Jump to content

ලෙස්ටර් ජෙම්ස් පීරිස්

විකිපීඩියා වෙතින්
(ලෙස්ටර් ජේම්ස් පීරිස් වෙතින් යළි-යොමු කරන ලදි)
ශ්‍රී ලංකාභිමාන්‍ය ලෙස්ටර් ජේම්ස් පීරිස්
උපතඅප්‍රේල් 5, 1919 (1919-04-05) (වයස 107)
මරණය2018 අප්‍රේල් 28 (වයස 99)
වෘත්තියsචිත්‍රපට අධ්‍යක්ෂක, චිත්‍රපට නිෂ්පාදක, තිර රචක
සක්‍රීය වසර1949–2018
වල්ලභසුමිත්‍රා පීරිස් (1964– වර්ථමානය තෙක්)

ශ්‍රී ලංකාභිමාන්‍ය ලෙස්ටර් ජේම්ස් පීරිස් (උපත 1919 අප්‍රේල් 5) ජාත්‍යන්තර ගෞරවයට පාත්‍ර වූ ශ්‍රී ලාංකික චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්, තිර රචකයෙක් මෙන් ම චිත්‍රපට නිෂ්පාදකවරයෙකි. 1949 සිට හේ චිත්‍රපට 28කට වඩා නිෂ්පාදනය කර තිබේ. ඔහු රේඛාව, ගම්පෙරළිය, නිධානය, ගොළු හදවත, කලි යුගය, අවරගිර සහ යුගාන්තය වැනි චිත්‍රපට අධ්‍යක්ෂණයෙන් විශාල ගෞරවයක් දිනා ගත්තේය. එතුමා ගේ චිත්‍රපට ශ්‍රී ලාංකීය පවුල් සංස්ථාවේ ගැමි ජීවිත තුළින් ලබා ගත් අත්දැකීම් අනුසාරයෙන් නිෂ්පාදනය වී ඇත.

1919 අප්‍රේල් 05 වන දින දෙහිවල දී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා උපත ලැබීය. ඔහු ගේ පියා වෛද්‍ය ජේම්ස් ෆ්‍රැන්සිස් පීරිස් මහතා වූ අතර ඈන් ගෙස්ට්‍රියට් විනිෆ්‍රච් ජයසූරිය මැතිණිය ඔහු ගේ මව වූවාය. ලෙස්ටර් මහතාට සහෝදරයයෝ ති දෙනෙක් සිටිය හ.

පීරිස් පවුල ඉංග්‍රීසි රෝමානු කතෝලික පවුලකි. හැදෙන වැඩෙන කාලයේ දී පටන් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ඉංග්‍රීසි භාෂාව පමණක් කතා කළේය.

ඔහු පසුව කොළඔ ශාන්ත පීතර විද්‍යාලයට ඇතුලු වී උගත්තේ ය. 1939 දී ඔහු ටයිම්ස් ඔෆ් සිලෝන් පතෙහි ඉන්දියානු සංස්කාරකවරයකු වූ ෆ්‍රෑන්ක් වොරේස් යටතේ සේවය කළේය. ඔහු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කෙටි කාලයක් වැඩ කළේය. ඔහු ගේ චිත්‍රපට නිෂ්පාදනය පිළිබඳව දැනුම තව තවත් පුළුල් වූයේ ඔහු නාට්‍ය මණ්ඩලයේ කණ්ඩායමට එකතු වූ පසුය.

මාර්ටින් වික්‍රමසිංහ මහතා ලියූ ජනප්‍රිය නවකතාවක් වූ ගම්පෙරළිය නවකතාව ඇසුරෙන් 1964 දී සෑදුණු ගම්පෙරළිය චිත්‍රපටය ඉතාමත් ප්‍රබල ය. එ වැනි චිත්‍රපට බොහෝ ද සහ එ වැනි චිත්‍රපට රැසක් සෑදුවේය. ඔහු චිත්‍රපට 20කට අධික සංඛ්‍යාවක් අධ්‍යයනය කළේය. අප රටට උසස් සේවයක් කළ මෙතුමා 2018 අප්‍රේල් 28 දා දැයෙන් සමුගත්තේය.

සිනමාව

[සංස්කරණය]

අධ්‍යක්ෂණයන්

[සංස්කරණය]
වසරචිත්‍රපටකරුණු
1956රේඛාව
1960සංදේශය
1964ගම්පෙරළිය
1966දෙලොවක් අතර
1967රන්සළු
1968ගොළු හදවත
1969අක්කර පහ
1970නිධානය
1972දෑස නිසා
1975ද ගොඩ් කිංඉංග්‍රීසි චිත්‍රපටය
1976මඩොල් දූව
1978අහසින් පොළවට
1979පිං හාමිවිස්තරාත්මක චිත්‍රපටය
1979වීර පුරන් අප්පු
1980බැද්දේගම
1982කලියුගය
1983යුගාන්තය
1995අවරගිර
2003වෑකන්ද වලව්ව
2006අම්මාවරුනේ

2018 ||වෛෂ්ණාවී

නිෂ්පාදනයන්

[සංස්කරණය]
වසරචිත්‍රපටකරුණු
1956රේඛාව
1978ගැහැනු ළමයි
1984මායා

තිර රචනයන්

[සංස්කරණය]
වසරචිත්‍රපට
1956රේඛාව
1988සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා

සංස්කරණයන්

[සංස්කරණය]
වසරචිත්‍රපටකරුණු
1972නිධානය

සම්මාන

[සංස්කරණය]
  • 1981 - බැද්දේගම - ප‍්‍රංශ කාන්ස් ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය
  • 1981 - බැද්දේගම - ලන්ඩන් සිනමා උළෙල නියෝජනය
  • 1982 - කලියුගය -ප‍්‍රංශ කාන්ස් ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය
  • යුගාන්තය - ජනාධිපති සම්මානය - හොදම අධ්‍යක්‍ෂණය
  • 1985 - යුගාන්තය - මොස්කව් ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය
  • පිං හාමි - මොස්කව් ළමා චිත‍්‍රපට උළෙල නියෝජනය හා ප‍්‍රථම ත්‍යාගය ලැබීම.
  • 1997 ජනාධිපති සම්මාන උළලේ ‘ගෝල්ඩන් ලයන්’ (ස්වර්ණ සිංහ සම්මානය)
  • 2000 ‘දිල්ලි’ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය- මයුර සම්මානය
  • 2001 ‘ස්වර්ණ පද්ම’ සම්මානය- ආසියානු සිනමාවට දැක්වූ දායකත්වය වෙනුවෙන්
  • 2002 ආසියානු සිනමා සංස්කෘතිය පිළිබඳ වූ සම්මානය

2002 අප්‍රේල් 5 වන දා ඔහු වෙනුවෙන් මුද්දරයක් ද නිකුත් කැරිණි. 2003 වසරේ දී පේරාදෙණිය විශ්ව විද්‍යාලය විසින් ඔහුට ගෞරව ආචාර්ය පදවියක් ද පිරිනැමිණි.

මූලාශ‍්‍ර

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=ලෙස්ටර්_ජෙම්ස්_පීරිස්&oldid=789331" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි