Jump to content

අශෝක අධිරාජයා

විකිපීඩියා වෙතින්
අශෝක අධිරාජයා
චක්‍රවර්තී
රාජ්‍ය සමයබු.ව. 273-232
අභිෂේකයබු.ව. 270
පූර්වප්‍රාප්තිකයාබින්දුසාර
අනුප්‍රාප්තිකයාදසරථ මෞර්ය
භූමදානයCremated 232 BC, less than 24 hours after death
Ashes immersed in Ganges River, possibly in Varanasi
භාර්යාවන්
දරුවන්මහේන්ද්‍ර, සංඝමිත්තා,තීවාල, කුණාල, චාරුමතී
සම්පූර්ණ නාමය
අශෝක බින්දුසාර මෞර්ය
වංශයමෞර්ය රාජ වංශය
පියාබින්දුසාර
මවරාණි ධර්මා හෙවත් ශුභද්‍රාංගි
ආගමහින්දු ආගම, පසුව බුද්ධාගම

ධර්මාශෝක ලෙසින් ජනප්‍රිය ලෙසින් හැඳින්වුණු, අශෝක (අසෝක ලෙසින්ද හැඳින්වෙයි; ප.304 – 232 ක්‍රියුපෙ) යනු, ක්‍රිපූයු ප.268 සිට 232 දක්වා ඉන්දියානු අර්ධද්වීපයෙහි මගධයෙහි තුන්වන මෞර්ය අධිරාජයා විය. [1] ඉන්දියාවේ මහා අධිරාජයන්ගෙන් එක් අයෙකු වන අශෝක සිය බලපරාක්‍රමය පැතිරවූ බලප්‍රදේශය, ඇෆගනිස්තානයෙහි හින්දු කුෂ් කඳු පන්තියෙහි සිට නැගෙනහිර දිශාවෙන් වර්තමාන බංග්ලාදේශය දක්වා පැතිර පැවතිණි. වර්තමාන තමිල් නාඩු සහ කේරල ප්‍රදේශයන්ගේ කොටස් හැර සමස්ත ඉන්දියානු අර්ධද්වීපයම පාහේ එයට අයත් විය. අධිරාජ්‍යයෙහි අගනගරය වූයේ පාටලීපුත්‍ර ( මගධයෙහි, වර්තමාන බිහාරයෙහි) වූ අතර, තක්ෂිලාව සහ උජ්ජේන් යන නගර, ප්‍රාදේශීය අගනගර වූහ.

අශෝක අධිරාජ්‍යයා කි.පු 304 - 232 ඉන්දියාවේ සිටි මෞර්ය පෙළපතට අයත් අධිරාජයෙකි. බොහෝ විට ඔහුව හඳුන්වනු ලබන්නේ ඉන්දියාවේ අති ශ්‍රේෂ්ඨ රජවරුන්ගෙන් කෙනෙකු ලෙසයි. යුද්ධ ජයග්‍රහණයන් කීපයකින් පසු අශෝක අධිරාජයා වර්තමාන ඉන්දියානු භූමියෙන් වැඩි ප්‍රදේශයක් පාලනය කළේය. ඔහුගේ අධිරාජ්‍යය බටහිරින් වර්තමාන පාකිස්ථානය, ඇෆ්ගනිස්ථානය සහ පර්සියාවේ කොටසක් දක්වාද නැගෙනහිරින් වර්තමාන බෙංගාලය ඇසෑම් ආදී ඉන්දීය ප්‍රාන්ත දක්වාද දකුණින් මයිසූර් ප්‍රාන්තය දක්වාද විහිදුනේය. ඔහුගේ රාජ්‍ය පාලනයේ මධ්යස්ථානය වූයේ මගධ දේශයයි.(වර්තමානයේ බිහාර් ප්‍රාන්තයයි) දිග් විජය කිරීමේ කැමැත්තෙන් පෙළුණු අශෝක රජතුමා කාලිංග දේශය සමග කරන ලද සටනේදී සිදු වූ මහා මනුෂ්‍ය සංහාරය සියැසින්ම දුටුවේය. ඉන් කල කිරීමට පත් වූ ඔහු එවකට පැවති වෛදික සම්ප්‍රදායෙන් ඉවත් වී බුද්ධාගම වැළඳ ගත්තේය. ඉන් පසු බුද්ධාගම ආසියාව පුරා පතළ කිරීමට ඔහු කැපවූයේය. බුදුන් වහන්සේගේ ජීවිතයට අදාල වැදගත් ස්ථාන වල ස්මාරක පිහිටුවීය. ඔහුගේ නම අශෝකා යන්නෙහි තේරුම ශෝකයෙන් තොර වූ තැනැත්තා යන්නයි. ඔහුගේ ආඥාවන්හි ඔහු සඳහන් වන්නේ "දේවානම්ප්‍රිය ප්‍රියදර්ශි" නොහොන් දෙවියන්ට ප්‍රිය වූ සහ සැවොම දැකීමට කැමති තැනැත්තා වශයෙනි. විද්‍යා ප්‍රබන්ධ ලේඛක H.G.වේල්ස් අශෝක ගැන කියන්නේ මෙලෙසිනි.

"ඉතිහාසය තුල දහස් ගණනක් රජවරු සහ අධිරාජයෝ සිටියහ. ඔව්හු 'අති ශ්‍රේෂ්ඨ' "නෛකශ්රීන් විරාජමාන" "උත්කෘෂ්ඨ" යනාදි උපාධානයන්ගෙන් තමන්ම හඳුන්වා ගත්හ. ඔවුන් බැබලුනේ සුලු කාලයක් පමනි. සුලු කලෙකින් මතකයෙන් ගිලිහි ගියේය. එහෙත් අශෝක රජතුමා බැබැලුනේය. නොනවත්වා බැබලුනේය. දීප්තිමත් තරුවක් මෙන් අද දක්වා බබලන්නේය"

ඔහුගේම අඥාවන් සහිත ලියවිලි සමග ඔහුගේ පුරාවෘත්තය දෙවැනි සියවසේ 'අශෝකාවදාන' සහ 'දිව්‍යාවදාන' මෙන්ම සිංහල වංශකථාවක් වූ මහාවංශයේද විස්තරව ඇත. ඔහුගේ අධිරාජ්‍යය තුල තිබී කැණීමකදි මතු වූ සලකුණක් අද ඉන්දියාවේ රාජ්‍ය සංකේතය ලෙස භාවිතා වේ.

අශෝක අධිරාජ්‍යය

චරිතාපදානය

[සංස්කරණය]

අශෝක රජුගේ දිවියේ මුල් අවදිය

[සංස්කරණය]

මෞර්ය අධිරාජ බින්දුසාර සහ ඔහුගේ සාපේක්ෂ ලෙසින් අඩු මට්ටමක බිරිඳක වූ ධර්මාට (හෝ ධම්මා) දාව අශෝක උපන්නේය. ඔහු, මෞර්ය රාජවංශයෙහි ආරම්භක චන්ද්‍රගුප්ත මෞර්යගේ මුණුපුරා විය. අවාදාන පෙළ කෘතීන් විසින් සඳහන් කරන්නේ, ඔහුගේ මව වූයේ ෂුභාද්රංගි රැජිණ බවයි. අශෝකවාදන ප්‍රකාර, ඇය චම්පා නුවර බ්‍රාහ්මණයෙකුගේ දුවණිය වූවාය. [2][3]:205 මාළිගා කූටෝපායයක් විසින් ඇය අධිරාජයා වෙතින් ඈත් කොට තැබුණද, අත්‍යන්තයෙහිදී එය අවසන් වී ඇය පුතෙකු වැදුවාය. "ම දැන් ශෝක නැත්තෙමි" ලෙසින් ඇය කල ප්‍රකාශය පරිදී, අශෝක ඔහුගේ නම ලැබීය. දිව්‍යවාදන පවසන්නේද සමතුල්‍ය කතාන්තරයක් වන මුත්, රැජිණගේ නම ලෙසින් ජනපදකල්‍යාණි දක්වයි.[4][5]

අශෝකට වැඩිමහල් උරෝජාතයන් කිහිප දෙනෙක් සිටි අතර, ඔවුන් සියළු දෙනාම, බින්දුසාරගේ අනෙකුත් බිරියන්ගෙන් උපන් අඩ-සොහොයුරෝ වූහ. ඉතාසකදී සටනට ඔහුගේ ඇති හැකියාව ප්‍රදර්ශනය කල අතර, ඔහු සඳහා රාජකීය හමුදා පුහුණුව ලබා දෙන ලදි. ඔහු දක්ෂ දඩයක්කාරයෙක් බව දන්නා කරුණක් වූ අතර, එක් කතාන්තරයකට අනුව, ලී දණ්ඩක් පමණක් භාවිතා කරමින් සිංහයෙකු මරා දමා ඇත. බිහිසුණු රණශූරයෙකු සහ අනුකම්පා විරහිත සෙන්පතියෙකු ලෙසින් ඔහුගේ ප්‍රසිද්ධිය නිසාම, මෞර්ය අධිරාජ්‍යයේ අවන්ති පළාතේ කැරළි මැඩ පැවැත්වීමට ඔහු යවන ලදි.[6]

අමතර අවධානයට

[සංස්කරණය]

සටහන්

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. තාපූර් (1973), පි. 51.
  2. උප්නිදර් සිං 2008, p. 332.
  3. John S. Strong (1989). The Legend of King Aśoka: A Study and Translation of the Aśokāvadāna. Motilal Banarsidass Publ. p. 232. ISBN 978-81-208-0616-0. සම්ප්‍රවේශය 30 October 2012.
  4. කේ. ටී. එස්. සරාවෝ (2007). අ ටෙක්ස්ට් බුක් ඔෆ් ද හිස්ට්‍රි ඔෆ් ථේරවාද බුඩිසම් (2 ed.). බෞද්ධ අධ්‍යයන අධ්‍යයනාංශය, දිල්ලි විශ්වවිද්‍යාලයය. p. 89. ISBN 978-81-86700-66-2.
  5. උපින්ද්‍ර සිං 2008, p. 333.
  6. ප්‍රාචීන් භාරෝතර් ඉතිහාස්, සුනිල් චැටර්ජි විසින්

භාහිර සබැඳි

[සංස්කරණය]
අශෝක ආඥා
(රාජ්‍ය. ක්‍රි.පූ. 269232)
අශෝක රජුගේ
රාජ්‍ය වර්ෂ
ආඥා ප්‍රභේදය
(සහ අභිලේඛනයේ පිහිටීම)
භූගෝලීය පිහිටීම
වර්ෂය 8 කාලිංග යුද්ධයේ අවසානය සහ "ධර්මය" වැළඳ ගැනීම
අශෝක අධිරාජයා is located in දකුණු ආසියාව
උදේගෝලම්
උදේගෝලම්
නිට්ටූර්
නිට්ටූර්
බ්‍රහ්මගිරි
බ්‍රහ්මගිරි
ජතිංගා
ජතිංගා
රාජුල මණ්ඩගිරි
රාජුල මණ්ඩගිරි
සාසාරාම්
සාසාරාම්
අයි ඛානූම්(ග්‍රීක නගරය)
අයි ඛානූම්
(ග්‍රීක නගරය)
සුළු ශිලා ආඥාවල (ආඥා 1, 2 සහ 3) පිහිටීම
සුළු ශිලා ආඥා ලෙස වර්ග කෙරෙන සෙසු අභිලේඛන.
මහා ශිලා ආඥාවල පිහිටීම.
සුළු ස්තම්භ ආඥාවල පිහිටීම.
මහා ස්තම්භ ආඥාවල මුල් පිහිටුම.
අගනගර
වර්ෂය 10[1] සුළු ශිලා ආඥා සම්බන්ධිත සිදුවීම:
බුද්ධ ගයාවේ බෝධීන් වහන්සේ බැහැදැකීම
මහාබෝධි විහාරය සහ බුද්ධ ගයාවේ වජ්‍රාසනය ඉදිකිරීම
ඉන්දියාව පුරා ධර්ම ප්‍රචාරය.
සංඝයාගේ අසමගිය
තෙවන ධර්ම සංගායනාව
ඉන්දියානු භාෂාවෙන්: සෝහ්ගෞරා අභිලේඛනය
අශෝක ස්තම්භ පිහිටුවීම්ེ
කන්දහාර් ද්විභාෂා ශිලාලේඛය
(ග්‍රීක සහ අරමයික භාෂාවලින්, කන්දහාර්)
අරමයික-භාෂා සුළු ශිලා ආඥා:
ලඝ්මාන් අභිලේඛනය, තක්ෂිලා අභිලේඛනය
වර්ෂය 11 සහ පසුව සුළු ශිලා ආඥා (අංක 1, 2 සහ 3)
(පාංගුරාරියා, මස්කි, පල්කිගුණ්ඩු සහ ගවිමාත්, බහපූර්/ශ්‍රීනිවාස්පූරි, බෛරාට්, අහ්රෞරා, ගුජරා, සාසාරාම්, රාජුලා මණ්ඩගිරි, යේරාගුඩි, උඩේගෝලම්, නිට්ටූර්, බ්‍රහ්මගිරි, සිද්දපූර්, ජතිංගා-රාමේශ්වර)
වර්ෂය 12 සහ පසුව[1] බරාබර් ලෙන් අභිලේඛනය මහා ශිලා ආඥා
සුළු ස්තම්භ ආඥා ග්‍රීක බසින් යුත් මහා ශිලා ආඥා: ආඥා අංක 12-13 (කන්දහාර්)

ඉන්දියානු භාෂාවලින් යුත් මහා ශිලා ආඥා:
ආඥා අං.1 ~ අං.14
(ඛරෝෂ්ඨී අක්ෂරවලින්: ෂහ්බාස්ගර්හී, මාන්සෙහ්රා ආඥා
(බ්‍රාහ්මී අක්ෂරවලින්: කල්සී, ගිර්නාර්, සෝපාරා, සන්නති, යේරාගුඩි, දිල්ලි ආඥා)
මහා ශිලා ආඥා 1-10, 14, තනි ආඥා 1&2:
(ධෞලි, ජෞගඩ)
සංඝභේද ආඥාව, බිසවගේ ආඥාව
(සාරනාත් සාංචි අලහබාද්)
ලුම්බිණි අභිලේඛනය, නිගාලි සාගර් අභිලේඛනය
වර්ෂය 26, 27
සහ පසුව[1]
මහා ස්තම්භ ආඥා
ඉන්දියානු භාෂාවලින්:
මහා ස්තම්භ ආඥා අං.1 ~ අං.7
(අලහබාද් ස්තම්භය දිල්ලි ස්තම්භය ටෝප්රා කලාන් රාම්පූර්වා ලෞරියා නන්දන්ගාර් ලෞරියා-අරාරාජ් අමරාවතී)

අරමයික බසින් ව්‍යූත්පන්න ශිලා ලේඛන:
කන්දහාර්, ආඥා අං.7[2][3] සහ පුල්-ඉ-දරුන්තේ, ආඥා අං.5 හෝ අං.7[4]

  1. 1 2 3 Yailenko,Les maximes delphiques d'Aï Khanoum et la formation de la doctrine du dhamma d'Asoka, 1990, p. 243.
  2. Inscriptions of Asoka de D.C. Sircar p. 30
  3. Handbuch der Orientalistik de Kurt A. Behrendt p. 39
  4. Handbuch der Orientalistik de Kurt A. Behrendt p. 39
"https://si.wikipedia.org/w/index.php?title=අශෝක_අධිරාජයා&oldid=790480" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි