කමල් අද්දරාරච්චි

විකිපීඩියා වෙතින්
කමල් අද්දරාරච්චි
Kamal Addararachchi
උපත
අද්දරආරච්චිගේ ගුණේන්ද්‍ර කමල්

5 පෙබරවාරි 1962 (1962-02-05) (වයස 62)
ජාතිකත්වයශ්‍රී ලාංකික
රැකියාවActor, singer, teacher
සක්‍රීය වසර1977–වර්තමාන
කලත්‍රයා(යන්)අනුරානි අද්දරආරච්චි
සම්මානසරසවිය හොඳම නළුවා (2002)

අද්දරආරච්චිගේ ගුණේන්ද්‍ර කමල් (උපත 1962 පෙබරවාරි 5), හෙවත් කමල් අද්දරආරච්චි, යනු ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ නළුවෙකි.[1][2] ඒ වගේම ගායකයෙක් සහ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් ද වේ. 1981 වසරේදී පාසල් ශිෂ්‍යයෙකුව සිටියදී ගාමිණී ෆොන්සේකාගේ සාගරයක් මැද චිත්‍රපටයෙහි නළුවෙකු ලෙස තම සිනමා දැක්ම ආරම්භ කලේය. 1970 දශකයේ අග භාගයේ සිට ඔහු බොහෝ චිත්‍රපට සහ ටෙලිනාට්‍යවල විවිධ චරිත සඳහා පෙනී සිටියේය. ඔහු චිත්‍රපට 40කට, ටෙලිනාට්‍ය 20කට සහ වේදිකා නාට්‍ය 6කට අධික ප්‍රමාණයක රඟපා ඇති අතර, 2002 වසරේ "අග්නිදාහය" චිත්‍රපටයේ ශෝබනාගේ චරිතය වෙනුවෙන් සරසවිය හොඳම නළුවා සම්මානය හිමිකරගෙන ඇත.[3][4]

ඔහු 1993 දී දමයන්ති ජයසූරිය සමඟ ගායකයෙකු ලෙස සප්ත කන්‍යා චිත්‍රපටයේ "උන්මාදවූ ප්‍රේමාදරේ" නම් ගීතය ගැයීය. මීට අමතරව වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස සිරස සුපර්ස්ටාර් රියැලිටි වැඩසටහනෙහි පළමු වාර තුනෙහි සහ හිරු මෙගා ස්ටාර්ස් හි පළමු වාරයද මෙහෙයවීය.

පෞද්ගලික ජීවිතය[සංස්කරණය]

ඔහු කොළඹ වෙස්ලි විද්‍යාලයෙන් අධ්‍යාපනය සම්පූර්ණ කළේය.[5] පාසලේදී ඔහු කලාත්මක කටයුතු සඳහා මුලික උනන්දුවක් දැක්වූ අතර, සංගීතය, සිංහල සාහිත්‍යය, උඩරට නැටුම් සහ විවාද යන සියල්ල එකවර කිරීමට ඔහුව පොළඹවන ලදී. ඔහු පාසල් වියේදීම ‘සිංහල සාහිත්‍ය සංගමයේ’ ලේකම් ලෙස පවා කටයුතු කළේය.[6]

අනුරානි අද්දරආරච්චි සමඟ විවාහ වී සිටින ඔහුට පුතුන් දෙදෙනෙකි. කලාවට අමතරව, ඔහු ඉංග්‍රීසි ගුරුවරයකු ද විය.

වෘත්තීය ජීවිතය[සංස්කරණය]

1978 දී කොළඹදී වේදිකාගත කරන ලද "අනේ අබ්ලික්" නාට්‍යය කමල්ගේ පළමු කැපී පෙනෙන ප්‍රසිද්ධ නාට්‍ය රංගනය සනිටුහන් කළේය.[7] ගාමිණී ෆොන්සේකා ගේ සාගරයක් මැද චිත්‍රපටය සමඟින් රිදී තිරයට පැමිණි අද්දරආරච්චි ඉන් පසු සප්ත කන්‍යා, අග්නිදාහය, අවරගිර, කිණිහිරියා, රන්දිය දහර, කලර් හා ඇඩ්‍රස් නෑ වැනි ජනප්‍රිය චිත්‍රපට සමඟින් ඉමහත් ජනප්‍රියත්වයට පත්විය.[5]

හර්බට් රංජිත් පීරිස්ගේ හිරුට මුවාවෙන්, රන්ජන් ද සිල්වාගේ රතු රෝස, සහ වෙද හාමිනේ සහ ජයන්ත චන්ද්‍රසිරිගේ දඬුබස්නාමානය වැනි ටෙලිනාට්‍යවල ඔහුගේ රංගනයන් නිසාද ඔහු කැපී පෙනේ.[5] දඬුබස්නාමානය සඳහා 1995 වසරේ සමාරම්භක සුමති ටෙලි සම්මාන උළෙලේදී, හොඳම ටෙලිනාට්‍ය සහය නළුවාට හිමි සම්මානය මෙන්ම වඩාත් ජනප්‍රිය නළුවාට හිමි සම්මානයද දිනාගන්නා ලදි. කමල් තමාගේ මානසික අවපීඩනයෙන් පෙළෙන විට තමා වෙනුවෙන් වටිනා උපදෙස් දීමට සැමවිටම සූදානම් වූ දිනල් සමරනක ඔහුගේ උපදේශකයා ලෙස සලකයි.[8]

2012 ජූලි මාසයේදී ඔහු මහේන්ද්‍ර පෙරේරා සහ දයාන් විතාරණ සමඟින් ටිලාන් ප්‍රනාන්දුගේ "හිතගාව" ගීතයේ මියුසික් වීඩියෝව සදහා පෙනී සිටියේය. ඔහු 2005 වසරේ සිට කිසිදු ටෙලිනාට්‍යයකට පෙනී නොසිටි අතර 2017 සිට වසර හතරකින් චිත්‍රපටයකට රගපා නොමැත.[9][10]

සම්මාන[සංස්කරණය]

1995 – සුමති හොඳම සහය නළුවා සම්මානය
1995 – සුමති ජනප්‍රියම නළුවා සම්මානය
1996 – හොඳම සහය නළුවා ජනාධිපති සම්මානය
2002 – සරසවිය හොඳම නළුවා සම්මානය

මතභේදයන්ට ලක්වීම[සංස්කරණය]

කාන්තා දූෂණය කිරීම් සහ ඝාතනය කිරීම් සම්බන්ධ චෝදනා කිහිපයක්, මීට පෙර කමල් අද්දරාරච්චි වෙත එල්ල වී තිබෙයි.

  • 1997 වසරේදී තරුණ ගැහැණු ළමයෙකු රදවාගෙන දූෂණය කිරීම සම්බන්ධ චෝදනාව.[11] - සිදුවීම සම්බන්ධයෙන් කමල් කෙටි කාලයකට සිරගතවූවද, පසුව ඇප මත නිදහස් විය . තරුණ ගැහැණු ළමයා රදවාගෙන දූෂණය කල බවට එල්ල වූ චෝදනාවට වරදකරු වූ කමල් අද්දරාරච්චිට, 1997 දෙසැම්බරයේදී මහාධිකරණ විනිසුරු ශිරාණි තිලකවර්ධන විසින් දඬුවම් නියම කොට තිබුනද; 2002 වසරේදී එම තීරණය අභියාචනාධීකරණ විනිසුරු හෙක්ටර් යාපා (Hector Yapa) සහ කුලතිලක (P. H. K. Kulatilleka) යන විනිසුරුවරු විසින් නිෂ්ප්‍රභ කල බව පැවසේ.[12]
  • රමණී බර්තෝලමියුස් ඝාතනය/අනතුර සම්බන්ධ චෝදනාව. - 1985 වසරේ ශ්‍රී ලංකා රූ රැජින වූ[13], රමණී එලිසබෙත් බර්තෝලමියුස් මෙනෙවිය, 1987 ජුනි 30 වන දින කමල් අද්දරාරච්චි පදවාගෙන යමින් සිටි රථයට හසුවීමෙන් ලත් බරපතල තුවාල නිසා මිය (අවුරුදු 21) ගියාය. එකල රමණී, කමල් අද්දරාරච්චි සමග සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගිය බව සඳහන්ය. කෙසේ නමුදු රමණී සැබෑවටම වාහනයට අත්වැරැද්දකින් හසුවූවාද, යන්න එකල කා අතරත් කුකුසක් ඇති කිරීමට සමත් විය. ඇයව ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධව කමල් අද්දරාරච්චිට චෝදනා එල්ල වූවද, එම සියළු චෝදනා වලින් ඔහු නිදහස් විය.[14][15]
  • 2012 ජුලි ගණිකා මඩම සිද්ධිය - 2012 ජුලි මසදී, පොලිස් රහස් ඒකකය විසින්, නාරාහේන්පිට ගණිකා මඩමක් වටලා එහි සිටි තායි කාන්තාවන් කීප දෙනෙක් අත්අඩංගුවට ගන්නා ලදී. එහි වූ වාර්ථාවන්ට අනූව, වැටලීම සිදු වූ අවස්ථාවේ කමල් අද්දරාරච්චි වැනි පුද්ගලයෙක් එම භූමියෙහි රැඳී සිට තිබෙන අතර, එම වැටලීම සිදුවූ අවස්ථාවේදී පළාගිය නළුවෙකු සොයා විමර්ෂණ සිදුකරන බවට, පසුව මෙම සිදුවීම සම්බන්ධව විස්තර කල පොලීසිය ප්‍රකාශ කරන ලදී.[16] තමන්ට මඩගැසීමේ අරමුණින් මෙවැනි ප්‍රචාර සිදුවන බවට, පසුව මේ සම්බන්ධව අදහස් දක්වමින් කමල් අද්දරාරච්චි කියා සිටින ලදී.[17][18]

යොමු කිරීම්[සංස්කරණය]

  1. "Kamal Addararachchi – Profile". 30 September 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2 September 2007.
  2. "Sri Lankan Actor-Inmate Stages Play". The Washington Post. 27 April 1998. 30 September 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 10 April 2007.
  3. :: Daily Mirror – Opinion ::
  4. "Kamal Addararachchi". National Film Corporation of Sri Lanka. සම්ප්‍රවේශය 21 August 2016.
  5. 5.0 5.1 5.2 "Lets talk about Kamal addararachchi". Sarasaviya. සම්ප්‍රවේශය 21 August 2016.
  6. "Kamal (Sinhala)" (PDF). 28 September 2007 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2 September 2007.
  7. "Kamal Addararachchi: Reflections on a Career". fragments. 12 January 2015. සම්ප්‍රවේශය 21 August 2016.
  8. "The tale of a gun". the Sunday Times. සම්ප්‍රවේශය 21 August 2016.
  9. "Chat With Kamal addararachchi". gossip9lanka. සම්ප්‍රවේශය 21 August 2016.
  10. "I have not been to a movie in four years. A slave is not in a teledrama: Veteran actor Kamal Addararachchi". Sarasaviya. සම්ප්‍රවේශය 2021-12-25. {{cite web}}: |archive-date= requires |archive-url= (help)
  11. "S.C. (FR) ඇප්ලිකේෂන් නම්බර්. 90/97 - කේස් ඔෆ් කමල් අද්දරාරච්චි". Asian Legal Resource Center. සම්ප්‍රවේශය 2007-04-10.
  12. http://www.island.lk/2002/06/02/politi02.html
  13. සංරක්ෂිත පිටපත, http://www.pageant-almanac.com/miss-universe/parade/sri-lanka.php, ප්‍රතිෂ්ඨාපනය 2014-03-28 
  14. http://www.gossiplankanews.com/2012/11/the-post-mortem-of-ramani-bartholomeusz.html
  15. සංරක්ෂිත පිටපත, http://athal.info/Ramani-Bartholomeusz%27-Story.php, ප්‍රතිෂ්ඨාපනය 2014-03-28 
  16. http://www.nation.lk/edition/news-online/item/8798-hunt-for-popular-actor-gears-up.html
  17. http://dailymirror.lk/news/20695-kamal-dismisses-baseless-rumours.html
  18. සංරක්ෂිත පිටපත, http://www.english.gossiplankanews.com/2012/08/kamal-speaks-about-thai-massage-at.html, ප්‍රතිෂ්ඨාපනය 2014-03-28 

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=කමල්_අද්දරාරච්චි&oldid=622432" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි