1954 සිංහල චිත්‍රපට ලැයිස්තුව

විකිපීඩියා වෙතින්
චිත්‍රපටයේ නම දායකයෝ නළු නිළියන් සටහන්
වරද කාගේද (සිනමාස්) අධ්‍යක්ෂක ටී ආර් සුන්දරම්, නිෂ්පාදක කේ ගුණරත්නම්, සංගීතය එස් දක්ෂිණමූර්ති ප්‍රේම් ජයන්ත්, රීටා රත්නායක, ලැඩී රණසිංහ, ශාන්ති ලේඛා, ඩොමී ජයවර්ධන, උදුලා දාබරේ, ක්‍රිස්ටි ලෙනාඩ්, ටී බී ඉලංගරත්න, මොහිදීන් බෙග්, ජෙමිණි කාන්තා ප්‍රදර්ශනය: 1954 අප්‍රියෙල් 9 සිට ගාමිණී (මරදාන) සහ තවත් ශාලා 16 ක (සිනමාස් මණ්ඩලයේ). දළු ලා ප්‍රේම ගසේ, පියලී කැඩීල වැටුණා යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය. (කරුණාරත්න අබේසේකරගේ ගී පද රචනා ඇතුලත් වූ පළමු චිත්‍රපටිය)
අයිරාංගිනී අධ්‍යක්ෂක බී. ඒ. ඩබ්. ජයමාන්න; නිෂ්පාදක බී ඒ ඩබ් ජයමාන්න, එඩී ජයමාන්න, රුක්මණී දේවි; සංගීතය එස් එස් වේදා, ආර් ඒ චන්ද්‍රෙස්න රුක්මණී දේවි, බී ඒ ඩබ් ජයමාන්න, ස්ටැන්ලි පෙරේරා, හර්බට් එම් සෙනෙවිරත්න, හර්බි සෙනෙවිරත්න, මේබල් බ්ලයිත්, එඩී ජයමාන්න, ලිලියන් එදිරිසිංහ ප්‍රදර්ශනය: 1954 අප්‍රියෙල් 10 සිට එල්ෆින්ස්ටන් (මරදාන) සහ තවත් ශාලා 9 ක (සිලෝන් තියටර්ස් මණ්ඩලයේ). තරු පායන ආකාසේ, රාණීයෙ එන්කෝ නැගී යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය.
සරදියෙල් (නවජීවන චිත්‍රපට) අධ්‍යක්ෂක සිරිසේන විමලවීර, සංගීතය කේ හියුගෝ ප්‍රනාන්දු මතායස් ප්‍රනාන්දු, තෙරේසා වීරසිංහ, එන් ආර් ඩයස්, ගර්ලි ගුණවර්ධන, දේවිකා රාණි, එස් එච් ජෝතිපාල, සෙබස්තියන් ජයසිංහ, බී පී වික්‍රමසිංහ ප්‍රදර්ශනය: 1954 අගෝස්තු 5 සිට
අහංකාර ස්ත්‍රී (ශ්‍රී මුරුගන් නවකලා චිත්‍රපට) අධ්‍යක්ෂක ඒ භාස්කර් රාජ්, නිෂ්පාදක එස් එම් නායගම්, සංගීතය ආර් මුත්තුසාමි ක්ලැරිස් ද සිල්වා, රවීන්ද්‍ර රූපසේන, රත්නා කුමාරි, හියුගෝ ප්‍රනාන්දු, රෝහිණී ජයකොඩි, මාක් සමරනායක, එඩී යාපා, ලීනා ද සිල්වා ප්‍රදර්ශනය: 1954 සැප්තැම්බර් 17 සිට ගාමිණී (මරදාන) හිදී (සිනමාස් මණ්ඩලයේ). ලංකාරෙන් මලක් පිපී, ලෝකය පෙරලෙයි, හඳ ගලවාලා යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය.
රදල පිළිරුව (සිනමාස්) අධ්‍යක්ෂක ටී ආර් සුන්දරම්, නිෂ්පාදක කේ ගුණරත්නම්, සංගීතය එස් දක්ෂිණමූර්ති, ගී පද ඩී ටී ප්‍රනාන්දු. හර්බට් එම් සෙනෙවිරත්න තිර නාටකය. දෙබස් ටී බී ඉලංගරත්න. කැමරාව ටී සුබ්බා රාඕ ලැඩී රණසිංහ (රැපියෙල් බාස්), රීටා රත්නායක (නන්දා), ඩොමී ජයවර්ධන (චාලි හාමු), හර්බට් එම් සෙනෙවිරත්න (ගිල්බට්), මිලී කහඳවල (හෙලේනා), ශාන්ති ලේඛා (ලැවීනියා), උදුලා දාබරේ (අයිෂා), ක්‍රිස්ටි ලෙනාඩ් (තෝමස්), ලතා වල්පොල (ඩොලී) ප්‍රදර්ශනය: 1954 දෙසැම්බර් 24 සිට ගාමිණී (මරදාන) සහ තවත් ශාලා 9 ක (සිනමාස් මණ්ඩලයේ). මල් පෙති රල රැලි, පෙම් ලෝකේ නයන රසී, ගී කියන්න යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය. ඩබ් ඒ සිල්වා ගේ නවකතාව ඇසුරෙනි.