නිල්මිණි තෙන්නකෝන්
නිල්මිණි තෙන්නකෝන් Nilmini Thennakoon | |
---|---|
උපත | තෙන්නකෝන් පතිරණලාගේ නිල්මිණි ජනවාරි 23, 1965 |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
අධ්‍යාපනය | වේල්ස් කුමරි විදුහල |
රැකියාව | නිළිය |
සක්‍රීය වසර | 1987–වර්තමානය |
කලත්‍රයා(යන්) | මධුමාධව අරවින්ද (වි. 1996) |
දරුවන් | ශ්වෙතා මන්දාකිණි |
සම්මාන | හොඳම නිළිය |
ජනප්‍රිය ලෙසින් නිල්මිණි තෙන්නකෝන් ලෙසින් හැදින්වෙන, තෙන්නකෝන් පතිරණලාගේ නිල්මිණි (උපත ජනවාරි 23, 1965) යනු, ශ්‍රී ලාංකික සිනමාවෙහි[1] සහ රූපවාහිනියෙහි සම්මාන-ලාභී නිළියකි.[2] විශේෂයෙන් රූපවාහිනියෙහි සක්‍රීය, අතිශයින් නිපුණතා සපිරි නිළියක් වන ඇය, බොහෝ දේශීය සම්මාන උළෙලන්හිදී හොඳම නිළිය සම්මානයෙන් කිහිප අවස්ථාවන්හිදී පිදුම් ලැබුවාය.[3] සිංහල සිනමාවෙහි "කඳුලු බිංදුව" ලෙසින්ද ඇය බොහෝ විට හැඳින්වෙයි.[4]
පුද්ගලික ජීවිතය[සංස්කරණය]
මොරටුවෙහිදී ඇය උපත ලද්දේ 1965 ජනවාරි 23 දිනදීය. ඇය සතුව උරෝජාතයන් දෙදෙනෙකු වන අතර, වැඩිමහල් සොහොයුරෙක් සහ බාල සෙහොයුරියක් ලෙසිනි.[5] ඇයගේ පියා ව්‍යාපාරිකයෙක් විය. ඇයගේ වයස අවුරුදු 13 ක් වෙත්ම ඔහු මිය ගියේය.[6] වේල්ස් කුමරි විදුහලෙන් ඇය අධ්‍යාපනය සම්පූර්ණ කලාය.
ජනප්‍රිය ගායක මධුමාධව අරවින්ද සමග ඇය විවාහ වී සිටි අතර, ඔවුනට ශ්වෙතා මන්දාකිණි නමින් එක් දියණියක් සිටියි.[7] ඇයට මධු හමුවූයේ 1992 වසරෙහිදී පිණි බිඳු ටෙලි නාට්‍යය තුලදීය. ඔවුහූ 1996 මැයි 5 දිනදී විවාහ වූහ.[8] 2000 ගණන් වල මුල් භාගයෙහිදී ඔවුහූ දික්කසාද වූහ. ඇයගේ දෙවන විවාහය යෝජනාවක් ඔස්සේ සිදුවූ අතර එයද දික්කසාදයෙන් කෙළවර විය.[9]
වෘත්තිය[සංස්කරණය]
1980 ගණන් වලදී, 7 වන ශ්‍රේණියෙහි උගෙනුම ලබද්දී ඇය පාසැල් වේදිකාවෙහි රඟ දැක්වීමට පටන් ගත් අතර වජිරා චිත්‍රසේන මහත්මිය යටතේ නැටුම් හැදෑරුවාය. ඉන්පසු ඇය මොරටුවෙහිදී ගුවන්විදුලි ශීල්පිණි චිත්‍රා කුමාරි කළුබෝවිල යටතේ "පහත රට" සහඋඩරට නැටුම් පුහුණුව ලද්දාය. චිත්‍රාගේ මගපෙන්වීම යටතේ ඇය රූපවාහිනියෙහි පෙන්වුණු සසර නම් මුද්‍රානාට්‍යයක රංගන දායකත්වය දැක්වූවාය.[2]
ජනප්‍රිය අධ්‍යක්ෂක රෝයි ද සිල්වා සහ නිළි සුමනා අමරසිංහ විසින් ඇය සිනමාවට හඳුන්වා දෙන ලදි.[4] හිත හොඳ චණ්ඩියා චිත්‍රපටයෙහි නැටුම් දර්ශනයක ඇය රඟ දැක්වූවාය. ඒම කාල සීමාවෙහිදීම, ඩී. බී. නිහාල්සිංහ විසින් ඔහුගේ රූපවාහිනී වෙළෙඳ දැන්වීම් වල තෙන්නකෝන් භාවිතා කොට ඉන්පසුව දිමුතු මුතු නාට්‍යයෙහි "අමරාවතී" චරිතයද ඉන්පසුව කෙළි මඬල 1991 චිත්‍රපටයෙහි චරිතයක්ද ඇයට ලබා දුනි.[8] ඇගේ ප්‍රධාන රූපවාහිනී රඟපෑම එළිදැක්වුණේ නාලන් මැන්දිස් අධ්‍යක්ෂණය කල පස්සෙ ගෙනා මනමාලි වෙතිනි.[2] ඉන්පසු ඇය ඉරිදා දිනවල රූපවාහිනී නාලිකාවෙහි වසර ගණනක් තුල ප.ව. 8.30ට දර්ශනයවූ දූ දරුවෝ ජනප්‍රිය රූපවාහිනී කතාමාලාවෙහි රඟදැක්වූවාය. මෙම දූ දරුවෝ කතා මාලාවෙහි ඇයගේ '"දීප්ති" නම් චරිතය ඇගේ අභිවෘත්තියෙහි ප්‍රධාන සාර්ථකත්වයක් විය.[4]
ඇයගේ මංගල සිනමා අත්දැකීම වූයේ ලූවී වැන්ඩර්ස්ට්‍රැටන් අධ්‍යක්ෂණය කල මව්බිම නැත්නම් මරණය 1985 චිත්‍රපටයෙහි සුළු චරිතයක් තුලිනි. ඇයගේ පළමු ප්‍රධාන චරිතය පණගැන්වුනේ සුනිල් සෝම පීරිස් අධ්‍යක්ෂණය කල 1990 චිත්‍රපටය යුක්තියට වැඩ වෙතිනි.[10] ඇය දායකත්වය සැපයූ ජනප්‍රිය චිත්‍රපට අතර කෙළි මඬල, නගරන් සහලේ කිරි කඳුල වෙති.[11]
1992 වසරෙහිදී, හොඳම නැගී එන නිළිය වෙනුවෙන් සරසවිය සම්මානය ඇය විසින් දිනා ගන්නා ලද්දේ සුරනිමල චිත්‍රපටයහෙි ඇයගේ භූමිකාව වෙනුවෙනි. ලේ කිරි කඳුළු චිත්‍රපටයෙහි "වීණා" භූමිකාව වෙනුවෙන් ඇය හොඳම නිළිය සඳහා සරසවිය සම්මානය දිනුවාය.[4] ඉන්පසුව වඩාත් ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළිය වෙනුවෙන් සම්මානය ඇය අඛණ්ඩව වාර්තාගත වසර හයක් තිස්සේ දිනා ගති.[2] 2008 රයිගම් ටෙලීස් සම්මාන උළෙල තුලදී, ෂර්ලි. පී. දෙලන්කාවල විසින් අධ්‍යක්ෂණය කෙරුණු හැන්දෑව කතා මාලාවෙහි "ටිකිරි මැණිකා" භූමිකාව වෙනුවෙන් හොඳම නිළිය සම්මානය තෙන්නකෝන් දිනුවාය.[12] 2016 වසරෙහිදී ඇය විසින් හොඳම නිළිය වෙනුවෙන් සුමති සම්මානය දිනුවේ අම්මා තුල ප්‍රධාන නිළි-භූමිකාව සඳහාය.[13]
ශාක්‍යන්ස් කණ්ඩායමෙහි නායිකාව ලෙසින් හිරු මෙගා ස්ටාර්ස් රියැලිටි වැඩසටහනෙහිද ඇය සහභාගී විය.[14][15] ටීවී දෙරණ වෙතින් ප්‍රචාරය කෙරුණු සිත් ගිමන් හල රූපවාහිනී වැඩසටහනද ඇය විසින් මෙහෙයවන ලදි.[4] නුගේගොඩ ඇය සතුව රූපලාවන්‍ය ව්‍යාපාරයක්ද ඇත.
තෝරාගත් රූපවාහිනී කතාමාලා[සංස්කරණය]
- අම්මා හී අම්මා ලෙසින් [16]
- අස්වැන්න[17]
- බෝඩිම
- දිය සුළිය[18]
- දිය යට ගිනි[19]
- දූ දරුවෝ දීප්ති ලෙසින්
- ගිරිකුළ ඩිංගිරි අම්මා ලෙසින්
- හැන්දෑව ටිකිරි මැණිකා ලෙසින්
- හිරු දහසක් යට[20]
- ඉටි පහන් සෝමේ ලෙසින්[21]
- කුමාරයාණෙනි
- මංසල දේවී ලෙසින්[22]
- නිදිකුම්බා මල්[23]
- පස්සෙ ගෙනා මනමාලි[24]
- පාට සරුංගල්[24]
- සාගරය පරදා
- සඳ පිණි වැස්ස මායා ලෙසින්[25]
චිත්‍රපටශිල්පය[සංස්කරණය]
වසර | චිත්‍රපටය | භූමිකාව | ආශ්‍ර. |
---|---|---|---|
1985 | මව්බිම නැත්නම් මරණය | ||
1990 | යුක්තියට වැඩ | කුංචු | |
1990 | පෙම් රජදහන | ||
1991 | කෙළි මඬල | ශාරිකා | [26] |
1992 | සුරනිමල | ||
1993 | වැලි සුළඟ | නිල්මිණි රණසිංහ | |
1994 | එකදා වැහි | ||
1995 | අයෝමා | ||
1999 | නගරන් | සෝමා | |
2003 | ලේ කිරි කඳුළු | වීනා ජයවීර | [27] |
2016 | මධුර චාරිකා | ආරාධිත භූමිකාව | [28] |
2016 | හෙරෝ නෙරෝ | ප්‍රියා සේනාරත්න | |
2017 | බන්ධනය | නන්දාවතී | [29] |
2019 | ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර් | [30] | |
තීකයු | ආකාස පාලම |
සම්මාන[සංස්කරණය]
සරසවිය සම්මාන[සංස්කරණය]
වර්ෂය | නිර්දේශිත පුද්ගලයා/කෘතිය | සම්මානය | ප්‍රතිඵලය |
---|---|---|---|
1992 | සුරනිමල | හොඳම නැගීඑන නිළිය | දිනාගති |
2003 | ලේ කිරි කඳුළු | හොඳම නිළිය | දිනාගති |
සුමති සම්මාන[සංස්කරණය]
වර්ෂය | නිර්දේශිත පුද්ගලයා/කෘතිය | සම්මානය | ප්‍රතිඵලය |
---|---|---|---|
2000 | ඉසිදාසි | හොඳම නිළිය | දිනාගති |
1995 | මහජන මනාපය | වඩාත් ජනප්‍රිය නිළිය[31] | දිනාගති |
2015 | ගිරිකුළ | හොඳම සහාය නිළිය[32] | දිනාගති |
2016 | අම්මා | හොඳම නිළිය[33] | දිනාගති |
රයිගම් ටෙලීස්[සංස්කරණය]
වර්ෂය | නිර්දේශිත පුද්ගලයා/කෘතිය | සම්මානය | ප්‍රතිඵලය |
---|---|---|---|
2009 | හැන්දෑව | හොඳම නිළිය | දිනාගති |
ආශ්‍රිත[සංස්කරණය]
- ↑ "ඇක්ට්‍රස් ඉන් ශ්‍රී ලංකන් සිනමා - නිල්මිණි තෙන්නකෝන්". IMDb. Retrieved 15 ඔක්තොම්බර් 2019.
- ↑ 2.0 2.1 2.2 2.3 "ඩෙඩිකේෂන් ලෙඩ් ටු මයි සක්සස් - නිල්මිණි". සන්ඩේ ඔබ්සර්වර්. Retrieved 15 ඔක්තොම්බර් 2019.
- ↑ "නිලිමිණීස් ටෆ් ටෝක් ඔන් ටෙලිඩ්‍රාමාස්". ලංකාහිට්ගොසිප්. Retrieved 15 ඔක්තොම්බර් 2019.
- ↑ 4.0 4.1 4.2 4.3 4.4 "'අයි රිග්‍රෙට් මයි පාස්ට් ඩිෂිසන්ස්' – නිල්මිණි තෙන්නකෝන්". magazine.lankahelp.com. Retrieved 15 ඔක්තොම්බර් 2019.
- ↑ "අමතක නොවන මතක". සිළුමිණ. Retrieved 11 මාර්තු 2017.
- ↑ "අදර්ස් ජෙලස් එබවුට් අවර් මැරේජ් ලයිෆ්". එල්කේඇක්ට්‍රස්. Retrieved 15 ඔක්තොම්බර් 2019.
- ↑ "වී කැන් බී ක්ලෝස් අගේන් (සිංහල සිරැස සොයා ගත නොහැක)". සරසවිය. Retrieved 11 මාර්තු 2017.
- ↑ 8.0 8.1 "නිල්මිණි තෙන්නකෝන් ටෝක්ස් අබවුට් මැරේජ් ලයිෆ්". telelk. Retrieved 15 ඔක්තොම්බර් 2019.
- ↑ "නිල්මිණි තෙන්නකෝන් විත් හර් ඩෝටර්". Lanka Help. Retrieved 15 ඔක්තොම්බර් 2019.
- ↑ "නිල්මිණි තෙන්නකෝන් - නිලිමිණි තෙන්නකෝන් ෆිල්මොග්‍රෆි". සිංහල සිනමා ඩේටාබේස්. Retrieved 15 ඔක්තොම්බර් 2019.
- ↑ "නිල්මිණි තෙන්නකෝන් ෆිල්ම්ස්". රේට් යුවර් මියුසික්. Retrieved 15 ඔක්තොම්බර් 2019.
- ↑ "ආෆ්ටර් කර්ට්න්ස් ෆෙල් ඔන් රයිගම් ටෙලි එවෝර්ඩ්ස් 2008." ඩේලි නිවුස්. Retrieved 15 ඔක්තොම්බර් 2019.
- ↑ "ගොසිප් චැට් විත් නිල්මිණි තෙන්නකෝන්". gossiplankahotnews. Retrieved 15 ඔක්තොම්බර් 2019.
- ↑ "පොපියුලර් ඇක්ට්‍රස් නිල්මිණි තෙන්නකෝන් සෙලිබ්‍රේට්ස් හර් බර්ත්ඩේ". Hiru FM. Retrieved 15 ඔක්තොම්බර් 2019.
- ↑ "පොපියුලර් ඇක්ට්‍රස් නිල්මිණි තෙන්නකෝන් - නිල්මිණි තෙන්නකෝන්". හිරු ටීවීV. Retrieved 15 ඔක්තොම්බර් 2019.
- ↑ "නිල්මිණි තෙන්නකෝන්ට යළිත් මව් පදවිය". ලංකාදීප. Retrieved 15 ඔක්තොම්බර් 2019.
- ↑ "අස්වැන්න කම්ස් ටු ස්මෝල් ස්ක්‍රීන්". ඩේලි නිව්ස්. Retrieved 15 ඔක්තොම්බර් 2019.
- ↑ "දිය සුළිය". ටොරානා වීඩියෝ. Retrieved 15 ඔක්තොම්බර් 2019.
- ↑ "දිය යට ගිනි ටෙලි-ඩ්‍රාමා සීරීස්". සන්ඩේ ටයිම්ස්. Retrieved 15 ඔක්තොම්බර් 2019.
- ↑ "'හිරු දහසක් යට' - අ ස්ටෝරි ඔෆ් ලොස්ට් ඇන්ඩ් ෆවුන්ඩ්". සන්ඩේ ටයිම්ස්. Retrieved 15 ඔක්තොම්බර් 2019.
- ↑ "ඉටිපහන් (බර්ලි ලෑම්ප්) චැප්ටර්- 17". සන්ඩේ ඔබ්සර්වර්. Retrieved 15 ඔක්තොම්බර් 2019.
- ↑ "මමම නැති කර ගත්ත දෙයක් තමයි ඒ". සරසවිය. Retrieved 15 ඔක්තොම්බර් 2019.
- ↑ "නිදිකුම්බා මල්". පාරාදීසය. Retrieved 15 ඔක්තොම්බර් 2019.
- ↑ 24.0 24.1 "නාලන් මෙන්ඩිස් ටෙලිඩ්‍රාමාස්". නාලන් මෙන්ඩිස් නිල පිටුව. Retrieved 15 ඔක්තොම්බර් 2019.
- ↑ "මම සංවේදී වෙන තැන් එයා හදනවා". rasagossip. Retrieved 15 ඔක්තොම්බර් 2019.
- ↑ "කෙළි මඬල සිංහල මූවි". vodtv. Retrieved 15 ඔක්තොම්බර් 2019.
- ↑ "'ලේ කිරි කඳුළු' ඊස් නවු ඕන් ඇට් සීඊඑල්". ඩේලි නිවුස්. Retrieved 11 මාර්තු 2017.
- ↑ "ට්‍රිප් ඔන් ප්‍රසන්ට් ටුවර්ඩ්ස් ද ජර්නි ඉන් පාස්ට් (සිංහල සිරැස සොයා ගත නොහැක)". සරසවිය. Retrieved 5 ඔක්තොම්බර් 2017.
- ↑ "උදයකාන්ත ඔන් 'බන්ධනය'". ඩේලි මිරර්. Retrieved 17 අප්‍රේල් 2017.
- ↑ "හතර දෙනෙකු තරග වදින ජනාධිපති වේදිකාව ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර්". සරසවිය. Retrieved 10 අගෝස්තු 2019.
- ↑ "සුමති අවෝඩ් විනර්ස් ඉන් ඊච් ඉයර්". www.sumathiawards.lk.
- ↑ "සුමති ටෙලි අවෝඩ්ස් හෙල්ඩ් අන්ඩර් ප්‍රසිඩන්ට්ස් පැට්‍රනේජ්". අයිටීඒන් නිවුස්.
- ↑ "සුමති අවෝඩ්ස් 2016". සිලෝන් ටුඩේ.
බාහිර සබැඳි[සංස්කරණය]
- නිල්මිණි ටෝක්ස් අබවුට් ඩිවෝස්
- මට නම් මම හිතූ ආදරය ලැබිලා
- අයි විල් ලීව් ද කන්ට්‍රි
- මම පොළවේ පය ගහලා ඉන්න ගැහැනියක්
- කාලය කෙතරම් සොඳුරු ද