දිනක්ෂි ප්‍රියසාද්
දිනක්ෂි ප්‍රියසාද් (උපත 1990 මාර්තු 18) ඇය ශ්‍රී ලංකික නිළියක සහ රූපවාහිනී නිවේදිකාවකද වේ.ඇයගේ සිනමා ජීවිතය ආරම්භ වන්නේ වයස අවුරුදු දෙකේදී ඇයගේ පියා අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක් සමගය
මුල් කාලය, පසුබිම හා අධ්‍යාපනය
[සංස්කරණය]ඇය උපත ලැබූවේ කොළඹ, ශ්‍රී ලංකාවේය.ඇය දුවලා තුන්දෙනෙකුන් යුත් පවුලේ වැඩිමහල් දියනියයි.දිනක්ෂිගේ පියා දිනෙෂ් ප්‍රියසාද් වන අතර මව ශිරානි ප්‍රියසාද්වේ.ඇයගේ පියා වන දිනෙෂ්[1] ශ්‍රී ලංකා සිනමා කර්මාන්තයේ පුරෝගාමී චරිතයක් ලෙස සලකනු ලබන කීර්තිමත් චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක් වේ.ඇයගේ පියගේ වඩාත් ප්‍රසිද්ධ ව්‍යාපෘතිය වන්නේ 1995 වර්ෂයේ නිෂ්පාදනය වූ දෙමෝදර පාලම ක්‍රියාදාම චිත්‍රපටයයි.එයි ප්‍රධාන නළුවා බවට පත්වූයේ ගාමිණී ෆොන්සේකා මහතාය.[2]ඇයගේ මූලික අධ්‍යාපනය සදහා ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය, බම්බලපිටිය වෙත යොමුවිය.පසුව ඇය උසස් ඇධ්‍යාපනය සදහා Royal Institute ආයතන්යෙන් ගණිත අංශයෙන් අධ්‍යාපනය හැදෑරීය.[3]
ටෙලිනාට්‍යය
[සංස්කරණය]- අම්මාවරුනේ
- උත්තම පුරුෂ
- කුලියට සහා බද්දට
- චංචල රේඛා
- පියවි
- මිණි ගං දෑල
- යාය 4
- රෝද තුනේ මනමාලි
- සදගිරි පවිව
- හුස්ම වැටෙන මල්