ගෞතම බුද්ධ පරිනිර්වාණය

විකිපීඩියා වෙතින්
බුද්ධ පරිනිර්වාණය නිරූපණය කෙරෙන මුර්තියක්.

මහා පරිනිබ්භාණ සූත්‍රයට අනුව 80 වැනි වියේදී බුදුන් වහන්සේගේ පරිනිර්වාණය සිදු විය. උන් වහන්සේගේ අවසාන දානය පිරිනමනු ලැබුවේ චුන්ද නමැති සිටුපුත්‍රයාය. මෙම දානය වැලඳීමෙන් පසුව ඉතා ගිලන්වූ සේක. මෙසේ ගිලන් වූයේ චුන්ද පිලිගැන්වූ දානය නිසා නොවන බව උන් වහන්සේ දැන්වූ සේක. උන්වහ්සේ ආනන්ද තෙරුන් ලවා මේ බව චුන්දට දැනුම්දුන් සේක. ඒ වාගේම ඔහු පිරිනැමුවේ අවසන් දානය බවත් එමගින් ඔහු මහා පින් සම්භාරයක් අත්පත් කරගත් බවත් දැනුම් දුන් සේක. මහායාන විමලකීර්ති සූත්‍රයේ බුදුන් වහන්සේ ගිලන්ව නොසිටි බව දක්වා ඇත. එහෙත් මනුෂ්‍ය ස්වභාවය කියාපාන්නට උන්වහන්සේ ගිලන්ව සිටි බවට තව දුරටත් සඳහන් වේ. තථාගත වහන්සේලාගේ ශරීරය කිසි දිනෙක ගිලන් නොවන බව ආනන්ද තෙරුන් වහන්සේට බුදුන් වහන්සේ දේෂනා කොට ඇත. එහෙත් ජීවත් වන සියලු සත්ත්වයාගේ ශරීර වල ස්භාවය කියාපාන්නට බුදුන් වහන්සේ නිහතමානීව සාමන්‍යය පුද්ගලයෙකුගේ ස්වරූපය ගත් සේක. කුසිනාරා නුවර පාලු වනයක පිරිනිවනට තෝරා ගැනීම පිලිබඳව ආනන්ද තෙරුණ්ගේ නොසතුට පල කෙරූ අවස්තාවේදී බුදුන් වහන්සේ දේෂනා කොට සිටියේ එම නුවර එක් කලෙක ඉතා උත්සවශ්‍රියෙන් බබලපු එකක් බැවිනි.

බුදුන් වහන්සේගේ ධාතූන් වහන්සේලා බෙදාගැනීම

බුදුන් වහන්සේගේ ශිෂ්‍යය භික්ෂූන් කැඳවා ඔවුන් හට තිබෙන සියලුම ප්‍රශ්න නිරාකරණය කර දීමට උත්සුක වූ සේක. ඉන් පසු උන් වහන්සේ මහා පරිනිර්වානයටහ පත් වූ සේක. බුදුරජානන් වහන්සේ අවසානයට වදාරේ “සියල්ල නැසෙන සුලු බවටය” . උන් වහන්සේගේ දේහය ආදාහනය කරන ලදී. උන්වහන්සේගේ දේහයේ කොටස් ස්ථූපයන් තුල තැන්පත් කරන ලදී. අදටත් එම ධාතූන් වහන්සේලා වැඩම සිටින බවට සාදක ඇත. ඉන් එකක් වන්නේ ශ්‍රි ලංකාවේ දළදා මැදුරේ තැන්පත් කොට ඇති බුදුන් වහන්සේගේ දන්ථ ධාතුන් වහන්සේය.

ශ්‍රී ලංකාවේ පාලි වංශකථා වන දීපවංශය හා මහාවංශය අනුව අශෝක රජතුමාග් රාජාභිකේෂය බුද්ධ පරිනිර්වාණයෙන් අවු 218 කට පෙර පසුවිය. චීනයේ මහායාන වර්තාවකට අනුව රාජාභිකේෂය සිදුවුයේ බුද්ධ පරිනිර්වාණයෙන් අවුරැදු 116 කට පසුවය. ඒ අනුව තේරවාද වර්තාවන්ට අනුව බුද්ධ පරිනිර්වාණය ක්‍රි.පු. 486 දී හෝ මහායාන වාර්තාවලට අනුව ක්‍රි.පු 386 දී සිදුවිය. නමුත් වඩා නිවැරදි දිනය ලෙස තේරවාද රටවල් පිගන්නේ ක්‍රි.පු 544 හෝ 543 ය. එයට හේතුව අශෝක රාජ්‍ය කාලයේ වර්තමාන නිගමනයට පත් දිනයට වඩා අවුරැදු 60 ක් පමණ පෙර සිදු වුයේ යැයි පිළිගැනීමයි.

පිරිනිර්වාණයේදී බුදුරජාණන්වහන්සේ තම ශිෂ්‍යන්ට කිසිදු ගුරැවරයෙක් අනුගමනය නොකර තමන් වහසේ දේශනා කළ ධර්මය පමණක් අනුගමය කරන ලෙස දේශනා කල සේක. නමුත් පළවන ධර්ම සංඝායනාවේ දි මහා සංඝයා මහා කාශප රහතන් වහන්සේ ප්‍රධානියා ලෙස පත්කර ගත්හ. මෙයට හේතුව අග්‍ර ශාවක දෙනම වන සැරියුත් හා මුගලන් රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට පෙර පිරිනිවන් පෑමයි.