සුනිල් ශාන්ත

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

[[

2018Galle3.jpg

]]

සුනිල් ශාන්ත
SunilShantha.jpg
පසුබිම් තොරතුරු
උපත් නාමයබද්දලියනගේ දොන් ජෝසප් ඦෝන්
සම්භවයශ්‍රී ලංකාව
ප්‍රභේදශ්‍රී ලාංකීය සංගීතය
Lanka-1.jpg
Occupation = ගායකයෙක්. ගීත රචකයෙක්,
සක්‍රීය වර්ෂ19451981


සුනිල් ශාන්ත (1915-1981) ශ්‍රී ලාංකික විශිෂ්ට සංගීතඥයෙකි. ඔහු 1956දී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ සුප්‍රසිද්ධ "රේඛාව" චිත්‍රපටයේ ගී තනු නිර්මාණය කළේය. එමෙන්ම සංදේශය චිත්‍රපටයේ ගී තනු නිර්මාණය කරන ලද්දේ ද සුනිල් ශාන්ත විසිනි. රේඩියෝ සිලෝන් පිහිටුවීමෙන් අනතුරුව 1946 වසරේ එහි පටිගත කළ ප්‍රථම ගීතය වූ "ඕලු පිපීලා වෙල ලෙළ දෙනවා" ගීතය ගායනය කළේ සුනිල් ශාන්ත විසිනි. එහි පබැඳුම සහ සංගීත නිර්මාණය ද ඔහුගේම විය. ඔහු ගී තනු නිර්මාණය කළ ගීත බොහෝමයක් වර්තමානයේ දී ද ඉතා ජනප්‍රිය අතර රේඛාව චිත්‍රපටය සඳහා මර්සලින් ජයකොඩි පියතුමන් විසින් රචිත "වෙසක් කැකුළු අතු අග හිඳ" ගීතයත් සංදේශය චිත්‍රපටය සඳහා අරිසෙන් අහුබුදු විසින් රචිත "පෘතුගීසිකාරයා" ගීතයත් එයට උදාහරණ වෙයි.


ජීවන තෙරතූරු[සංස්කරණය]

ආරම්භක අවධිය (1915-1945)[සංස්කරණය]

බද්දලියනගේ දොන් ජෝසප් ඦෝන් 1915 අප්‍රේල් 04 දින දී දෙහියගත්ත¸ඦාඇළදී මෙලොව ඵලිය දුටුවේ කතෝලික පවුලකටය. මව කුරුගමගේ එංගල්තිනා වූ අතර පියා බද්දලියනගේ දොන් පෙමියානු විය. බාල අවධියේදී ම ඔහුට දෙමාපියන් අහිමිවිය. එම්. ජේ. පෙරේරා ඔහුගේ මාමා වු අතර ඔහු වෘත්තියෙන් සංගීතඥයෙක් විය. බාල අවධියේදී ම ශාන්තයන් හාමෝනියම් වාදනය හදාළේය. සුනිල් ශාන්තයන් පාසල් විහාග තරගාවලියෙන් ඉහළම ලකූණූ ලබාගත් අතරම වීරරත්න සම්මානයෙන්ද පිදූම ලැබීය. අවසන් ගුරු විභාගය 1933 දී සම්පූර්ණ කල සුනිල් ශාන්ත ක්ලැවරි පාසලෙන් තම ගුරු දිවිය ඇරඹීය. ඵහිදී තම පාසලට දකුණු පළාත සංගීත තරගාවලියෙන් සම්මාන තූනක් ලබාදීමට හෙතෙම සමත්විය. 1939 දී අන්තර්මධ්‍ය ගාන්ධර්ව විහාගයෙන් සමත්වු ඔහු ඵ්වනවිට පියානෝ වාදනය හදාරා තිබිණි. 1940 දී ශාන්තයන් වැඩිදුර අධ්‍යාපනය සදහා ශාන්ති නිකේතනයට ඇතුලත් වූ අතර එම වසර තුලදීම භාත්ඛණ්ඬේ විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ හෙතෙම 1944 දී සිතාර් වාදනය පිළිබඳ වාද්‍ය විශාරද උපාධිය ලැබීය. ඉන් පසු බද්දලියනගේ දොන් ජෝසප් ඦෝන් නමින් සුනිල් ශාන්ත බවට පත් විය. ‍ධීවර ව්ආයා‍පාරිකයෙකු වු බද්ද ලියනගේ දොන් පෙමියානු හා මහරගේ එංගල්තිනා පෙරේරා යන දෙපලගේ කණිටු දරුවා ලෙස 1915 අප්‍රේල් මස 14 වන දින ජාඇල පමුණුගම දී ජෝසප් ජෝන් ළදරුවා උපත ලැබුවේ ය. ඔහුට මාස තුනක් වන විට පියා මරණයට පත් විය. ඔහුට තෙ වසරක් වන විට මව ද මිය ගියා ය. අනතුරු ව ජෝසප් ජෝන් හදාවඩා ගැනීම දෙහියාගාත ප්‍රදේශයේ ජස්වත් වූ කුරුගමගේ මරියමදලේනා පෙරේරා ජයවර්ධන නමැති ඔහුගේ මිත්තණියට භාර විය. ජෝසප් බාලාංශ අධ්‍යාපනය ලැබූයේ දෙහියාගාත පාසැලෙනි. පළමු වැනි පන්තියට පසු අධ්‍යාපනය ස`දහා ලොකු මාමා වන අන්තෝනි පෙරේරා සේවය කළ කොළඹ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයට ඇතුළත් විය. තවත් මාමා කෙනෙකු වන එම්.ජෙa. පෙරේරා නමැති සර්පිනා ශිල්පියාගෙන් එය වාදනය කිරීමට උගත් මුත් ලොකු මාමා එය අනුමත නො කළේ ය. මේ කාලයේ ගාල්ල මවුන්ට් කල්වාරි පාසැලේ මුල් ගුරුවරයා ලෙස කටයුතු කළ මර්සලීන් පෙරේරා නමැති මාමා විසින් ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලයට ඇතුළත් කරනු ලැබ සිය නිවසේ ම ර`දවා ගෙන ඉගැන්වීම් කටයුතු කරවී ය. පාසැල් ගාස්තු ගෙවීමේ අපහසුව නිසා දෙ වැනි පන්තිය සමත් වීමට ද පෙර කුඩා ජෝසප්ට නැවතත් දෙහියාගාතේ සිය මිත්තණිය වෙත යාමට සිදු විය. අනතුරු ව තුඩැල්ල සිංහල පාසැලෙන් දෙ වැනි පන්තියේ සිට පස්වැනි පන්තිය දක්වා ශිල්ප හැදෑරී ය. යළිත් දෙහියාගාත පාසලට පැමිණි ජොසප් එහි නට්‍ය ර`ගදැක්වීම ආදී කලා කටයුතුවල නිරත විය. දක්ෂ ලෙස මවුත් ඕගනය වැයීමේ හැකියාව ඔහු සතු විය. 1931 දී දෙහියාගාත පාසලෙන් පාඨශාලා හැරයාමේ විභාගයට ඉදිරිපත් වූ ඔහු දිවයිනෙන් ම ප්‍රථම ස්ථානය දිනා ඞ්ඞ්වීරරත්න ත්‍යාගය.. හිමිකර ගත්තේ ය. 1932 දී ගම්පහ බෞද්ධ පාඨශාලාවේ ශිෂ්‍යයෙකු වශයෙන් ගුරු ප්‍රාරම්භ පරීක්ෂණයට ඉදිරිපත් ව ඉන් සමත් විය. 1933 දී ගාල්ල ක`ඵවැල්ල කල්වාරිකන්ද පාඨශාලාවේ සිටි මාමා ළ`ගට ගොස් එහි ශිෂ්‍යයෙකු වශයෙන් ගුරු අවසාන පරීක්ෂණයට ඉදිරිපත් ව ඉන් සමත් විය. 1934 කාලයේ මග්ගොන රෝමානු කතෝලික ගුරු අභ්යෙආස විද්‍යාලයේ පුහුණු ව ලැබී ය. මේ කාලයේ නාට්‍යවල ර`ගපෑමත් ගීත රචනා කිරීමත් කර ඇත. ජොන් ද සිල්වාගේ තනුවලට ගැමි සුන්දරත්වය පිළිබ`ද ගී එලෙස රචනා කර ඇත. 1936 කාලයේ දී පුහුණුවෙන් පසු ව ගාල්ලේ කල්වාරි කන්ද පාසලේ ගුරු තනතුරකට පත් විය. ලංකාවේ පැවති පළමු අධ්‍යාපන ප්‍රදර්ශනයේ හස්ත කර්මාන්ත නිෂ්පාදන ක්ෂේත්‍රයේ දෙවන ස්ථානයත් විසිතුරු භාණ්ඩ නිෂ්පාදනයේ පළමු ස්ථානයත් දිනාගැනිණ. 1936-1939 කාලයේ දී ජෝසප්ගේ ශිෂ්‍යයෝ නොකඩවා තෙවසරක් ම දක්ෂිණ ලංකා පාඨශාලා සංගීත තර`ගයෙන් පළමු තෑග්ග දිනාගත්හ. 1938 දී අධ්‍යාපනඥ එස්.එල්.ඹී කපුකොටුව මහතාගේ උපදෙස් පරිදි ගාන්ධර්ව ප්‍රාරම්භ පරීක්ෂණයට රවිකිඤ්ඤ වාදන විෂයෙන් ඉදිරිපත් ව සමත් විය. ගිටාර් සහ ඇකෝඩියන් වාදනය පිළිබ`ද ව ද ප්‍රවීණතාවක් හේ ලබාගත්තේ ය. මේ කාලයේ දී ම ඌරාපොල බණ්ඩා ගුරුන්නාන්සේගෙන් ජනකවි සහ වන්නම් ගායනය ඉගෙන ගන්නා ලඳි 1938 දෙසැම්බර් 1 වන දින ශාරීරික අභ්යෙආස විෂයෙහි අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් පැවැත්වූ පරීක්ෂණයෙන් සමත් ව ලංකාවේ ඕනෑ ම සිංහල පාසැලක ශරීර අභ්යෙආස හා ක්‍රීඩා ඉගැන්වීමට සුදුසුකම් ලැබී ය. 1939 දී සංගීතය හැදෑරීම ස`දහා ඉන්දියාවට යාමේ අදහසින් පාසැලින් අස්විය. 1939 දී ශාන්ති නිකේතනයේ ශිෂ්‍යයෙකු වශයෙන් ශාස්ත්‍රීය සහ වංග සංගීතය හා ගායනා විධි හැදෑරීම අරඹන ලඳි 1940 කාලයේ ලක්නව්හි මාරිස් හින්දුස්ථානි සංගීත විද්‍යා පීඨය හෙවත් භාත්ඛණ්ඩේ සංගීත විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ අතර ඉගෙනුම ලැබූ අවසන් වසර දෙක ස`දහා ලක් රජයෙන් රුපියල් 50 ක ශිෂ්‍යත්වයක් ලැබී ය. පසුව එය 100 දක්වා වැඩි කරන ලඳි මේ වසරේ දෙසැම්බර්වල දේවාර් සූර්යසේන සම`ග නත්තල් වැඩසටහනකට සහභාගී වී ඇත. 1941 ජූලි 05 දින ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ සිංහල සමීතියේ විවිධප්‍රසංගයේ හින්දුස්ථානී ගී දෙකක් හා වංග ගීයක් ද ගයා ඇත. සිතාර් වාදනයක් ද ඉදිරිපත් කර තිඹේ සූර්ය සංකර් මොල්ලිගොඩ ද සංගීතයෙන් සහය වී ඇත. 1944 දී භාත්ඛණ්ඩේ විශ්වවිද්‍යාලයෙන් සිතාර් වාදනය පිළිබද පළමු පන්තියේ සාමාර්ථයක් සහිත ව වාද්‍ය විශාරද උපාධිය ලබා ඇත. 1944 දෙසැම්බර් 24 දින සුනිල් සාන්ත නමින් නාමය වෙනස්කොටගෙන මවු බිමට ආපසු පැමිණියේ ය. අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් ලැබුණු සංගීත ශිෂ්‍යත්වයෙන් උගත් හෙයින් 1945 දී කපුකොටුව මහතා හමු වී සංගීත ගුරුපත්වීමක් ඉල්ලාසිටි මුත් සරඹ පත්වීමක් පමණක් දිය හැකි බව පැවසූ නිසා ඉගැන්වීමේ අභිලාශය අත්හැරස්මට සිදු විය.4 අනතුරු ව රක්වානේ සිටි මාමා වන ගරු මෝසස් පෙරේරා පියතුමා වෙත ගිය ඔහු එහි දී කුමාරතුංග මුණිදාස හා රැයිපියෙල් තෙන්නකෝන් ආදීන්ගේ පොත් කියවීමෙන් දේශීය සංගීතයක අවශහ්තාව තේරුම්ගැනීම හා ඒ වෙනුවෙන් කැපවීම අරඹණ ලඳි 1945-46 කාලයේ සංගීත පන්ති පැවැත්වීම, පුවත්පත්වලට ලිපි සැපයීම ආදිය කරන ලඳි සූර්ය සංකර් මොල්ලිගොඩගේ නිවසේ රැf`දමින් හෙළ සංගීතයක් ගැන විවිධ පර්යේෂණවල නිරත විය. 1946 දී ඞ්ඞෝලු පිපීලා.. ගීතය ලංකා ගුවන්විදුලිය මගින් තැටියකට නගන ලද මුල් ම ගීතය ලෙස වාර්තාගත ව ඇත. ඉන් අනතුරුව සංගීත නිර්මාණ කිරීම හා ගීත පොත් පළ කිරීම කරන ලඳි මේ කාලය වන විට සිංහල භාෂා රසිකයන් අතර ඔහු ඉතා ම ජනප්‍රිය වී සිටියේ ය. 1952 දී ගුවන්විදුලියේ රතන්ජංකර් පරීක්ෂණයෙන් පසු සුනිල් සාන්තට ගුවන්විදුලියේ දොර වැසිණ. 1952 අගෝස්තු 21 දින ජයසේකර සෙනෙවිරත්න මුදියන්සෙලාගේ මේරි ජොසපින් බර්නදෙත් ලීලාවතී සම`ග පන්නිපිටිය රෝමානු කතෝලික දේවස්ථානයේ දී විවාහ විය. ඒ වසරේ ඔක්තෝබරයේ ජාඇල කණුවන පිහිටි සුනිල් සාන්තගේ පුංචි අම්මාගේ නිවසට පදිංචියට පැමිණියේ ය. 1953 කාලයේ ඇල්බට් පෙරේරා නොහොත් අමරදේවට ඉගෙනීම සදහා උපකාර කර ඇත.5 1956 -1959 කාලයේ දී ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රේඛාව හා සන්දේශය යන චිත්‍රපටවල ගී තනු නිර්මාණය කරන ලඳි 1967 දී ගුවන්විදුලියේ අධ්‍යක්ෂ නෙවිල් ජයවීර මහතා නැවතත් සුනිල් සාන්තට ගුවන්විදුලියේ වැඩසටහන් භාරදීම සිදු විය. 1980 දී රණසිංහ ප්‍රේමදාස අග්‍රාමාත්‍යවරයා ඔහුට නොමිලේ නිවසක් ලබා දුන් මුත් ඔහු එය භාරගනු ලැබූයේ නිවාස දෙපාර්තමේන්තුවට මාසික කුලියක් ගෙවීමේ ගිවිසුම මත යි. 1981 දී සුනිල් සාන්තගේ දරුවන් සිව්දෙනාගෙන් බාල පුත්‍රයා වූ ජගත් සාන්ත වානේ සංස්ථාවේ ඉංජsනේරුවෙකු ව කටයුතු කරද් දී හදිස්සියේ මියයෑම සිදු විය. මෙය ඔහුට දරාගත නොහැකි කම්පනයක් ගෙන ආවේ ය. 1981 අප්‍රේල් 11 වන දින පෙරවරුවේ සුනිල් සාන්තගේ අභාවය සිදු විය. අප්‍රේල් 13 වන දින දේහය කලාභවනට ගෙන ආ අතර ජා-ඇල දෙහියාගාත මුතුරාජවෙළ අසබඩ පිහිටි සුසාන භූමියේ ඒ සිරුර මිහිදන් කරන ලදී (විතාරණ,2001:337-348).===ගුවන්විදුලි අවධිය (1946-1952)===

මීළග වසර 7 තුල ගායනා කළ ගීත අතර සමහර ගීත අති ඡනප්‍රිය විය. ඵවා නම් ඹ්ලු පිපීලා (ප්‍රථම පටිගත ගීතය) ,"හදපානේ", "හෝ ගා රැලනැගෙයි", " බෝවිටියා දං පලුකන් වාරේ", " සුවද රෝස මල් නෙලා" , "කෝකිලයන්ගේ" සහ " මිහිකත නලවාලා" වේ. ඔහු ගායනා කළ ගීත සිහල උරුමය පිලිබදවූ අතර ඵ් කිසිවක් අන් භාෂාවල උපුටා ගැනීම් නොවීය. තවද කලාතුරකින් ගීත රචනාවේද නියැලුණේය. ඔහුගේ ගීතවල ගීත රචකයන් අතර කුමාරතුංග මුනිදාස, මර්සලින් ජයකොඩි පියතුමා, අරියසෙන් අහුබුදු දැක්විය හැක.

පසු අවධිය[සංස්කරණය]

1952 දී භාරතීය මහාචාර්ය රතන් ජංකර් ඉදිරියේ සම්මුඛ පරීක්ෂණයකට පෙනීසිටීම ප්‍රතික්ෂේප කළ නිසා සුනිල් ශාන්තට ගුවන් විදුලියේ රැකියාව අහිමි විය. එතැන් පටන් ඔහු ජීවිකාව සඳහා වඩු වැඩ, මේසන් වැඩ, රථවාහන අළුත්වැඩියාව, ඡායාරූප ශිල්පය, ගුවන්විදුලි යන්ත්‍ර අළුත්වැඩියාව, සිල්ලර වෙළඳසලක් පවත්වාගෙනයාම වැනි නොයෙක් රැකියාවල නිරත විණි. 1953 දී සුනිල් ශාන්තයන් විසින් මරදානේ නිව්ටන් ගොඞනැගිල්ලේ කුඞා පාසලක් අරඹන ලදි. ඵය තුළින් ශිෂය්‍යන් දහයකට පමණ නොමිලේ හැදෑරීමට අවස්ථාව සලසා දෙන ලදි. ටික කලකට පසුව මිතුරු ඇල්බට් පෙරේරා (වර්තමානයේ ඩබ්. ඩී. අමරදේව) ගුරුවරයකු වශයෙන් ඊට ඇතුළත් වීය. 1967 දී නෙවිල් ඡයවීර මහතා ගෙන් ජාතික ගුවන්විදුලි සේවාව සමග සම්බන්ධ වනලෙස සුනිල් ශාන්තයන් ට ඇරයුම් ලැබිණ. පසුව හෙතෙම ඩබ්. ඩී. අමරදේව සමග එක්ව එහි කටයුතු කළේය. 1970 දී මාමාගේ නිවසින් බැහැරවු හෙතෙම 1977 දී සුනිල් ගී නමින් පටිගතයක් නිපදවන ලදි.

සංගීත සහෘදයන්[සංස්කරණය]

බී.එස්. පෙරේරා


අභාවය[සංස්කරණය]

ඔහුගේ පුත් ජගත් ශාන්ත අකල් මරණයකට ගොදුරු වීම නිසා දැඩි කම්පනයකට පත් වූ සුනිල් ශාන්ත එහි ප්‍රතිඵලයක් ලෙස හටගැනුණු හෘදයාබාධයකින් 1981 අප්‍රේල් 11 දින අභාවප්‍රාප්ත විය. ඒ තම පුතුගේ වියෝවෙන් සති පහක් ගතවූ තැන දී ය.

බාහිර සබැඳි[සංස්කරණය]


"https://si.wikipedia.org/w/index.php?title=සුනිල්_ශාන්ත&oldid=452743" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි