ලෙස්ටර් ජෙම්ස් පීරිස්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(ලෙස්ටර් ජේම්ස් පීරිස් වෙතින් යළි-යොමු කරන ලදි)
වෙත පනින්න: සංචලනය, සොයන්න
ශ්‍රී ලංකාභිමාන්‍ය ලෙස්ටර් ජේම්ස් පීරිස්
Lester 1.jpg
උපත අප්‍රේල් 5, 1919 (1919-04-05) (අවුරුදු 98)
දෙහිවල, ශ්‍රී ලංකාව
වෘත්තිය චිත්‍රපට අධ්‍යක්ෂක, චිත්‍රපට නිෂ්පාදක, තිර රචක
සක්‍රීය වසර 1949– වර්ථමානය තෙක්
කලත්‍රයා(යන්) සුමිත්‍රා පීරිස් (1964– වර්ථමානය තෙක්)

ශ්‍රී ලංකාභිමාන්‍ය ලෙස්ටර් ජේම්ස් පීරිස් (උපත 1919 අප්‍රේල් 5) ජාත්‍යන්තර ගෞරවයට පාත්‍ර වූ ශ්‍රී ලාංකික චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු, තිර රචකයකු සහ චිත්‍රපට නිෂ්පාදකවරයෙකි. 1949 සිට ඔහු චිත්‍රපට 28කට වඩා නිෂ්පාදනය කර ඇත. ඔහු රේඛාව, ගම්පෙරළිය, නිධානය, ගොළු හදවත, කලි යුගය, අවරගිර සහ යුගාන්තය වැනි චිත්‍රපට අධ්‍යක්ෂණයෙන් විශාල ගෞරවයක් දිනා ගත්තේය. එතුමාගේ චිත්‍රපට ශ්‍රී ලාංකීය පවුල් සංස්ථාවේ ගැමි ජීවිත තුළින් ලබා ගත් අත් දැකීම් අනුසාරයෙන් නිෂ්පාදනය වී ඇත.

ජීවිතය සහ වෘත්තිය[සංස්කරණය]

මුල් සමය[සංස්කරණය]

1919 අප්‍රේල් 9 වන දින දෙහිවල දී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා උපත ලැබීය. ඔහුගේ පියා වූ වෛද්‍ය ජේම්ස් ෆ්‍රැන්සිස් පීරිස් මහතා ස්කොට්ලන්තයේ දී වෛද්‍ය විද්‍යාව හැදෑරුවේය. ඔහුගේ මව වූ ඈන් ගෙස්ට්‍රියට් විනිෆ්‍රච් ජයසූරිය මැතිණිය, ශාන්ත බ්‍රිප්ට් කන්‍යාරාමයේ උපාධිදාරිනියක වූවාය. ජයසූරිය මැතිණිය ඉතා කැපී පෙනෙන අන්දමින් ජ්‍යෙෂ්ඨ කේම්බ්‍රිජ් විභාගය සමත් වූ පළමු ශිෂ්‍යාවට හිමි ස්ථානය දිනා ගත්තාය. ලෙස්ටර් මහතාට, එරිකා, අයිවන් සහ නොයෙල් ලෙස සහෝදරයන් කීපදෙනෙකි.

පීරිස් පවුල ඉංග්‍රීසි පන්නයට හැඩ ගැසුණු රෝමානු කතෝලික පවුලකි. හැදෙන වැඩෙන කාලයේ දී පටන් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ඉංග්‍රීසි භාෂාව පමණක් කතා කළේය. එපමණක් නොව සැමරුවේ ද කතෝලික උත්සවය පමණි. ඔහුගේ යම්තාක් දුරට හෝ සිංහල සංස්කෘතියට සම්බන්ධතාවයක් තිබුණේ ඔහුගේ මිත්තණියගෙන් පමණි. මන්දයත් ඇය, සිංහල භාෂාව කතා කළ නිසාත් ඉංග්‍රීසි වෙදකම් විශ්වාස නොකළ නිසාත්ය. එකොලොස් හැවිරිදි ඔහුට පියාගෙන් ත්‍යාගයන් ලෙස මිලිමීටර 8ක කොඩැස්කෝ ප්‍රක්ෂේපණයක් ලැබුණි. එම ප්‍රෙජෙක්ටරයෙන් චාලි චැප්ලින් ගේ නිහ`ඩ චිත‍්‍රපට නැරඹීමට ඔහුට හැකි විය. මේ කාලයේ දී ලෙස්ටර්ගේ සහෝදරයා වූ අයිවන් හා ලෙස්ටර් දිනපතා කොටස් වශයෙන් විකාශනය වන විදේශීය චිත‍්‍රපට නාරඹීමට ද පෙළඹී තිබේ. ලෙස්ටර් කිසිදු දිනෙක පාසල් නාට්‍ය නිෂ්පාදනයට සම්බන්ධ වී නොමැත. ඔහුට ප‍්‍රසිද්ධ චිත‍්‍රපට අධ්‍යක්‍ෂකවරයකු වීමට ද කිසිදු අදහසක් තිබී නොමැත. එමෙන්ම එකල ලංකාවේ ජාතික චිත‍්‍රපට කර්මාන්තයක් ද තිබී නැත.

ඔහු පසුව කොළඔ ශාන්ත පීතර විද්‍යාලයට ඇතුලු වී ඉගෙන ගත් අතර එයින් පිට වු පසුව වයස අවු 17 දී ඔහුගේ ජීවන වෘත්තිය ලෙස ජනමාධ්‍ය වේදය තෝරා ගත්තේය. ඔහු ප්‍රථමයෙන්ම වෘත්තිය වශයෙන් ඩේලි නිව්ස් පුවත් පතේ අතිරේකයක් සංස්කරණය කළ අතර එය සෙසු තරුණ ලේඛකයන්ට කදිම තෝතැන්නක්ම විය. මේ අතර ඇල්ප‍්‍රඞ් ද සිල්වා, මර්ව්න් ද සිල්වා, ජේ.බී ද අල්විස්, පර්සි විට්ටච්චි හා හැරිසන් පීරිස් ප‍්‍රධාන විය. 1939 දී ඔහු ටයිම්ස් ඔෆ් සිලෝන් පුවත් පතෙහි ඉන්දියානු සංස්කාරකවරයෙකු වූ ෆ්‍රෑන්ක් වොරේස් යටතේ සේවය කළේය. මොරායස් ‘ද ටයිම්ස් ඔෆ් සිලෝන්’ පුවත්පතේ සේවය කරන ලද ඉංගී‍්‍රසි ජාතිකයකු නොවන ප‍්‍රථම සංස්කාරකවරයා විය. මොරායස්ට ලෙස්ටර්ගේ ලිවීම් සහ ඔහුගේ විශිෂ්ටත්වය කැපී පෙනුණු අතර ඔහු ඒ පිළිබ`දව ඉතාම ප‍්‍රසාදායන් පසු විය. ඔහු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කෙටි කාලයක් වැඩ කළේය. ඔහුගේ චිත්‍රපට නිෂ්පාදනය පිළිබඳව දැනුම තව තවත් පුළුල් වූයේ ඔහු නාට්‍ය මණ්ඩලයේ කණ්ඩායමට එකතු වූ පසුය.

එංගලන්තයේ සිටීම[සංස්කරණය]

ඔහු මවගේ ආරාධනයෙන් 1947 දී එංගලන්තයට ගොස් එහි කලා ශිෂ්‍යත්වය හදාරමින් සිටි ඔහුගේ සහෝදරයා වූ අයිවන් සමඟ සම්බන්ධ වූයේය. එහි දී මොරේස් මහතා ඔහුට ටයිම්ස් පුවත්පතට එංගලන්තයේ කලාව පිළිබඳව ලියන ලෙස යෝජනාවක් කළේය. 1952 දී නැවතත් ලංකාවට පැමිණි ලෙස්ටර්, ඊට වසර 3කට පසුව රජයේ චිත‍්‍රපට අංශයේ සිටි කැමරාකරුවෙකු වූ විලී බ්ලේක් හා ටයිටස් තොටවත්තයන් සමග එක්ව වෘතාන්ත චිත‍්‍රපටයක් කිරීමට අදහස් කළේය. ඒ අනුව ගැමි තේමාවක් වස්තු විශය කොට ගත් සිංහල සිනමාවේ සංසිද්ධියක් ඇති කළ ‘රේඛාව’ චිත‍්‍රපටය බිහි විය. මෙසේ 1956 වසරේ දී රේඛාව චිත‍්‍රපටය අධ්‍යක්‍ෂණය කරමින් ලෙස්ටර් තම සිනමා දිවිය ආරම්භ කළේය. ලාංකීය සිනමාවේ විප්ලවයක් ඇති කළ ඔහු අතින් තවත් විශිෂ්ට සිනමාකෘති රැසක් බිහි විය. එම චිත‍්‍රපට සදහා සම්මානද හිමි විය.

1964 ඔහු සුමිත්‍රා ගුණවර්ධන සමඟ විවාහ වූයේය. ඇය ද එවිට දක්ෂ චිත්‍රපට අධ්‍යක්ෂිකාවක් විය. 1956 දී ඔහු ඔහුගේ ශ්‍රී ලාංකික සිනමාවට ඇතුල් වීමට අවස්ථාව උදා කර ගත අතර විශ්වීය කීර්තියට පත් වූ ගැමි ජීවිතය ප්‍රධාන කරගත් රේඛාව චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේය. ඔහුගේ මේ විප්ලවීය වෙනස නිසා ශ්‍රී ලාංකීය සිනමාවට ඒකීය අනන්‍යතාවයක් ගොඩ නැඟුනි. ඉන්පසු ඔහු සම්භාවනීය චිත්‍රපටි රැසක් බිහි කළ අතර එයිනුත් මාර්ටින් වික්‍රමසිංහ මහතා ලියන ලද ජනප්‍රිය නවකතාවක් වූ ගම්පෙරළිය නවකතාව ඇසුරෙන් 1964 දි සෑදූ ගම්පෙරළිය චිත්‍රපටය ඉතාමත් ප්‍රබලය. 1966 දී දෙළොවක් අතර චිත්‍රපටය ද 1968 දී කරුණාසේන ජයලත්ගේ නවකතාවක් ඇසුරෙන් ගොලු හදවත ද 1970 නිධානය ද 1983 යුගාන්තය ද එවැනි චිත්‍රපට බොහෝ ද සහ එවැනි චිත්‍රපට රැසක් සෑදුවේය. ඔහු චිත්‍රපට 20කට අධික සංඛ්‍යාවක් අධ්‍යයනය කළේය.

1950 දශකයේ ආසියානු රටවල් 3ක සිනමා කරුවන් තිිදෙනෙක් ආසියාවට ද සිනමාවක් ඇති බව බටහිර ලෝකයට පෙන්වීය. ඒ ජපානයේ අකිර කුරසාවා ‘‘රෂෝමෝන්’’ චිත‍්‍රපටය ද, ඉන්දියාවේ සත්‍යජිත් රායි ‘‘පාතර් පංචාලි ’’චිත‍්‍රපටය ද ශ‍්‍රී ලංකාවේ ලෙස්ටර් ජේම්ස් පීරිස් ‘‘රේඛාව’’ චිත‍්‍රපටය ද අධ්‍යක්ෂණය කරමිනි.

සිනමාව[සංස්කරණය]

අධ්‍යක්ෂණයන්[සංස්කරණය]

වසර චිත්‍රපට කරුණු
1956 රේඛාව
1960 සංදේශය
1964 ගම්පෙරළිය
1966 දෙලොවක් අතර
1967 රන්සළු
1968 ගොළු හදවත
1969 අක්කර පහ
1970 නිධානය
1972 දෑස නිසා
1975 ද ගොඩ් කිං ඉංග්‍රීසි චිත්‍රපටය
1976 මඩොල් දූව
1978 අහසින් පොළවට
1979 පිං හාමි විස්තරාත්මක චිත්‍රපටය
1979 වීර පුරන් අප්පු
1980 බැද්දේගම
1982 කලියුගය
1983 යුගාන්තය
1995 අවරගිර
2003 වෑකන්ද වලව්ව
2006 අම්මාවරුනේ

නිෂ්පාදනයන්[සංස්කරණය]

වසර චිත්‍රපට කරුණු
1956 රේඛාව
1978 ගැහැනු ළමයි
1984 මායා

තිර රචනයන්[සංස්කරණය]

වසර චිත්‍රපට
1956 රේඛාව
1988 සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා

සංස්කරණයන්[සංස්කරණය]

වසර චිත්‍රපට කරුණු
1972 නිධානය

සම්මාන[සංස්කරණය]

  • 1981 - බැද්දේගම - ප‍්‍රංශ කාන්ස් ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය
  • 1981 - බැද්දේගම - ලන්ඩන් සිනමා උළෙල නියෝජනය
  • 1982 - කලියුගය -ප‍්‍රංශ කාන්ස් ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය
  • යුගාන්තය - ජනාධිපති සම්මානය - හොදම අධ්‍යක්‍ෂණය
  • 1985 - යුගාන්තය - මොස්කව් ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය
  • පිං හාමි - මොස්කව් ළමා චිත‍්‍රපට උළෙල නියෝජනය හා ප‍්‍රථම ත්‍යාගය ලබා ගැනීම.
  • 1997 ජනාධිපති සම්මාන උළලේ ‘ගෝල්ඩන් ලයන්’ (ස්වර්ණ සිංහ සම්මානය)
  • 2000 ‘දිල්ලි’ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය- මයුර සම්මානය
  • 2001 ‘ස්වර්ණ පද්ම’ සම්මානය- ආසියානු සිනමාව ස`දහා දැක් වූ දායකත්වය වෙනුවෙන්
  • 2002 ආසියානු සිනමා සංස්කෘතිය පිළිබ`ද වූ සම්මානය

2002 අපේ‍්‍රල් 5 වන දා ඔහු වෙනුවෙන් මුද්දරයක් ද නිකුත් කරන ලදී. 2003 වසරේ දී පේරාදෙණිය විශ්ව විද්‍යාලය ම`ගින් ගෞරව ආචාර්ය පදවියක් ද ඔහුට පිරිනමනු ලැබීය.

මූලාශ‍්‍ර[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ලෙස්ටර්_ජෙම්ස්_පීරිස්&oldid=412830" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි