1957 සිංහල චිත්‍රපට ලැයිස්තුව

විකිපීඩියා වෙතින්
චිත්‍රපටයේ නම දායකයෝ නළු නිළියන් සටහන්
සිරකරුවා (ලංකා නවජීවන චිත්‍රපට) ගී පද, තිර නාටකය, නිෂ්පාදනය, අධ්‍යක්ෂණය සිරිසේන විමලවීර (කතාව වික්ටර් හියුගෝ ගේ ලෙ මිසරාබ් ඇසුරෙනි); කැමරාව ඩබ් ඒ බී ද සිල්වා; සංගීතය ටී එෆ් ලතීෆ් සිරිසේන විමලවීර, මතායස් ප්‍රනාන්දු, මාෂල් පෙරේරා, එස් එච් ජෝතිපාල, උපසේන විමලවීර, ශාන්ති අබේසේකර, එන් ආර් ඩයස්, පියදාස විජේකෝන් ප්‍රදර්ශනය: 1957 ජනවාරි 25 සිට. දළු ලාපු ගහේ, නැන්සි පුංචි කාලේ, පරමෝත්තම බුදු පියේ යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය.
ජිවිත සටන (ශාන්ති කලා නිකේතනය) නිෂ්පාදනය, අධ්‍යක්ෂණය ශාන්ති කුමාර්; කතාව ඩී වී සෙනෙවිරත්න (එන් වීඩු (දෙමල; 1953) සහ ගුමස්තා (හින්දි; 1953) චිත්‍රපටි ඇසුරෙනි); සංගීතය එස් එස් වේදා; ගී පද ඩී ටී ප්‍රනාන්දු, හර්බි සෙනෙවිරත්න ශාන්ති කුමාර්, සීතා ජයවර්ධන, හර්බි සෙනෙවිරත්න, අයේෂා වීරකෝන්, ආනන්ද වීරකෝන්, ෂේන් ගුණරත්න, මිලී කහඳවල, ශාන්ති ලේඛා, ඔස්ටින් අබේසේකර, සේනාධීර රූපසිංහ, සෙබස්තියන් ජයසිංහ ප්‍රදර්ශනය: 1957 පෙබරවාරි 23 සිට සිලෝන් තියටර්ස් මණ්ඩලයේ ශාලාවල . ලෝ අම්බලමේ, පහත් තැනින් යයි ගලා, පෙම් සිහිනේ, ආදරේ මිහිරේ, අනේකා ජාතී සංසාරේ යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය.
සූරයා (සිනමාස්) අධ්‍යක්ෂණය ටී ආර් සුන්දරම්, ක්‍රිෂ්ණා රාඕ; නිෂ්පාදනය කේ ගුණරත්නම්; දෙබස් කේ හියුගෝ ප්‍රනාන්දු (කතාව තිරුට්ටු රාමන් (දෙමල; 1956) චිත්‍රපටිය ඇසුරෙනි); සංගීතය එස් දක්ෂිණමූර්ති; ගී පද කරුණාරත්න අබේසේකර, කේ හියුගෝ ප්‍රනාන්දු ලැඩී රණසිංහ, හර්බි සෙනෙවිරත්න, ඇල්ෆ්‍රඩ් එදිරිමාන්න, රෝහිණී ජයකොඩි, කාන්ති ගුණතුංග, හියුගෝ ප්‍රනාන්දු, එස් ඩී එලිසබෙත්, බන්දු ගුණසේකර, ඇන්තනි සී පෙරේරා, හර්බට් අමරවික්‍රම, ක්‍රිස්ටි ලෙනාඩ්, වින්සන්ට් වාස්, විජිත මල්ලිකා, පිටිපන සිල්වා ප්‍රදර්ශනය: 1957 මාර්තු 29 සිට. හිතන්නකෝ අයියේ, සැනසිල්ල නැලවිල්ල, දුප්පතාට කෝ සැප, දුටු දා ඉඳලා යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය.
සිරියලතා (ජයරුක් නිෂ්පාදකයෝ) අධ්‍යක්ෂණය එස් එස් රාජන්; නිෂ්පාදනය එඩී ජයමාන්න, රුක්මණී දේවි; සංගීතය ආර් මුත්තුසාමි; ගී පද හර්බට් එම් සෙනෙවිරත්න රුක්මණී දේවි, හර්බට් එම් සෙනෙවිරත්න, එඩී ජයමාන්න, මාක් සමරනායක, රූබි ද මෙල්, හියුගෝ ප්‍රනාන්දු, ලැටීෂියා පීරිස්, ස්ටැන්ලි මල්ලවආරච්චි, පීටර් පීරිස්, මිලී කහඳවල, එස් ඩී එලිසබෙත් ප්‍රදර්ශනය: 1957 ජුනි 27 සිට. සොම්නස් වුණා හදේ, මේ කෘෘර ලෝකේහි, සැමදාම ඔබ මගේ, අලංකාරේනී සැදූ යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය.
ලේ කදුළු (රම්‍යකලා චිත්‍රපට - පානදුර) අධ්‍යක්ෂණය කේ වෙලින්ටන් සිල්වා; නිෂ්පාදනය කේ ෆ්‍රැන්සිස් සිල්වා; සංගීතය ටී එෆ් ලතීෆ්; ගී පද හියුබත් ද මැල් රත්නා කුමාරි, නන්ද කුමාර්, ආතර් ටයිටස් ප්‍රදර්ශනය: 1957 සැප්තැම්බර් 2 සිට. අම්ම සිහිව මා වැඩූ, ආ සීත සුනිල ජලේ යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය. මිමී 16 ප්‍රමාණයෙන් රූ ගත කල චිත්‍රපටියකි.
සුකුමලි (භවානි නිෂ්පාදන සමාගම) අධ්‍යක්ෂණය එම් කේ සාමි, එම් මස්තාන්; නිෂ්පාදනය එම් එස් සිවසාමි; කතාව කේ වී ශ්‍රීනිවාස්; දෙබස් සුදාස් මාසකෝරාළ; සංගීතය පී එස් දිවාකර් ලැඩී රණසිංහ, අයේෂා වීරකෝන්, රීටා රත්නායක, ආනන්ද වීරකෝන්, ක්‍රිස්ටි ලෙනාඩ්, සුදාස් මාස්කෝරාල ප්‍රදර්ශනය: 1957 ඔක්තෝම්බර් 14 සිට. කොහෙන්දෝ ඇවිල්ලා, මගේ ආදරණීය බූරුවෝ, සීතලයි යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය.
සරදම් නිෂ්පාදනය, අධ්‍යක්ෂණය ටී සෝමසේකරන්; සංගීතය එස් දක්ෂිණමූර්ති; ගී පද කරුණාරත්න අබේසේකර ෆ්ලොරිඩා ජයලත්, ස්ටැන්ලි පෙරේරා, හඳුන්වා දෙන ජෝ අබේවික්‍රම, කිංස්ලි රාජපක්ෂ, රිචඩ් ඇල්බට් (ටාසන්) ප්‍රදර්ශනය: 1957 නොවැම්බර් 29 සිට. පොඩි කාලේ ඉඳ, පෙම් හද විමනේ, ප්‍රීතියෙන් සතුටින් යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය.
සූරසේන (පක්ෂිරාජා ස්ටුඩියෝස්) නිෂ්පාදනය, අධ්‍යක්ෂණය එස් එම් එස් නායිදු; සංගීතය එස් එම් සුබ්බය්යා නායිදු; ගී පද ආනන්ද සමරකෝන් හර්බි සෙනෙවිරත්න, කාන්ති ගුණතුංග,රෝහිණී ජයකොඩි, එඩී ජයමාන්න, මාක් සමරනායක, රූබි ද මෙල්, ඩොමී ජයවර්ධන, පියදාස ගුණසේකර, ඇන්තනි සී පෙරේරා, පීටර් පීරිස්, බන්දු ගුණසේකර, හියුගෝ ප්‍රනාන්දු, ලලිතා පද්මිණී ප්‍රදර්ශනය: 1957 දෙසැම්බර් 13 සිට. අතන මෙතන, ආනන්ද ශ්‍රීය වෑහේ, ආලෝකේ ආලෝකේ, වසන්තේ වනේ, මනරම් රැඟුමන්, සඳ කාන්ති වැදී යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය.

{{සිංහල සිනමාව}