ප්‍රාකෘත බස

විකිපීඩියා වෙතින්
ප්‍රාකෘත
භූගෝලීය
පැතිරීම:
ඉන්දියානු උපමහාද්වීපය
භාෂාමය වර්ගීකරණය:ඉන්දු-යුරෝපීය
අතුරු බෙදීම්:
ISO 639-2 සහ 639-5:pra

ක්‍රි.ව. 532 යශෝධර්මන්-විෂ්ණුවර්ධන මන්ද්සෞර් ශිලා ලිපිය තුළ "ප්‍රාකෘත" (මෙහි ප්‍රා කෘ ත) යන්න පසුකාලීන බ්‍රාහ්මී අක්ෂරවලින් ලියා ඇති අයුරු[1]

ප්‍රාකෘත (/ˈprɑːkrɪt/; මුල්කාලීන බ්‍රාහ්මී සංස්කෘත: 𑀧𑁆𑀭𑀸𑀓𑀾𑀢, prākṛta;[2] දේවනාගරී සංස්කෘත: प्राकृत, prākṛta; Shauraseni: pāuda; Jain Prakrit: pāua; කන්නඩ: pāgada) යනු ඉන්දියාව හා අවට ප්‍රදේශයේ පැවැති පෞරාණික භාෂා වර්ගයකි.

ගාන්ධාර බසින් ලියා ඇති සෙල්ලිපියක්, British Museum
ගාන්ධාර බසින් ලියා ඇති සෙල්ලිපියක්, බ්‍රිතාන්‍ය කෞතුකාගාරය

සමහර වර්තමාන විද්වතුන් මධ්‍යම ඉන්දු-ආර්ය භාෂා සියල්ල ප්‍රාකෘත භාෂා ලෙස සලකන අතර තවත් කාණ්ඩයක් ප්‍රාකෘත බසයන්හි ස්වාධීන පිබිදීම තදින් ප්‍රකාශ කරන අතර ඔවුන් ප්‍රාකෘත බස් කුල​, ආගම් හා භූගෝලීය පිහිටීම අනුව සංස්කෘත බසින් වෙන් වී ඇති බැව් පවසති. සංස්කෘත බසෙන් ප්‍රාකෘත භාෂාවලට බලපෑමක් වූ අතර​, ඒවායෙන් සංස්කෘත බසට ඇති වූ බලපෑමෙහි අධික බව හේතුවෙන් වඩා උසස් සංස්කෘතික ගෞරවයක් හිමි වේ.[3]

නමෙහි නිරුක්තිය​[සංස්කරණය]

මෝනියර් මෝනියර්-විලියම්ස් මහතාගේ සංස්කෘත​-ඉංග්‍රීසි ශබ්දකෝෂයට අනුව 'ප්‍රාකෘත​' යන වචනය පැමිණියේ 'ස්වභාවික​' හෝ 'ප්‍රථම​' යන අරුත ගෙනෙන 'प्राकृत' (ප්‍රකෘති) යන සංස්කෘත වචනයෙන් යැයි පවසනු ලැබේ.[4]

නාට්‍යමය ප්‍රාකෘත[සංස්කරණය]

මෙලෙස හඳුන්වන්නේ නාට්‍ය වැනි සාහිත්‍යමය හේතුවකට සැදී ඇති ප්‍රාකෘත භාෂාවන් ය​.

ඒවයින් ප්‍රධාන වන්නේ,[සංස්කරණය]
  • අර්ධ මාගධි
  • ශෞරසේනී
  • මහාරාෂ්ට්‍රී

අසාමාන්‍ය ප්‍රාකෘත බස්[සංස්කරණය]

හෙළු අකරාදිය​, 1800 සියවසෙහි පුස්කොළ පොතක් - Robert C. Williams Paper Museum

පුරාණ ලංකාවේ තිබුණු හෙළබසට සහ මධ්‍යම ඉන්දියාවේ පිහිටි ගාන්ධාර නම් රාජ්‍යයේ ගාන්ධාරි බසට වෙනත් ප්‍රාකෘත බසයන්හි දක්නට නොලැබෙන ව්‍යාකරණමය හා ශාබ්දික වෙනස්කම් පෙන්වයි.[5]

ප්‍රාකෘත භාෂා[සංස්කරණය]

පහතින් පෙන්වා ඇත්තේ බුරුමයෙහි පාලි බසින් ලියා ඇති බෞද්ධ චාරිත්‍රානුකූල ලියවිල්ලකි

ආශ්‍රේය මූලාශ්‍ර[සංස්කරණය]

  1. Fleet, John Faithfull (1907). Corpus Inscriptionum Indicarum Vol 3 (1970)ac 4616. p. 153, Line 14 of the inscription.
  2. Fleet, John Faithfull (1907). Corpus Inscriptionum Indicarum Vol 3 (1970)ac 4616. p. 153, Line 14 of the inscription.
  3. https://en.wikipedia.org/wiki/Prakrit#cite_note-6
  4. https://archive.org/details/sanskritenglishd00moniuoft Monier Monier-Williams' Sanskrit-English Dictionary
  5. https://en.wikipedia.org/wiki/Prakrit#Dramatic_Prakrits
"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රාකෘත_බස&oldid=464846" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි