1953 සිංහල චිත්‍රපට ලැයිස්තුව

විකිපීඩියා වෙතින්
චිත්‍රපටයේ නම දායකයෝ නළු නිළියන් සටහන්
එදා රෑ (සිලෝන් තියටර්ස්) අධ්‍යක්ෂණය: ශාන්ති කුමාර්; සංගීතය: මොහොමඩ් ගවුස් තිලකසිරි ප්‍රනාන්දු, සීතා ජයවර්ධන, ශාන්ති කුමාර්, හර්බි සෙනෙවිරත්න, ඔස්ටින් අබේසේකර ප්‍රදර්ශනය: 1953 පෙබරවාරි 14 සිට එල්ෆින්ස්ටන් (මරදාන) හිදී (සිලෝන් තියටර්ස් මණ්ඩලයේ). ලතා වල්පොල පසුබිම් ගී ගැයූ පළමු චිත්‍රපටිය. ආනන්දේ ආනන්දේ යන ජනප්‍රිය ගීය ද ඇතුලත් විය.
ප්‍රේම තරගය (ශ්‍රී මුරුගන් නවකලා චිත්‍රපට) අධ්‍යක්ෂණය: ඒ භාස්කර් රාජ්; නිෂ්පාදනය: එස් එම් නායගම්; සංගීතය: ආර් මුත්තුසාමි අරුණ ශාන්ති (ප්‍රේමදාස), අයේෂා වීරකෝන් (මල්ලිකා), ලැඩී රණසිංහ (ගුණසිරි), මාක් සමරනායක (වික්‍රම), හියුගෝ ප්‍රනාන්දු ප්‍රදර්ශනය: 1953 මාර්තු 27 සිට කිංස්ලි (කොටහේන) හිදී (සිනමාස් මණ්ඩලයේ). ධර්මදාස වල්පොල පසුබිම් ගී ගැයූ පළමු චිත්‍රපටිය. හෝ හඬ දී, උගත්තු වියත්තු, හොඳ හොඳම වේය යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය.
පිටිසර කෙල්ල (නවජීවන මූවිටෝන්)) අධ්‍යක්ෂණය:සිරිසේන විමලවීර; සංගීතය කේ හියුගෝ ප්‍රනාන්දු; නිෂ්පාදනය ජේ පෝල් මතායස් තෙරේසා වීරසිංහ, ඒ ශාන්තප්‍රිය, මාලිනී රණසිංහ, එල් එම් ප්‍රනාන්දු, ඊ මාෂල් පෙරේරා ප්‍රදර්ශනය: 1953 අප්‍රියෙල් 24 සිට ගාමිණී (මරදාන) හිදී (සිනමාස් මණ්ඩලයේ). ආලෙ කල මුත් පණට පණ සේ යන ජනප්‍රිය ගීය ද ඇතුලත් විය.
කැලෑ හඳ නිෂ්පාදනය, අධ්‍යක්ෂණය: බී. ඒ. ඩබ්. ජයමාන්න; කථාව, දෙබස්: ඩබ් ඒ සිල්වා ඔහුගේ නවකථාව ඇසුරෙනි; සංගීතය: එස් එස් වේදා; කැමරා ශිල්පී කේ ප්‍රභාකර් රුක්මණී දේවි (මාලිනී), හඳුන්වාදෙන ස්ටැන්ලි පෙරේරා (ජෝන් ජයපාල), හඳුන්වාදෙන රීටා රත්නායක (ඩේසි), බී ඒ ඩබ් ජයමාන්න (නන්දරාළ), එඩී ජයමාන්න, මේබල් බ්ලයිත්, හඳුන්වාදෙන මිලී කහඳවල, විමලා කුමාරි, උදුලා දාබරේ

ප්‍රදර්ශනය: 1953 මැයි 27 සිට එල්ෆින්ස්ටන් (මරදාන) සහ තවත් ශාලා 6 ක (සිලෝන් තියටර්ස් මණ්ඩලයේ). නවකතාවක් පදනම් කර තැනූ පළමු සිංහල චිත්‍රපටිය. මැවිලා පෙනේවි, අන්න සුදෝ, මගේය ප්‍රේම මාලිනී, දෙවා ගිනි මවා දුක්, පෙම් අමධාරා, මායා මායා, පරණ පිනක් යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය.

සුජාතා (සිනමාස්) අධ්‍යක්ෂණය: ටී ආර් සුන්දරම්; නිෂ්පාදනය: කේ ගුණරත්නම්; සංගීතය දක්ෂිණමූර්ති හඳුන්වාදෙන ෆ්ලෝරීඩා ජයලත් (සුජාතා), හඳුන්වාදෙන ප්‍රේම් ජයන්ත් (නිහාල්), හඳුන්වාදෙන ඩේවිඩ් ධර්මකීර්ති, හඳුන්වාදෙන ඩොමී ජයවර්ධන (විකී), ශාන්ති ලේඛා (ප්‍රේමා) ප්‍රදර්ශනය: 1953 ජුනි 26 සිට ගාමිණී (මරදාන) සහ තවත් ශාලා 8 ක (සිනමාස් මණ්ඩලයේ). ප්‍රේමාලෝකය නිවී ගියා, සුමධුර වේ, පෙම් රැල්ල නගී, මායාවකී මේ ලෝකේ, ප්‍රේම ගඟේ, මනරංජන දර්ශනීය, නාරිලතා පුෂ්පේ, ගියා තමයි දමා යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය.
පුදුම ලේලි (ශ්‍රී මුරුගන් නවකලා චිත්‍රපට)) අධ්‍යක්ෂණය: ඒ.එස්. නාගරාජන්; නිෂ්පාදනය: එස් එම් නායගම්; සංගීතය: ආර් මුත්තුසාමි ප්‍රේම් ජයනාත් (රාජතිලක), ක්ලැරිස් ද සිල්වා (ලතා), හියුගෝ ප්‍රනාන්දු (ආරියසේන), ධර්මශ්‍රී රණතුංග, මාර්ක් සමරනායක, ගර්ලි ගුණවර්ධන ප්‍රදර්ශනය: 1953 දෙසැම්බර් 4 සිට (සිනමාස් මණ්ඩලයේ).