ධනංජය සිරිවර්ධන
ධනංජය සිරිවර්ධන Dhananjaya Siriwardena | |
---|---|
උපත | ගජනායක ආරච්චිගේ සමුදිත ධනංජය සිරිවර්ධන |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
රැකියාව | නළුවා, රූපවාහිනී නිවේදකයෙක් |
සක්‍රීය වසර | 2004–වර්තමාන |
කලත්‍රයා(යන්) | ශෂිනි සිරිවර්ධන |
දරුවන් | 1 |
දෙමව්පියන්() |
|
ඥාතීන් | මධුමාධව අරවින්ද (සහෝදරයා) චන්ද්‍රිකා සිරිවර්ධන (නැන්දා) ඇන්ටන් අල්විස් (මාමා) |
සම්මාන | හොඳම නළුවා හොඳම නැගීඑන නළුවා |
ගජනායක ආරච්චිගේ සමුදිත ධනංජය සිරිවර්ධන හෙවත් ධනංජය සිරිවර්ධන, යනු ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ නළුවෙකි.[1][2][3][4][5] කලාකරුවන්ගේ පවුලකින් පැවත එන ධනංජය රූපවාහිනී නිවේදකයෙක් ද වේ.[6][7]
පෞද්ගලික ජීවිතය[සංස්කරණය]
ඔහුගේ පියා සුනිල් සිරිවර්ධන සංගීතඥයෙක් සහ ශ්‍රී ලංකාවේ කීර්තිමත් ගී පද රචකයෙක් වන අතර මව සුසිරි සිරිවර්ධන ද ගීත රචකයෙකි. ඔහුගේ වැඩිමහල් සහෝදරයා මධුමාධව අරවින්ද ද ජනප්‍රිය ගායකයෙක්, නළුවෙක් මෙන්ම දේශපාලනඥයෙක්.[8]
ධනංජය විවාහ වී සිටින්නේ ශෂිනි සමඟයි. ඇය ඩුබායි හි ගුවන් සේවිකාවකි.[9] ධනංජයට ශෂිනිව මුලින්ම මුණගැසෙන්නේ 2005 වසරේ ඉන්දික මල්ලවාරච්චිගේ ඡායාරූප රූගත කිරීමකදී.[10] මෙම යුවළට එක් දියණියක් සිටින අතර ඇය 2020 ජූලි 1 වන දින උපත ලැබුවාය.[11]
ධනංජයගේ සීයා වන පීටර් සිරිවර්ධන දක්‍ෂ සංගීතඥයෙක් සහ රංගන ශිල්පියෙක්. ඔහු පොල්ගොල්ල රජයේ කාන්තා අභ්‍යාස විද්‍යාලයේ සංගීතය පිළිබඳ කථිකාචාර්යවරයකු ලෙස සේවය කළේය. ධනංජයගේ මිත්තණිය ශ්‍රීමතී කරුණා දේවි සංගීත ගුරුවරියක් මෙන්ම නිළියක් ද වූවාය.[12] ධනංජයගේ නැන්දා වන චන්ද්‍රිකා සිරිවර්ධන ද ජනප්‍රිය ගායිකාවක් සහ පසුබිම් ගායිකාවක්.[13] ඇය විවාහ වී සිටියේ මාධ්‍යවේදියෙකු මෙන්ම ගීත රචකයෙකු වූ ඇන්ටන් අල්විස් සමඟයි.[14] ඇන්ටන් 2018 මාර්තු 26 වන දින වයස අවුරුදු 64 දී මිය ගියේය.[15] චන්ද්‍රිකාගේ මිනිබිරිය දුල්ෂාරා දසන්ති ද ගායිකාවකි.[16]
වෘත්තීය ජීවිතය[සංස්කරණය]
2004 දී, ධනංජය අශෝක හඳගම විසින් අධ්‍යක්ෂණය කරන ලද සහ YA TV විසින් නිෂ්පාදනය කරන ලද මේ පාරෙන් එන්න හි ප්‍රධාන ධාරාවේ නළුවෙකු ලෙස තම රූපවාහිනී ගමන ඇරඹීය. මෙම නාට්‍යයේ ඔහුගේ රංගනය වෙනුවෙන් 2005 වසරේ සමාරම්භක රයිගම් ටෙලීස් උළෙලේදී හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර විය. ඔහුගේ මංගල සිනමා රංගනය පැමිණියේ කේ.ඒ විජේරත්න අධ්‍යක්ෂණය කළ කුමාර කන්‍යාවි හරහාය.[8]
ඔහු ‘‘ප්‍රාණ’’ නමින් රංග කලා පන්ති පවත්වයි.[17]2008 දී ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රථම ඩිජිටල් චිත්‍රපටය වන හෙටවත් මට ආදරය කරන්න හි රඟපෑවේය. මෙම චිත්‍රපටය ඩයලොග් ටෙලිවිෂන්හි Citi Hitz චන්ද්‍රිකා චිත්‍රපට නාලිකාව හරහා 2008 පෙබරවාරි 14 වන දින වැලන්ටයින් දිනයේ විකාශය විය.[18]
චිත්‍රපටකරණය[සංස්කරණය]
වසර | චිත්‍රපටය | භූමිකාව | Ref. |
---|---|---|---|
2008 | හෙටවත් මට ආදරය කරන්න | [19] | |
2012 | කුමාරි කන්‍යාවි | [8] | |
2016 | පුතන්ඩියා | කපිල | [20] |
2017 | අලි කතාව | රජ | [21] |
2018 | ඇලඩින් සහ පුදුම පහන | ඇලඩින් | [22] |
2020 | ද හෝන් | තෝමස් | [23] |
2020 | රූකඩ පැංචි | මාමා | |
TBD | කදිර දිව්‍යරාජ | [24] | |
TBD | නම්බර් 9 | [25] |
සම්මාන සහ නාමයෝජනා[සංස්කරණය]
Year | සම්මානය | සම්මාන උළෙල | ප්‍රතිඵලය |
---|---|---|---|
2004 | හොඳම නළුවා | රයිගම් ටෙලීස් 2005 | දිනාගති |
2007 | රාජ්‍ය සම්මාණ | රාජ්‍ය සම්මාන 2007 | දිනාගති |
2010 | කුසලතා සම්මාන | සුමති සම්මාන 2010[29] | දිනාගති |
2010 | ජූරි සම්මාන | සුමති සම්මාන 2010 | දිනාගති |
2012 | ජනප්‍රියම නළුවා | සුමති සම්මාන 2012 | දිනාගති |
References[සංස්කරණය]
- ↑ "Dhananjaya Siriwardane". Sinhala Cinema Database. සම්ප්‍රවේශය 24 February 2017.
- ↑ "I will give the last speech in this year end". Divaina. 13 December 2011. සම්ප්‍රවේශය 13 December 2011.
- ↑ "I don't like people that pretend to be someone they are not". Silumina. 8 September 2018. සම්ප්‍රවේශය 8 September 2018.
- ↑ "Brothers politics are not relevant to me". Mawbima. 14 March 2015. සම්ප්‍රවේශය 14 March 2015.
- ↑ "Ali Kathawa ready for release". Daily News. 9 May 2017. සම්ප්‍රවේශය 9 May 2017.
- ↑ "Hiru award ceremony with Bollywood celebrities". Mawbima. 7 November 2018. සම්ප්‍රවේශය 7 November 2018.
- ↑ "I am a teledrama actor". Hiru TV. 12 June 2013. සම්ප්‍රවේශය 12 June 2013.
- ↑ 8.0 8.1 8.2 "Dhananjaya makes film debut". Life Online. සම්ප්‍රවේශය 18 September 2019.
- ↑ "He gives me lot that I expect - Shashini & Dhananjaya Siriwardena". lkactress. සම්ප්‍රවේශය 19 September 2019.
- ↑ "Photo memory of 2005 when Dhananjaya met Sashini Siriwardena". gossiplankanews. සම්ප්‍රවේශය 19 September 2019.
- ↑ "A father cannot imagine the sacrifices a mother makes for her child -Dhananjaya Siriwardena". Sarasaviya. සම්ප්‍රවේශය 22 January 2021.
- ↑ "I was bored at school and only played sports". Divaina. සම්ප්‍රවේශය 19 August 2020.
- ↑ "Chandrika lands at BMICH with 'Ran Tharakavo'". Divaina. සම්ප්‍රවේශය 19 August 2020.
- ↑ "I got him because of my voice - Chandrika Siriwardena". vinsaara. සම්ප්‍රවේශය 19 August 2020.
- ↑ "Anton Alwis passes away". Daily News. සම්ප්‍රවේශය 19 August 2020.
- ↑ "Chandrika, beautiful granddaughter". Dinamina. සම්ප්‍රවේශය 19 August 2020.
- ↑ "I sought legal assistance because my wife is innocent". srilankamirror. සම්ප්‍රවේශය 19 September 2019.
- ↑ "Lanka's first digital film on show". Sunday Times. සම්ප්‍රවේශය 12 December 2019.
- ↑ "Sri Lanka's first digital film on Citihitz". Daily News. සම්ප්‍රවේශය 24 February 2017.
- ↑ "යුක්තිය වෙනුවෙන් පෙරට ආ පුතණ්ඩියා". Sarasaviya. සම්ප්‍රවේශය 24 February 2017.
- ↑ "Ali Kathawa plot - මිනිස් දරුවකු හා අලි පැටවකුගේ මිතුදම ගැන කියන 'අලි කතාව'". Sarasaviya. 11 August 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 11 May 2017.
- ↑ "Aladin Saha Puduma Pahana - ඇලඩින් සහ පුදුම පහන". Sinhala Cinema Database. සම්ප්‍රවේශය 3 April 2018.
- ↑ "The Horn film details". Sarasaviya. සම්ප්‍රවේශය 5 September 2020.
- ↑ "Kadira Divyaraja who appears all deities". Dinamina. සම්ප්‍රවේශය 25 July 2019.
- ↑ "Two creations by Charith Abeysinghe for small screen and silver screen ..." Sarasaviya. සම්ප්‍රවේශය 8 April 2021.
- ↑ "This award is a pleasure to me, who lost many things in life". Sarasaviya. 6 December 2012. සම්ප්‍රවේශය 6 December 2012.
- ↑ "Nominees for 21st Sumathi Awards announced". Daily FT. 12 August 2016. සම්ප්‍රවේශය 12 August 2016.
- ↑ Fernando, Susitha R. (9 December 2012). "Swayanjaatha bags best awards". Sunday Times. සම්ප්‍රවේශය 9 December 2012.
- ↑ "Senpathiyo bags Sumathi award". The Sunday Times.
External links[සංස්කරණය]
- ධනංජය සිරිවර්ධන සඳහා IMDb හි ඇති තොරතුරු
- ලබන අවුරුද්ද මගේ අවුරුද්ද - ධනංජය අලුත් බලාපොරොත්තුවක
- “සමහරුන්ට අපේ පවුල් කඩනකම් විසුමක් නෑ” සංරක්ෂණය කළ පිටපත 22 ජූනි 2020 at the Wayback Machine