1951 සිංහල චිත්‍රපට ලැයිස්තුව

විකිපීඩියා වෙතින්
චිත්‍රපටයේ නම දායකයෝ නළු නිළියන් සටහන්
සීදේවි (නවජීවන චිත්‍රපට) අධ්‍යක්ෂණය:සිරිසේන විමලවීර;සංගීතය: බී එච් ද සිල්වා (එඩී ජූනියර්); ඡායාරූපකරණය: පී එල් රායි ඩී. ආර්. නානායක්කාර(නිව්ටන්), එන්. ආර්. ඩයස්, බී එච් ද සිල්වා (එඩී ජූනියර්)(රාජේන්ද්‍ර), ජේ සී කේ රූපවතී (රාණි) ප්‍රදර්ශනය: 1951 මාර්තු 9 සිට මරදාන ගාමිණී හීදී (සිනමාස් මණ්ඩලයේ). කලින් "නැෂනල්" නමින් වූ සිනමාහල සිනමාස් සමාගම විසින් නවීකරණය කර "ගාමීණී" නමින් මෙදින විවෘත විය
සැඟවුනු පිළිතුර අධ්‍යක්ෂණය:බී ඒ ඩබ් ජයමාන්න; සංගීතය: මොහමඩ් ගවුස් රුක්මනී දේවි (කුසුමලතා), එඩී ජයමාන්න (පෙරකීනු), බී ඒ ඩබ් ජයමාන්න (චන්ද්‍රපාල), ස්ටැන්ලි මල්ලවාරච්චි ප්‍රදර්ශනය: 1951 මැයි 20 සිට වැල්ලවත්ත රොක්සි හීදී (සිලෝන් තියටර්ස් මණ්ඩලයේ). රොක්සි සිනමාහල මෙදින විවෘත විය. දෙමළබසින් හඬ කැවූ පිටපත් 1951 දෙසැම්බර් මාසයේ ගාමිණී (මරදාන), වෙම්බ්ලි (මහනුවර) ශාලාවල ප්‍රදර්ශනය කරන ලදී (දෙමළ දෙබස් කැවූ පළමු සිංහල චිත්‍රපටිය). පෙම් ලෝක රාජිණී, ලේ කිරි දීලා, මනහර ගීත ගයාලා, සනසනු මා යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය.