1960 සිංහල චිත්‍රපට ලැයිස්තුව

විකිපීඩියා වෙතින්

1960[සංස්කරණය]

චිත්‍රපටයේ නම දායකයෝ නළු නිලියෝ සටහන්
සුභද්‍රා (සී පී ඒ නිෂ්පාදකයෝ) අධ්‍යක්ෂණය එස් ආර් චාලි, සිරිල් පී අබේරත්න; කතාව, දෙබස්, නිෂ්පාදනය සිරිල් පී අබේරත්න; සංගීතය ටී ආර් පාපා ඩොමී ජයවර්ධන, දිස්නා රංජනී, රෝහිණී ජයකොඩි, ඇන්තනි සී පෙරේරා, ලිලියන් එදිරිසිංහ, ප්‍රෙමිලා කුරුප්පු, රොසලින් ප්‍රනාන්දු ප්‍රදර්ශනය 1960 පෙබරවාරි 4 සිට. පතිවත මා රැකි, හොඳා මගේ කාලේ, මාගෙ ප්‍රේම මාතා යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය.
සංදේශය (සිනමාස්) අධ්‍යක්ෂණය ලෙස්ටර් ජේම්ස් පීරිස්; නිෂ්පාදනය කේ ගුණරත්නම්; කැමරා විලී බ්ලේක්; සංස්කරණය ටයිටස් තොටවත්ත; සංගීතය ආර් මුත්තුසාමි ආනන්ද ජයරත්න (බණ්ඩාර රාළ), කාන්ති ගුණතුංග (සුමනා), ෂේන් ගුණරත්න (සිරා), ගාමිණී ෆොන්සේකා (තම්මිට), එඩී ජයමාන්න, අයිරාංගණී මීදෙණිය, ආතර් වැන්ලැංගන්බර්ග්, ඩේවිඩ් ධර්මකීර්ති ප්‍රදර්ශනය 1960 මාර්තු 30 සිට. කෝ හතුරෝ, කටේ කිරි සුවඳ, රෑන ගිරා රෑන, පුන්සඳ එලියයි, රැජිණ මමයි, සුදට සුදේ, පුර්තුගීසිකාරයා යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය.
සුන්දර බිරිඳ (සිලෝන් එන්ටටේන්මන්ට්ස්) අධ්‍යක්ෂණය ටී යෝගානන්දන්; නිෂ්පාදනය ජබීර් ඒ කාදර්; දෙබස්, ගී පද ඩබ් විල්ෆ්‍රඩ් සිල්වා ("වංජික්කෝට්ටෛ වාලිපන්" (1958) දෙමළ චිත්‍රපටියේ කතාව ඇසුරිනි); සංගීතය ටී ආර් පාපා රවීන්ද්‍ර රූපසේන (සුනිල්), ක්ලැරිස් ද සිල්වා (වයලා), ලීනා ද සිල්වා (රූපා), ආනන්ද ජයරත්න (ආනන්ද), රීටා රත්නායක (සෝමා), ක්‍රිස්ටි ලෙනාඩ්, එල් එම් පෙරේරා, අසෝක පොන්නම්පෙරුම (අසෝක), ලිලියන් එදිරිසිංහ ප්‍රදර්ශනය 1960 අප්‍රේල් 28 සිට. සඳ පායලා වාගේ, ලාලිත රූපේ, පාගල යාමුකො හැටේ, හද සිනිමාවේ, සැංගී සැංගී, ආදරේ මාගේ යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය.
කවට අන්දරේ කතාව, නිෂ්පාදනය, අධ්‍යක්ෂණය බී ඒ ඩබ් ජයමාන්න; දෙබස් බෙන්ජමින් ප්‍රනාන්දු; සංගීතය බී එස් පෙරේරා; ගි පද සරත් විමලවීර රුක්මණී දේවි, එඩී ජයමාන්න (අන්දරේ), ධර්මශ්‍රී රණතුංග (නරේන්ද්‍රසිංහ රජ), රූබි ද මෙල්, රුද්‍රාණි ලියනගේ, බන්දුල ශ්‍රී ගුණවර්ධන, එම් වී බාලන් ප්‍රදර්ශනය 1960 ජූනි 4 සිට.
නලඟන (ශ්‍රී මුරුගන් නවකලා) අධ්‍යක්ෂණය එල් එස් රාමචන්ද්‍රන්; නිෂ්පාදනය එස් එම් නායගම්; සංගීතය ආර් මුත්තුසාමි රුක්මණී දේවි (ප්‍රේමා), රවීන්ද්‍ර රූපසේන (සුනිල්), ලීනා ද සිල්වා (ලීලා), ඇල්ෆ්‍රඩ් එදිරිමාන්න (විකී), එඩී ජයමාන්න, ජෝ අබේවික්‍රම, රූබි ද මෙල්, උදුලා දාබරේ, පිටිපන සිල්වා, සිරිමතී රසාදරී, රිචඩ් ඇල්බට්, එච් ඩී කුලතුංග, විජිත මල්ලිකා, ඩඩ්ලි වානගුරු ප්‍රදර්ශනය 1960 ජූලි 17 සිට. පරම රමණී, ගිළුනා සෝක ගඟේ, පැණි වෑහෙන කතා, සිතෙහි බැඳි ආලෙ යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය.
වනමල (නවජීවන චිත්‍රපට) නිෂ්පාදනය, අධ්‍යක්ෂණය සිරිසේන විමලවීර; කතාව, දෙබස් ධර්මශ්‍රී කල්දේරා; කැමරා ඩබ් ඒ බී ද සිල්වා; සංගීතය ෂෙල්ටන් ප්‍රේමරත්න, ටී එෆ් ලතීෆ් අරුණ ශාන්ති, ආනන්ද වීරකෝන් (මෝහන්), ඇල්ෆ්‍රඩ් එදිරිමාන්න, රාණි රණතුංග, කුමාරි මානෙල් (චම්පා) ප්‍රදර්ශනය 1960 ඔක්තෝබර් 7 සිට. වනමලක් අතැර දාලා, ගංතෙරයි කැලෑ හඳපානයි, පෙම් මල් කැකුල වටා යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය.
පිරිමියෙක් නිසා අධ්‍යක්ෂණය ටී සෝමසේකරන්, කේ ඒ ඩබ් පෙරේරා; නිෂ්පාදනය ඊ ඒ පී එදිරිසිංහ; කතාව, දෙබස් කේ ඒ ඩබ් පෙරේරා; සංගීතය ආර් මුත්තුසාමි ගාමිණී ෆොන්සේකා (සුගත්), කිංස්ලි රාජපක්ෂ (සිරිල්), ෆ්ලොරිඩා ජයලත් (මැගිලින්), ඩේවිඩ් ධර්මකීර්ති, ජෝ අබේවික්‍රම, ජෝසප් සෙනෙවිරත්න ප්‍රදර්ශනය 1960 නොවැම්බර් 18 සිට. ඇඟට කඩන්, බහී ගංගා රාණි, දුටුදා වාගෙම ලස්සනයි යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය.
වීර විජය (සිනමාස්) අධ්‍යක්ෂණය කේ සේතුමාධවන්; නිෂ්පාදනය කේ ගුණරත්නම්; දෙබස් හියුගෝ ප්‍රනාන්දු ("විජයපූරි වීරන්" (1960) දෙමළ චිත්‍රපටියේ කතාව ඇසුරිනි); සංගීතය රාජන්-නාගේන්ද්‍ර ජීවරාණි කුරුකුලසූරිය (මංගලා), ක්ලැරිස් ද සිල්වා (මේනකා), විජිත මල්ලිකා (වසන්ති), හර්බි සෙනෙවිරත්න (විජය), නෙල්සන් කරුණාගම, ඇල්ෆ්‍රඩ් එද්ර්මාන්න (වීරමල්ල), වින්සන්ට් වාස්, ක්‍රිස්ටි ලෙනාඩ් (සුමින්ද), ලැඩී රණසිංහ (ගුරුදේව) ප්‍රදර්ශනය 1960 දෙසැම්බර් 9 සිට. ඉරණමට සැවොම, ආසිරිදායක මෑණී, මේ ලෝකෙ ඉපදී, මේව තමා ජිල් යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය.