ධර්මසේන පතිරාජ
ආචාර්ය ධර්මසේන පතිරාජ | |
---|---|
![]() | |
උපත | මාර්තු 28, 1943 |
මිය යාම | January 28, 2018 | (වයස 74)
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
රැකියාව | අධ්‍යක්ෂ, තිර රචක, විශ්ව විද්‍යාල කථිකාචාර්ය |
සක්‍රීය වසර | 1969 සිට |
සංගණ්‍ය කෘතිය | බඹරු ඇවිත් සොල්දාදු උන්නැහෙ |
සම්මාන | ජනාධිපති සම්මාන |
ආගම | බෞද්ධ |
ධර්මසේන පතිරාජ (1943 මාර්තු 28 - 2018 ජනවාරි 28) ශ්‍රී ලාංකික සිනමා අධ්‍යක්ෂවරයෙක් හා තිරනාටක රචකයෙකි.
මුල් සමය[සංස්කරණය]
මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් පාසැල් අධ්‍යාපනය ලද ධර්මසේන පතිරාජ පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් සිංහල සහ බටහිර සම්භාව්‍ය සංස්කෘතිය හදාරා 1967 දී ගෞරව උපාධියක් ලබාගත්තේ ය. පාසැල් වියේ පටන් ම සාහිත්‍යයට, නාට්‍ය කලාවට හා සිනමාවට ළැදි ව සිටි පතිරාජගේ මුල් ම සිනමා කෘතිය 1969 දී නිර්මාණය කෙරුණු සතුරෝ නමැති කෙටි චිත්‍රපටය යි. 1974 නිකුත් කෙරුණු අහස් ගව්ව චිත්‍රපටයත් සමග පතිරාජ චිත්‍රපට ලෝකය තුළ පුළුල් අවධානයක් දිනාගත්තේ ය. අහස් ගව්ව මෙරට "වම් ඉවුරේ සිනමාව" වශයෙන් හැඳින්වුණු ප්‍රවණතාවෙහි ආරම්භය සලකුණු කළේ ය.
අධ්‍යක්‍ෂණ[සංස්කරණය]
චිත්‍රපට
වසර | චිත්‍රපටිය | භාෂාව | වෙනත් |
---|---|---|---|
1969 | සතුරෝ | ||
1974 | අහස් ගව්ව | සිංහල | නළුවෙකු ලෙස |
1975 | එයා දැන් ලොකු ළමයෙක් | සිංහල | |
1978 | පොන්මනි | දෙමළ | |
1978 | බඹරු ඇවිත් | සිංහල | |
1980 | පාර දිගේ | සිංහල | |
1981 | සොල්දාදු උන්නැහෙ | සිංහල | නළුවෙකු හා තිර රචකයෙකු ලෙස |
1994 | වාසුලි | සිංහල | |
2001 | මතුයම් දවස | සිංහල | තිර රචනය |
2016 | සක්කාරං | සිංහල | |
2017 | ස්වරූප | සිංහල |
ටෙලි නාට්‍ය
වසර | ටෙලි නාට්‍යය | |
---|---|---|
1985 | ගඟුලෙන් එතෙරට | |
1986 | මායා මන්දිර | |
1988 | ඇල්ල ළඟ වලව්ව | |
1989 | වන්නි හාමිලාගේ කතාව | |
1989 | සුදු බණ්ඩෙලාගේ කතාව | |
1989 | පුර සක්මන | |
1992 | කඩුල්ල | |
1993 | සුබ අනාගතයක් | |
1994 | නාඳුනන පුත්තු | |
1996 | දුර්ගාන්තය | |
2009 | කම්පිත විල් |
සම්මාන[සංස්කරණය]
වසර | සම්මානය | චිත්‍රපටය | සම්මාන උළෙල |
---|---|---|---|
1978 | හොඳම අධ්‍යක්‍ෂණය | බඹරු ඇවිත් | ජනාධිපති සම්මාන |
1981 | හොඳම තිර රචනය | සොල්දාදු උන්නැහෙ | ජනාධිපති සම්මාන |
1981 | හොඳම අධ්‍යක්‍ෂණය | සොල්දාදු උන්නැහෙ | ජනාධිපති සම්මාන |