Jump to content

ඇන්ටන් ජූඩ්

විකිපීඩියා වෙතින්
ඇන්ටන් ජූඩ්
Anton Jude
උපත
ඇන්ටන් ජූඩ් ගෝමස්

නොවැම්බර් 28, 1960(1960-11-28)
මියගිය දිනයMarch 19, 2012(2012-03-19) (වයස 51)
රාගම රෝහල, උතුරු කොළඹ ශ්‍රී ලංකාව[1]
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයගල්කිස්ස ශාන්ත අන්තෝනි විද්‍යාලය
රැකියාවචිත්‍රපටි, ටෙලි හා වේදිකා නාට්‍ය රංගන ශිල්පී
කලත්‍රයා(යන්)මානෙල් විජේසේකර
දෙමව්පියන්(s)ක්ලැරන්ස් ගෝමස් (පියා)
ආගමරෝමානු කතෝලික

ඇන්ටන් ජූඩ් යනු ශ්‍රී ලංකාවේ සිටි, ජනප්‍රිය චිත්‍රපටි, ටෙලි නාට්‍ය හා වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙකි.[2][3][4]

මුල් අවදිය

[සංස්කරණය]

1960 වසරේ නොවැම්බර් 28 වැනිදා රත්මලානේදී උපත ලැබූ ජූඩ් මහතා[5] දරුවන් හතර දෙනෙකුගෙන් යුත් ඔහුගේ පවුලේ වැඩිමහල් දරුවා විය. ඔහු ගල්කිස්ස ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන් සිය අධ්‍යාපන කටයුතු නිමවන ලදී.[6][7]

වෘත්තිය දිවිය

[සංස්කරණය]

1978 වසරේදී Sashi Quintes ගේ සුදු හත්තක් වේදිකා නාට්‍යයේ රඟමින් සිය රංගන දිවිය ඇරඹූ ජූඩ් මහතා, ඉන්පසුව දිගටම රංගන ක්ෂේත්‍රයේ රැඳෙමින් විවිධ කලා නිර්මාණ සඳහා සිය දායකත්වය ලබා දුන්නේය. බහුබූතයෝ, රන්කෙවිට, නුඹ නාඩන් අපට පිස්සු, සිකුරු හතේ, රෝස කැලේ, එතුමයි මෙතුමයි ඔහු විසින් රංගන දායකත්වය ලබා දුන් චිත්‍රපට කිහිපයක් වේ.[8]

ඔහු විසින් රඟපෑ ටෙලිනාට්‍ය ලෙස පුංචි රාළ, සබඳ පබිලිස්, සකිසඳ එලියස් යන ඒවා හැඳින්විය හැක. ඔහු විසින් ගායනා කල ගීතයක් වූ ‘ආයිස් අම්මා ගුණ්ඩූ (උන පුරුකේ බලු වලිගේ) එකල ප්‍රේක්ෂක ජනයා අතර අතිශය ජනප්‍රිය විය.

2012 මාර්තු 19 වන දින සවස, ඇතිවූ හදිසි තත්වයක් හේතුවෙන් රාත්‍රී 11.20 පමණ ජූඩ් මහතාව රාගම මහරෝහල වෙත රැගෙන ගියත්, රෝහලට ඇතුලත් කරන විට ඔහු මියගොස් සිටි බව සඳහන් වෙයි.[3] මිය යන විට ඔහු සුනිල් අරුණසිරිගේ වීරයා නම් චිත්‍රපටිය සඳහා කැළණියේ තිබූ රූගත කිරීම් වලට සහභාගීව සිටි බව පැවසේ.[9][10]

ඔහුගේ අවමංගළ්‍ය කටයුතු 2012 මාර්තු 22 වන දින, කොළඹ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකරන ලදී.

රංගනයන්

[සංස්කරණය]

චිත්‍රපට

[සංස්කරණය]

වේදිකා නාට්‍ය

[සංස්කරණය]
  • මී පුරවැසියෝ
  • සුදු හත්තක්
  • සාරංගා නැවෙන් ඇවිත්

ටෙලිනාට්‍ය

[සංස්කරණය]
  • අද්භූත ලාම්පුව
  • කොට උඩ මන්දිර
  • තරු පිරි අහස
  • රන් සමනලයෝ
  • සකිසඳ සුවාරිස්
  • සුන්දර චන්දරේ

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ "ඇන්ටන් ජූඩ් පාසස් එවේ". Adaderana.lk. 2012-03-20. සම්ප්‍රවේශය 2013-01-30.
  2. ^ "පොපියුලර් ඇක්ටර් ඇන්ටන් ජූඩ් ඩයිස් | බ්‍රීකිං නිව්ස්". Dailymirror.lk. 2012-03-20. සම්ප්‍රවේශය 2013-01-30.
  3. ^ a b "සිලෝන් ටුඩේ | ඇන්ටන් ජූඩ් පාසස් එවේ". Ceylontoday.lk. 2012-03-20. සම්ප්‍රවේශය 2013-01-30.
  4. ^ "ශ්‍රී ලංකා නිව්ස් | ඔන්ලයින් එඩිෂන් ඔෆ් ඩේලි නිව්ස්- ලේක්හවුස් නිව්ස්පේපර්ස්". Dailynews.lk. 2012-03-21. සම්ප්‍රවේශය 2013-01-30.
  5. ^ "ඩේලි ලංකාදීප ඊ-පේපර්". Epaper.lankadeepa.lk. සම්ප්‍රවේශය 2013-01-30.
  6. ^ "ඇන්ටන් ජූඩ් අ ග්‍රේට් ලොස්ට් ටු ආර්ට්ස් ඇන්ඩ් සිනෙමා". Sundaytimes.lk. සම්ප්‍රවේශය 2013-01-30.
  7. ^ සංරක්ෂිත පිටපත, http://www.nation.lk/edition/breaking-news/item/4084-popular-artist-anton-jude-passes-away.html, ප්‍රතිෂ්ඨාපනය 2014-04-22 
  8. ^ "අ ට්‍රිබියුට් ටු ඇන්ටන් ජූඩ් | ලංකා හෙල්ප් මැගසින්". Magazine.lankahelp.com. 2012-03-23. සම්ප්‍රවේශය 2013-01-30.
  9. ^ "ලාස්ට් ජර්නි ඔෆ් ඇන්ටන් ජූඩ් | ඒෂියන් මිරර්". Asianmirror.lk. 2012-03-22. සම්ප්‍රවේශය 2013-01-30.
  10. ^ "පොපියුලර් ඇක්ටර් ඇන්ටන් ජූඩ් නෝ මෝර් | ද සන්ඩේ ලීඩර්". Thesundayleader.lk. 2012-03-20. සම්ප්‍රවේශය 2013-01-30.
"https://si.wikipedia.org/w/index.php?title=ඇන්ටන්_ජූඩ්&oldid=689436" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි