ජෝ අබේවික්‍රම

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
මහ අප්පච්චි
ජෝ අබේවික්‍රම
Joe Abewikrama.jpg
උපත ගම්මන පටබැදිගේ දොන් ජෝන් අබේවික්‍රම
1927 ජුනි 22
ලෙල්ලොපිටිය, ශ්‍රී ලංකාව
මරණය සැප්තැම්බර් 21 2011 (වයස 84)
සක්‍රීය වසර 1957 - 2013
සැළකිය යුතු කෘතීන් පුරහඳ කළුවර
ආගම රෝමානු කතෝලික

ගම්මන පටබැඳිගේ දොන් ජෝන් අබේවික්‍රම හෙවත් ජෝ අබේවික්‍රම සිංහල සිනමාවේ සම්මානලාභී ශ්‍රී ලාංකික නළුවෙකි. 1957 වසරේ දී රංගනයට පිවිසි අබේවික්‍රම මුල් අවධියේ ප්‍රසිද්ධියට පත් වූයේ විකට නළුවෙකු වශයෙනි. 1965 වසරේ පටන් ඔහු වඩාත් නාටකීය චරිතවලට පණ පෙවීම ආරම්භ කළ හෙතෙම ක්‍රමයෙන් විශිෂ්ට චරිතාංග නළුවකු වශයෙන් ප්‍රේක්ෂක - විචාරක සම්භාවනාවට පාත්‍ර විය.

ඔහු සරසවි සම්මාන කිහිපයක්ම දිනා ගැනීමට සමත්විය. 1999 වසරේ පැවති සිංගප්පූරු අන්තර් ජාතික චිත්‍රපට උළෙලේදී හෙතෙම හොඳම ආසියානු නළුවා වෙනුවෙන් පිරිනැමුණු රිදී තිර සම්මානයෙන් පිදුම් ලැබීය. ඔහු මෙම සම්මානය හිමිකර ගත්තේ "පුරහඳ කළුවර" චිත්‍රපටයේ රඟ පෑ ශෝකයට පත් පියාගේ චරිතය වෙනුවෙනි.

මුල්කාලීන ජීවිතය[සංස්කරණය]

රත්නපුර ලෙල්ලොපිටිය ග්‍රාමයේ දී උපත ලද ජෝ අබේවික්‍රම ළමුන් සිව් දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා විය. කුඩා කළ හැදුණු වැඩුණු පරිසරය හා වටපිටාව හේතුවෙන් ඔහු තුළ වෙහෙස වී වැඩ කිරීමට මෙන්ම පරිසරය පිළිබඳ ප්‍රසංශාත්මක චින්තනයක් වර්ධනය කර ගැනීමට හැකිවිය.දිප්පිටිගල මිශ්‍ර පාසල, රත්නපුර සීවලී සහ රත්නපුර ශාන්ත ආලෝෂියස් යන විදුහල්වලින් අධ්‍යාපනය ලද ඔහුගේ ජීවන අභිලාෂය ව පැවතුණේ සංගීතඥයකු බවට පත් වීමය.

පනාමුරේ අලි ගාල[සංස්කරණය]

වයස 15දී පමන ජෝ අබේවික්‍රම පනාමුරේ සිදුකල ලංකාවේ අවසන් අලි ගාල සියැසින් දැකඇත. පසුකාලීනව පනාමුරේ අවසන් අලි ගාලේ සැබෑ සිදුවීම පලිබඳව සමාජය දැනුවත් වීම‍ට ඔහුගේ මතකය ඉවහල්විය.


ආරම්භක රැකියාව[සංස්කරණය]

1940 දශකය අග භාගයේ දී වසරේදී ඔහු කොළඹ ප්‍රදේශයේ පදිංචි ව සිරිසේන විමලවීරගේ නව ජීවන නම් චිත්‍රාගාරයෙහි සේවය කිරීම ආරම්භ කළේය. ආරම්භක අවධියේදී ඔහු කාර්යාල කටයුතු ඉටුකරන්නෙකු ලෙස ක්‍රියා කළ නමුත් අවසානයේදී චිත්‍රාගාරය මගින් රත්නපුර ප්‍රදේශයේදී පටිගත කළ චිත්‍රපට හා සම්බන්ධ වීමේ අවස්ථාව ඔහුට හිමිවිය.

සිනමා නළු වෘත්තිය[සංස්කරණය]

චිත්‍රාගාරය වෙනුවෙන් සේවය කරන අතරතුර ඔහු චිත්‍රපට කර්මාන්තයට සම්බන්ධ පුද්ගලයන් හා ඇදුනුම්කම් ඇති කර ගත් අතර 1955 දී දේවසුන්දරී චිත්‍රපටයෙහි චරිතයක් ලබාගැනීමට සමත්විය. දේවසුන්දරී ඔහු රඟපෑ පළමු චිත්‍රපටය වුව ද එය තිරගත වීමට පෙර 'සරදම්' ඇතුළු පසුව රඟපෑ චිත්‍රපට පහක් ම තිරගත විය.

රන්මුතු දූව, ගැටවරයෝ, චණ්ඩියා, නළඟන, හෙට ප්‍රමාද වැඩියි, පිරිමියෙක් නිසා ඇතුළු චිත්‍රපට ගණනාවක විකට නළුවකු වශයෙන් ඔහු කළ රංගනය බෙහෙවින් ජනප්‍රියත්වයට පත් විය.

Filmography[සංස්කරණය]

චිත්‍රපටි[සංස්කරණය]

අවුරුද්ද චිත්‍රපටිය චරිතය
1957 සරදම police officer
1959 අවිශ්වාසය
1959 ශ්‍රී 296
1959 ගැහැණු ගැට
1959 සිරිමලී
1960 නගඟන
1960 පිරිමියෙක් නිසා
1961 දරුවා කාගෙද
1962 රන්මුතු දූව
1962 දේව සුන්‍දරී
1963 වෙන ස‍්වර්ගයක් කුමටද
1963 දීපශිකා
1964 හෙට ප්‍රමාද වැඩියි
1964 ගැටවරයෝ සෙමනේරිස්
1964 සුබ සරණ සැප සිතේ
1964 සිතක මහිම
1965 චණ්ඩියා
1965 සතුටු කඳුළු
1965 සාරවිට සාරයියා
1965 හිතට හිත
1965 අල්ලපු ගෙදර
1965 සත පනහ
1965 ස්වීප් ටිකට්
1965 ලඳක මහිම මෝහන්
1966 සැඟැවෙන සෙවනැල්ල
1966 මහදැන මුත්තා පොල්බෑමූණා
1966 සැනසුම කොතැනද
1966 ඇතුල්වීම තහනම්
1966 සීගිරි කාශ්‍යප
1966 කපටිකම
1966 පරසතු මල්
1967 Sorungeth Soru
1967 [මෙනමාලයෝ]]
1967 දරු දුක
1967 සැඩොල් කදුළු
1968 පුංචි බබා සේන
1968 අක්ක නගෝ
1968 ඇමති කම මුදලාලි
1968 දහසක් සිතුවිලි සාගර
1968 ආදරවන්තයෝ
1968 අටවෙනි පුදුමය
1969 සෙනෙහස
1969 ඔබ නැතිනම්
1969 නාරිලතා
1969 හරි මග
1969 බඩුත් එක්ක හොරු
1969 උතුම් ස්ත්‍රී
1969 ප්‍රවේසම් වන්න
1969 පාරා වළලු
1969 Pancha
1969 Romeo Juliet Kathawa
1970 ලක්සෙට කොඩිය
1970 තෙවත
1970 තුංමං හන්දිය අබිලිං
1971 සීයේ නෝට්ටුව
1971 වැලි කතර ගෝරිං මුදලාලි
1971 හාරලක්ෂය
1972 Chandar, the Black Leopard of Ceylon Father
1972 වීදුරු ගෙවල්
1973 මාතර ආච්චි
1973 තුෂාරා
1973 සදහටම ඔබ මගේ
1974 කළ්‍යානි ගංගා
1974 ඔන්න බබෝ බිල්ලෝ එනවා ජෝ
1974 නියගලා මල්
1975 රත්තරන් අම්මා
1975 Tharanga
1974 සූරයා සූරයාමයි
1975 සිකුරුලියා පෞද්ගලික රියදුරු
1975 සධානා
1975 කළු දිය දහර
1975 දෑස නිසා නිරුදක
1976 වාසනා
1976 මඩොල් දූව ධර්මසිරි ගුරුන්නාසේ
1976 කොළඔ සන්නිය අන්දරේ
1976 The God King Swami
1976 උන්නත් දාහයි මළත් දාහයි
1976 ඔන්න මාමෙ කෙල්ල පැනපි
1977 හිතුවොත් හිතුවාමයි
1977 යළි ඉපදේ
1977 සිරිපාල හා රන්මැණිකා
1978 ගැහැනු ළමයි
1978 සිරිපතුල
1978 සෙලිනගේ වළව්ව
1978 සාරා
1978 වීර පුරන්අප්පු ගොන්ගාලේ ගොඩබණ්ඩා
1978 බඹරු ඇවිත් ඇන්ටන් මුදලාලි
1978 Sally
1978 කුමර කුමරියෝ ධර්මෙ
1978 සද වට රන්තරු
1979 ජීවන කඳුළු විමල්
1979 හිඟන කොල්ලා වයියා/දියතලන් මාමා
1979 රජ කොල්ලෝ
1979 වසන්තේ දවසක්
1979 විසිහතර පැය
1979 හරි පුදුමයි
1980 ටක් ටික් ටුක්
1980 Jodu Walalu
1980 එක්ටැම්ගේ Wilson
1980 සීතා
1980 ආදර රත්නේ
1980 සිරිබෝ අයියා සිරිබෝ අයියා
1980 බඹර පහස
1980 Dandu Monara
1980 මුවන්පැළැස්ස 2
1980 පාර දිගේ
1980 Sinhabahu
1981 කෝළම් කාරයෝ
1981 Taranga
1981 බැද්දේගම සිලිදු
1981 සයුරු තෙර
1981 සොල්දාදු උන්නැහේ යුද භටයා
1981 සතර පෙර නිමිති
1981 පිංහාමි
1981 සතර දිගන්තය
1982 තණ ගිරවි දොස්තර සිරි
1982 වතුර කරත්තය
1982 මේජර් සර්
1982 කැලෑ මල් දාස
1982 මලට නොඑන බඹරු සනී
1982 රේල් පාර
1982 කඩවුනු පොරොන්දුව
1983 රන් මිණි මුතු
1983 සදමලී
1983 සුමිතුරෝ
1983 නිළියකට පෙම් කළෙමි
1983 සමුගනිමි මා සැමියණි
1983 සුබෝධා
1983 මුවන්පැළැස්ස 3
1983 මොනරතැන්න 2
1983 Peter of the Elephants
1983 මුහුදු ළිහිණි
1984 ශිරාණි
1984 තාත්තයි පුතයි
1984 පොඩි රාළහාමි පොඩි රාළහාමි
1984 සසර චේතනා
1984 Wadula
1984 හිම කතර
1984 සහෝදරියකගේ කතාව
1985 සුද්දිලාගේ කතාව Ex-Village Headman
1986 මල්දෙණියේ සිමියොන් මල්දෙණියේ සිමියොන්
1986 දෙව් දුව මොහොමඩ්
1986 පූජා ජේමිස් (අලුගෝසුවා - the excecutioner)
1986 ආදර හසුන Army officer (Colonel)
1987 විරාගය අරවිනදගේ පියා
1988 රස රහසක් ව්‍යාපාරික
1988 අංඟුලිමාල දිසාපාමොක්
1990 පාළම යට මාමා
1991 ගොළු මුහුදේ කුණාටුවක් පොඩි මහත්තයා
1991 චෙරියෝ ඩොක්ටර් මානසික වෛද්‍ය
1991 ස්ත්‍රී අප්පුහාමි
1992 උමයංගනා මුදලි
1994 අඹු සැමියෝ දොස්තර සිරිල්
1995 අවරගිර K.B. Sethigala
1995 චෙරියෝ කැප්ටන් කැප්ටන් ඩොන්සන්
1996 හිත හොද ගැහැනියක්
1996 ලොකු දුව පුණ්‍යාගේ පියා
1996 චෙරියෝ ඩාලිං ප්‍රධාන මානසික වෛද්‍ය
1996 බිතු සිතුවම් සේනක
1997 සුදු අක්කා Blacksmith
1998 විමුක්ති
2000 සරෝජා Indigenous doctor
2001 පුරහඳ කළුවර වන්නිහාමි
2001 අස්වැසුම මහළු ගුණේරිස්
2006 ධීවරී මුදලාලි


බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ජෝ_අබේවික්‍රම&oldid=412627" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි