මානෙල් වානගුරු

විකිපීඩියා වෙතින්
මානෙල් වානගුරු
Manel Wanaguru
උපත
මානෙල් චින්තාමනී වානගුරු

18 ඔක්තෝබර් 1951 (1951-10-18) (වයස 72)
ජාතිකත්වයශ්‍රී ලාංකික
රැකියාවනිළිය
සක්‍රීය වසර1958–වර්තමාන
කලත්‍රයා(යන්)ආනන්ද වික්‍රමගේ (m. 1984)[1]
දරුවන්2
දෙමව්පියන්

මානෙල් චින්තාමනී වානගුරු, (උපත 1951 ඔක්තෝබර් 18), ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ නිළියකි.[2]

පෞද්ගලික ජීවිතය[සංස්කරණය]

මානෙල් වානගුරු උපත ලැබුවේ 1951 ඔක්තෝබර් 18 වැනිදාය. ඇගේ පියා ඩඩ්ලි සැමුවෙල් වානගුරු ද සිංහල සිනමාවේ නළුවෙකි. ඩඩ්ලි 1922 දෙසැම්බර් 16 වන දින උපත ලැබූ අතර 2003 ජූලි 29 දින මිය ගියේය. ඔහු වත්තල සාන්ත ජෝශප් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. "එදා රෑ" චිත්‍රපටිය හරහා රංගනයට පිවිසි ඔහු ඉන්පසුව "දෛව විපාකය", "හදිසි විවාහය", "ගැහැණු ගැට", "පටාචාරා" වැනි චිත්‍රපට රැසකට රංගනයෙන් දායක විය. ඕහු පසුකලෙක "සැගවුනු මැණික" චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන ලදි.[3] ඇගේ මව ගෘහණියක් වූ ඉන්ද්‍රානි දිසානායකය. මානෙල්ට සහෝදර සහෝදරියන් හය දෙනෙක් සිටිති: උපේන්ද්‍ර, ලක්ෂ්මන්, තිස්ස, නිහාල්, තමරා සහ රොහාන්.[4]

මානෙල් විවාහ වී සිටින්නේ ආනන්ද වික්‍රමගේ නම් ප්‍රතිභාපූර්ණ රංගවේදියා සමගයි. මෙම යුවළට පුතුන් දෙදෙනෙක් සිටී: ජනිත් වික්‍රමගේ සහ සංකේත් වික්‍රමගේ, දෙදෙනාම නළුවෝ වෙති.[5]

වෘත්තීය ජීවිතය[සංස්කරණය]

ඇයගේ මංගල සිනමා අත්දැකීම 1958 B.A.W ජයමාන්න විසින් අධ්‍යක්ෂණය කරන ලද "වනලිය" චිත්‍රපටිය හරහා සිදුවිය.[6]

සම්මාන[සංස්කරණය]

දීපශිකා සම්මාන[සංස්කරණය]

වර්ෂය නිර්දේශිත පුද්ගලයා/කෘතිය සම්මානය ප්‍රතිඵලය
1974 කස්තුරි සුවඳ හොඳම රංගනය [2] දිනාගති

සුමති සම්මාන[සංස්කරණය]

වර්ෂය නිර්දේශිත පුද්ගලයා/කෘතිය සම්මානය ප්‍රතිඵලය
2021 සිනමාවට දුන් දායකත්වය යූ.ඩබ්ලිව්. සුමතිපාල යාවජීව සම්මානය[7] දිනාගති

References[සංස්කරණය]

  1. "Remarage Event of Manel and Ananda Wickramage". lkmegafuns. සම්ප්‍රවේශය 30 July 2019.
  2. 2.0 2.1 "Manel Wanaguru මානෙල් වානගුරු films". Digital Identity of Sinhala Cinema. සම්ප්‍රවේශය 2021-06-06. {{cite web}}: |archive-date= requires |archive-url= (help)
  3. "Dudley Wanaguru". Daily Mirror. සම්ප්‍රවේශය 30 July 2019.
  4. "Film actor who has contributed to art for three generations: Dudley Wanaguru (1924 - 2002)". Sarasaviya. සම්ප්‍රවේශය 2021-04-04. {{cite web}}: |archive-date= requires |archive-url= (help)
  5. "ආනන්ද-මානෙල් විවාහයට ජනිත්ගෙන් සුබපැතුම්". Star Friends. සම්ප්‍රවේශය 30 July 2019.
  6. "Manel Wanaguru - මානෙල් වානගුරු". Sinhala Cinema Database. සම්ප්‍රවේශය 30 July 2019.
  7. "'Veeraya Gedara Awaith' won big at Sumathi Awards 2020". Sarasaviya. සම්ප්‍රවේශය 2021-04-04. {{cite web}}: |archive-date= requires |archive-url= (help)

External links[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=මානෙල්_වානගුරු&oldid=548873" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි