලීන චෝළයන් සහ ආන්ධ්‍ර දේශයේ රේනාඩු චෝළයන් අතර සජීවී සම්බන්ධයක් පැවති බවයි. උතුරුදිග සංක්‍රමණය සිංහවිෂ්ණු යටතේ පල්ලවයන් ප්‍රමුඛ වූ අවධියේ සිදුවූවා වන්නට හැක. මොවුන් කරිකාල චෝළගෙන් පැවතෙන්නන් බවට වූ මතයයන් ශාස්ත්‍රී විසින් සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කොට ඇත.[41]
  10. "දෙවන පාණ්ඩ්‍ය යුද්ධයෙන් පසුව, මෙම කාර්තුවේ හොයිසාලයන්ගේ බලයේ වර්ධනය පරීක්ෂා කොට බැලීමට කුලෝත්තුංග ආක්‍රමණයක් මෙහෙයවී ය. තගදූර්හි ආදිගෛමාන්වරුන්ව අභිබවා සිය ආධිපත්‍යය පැතිරවූ ඔහු චේර පාලකයාව සටනකින් පරාජය කොට කරුවූර්හි විජයාභිෂේකයක් (1193) පැවැත්වී ය. හොයිසාල IIවන බල්ලල සමග ඔහුගේ සම්බන්ධය මින් පසුව මිත්‍රශීලී වූ අතර, බල්ලල චෝළ කුමරියක හා විවාහ විය".[65]
  11. Tබෞද්ධ කෘතියක් වන මිලින්ද ප්‍රශ්නය මුල්කාලීණ ක්‍රිස්තු යුගයට කාලනිර්ණය කොට ඇති අතර, මෙහි සඳහන් වන්නේ චෝළ වෙරළ තීරයේ වඩාත් ප්‍රකට වරායයන් අතර කෝලපට්ටනය වූ බවයි.[87]
  12. ඉන්දියාව නිදහස ලැබීමට පෙර ඉන්දියානු අර්ධද්වීපයම තනි ඡත්‍රයක් යටතට පත්වූ අනෙක් අවස්ථාව විජයනගර අධිරාජ්‍යය (1336–1614) ලෙස සැලකේ.[තහවුරු කර නොමැත]
  13. පොදු සම්මුතිය අනුව, විශිෂ්ටම චෝළ අග්‍රකෘතීන් ලෙස සැලකෙන්නේ සිව නටරාජා ලෝකඩ ප්‍රතිමායි.[183]

උද්ධෘත

  1. Singapore and the Silk Road of the Sea 1300-1800 by John N. Miksic, p.110
  2. K.A. Nilakanta Sastri, A History of South India, p 157
  3. 3.0 3.1 Keay, p 215
  4. K.A. Nilakanta Sastri, A History of South India, p 158
  5. Majumdar, p 407
  6. Meyer, p 73
  7. K.A. Nilakanta Sastri, A History of South India, p 195
  8. K.A. Nilakanta Sastri, A History of South India, p 196
  9. Vasudevan, pp 20–22
  10. Keay, pp 217–218
  11. Thai Art with Indian Influences by Promsak Jermsawatdi p.57
  12. Columbia Chronologies of Asian History and Culture by John Stewart Bowman p.335
  13. Prasad (1988), p. 120
  14. Sastri (1984), pp. 19–20
  15. Archaeological NewsA. L. Frothingham, Jr. The American Journal of Archaeology and of the History of the Fine Arts, Vol. 4, No. 1 (Mar., 1998), pp. 69–125
  16. Sastri (1984), p. 3
  17. Columbia Chronologies of Asian History and Culture by John Bowman p.401
  18. Sastri (1984), p. 20
  19. Sastri (2002), pp. 170–172
  20. Sastri (2002), pp. 19–20, 104–106
  21. 21.0 21.1 21.2 21.3 21.4 Tripathi (1967), p. 457
  22. Majumdar (1987), p. 137
  23. 23.0 23.1 23.2 Kulke & Rothermund (2001), p. 104
  24. 24.0 24.1 Tripathi (1967), p. 458
  25. 25.0 25.1 Sastri (2002), p. 116
  26. Sastri (2002), pp. 105–106
  27. Sastri (2002), p. 113
  28. R, Narasimhacharya (1942). History of the Kannada Language. Asian Educational Services. p. 48. ISBN 9788120605596.
  29. Sastri (2002), pp. 130, 135, 137
  30. Majumdar (1987), p. 139
  31. Thapar (1995), p. 268
  32. Sastri (2002), p. 135
  33. 33.0 33.1 Sastri (2002), pp. 130, 133Quote:"මෙම පරාජය හමුවේ චෝළයන් මුළුමණින්ම පාහේ දමිළ භූමියෙන් අතුරුදන්ව ඇත. නමුත් ඔවුන්ගේ ශාඛාවක් තෙලිඟු-චෝඩ රායලසීමගේ යුගයේ අවසානය තෙක් පවතින්නට ඇත. මොවුන්ගේ රාජධානිය පිළිබඳ ක්‍රි.ව. හත්වන සියවසේ හියුංසාං විසින් ද සඳහන් කොට ඇත."
  34. 34.0 34.1 Sastri (1984), p. 102
  35. 35.0 35.1 Kulke & Rothermund (2001), p. 115
  36. 36.0 36.1 36.2 Chopra, Ravindran & Subrahmanian (2003), p. 95
  37. Sastri (1984), pp. 104–105
  38. Tripathi (1967), p. 459
  39. Chopra, Ravindran & Subrahmanian (2003), p. 31
  40. Sastri (2002), p. 4Quote:"උත්‍යක්ත දිස්ත්‍රික්කයේ රේනාඩු දේශයේ තෙලිඟු-චෝඩයන් දෙමළ භූමියෙහි වූ රාජ්‍යයෙහි නාමයම දැරුව ද, එමෙන්ම සංගම් යුගයේ වඩාත් ප්‍රකට මුල්කාලීන චෝළ පාලකයා වූ කරිකාලගෙන් පැවතෙන්නන් යැයි ප්‍රකාශ කළ ද එවැනි සම්බන්ධයක් සැබැවින්ම තිබූයේදැයි නොදනියි."
  41. Sastri (1984), p. 107
  42. Tripathi (1967), pp. 458–459
  43. Sen (1999), pp. 477–478
  44. 44.0 44.1 44.2 Dehejia (1990), p. xiv
  45. Kulke & Rothermund (2001), pp. 122–123
  46. Eraly (2011), p. 67
  47. Sastri (2002), p. 157
  48. Eraly (2011), p. 68
  49. "Endowments to the Temple". Archaeological Survey of India.
  50. The Dancing Girl: A History of Early India by Balaji Sadasivan p.133
  51. A Comprehensive History of Medieval India, by Farooqui Salma Ahmed,Salma Ahmed Farooqui p.25
  52. Power and Plenty: Trade, War, and the World Economy in the Second Millennium by Ronald Findlay, Kevin H. O'Rourke p.67
  53. History Without Borders: The Making of an Asian World Region, 1000-1800 by Geoffrey C. Gunn p.43
  54. Sen (2009), p. 91
  55. Buddhism, Diplomacy, and Trade: The Realignment of Sino-Indian Relations by Tansen Sen p.226
  56. Kalā: The Journal of Indian Art History Congress, The Congress, 1995, p.31
  57. Sastri (1984), pp. 194–210
  58. Majumdar (1987), p. 407
  59. Sastri (2002), p. 158
  60. Ancient India: Collected Essays on the Literary and Political History of Southern India by Sakkottai Krishnaswami Aiyangar p.233
  61. 61.0 61.1 Chopra, Ravindran & Subrahmanian (2003), pp. 107–109
  62. India: The Most Dangerous Decades by Selig S. Harrison p.31
  63. Sastri (2002), p. 184
  64. Mukund (2012), p. xlii
  65. Sastri (2002), p. 178
  66. Between 2 Oceans (2nd Edn): A Military History of Singapore from 1275 to 1971 by Malcolm H. Murfett,John Miksic,Brian Farell,Chiang Ming Shun p.16
  67. South India by Stuart Butler,Jealous p.38
  68. Asia: A Concise History by Arthur Cotterell p.190
  69. Paine (2014), p. 866
  70. History of Asia by B.V. Rao p.211
  71. Majumdar (1987), p. 405
  72. Chopra, Ravindran & Subrahmanian (2003), p. 120
  73. Majumdar (1987), p. 408
  74. 74.0 74.1 74.2 Tripathi (1967), p. 471
  75. South Indian Inscriptions, Vol. 12
  76. Chopra, Ravindran & Subrahmanian (2003), pp. 128–129
  77. Sastri (2002), p. 194
  78. 78.0 78.1 Tripathi (1967), p. 472
  79. Majumdar (1987), p. 410
  80. South India and Her Muhammadan Invaders by S. Krishnaswami Aiyangar p.40-41
  81. Sastri (2002), pp. 195–196
  82. Sastri (2002), p. 196
  83. Tripathi (1967), p. 485
  84. Sastri (2002), p. 197
  85. 85.0 85.1 Chopra, Ravindran & Subrahmanian (2003), p. 130
  86. Proceedings, American Philosophical Society (1978), vol. 122, No. 6, p 414
  87. Sastri (1984), p. 23
  88. Nagasamy (1981)
  89. Sastri (2002), p. 107
  90. Chopra, Ravindran & Subrahmanian (2003), p. 106
  91. Stein (1998), p. 26
  92. Vasudevan (2003), pp. 20–22
  93. A Global History of Architecture by Francis D. K. Ching,Mark M. Jarzombek,Vikramaditya Prakash p.338
  94. History of India by N. Jayapalan p.171 ISBN 81-7156-914-5
  95. 95.0 95.1 95.2 Gough (2008), p. 29
  96. Talbot (2001), p. 172.
  97. Singh (2008), p. 590
  98. Administrative System in India: Vedic Age to 1947 by U. B. Singh p.77
  99. Tripathi (1967), pp. 474–475
  100. Stein (1998), p. 20
  101. 101.0 101.1 Sastri (2002), p. 185
  102. Sastri (2002), p. 150
  103. Sastri (1984), p. 465
  104. Sastri (1984), p. 477
  105. Sakhuja & Sakhuja (2009), p. 88
  106. 106.0 106.1 Barua (2005), p. 18
  107. Dehejia (1990), p. 79
  108. Subbarayalu (2009), pp. 97–99
  109. Eraly (2011), p. 176
  110. Rajasuriar (1998), p. 15
  111. Sen (1999), p. 205
  112. Technology and Society by Menon R.V.G. p.15
  113. Stein (1980), p. 130
  114. Lucassen & Lucassen (2014), p. 120
  115. The State at War in South Asia by Pradeep Barua p.17
  116. Sastri (2002), p. 175
  117. The Pearson General Studies Manual 2009, 1/e by Showick Thorpe Edgar Thorpe p.59
  118. Singh (2008), p. 54
  119. 119.0 119.1 Schmidt (1995), p. 32
  120. Devare (2009), p. 179
  121. Eraly (2011), p. 208
  122. Ramaswamy (2007), p. 20
  123. 123.0 123.1 Singh (2008), p. 599
  124. Trade and Politics on the Coromandel Coast: Seventeenth and Early Eighteenth centuries by Radhika Seshan p.18
  125. Indian Textiles: Past and Present by G. K. Ghosh,Shukla Ghosh p.123-124
  126. Kanchipuram: Land of Legends, Saints and Temples by P. V. L. Narasimha Rao p.134
  127. Ramaswamy (2007), p. 51
  128. Mukherjee (2011), p. 105
  129. 129.0 129.1 129.2 129.3 History of People and Their Environs: Essays in Honour of Prof. B.S. Chandrababu by S.Ganeshram p.319
  130. 130.0 130.1 Singh (2008), p. 592
  131. Sen (1999), pp. 490–492
  132. Indian History by Reddy p.B57
  133. 133.0 133.1 133.2 Mukund (1999), pp. 30–32
  134. Ramaswamy (2007), p. 86
  135. Rothermund (1993), p. 9
  136. Economic History of India by N. Jayapalan p.49
  137. Temple art under the Chola queens by Balasubrahmanyam Venkataraman p.72
  138. Temple Art Under the Chola Queens by Balasubrahmanyam Venkataraman p.72
  139. 139.0 139.1 Mukund (1999), p. 29-30
  140. Hellmann-Rajanayagam (2004), p. 104
  141. The Political Economy of Craft Production: Crafting Empire in South India, by Carla M. Sinopoli p.188
  142. Sadarangani (2004), p. 16
  143. Sastri (2002), p. 284
  144. Chopra, Ravindran & Subrahmanian (2003), pp. 125, 129
  145. Scharfe (2002), p. 180
  146. 17වන සියවසේ ඉතාලි සංචාරකයකු වූ පියෙට්‍රෝ ඩෙලා වැලී (1623) විසින් දකුණු ඉන්දියාවේ ගම්බද පාසල් පිළිබඳ විවිධ වාර්තා ලබා දී ඇත. මෙම වාර්තා මගින් තමිල් නාඩුවේ නූතන යුගය පිළිබඳ පැවති ප්‍රාථමික අධ්‍යාපනයක් පිළිබඳ නිරූපණය වේ.
  147. Sastri (2002), p. 293
  148. Kulke & Rothermund (2001), pp. 116–117
  149. Kulke & Rothermund (2001), pp. 12, 118
  150. Buddhism, Diplomacy, and Trade: The Realignment of Sino-Indian Relations by Tansen Sen p.159
  151. Kulke & Rothermund (2001), p. 124
  152. Tripathi (1967), pp. 465, 477
  153. Sastri (1984), p. 604
  154. Buddhism, Diplomacy, and Trade: The Realignment of Sino-Indian Relations by Tansen Sen p.156
  155. Kulke & Rothermund (2001), p. 117
  156. Thapar (1995), p. xv
  157. Mukund (2012), p. 92
  158. Mukund (2012), p. 95
  159. History of Agriculture in India, Up to c. 1200 A.D. by Lallanji Gopal p.501
  160. Mitter (2001), p. 2
  161. Sastri (2002), p. 418
  162. Thapar (1995), p. 403උද්ධෘතය: "කෙසේනමුත්, චෝළ කලාශිල්පීන් නිමවූ ලෝකඩ ප්‍රතිමා අතින් අන් සියලු ස්ථානවල හමුනොවන විශිෂ්ටතම රූ හමුවේ."
  163. Kulke & Rothermund (2001), p. 159
  164. Sastri (1984), p. 789
  165. Kulke & Rothermund (2001), pp. 159–160
  166. A History of Early Southeast Asia: Maritime Trade and Societal Development by Kenneth R. Hall
  167. Aryatarangini, the Saga of the Indo-Aryans, by A. Kalyanaraman p.158
  168. India and Malaya Through the Ages: by S. Durai Raja Singam
  169. 169.0 169.1 169.2 Tripathi (1967), p. 479
  170. Dehejia (1990), p. 10
  171. Harle (1994), p. 295
  172. Mitter (2001), p. 57
  173. 173.0 173.1 173.2 Temples of South India by V. V. Subba Reddy p.110
  174. Jermsawatdi (1979), p. 57
  175. Columbia Chronologies of Asian History and Culture by John Stewart Bowman p.335
  176. Vasudevan (2003), pp. 21–24
  177. Nagasamy (1970)
  178. "Great Living Chola Temples". UNESCO. සම්ප්‍රවේශය 2008-06-03.
  179. Chopra, Ravindran & Subrahmanian (2003), p. 186
  180. Mitter (2001), p. 163
  181. Thapar (1995), p. 309-310
  182. Wolpert (1999), p. 174
  183. Mitter (2001), p. 59
  184. Sastri (1984), pp. 663–664
  185. Sastri (2002), p. 333
  186. Sastri (2002), p. 339
  187. Chopra, Ravindran & Subrahmanian (2003), p. 188
  188. Sastri (2002), pp. 339–340
  189. 189.0 189.1 Ismail (1988), p. 1195
  190. Ancient India: Collected Essays on the Literary and Political History of southern India by Sakkottai Krishnaswami Aiyangar p.127
  191. The Princeton Encyclopedia of Poetry and Poetics by Roland Greene, Stephen Cushman, Clare Cavanagh, Jahan Ramazani, Paul F. Rouzer, Harris Feinsod, David Marno, Alexandra Slessarev p.1410
  192. Singh (2008), p. 27
  193. Portraits of a Nation: History of Ancient India, by Kamlesh Kapur p.617
  194. Concise Encyclopaedia Of India by Kulwant Rai Gupta, Amita Gupta p.288
  195. Legend of Ram By Sanujit Ghose
  196. Rays and Ways of Indian Culture By D. P. Dubey
  197. 197.0 197.1 Chopra, Ravindran & Subrahmanian (2003), p. 116
  198. Sastri (2002), pp. 20, 340–341
  199. Sastri (2002), pp. 184, 340
  200. Chopra, Ravindran & Subrahmanian (2003), p. 20
  201. Encyclopaedia of Indian literature, vol. 1, p 307
  202. Spuler (1975), p. 194
  203. Sastri (2002), pp. 342–343
  204. Chopra, Ravindran & Subrahmanian (2003), p. 115
  205. Sastri (1984), p. 681
  206. Sadarangani (2004), p. 15
  207. South Indian Shrines, Illustrated by P. V. Jagadisa Ayyar p.23
  208. Darasuram Temple Inscriptions @. Whatisindia.com (2007-01-29). Retrieved on 2013-07-12.
  209. Tripathi (1967), p. 480
  210. Vasudevan (2003), p. 102
  211. Sastri (1984), p. 214
  212. Majumdar (1987), p. 4067
  213. Stein (1998), p. 134
  214. Vasudevan (2003), p. 104
  215. Sastri (2002), p. 176
  216. Sastri (1984), p. 645
  217. Chopra, Ravindran & Subrahmanian (2003), p. 126
  218. Das (1995), p. 108
  219. "Versatile writer and patriot". The Hindu. 2008-12-23 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2008-05-29.
  220. Das (1995), pp. 108–109
  221. "English translation of Ponniyin Selvan". The Hindu. 2008-12-24 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2008-05-29.
  222. "Lines that Speak". The Hindu. 2008-12-23 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2008-05-29.
  223. Das (1995), p. 109
  224. Encyclopaedia of Indian Literature, vol. 1, pp 631–632
  225. "Book review of Udaiyar". Chennai, India: The Hindu. 2005-02-22. සම්ප්‍රවේශය 2008-05-30.

ග්‍රන්ථාවලිය

  • Barua, Pradeep (2005), The State at War in South Asia, University of Nebraska Press, ISBN 978-0-80321-344-9 
  • Chopra, P. N.; Ravindran, T. K.; Subrahmanian, N. (2003), History of South India: Ancient, Medieval and Modern, S. Chand & Company Ltd, ISBN 81-219-0153-7 
  • Das, Sisir Kumar (1995), History of Indian Literature (1911–1956): Struggle for Freedom – Triumph and Tragedy, Sahitya Akademi, ISBN 81-7201-798-7 
  • Dehejia, Vidya (1990), The Art of the Imperial Cholas, Columbia University Press 
  • Devare, Hema (2009), "Cultural Implications of the Chola Maritime Fabric Trade with Southeast Asia", in Kulke, Hermann; Kesavapany, K.; Sakhuja, Vijay, Nagapattinam to Suvarnadwipa: Reflections on the Chola Naval Expeditions to Southeast Asia, Institute of Southeast Asian Studies, ISBN 978-9-81230-937-2 
  • Eraly, Abraham (2011), The First Spring: The Golden Age of India, Penguin Books, ISBN 978-0-67008-478-4 
  • Gough, Kathleen (2008), Rural Society in Southeast India, Cambridge University Press, ISBN 978-0-52104-019-8 
  • Harle, J. C. (1994), The art and architecture of the Indian Subcontinent, Yale University Press, ISBN 0-300-06217-6 
  • Hellmann-Rajanayagam, Dagmar (2004), "From Differences to Ethnic Solidarity Among the Tamils", in Hasbullah, S. H.; Morrison, Barrie M., Sri Lankan Society in an Era of Globalization: Struggling To Create A New Social Order, SAGE, ISBN 978-8-13210-320-2 
  • Jermsawatdi, Promsak (1979), Thai Art with Indian Influences, Abhinav Publications, ISBN 978-8-17017-090-7 
  • Kulke, Hermann; Rothermund, Dietmar (2001), A History of India, Routledge, ISBN 0-415-32920-5 
  • Lucassen, Jan; Lucassen, Leo (2014), Globalising Migration History: The Eurasian Experience, BRILL, ISBN 978-9-00427-136-4 
  • Majumdar, R. C. (1987) [1952], Ancient India, Motilal Banarsidass Publications, ISBN 81-208-0436-8 
  • Mitter, Partha (2001), Indian art, Oxford University Press, ISBN 0-19-284221-8 
  • Mukherjee, Rila (2011), Pelagic Passageways: The Northern Bay of Bengal Before Colonialism, Primus Books, ISBN 978-9-38060-720-7 
  • Mukund, Kanakalatha (1999), The Trading World of the Tamil Merchant: Evolution of Merchant Capitalism in the Coromandel, Orient Blackswan, ISBN 978-8-12501-661-8 
  • Mukund, Kanakalatha (2012), Merchants of Tamilakam: Pioneers of International Trade, Penguin Books India, ISBN 978-0-67008-521-7 
  • Nagasamy, R. (1970), Gangaikondacholapuram, State Department of Archaeology, Government of Tamil Nadu 
  • Nagasamy, R. (1981), Tamil Coins – A study, Institute of Epigraphy, Tamil Nadu State Dept. of Archaeology 
  • Paine, Lincoln (2014), The Sea and Civilization: A Maritime History of the World, Atlantic Books, ISBN 978-1-78239-357-3 
  • Prasad, G. Durga (1988), History of the Andhras up to 1565 A. D., P. G. Publishers 
  • Rajasuriar, G. K. (1998), The history of the Tamils and the Sinhalese of Sri Lanka 
  • Ramaswamy, Vijaya (2007), Historical Dictionary of the Tamils, Scarecrow Press, ISBN 978-0-81086-445-0 
  • Rothermund, Dietmar (1993), An Economic History of India: From Pre-colonial Times to 1991 (Reprinted ed.), Routledge, ISBN 978-0-41508-871-8 
  • Sadarangani, Neeti M. (2004), Bhakti Poetry in Medieval India: Its Inception, Cultural Encounter and Impact, Sarup & Sons, ISBN 978-8-17625-436-6 
  • Sakhuja, Vijay; Sakhuja, Sangeeta (2009), "Rajendra Chola I's Naval Expedition to South-East Asia: A Nautical Perspective", in Kulke, Hermann; Kesavapany, K.; Sakhuja, Vijay, Nagapattinam to Suvarnadwipa: Reflections on the Chola Naval Expeditions to Southeast Asia, Institute of Southeast Asian Studies, ISBN 978-9-81230-937-2 
  • Sastri, K. A. N. (1984) [1935], The CōĻas, University of Madras 
  • Sastri, K. A. N. (2002) [1955], A History of South India: From Prehistoric Times to the Fall of Vijayanagar, Oxford University Press 
  • Scharfe, Hartmut (2002), Education in Ancient India, Brill Academic Publishers, ISBN 90-04-12556-6 
  • Schmidt, Karl J. (1995), An Atlas and Survey of South Asian History, M.E. Sharpe, ISBN 978-0-76563-757-4 
  • Sen, Sailendra Nath (1999), Ancient Indian History and Civilization, New Age International, ISBN 978-8-12241-198-0 
  • Sen, Tansen (2009), "The Military Campaigns of Rajendra Chola and the Chola-Srivija-China Triangle", in Kulke, Hermann; Kesavapany, K.; Sakhuja, Vijay, Nagapattinam to Suvarnadwipa: Reflections on the Chola Naval Expeditions to Southeast Asia, Institute of Southeast Asian Studies, ISBN 978-9-81230-937-2 
  • Singh, Upinder (2008), A History of Ancient and Early Medieval India: From the Stone Age to the 12th Century, Pearson Education India, ISBN 978-8-13171-120-0 
  • "South Indian Inscriptions", Archaeological Survey of India (What Is India Publishers (P) Ltd), http://www.whatisindia.com/inscriptions/, ප්‍රතිෂ්ඨාපනය 2008-05-30 
  • Spuler, Bertold (1975), Handbook of Oriental Studies, Part 2, BRILL, ISBN 978-9-00404-190-5 
  • Stein, Burton (1980), Peasant state and society in medieval South India, Oxford University Press 
  • Stein, Burton (1998), A history of India, Blackwell Publishers, ISBN 0-631-20546-2 
  • Subbarayalu, Y. (2009), "A Note on the Navy of the Chola State", in Kulke, Hermann; Kesavapany, K.; Sakhuja, Vijay, Nagapattinam to Suvarnadwipa: Reflections on the Chola Naval Expeditions to Southeast Asia, Institute of Southeast Asian Studies, ISBN 978-9-81230-937-2 
  • Thapar, Romila (1995), Recent Perspectives of Early Indian History, South Asia Books, ISBN 81-7154-556-4 
  • Tripathi, Rama Sankar (1967), History of Ancient India, Motilal Banarsidass, ISBN 81-208-0018-4 
  • Talbot, Austin Cynthia (2001), Pre-colonial India in Practice: Society, Region, and Identity in Medieval Andhra, Oxford University Press, ISBN 978-0-19803-123-9 
  • Vasudevan, Geeta (2003), Royal Temple of Rajaraja: An Instrument of Imperial Cola Power, Abhinav Publications, ISBN 81-7017-383-3 
  • Wolpert, Stanley A (1999), India, University of California Press, ISBN 0-520-22172-9 

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=චෝළ_රාජවංශය&oldid=592007" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි